Posted by: lrrp | August 15, 2007

ගෝඨයිම්බර වම් පා සුළැඟිල්ලෙන් ජයසේනට පහර දෙයි!

ගිරි නම් සොළියා පැරැදවීමෙන් මතු ඒ ගැමුණු නරනිඳු බළ සෙන් පිරිවරා පැමිණියේ මානෙල් නම් නුවරට ය. එය මහේල නුවර ලෙස ද අන් තැනෙක සඳහනි. මානෙල් හෝ මහේල නමින් යුත්, එළාර රජු ගේ තවත් ප‍්‍රධාන ප‍්‍රාදේශික නායකයේක් රිටිගල ආÿියාකන්ද මහ කළුගල් පව් මැදි කරගෙන ප්‍රධාන දිය අඟල් තුනෙකින් වට කැරගත් බලකොටුවක විසී ය.

මේ රිටිගල ආශ්‍රිත ව පැන නැඟී ඇති රසවත් මෙන් ම අද්භූත ජනක ප්‍රවාද රැසෙකි. රිටිගල විසූ ජයසේන නම් යක්ෂයා හා ගෝඨයිම්බර අතර සටන ඉන් වැදගත් එකකි. ග්‍රන්ථයන්හි කෙසේ වෙතත්, පුරාණෝක්ති හා ප්‍රවාද අනුව මේ සටන සිදුවූයේ රිටිගලට නුදුරින් වූ කලැත්තෑවේ වැව් පිටියේ දී ය.

රිටිගල – ආඩියාකන්ද තපෝවනය ගිනියම් දවාලටත් ඉතා ම සනීපදායි දේශගුණයක් ඇති සිරිලක වැදගත් ස්ථාන අතුරින් ද ප‍්‍රධාන වන්නකි. වංශකතාවේ හා පාලි ග‍්‍රන්ථාදියේහි රිටිගල සඳහන් වන්නේ ‘අරිට්ඨපබ්බත’ යනුවෙනි. මේ වචනය කිනම් අරුතක් සඳහා යේදුණේ දැ යි නිශ්චය වශයේන් කීම අපහසු ය. එහෙත් අරිට්ඨ යන ශබ්දය ‘මහකළු ගල්’ අරුත්හි යේදෙමින් සංයුත් අටුවාවේ මාර සංයුක්ත වර්ණනාවේ සඳහනි.

එකිනෙක හැප්පී සිටින මහකළු ගල් තලාව දැකිය හැක්කේ රිටිගල දී පමණෙක් ම වන බැවින් ඒ අදහස නිවැරැදි යයි සිතමි. රිටිගල කඳුවැටියේ මුදුන් කොටස විශේෂයේන් වන ගහනයේන් මතු ව අහස සිඹිනා පර්වත මුදුනකින් ද යුක්ත වීම සැලැකිල්ලට ගත් විට ද පෙනෙනුයේ කළුගල් බහුල කඳුවැටිය අරිට්ඨ පබ්බත වී ඇති බව ය.

දෙවන පියතිස් රජුගේ බෑණානුවන් කෙනෙකු වන අරිට්ඨ කුමරු ගේ් ජන්ම භූමිය මෙහි වූ බැවින් එනම් ලැබුණැ යි තවත් මතයක් ඇත. දෙවනපියතිස් රජුට බැණෑවරු දෙදෙනෙක් සිටියහ. ඉන් එක් අයේකු මහා අරිට්ඨ හැටියට ද, අනෙක් අය අරිට්ඨ හැටියට ද වංශ කතා දියේහි සඳහන් ය.

මින් පළමුවැන්නා මිහිඳු මාහිමියන් වස් විසීමට මිහින්තලාවට වැඩි දින වස්සුපනායිකක්ඛන්ධය අසා 55 දෙනකු සමඟ පැවිදි විය. දෙවැන්නා මහා බෝධි ශාඛාව ගෙන’වුත් රෝපණය කළ පසු කුල පුත‍්‍රයන් 500 ක් සමඟ පැවිදි විය. සමහර උගතුන් මේ දෙදෙන එක් අයකු ලෙස සලකතත් එය සාවද්‍ය බව පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ වදාරති.

උන්වහන්සේ විසින් රිටිගල – ආඩියාකන්ද තපෝවන භූමියේ කරන ලද පර්යේෂණවල දී සොයා ගත් කරුණු සමහරෙක් අපට ද වැදගත් ය.

රිටිගල ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට ම අපේ වංශ කතාවට එක්වන්නකි. පණ්ඩුකාභය රජු ගේ යුද විස්තර කථනයේ දී ද රිටිගල මහ තැනෙකි. පණ්ඩුකාභය යනු දුටුගැමුණු රජු ගේ මී මුත්තා ය. දුම්රක්ගලින් නික්මුණු පණ්ඩුකාභය කුමරු රිටිගල ට ගොස් එහි වසර හතක් වාසය කෙළේ ය. රිටිගල අසල තරමක නුවරක් ද තිබිණි. මේ අතර දී අභය ගේ මාමාවරු අටදෙනෙක් රිටිගල වටලැවූහ.

සූක්ෂ්ම රණ ශූරයකු හා උපායශීලී කුමරකු වූ පණ්ඩුකාභය ෙච්තියා නම් යක් වෙළඹ සමඟ කුමන්ත‍්‍රණය කොට ඔවුන් පලවා හැර ඒ සේනාව මරා දැමුයේ රිටිගල පාමුල තැනෙක ය.. එසේ මරා දැමූ සේනාවේ ඔළු එක් තැනෙක ගොඩ ගැසූ කල ‘ඔළුගොඩක්’ මතු වී ලබු කන්දක් මෙන් පෙනුණෙන් ඉන් අනතුරු ව ඒ ස්ථානය ‘ලබුගම’ ලෙස හැඳින්විණි. එය අද රිටිගලට තරමක් දුරින් පිහිටි ලබුනෝරුව හැටියට මහාචාර්ය ගයිගර් හඳුනා ගත් බව එල්ලාවල හිමියෝ කියති. උන්වහන්සේ ගේ පොතක මේ පිළිබඳ ව මෙසේ කියැවේ.

“ලබුනෝරුවේ සිට සැතපුම් දෙක හමාරක් දුර උතුරට බර ඊසාන දෙසින් පිහිටි තම්මනගල ඇති කි‍්‍ර.ව. එක සියවසට අයත් සෙල්ලිපියක ‘ලබුනතර’ යන්න සටහන් ව තිබේ. මේ අනුව එය පණ්ඩුකාභය ගේ සටනින් පසු සතුරන් ගේ හිස් එක් රැස් කළ පෙදෙසම විය යුතු ය.

එ පමණක් නො ව මේ පෙදෙස හා පණ්ඩුකාභය සම්බන්ධ ව වංශ කතාවේ සඳහන් වාර්තා සත්‍ය බව මෙයින් පැහැදිලිවේ. මේ යුගයේ රිටිගල ආශ‍්‍රිත ව යක්ෂ නමින් හැඳින්වූ ස්වදේශිකයන් බොහෝ සෙයින් පදිංචි වී සිටි බවටත් ඔවුන් ගේ සහාය පණ්ඩුකාභය කුමරුට ලැබුණු බවටත් සැකයක් ඇති විය නොහැකි ය. පශ්චාත්කාලීන යුගයටත් අදටත් රිටිගලට සම්බන්ධ යක්ෂ කතා පොදු වේ.”

දුටුගැමුණු මහ නරනිඳු රිටිගල පෙදෙසේ සටන් මෙහෙයැවූ ඊළඟ රජතුමා ය. ගිරිලක හෙවත් ගිරිතිල් නුවර සටනින් පසු සිංහල සේනාව මහේල නගරය ගැනීමට ගියේ මේ හරහා ය. රජු අනුරාධපුර බලා යන මාර්ගයේන් මඳක් ඉවත මහේල නුවර පිහිටා තිබිණ.

මහාවංස ටීකා විස්තරයේ හැටියට දිය අගල් තුනකින් වටකරන ලද එක දොරටුවක් ඇති පිවිසීමට ඉතා අමාරු ආරක්ෂක ස්ථානයක් හැටියට මහේල නුවර සඳහනි. මහමඟ ඇසුණු තූර්යනාද නිසා ගැමුණු රජු ආපසු මහේල නුවරට හැරුණු බවත්, හැරුණු ස්ථානයේ කළ නගරය ‘නිවත්තගිරි’ නමින් හැඳින් වූ බවත් අට්ඨකතාවේ සඳහන් වන බව වංසත්ථප්පකාසිනියේ දැක්වේ. මහේල මන්ත‍්‍ර යුද්ධයකින් මරා දැමුණු බව කියතත් ඔහු මරා දැමා ඇත්තේ උපායශීලී ක‍්‍රමයකින් බව මම පෙර දී ඔබට කීවෙමි.

මේ නුවර සද්ධර්මාලංකාරයේත් ථූපවංශයේත් සඳහන් වන්නේ මානෙල් නුවර, මහේලක, මකුලක, මහිලක, හා මංගුලක ආදී නම් සියල්ලෙන් ම හඳුන්වා ඇත්තේ එක ම ස්ථානය බවත්, සූරතිස්ස රජු මංගුලක විහාරය කරවූයේ මෙහි බවත්, එය අරිට්ඨ පබ්බතය පාමුල පිහිටා තිබූ බවත් සැලැකිය හැකි ය.

මේ රිටිගල මහා තපෝබිම කොටස් ගණනාවකට වෙන් කැර, එහි ඇති අභිලේඛන හා ගිරි ලිපි කියවා ඇති එල්ලාවල හිමියෝ නැරැඹිය යුතු ස්ථාන ලෙස මේවා දක්වති.

ආඩියානන්ද කොටස, වේවැල්තැන්න කොටස, මරක්කළ උල්පත කොටස, කරඹහින්න කොටස, නාඋල්පොත කොටස මින් ප‍්‍රධාන ය. වන සතුන් ගෙන් හා දරුණු කිනිතුල්ලන් ගෙන් නොමඳ කරදර විඳිමින් මේ ලිපි කියවා ඇති ඒ හිමියන් රිටිගල පිළිබඳ මතු කැර පෙන්වා දුන් ලේඛන ජාතික වශයේන් ඉතා ම වැදගත් ය.

රිටිගල සෙනසුන මුදුනේ මහා හටන් පුරුදු පුහුණු වූ අතුල සෙනෙවියා නිරිඳුට කළ මෙහෙය අපට අමතක කළ නොහැකිය. සුදලිය හා මරුවල්ලිය නම් අතීත අංගම් හටන පරම්පරා අතර එක් පරම්පරාවක (මරු වල්ලිය) ප‍්‍රධානයා වූයේ රිටිගල ජයසේන ය. ඒ හටන් සඳහා සංග‍්‍රාම භූමිය වූයේ මේ රිටිගල මහකළු ගල් තලාව යි. අංගම් පොර කෙටීමෙහි අති දක්ෂයකු වූ රිටිගල ජයසේනට කුණ්ඩලීන ශක්තිය පවා පිහිටා තිබුණේ ය.

මහ කළු ගල්තලාව ඔවුන් ගේ අංගම් කෙටීමේ ‘ඌරා ළිඳ’ ලෙස ද ප‍්‍රකට ය. ගැමුණු මහ නිරිඳුට තවත් අනල්ප මෙහෙයක් කළ ගෝඨයිම්බර තවත් අංගම් සූරයේකි. මේ දෙදෙන අතර සිදු වූ අති දැවැන්ත සටන ගැන පුවත නිරිඳු රිටිගල පාමුල දී තොරතුරු ප‍්‍රකාශකයන් වෙතින් ඇසී ය. මම ඒ පුරාණෝක්තිය ඔබට කියන්නේ රිටිගල වඩාත් ම ජනතාව අතර ප‍්‍රකට ව ඇත්තේ රිටිගල ජයසේන නිසා බැවිනි.

ගෝඨයිම්බර ගේ බිරිය අභිරූපී කතක් වූවා ය. ඕ නාරි ලාලිත්‍යයේන් අනූන වූවා ය. ඇය රිටිගලට නුදුරු තැනෙක කලැත්තෑව වැව් පිටියේ ස්නානයේ යේදෙමින් සියපත් අත දරා උන්නා ය. රිටිගල ජයසේන නම් යක්ෂ නායකයා මෙතැනින් තාම්බ‍්‍රපණ්ණී නම් අමු සොහොන වෙත යන්නේ ඇය දැක ඇගේ රුවට ලොබ බැඳ ඇගේ ශරීරයට ආරූඪ විය. ඇය ක්ලාන්තයේන් මෙන් බිම වැටී හොත්තේ කටින් සෙම වගුරමින් නන් දෙඩවූවා ය. ජයසේන ගේ පිරිවර ඉන් තුටු පහටු ව අත්පොළසන් දුන්හ. ගෝඨ ගේ හිතවත් පිරිස මේ ඉවසිය නොහී යෝධයා වෙත පවත් දැන්වී ය.

අසුරු සැණෙකින් එහි පැමිණි ගෝඨයිම්බර යෝධයා “එම්බල යක්ෂ කොල්ල, තා නිවටයේකි. මේ කත නුඹට කළ වරද කිම? නුඹ දක්ෂයේක් නම් මට ආරූඪ වනු. තගේ පිරිමිකමක් ඇත්නම් ඇගෙන් මෑත් ව මා හා සටනට පිවිසෙව.” යි කී ය. මහත් ලජ්ජාවට හා කම්පනයට පත් ජයසේන ඇගේ සිරුරෙන් මෑත් ව මහා දළ පෙනුමකින් සැරැහී මහා උස් ශරීරයක් මවා දළ දෙකක් ද මවා ගනිමින් පෙනී සිටියේ ය.

“එම්බල මිටි කැනහිල, තා දැනගනුව, මම රිටිගල ජයසේන නම් වෙමි. ගිය ගිය සටනින් නො පැරැදුණු මා සේනාවක් වැනි වූ නිසා මට ජයසේන නම් කියති. තා, මේ රිටිගල වනය පාමුල ගල් පව්වක ගසා තළමි” යි කී ය.

යක් පිරිවර අත්පොළසන් නැඟූහ. ගෝඨයිම්බර එබස් අසා,

එම්බල යක්ෂ පෝතකය, තා, මෙන් මා කෙනකුට එකවර නිගරු නො කරමි. තගේ මතු යම් දවස ගැන දන්නේ මාගේ පා සුළැඟිල්ල පමණෙකැ යි කී ය.

තාම්බ‍්‍රපණ්ණි අමු සොහොන සොයා යන ගමනේ පමා ව ගැන කරුණු දන්නා ජයසේන, අදින් සත්වන දවස කලැත්තෑව වැව් පිටියේ අපේ සටන වේ’ යැයි කියා එතැනින් නික්මිණ. දින කීපයක් ගත වී නියමිත දිනය උදා විණි.

ගෝඨයිම්බර යෝධයාට සටන මතකයට ආවේ එදා උදෑසන ය. ඔහු පිරිවර ද නැති ව ගල්කුළු අතරින් පනිමින් ඉක්මන් ගමනින් වැව් පිටියට ආවේ ය. රිටිගල ජයසේන මහ පිරිවර ද සහිත ව එතැනට පැමිණ සිටියේ ගෝඨයිම්බර එන බව දැක තවත් වහසි බස් කී ය. එහෙත් ගෝඨයිම්බර විදුලි සැරයක් මෙන් අහසේ කැරැකී උස් වූ ජයසේනට වම් පා සුළැඟිල්ලෙන් පහර දුන්නේ ය. ඒ පහර වැදුණේ ජයසේන ගේ ගෙලට ය. ගසින් හෙළුෑ තල් ගෙඩියක් මෙන් ඔහු ගේ හිස කලැත්තෑව වැව් පිටියේ ඇද වැටුණේ මහ හඬ නඟමිනි. රුහිරු ගංගා ගලන්නට විය. මේ හටනේ දී එල්ල වූයේ එක ම එක පහරක් පමණි. ඒ ගෝඨයිම්බර ගේ පා පහර ය.

ජයසේන මරා දැමූ ගෝඨයිම්බර ගැමුණු නිරිඳු සොයා යන්නේ තමන් ගේ වික‍්‍රම පැවැසීමට ය. එහෙත් සුරා මතින් මත් ව සිටි ගෝඨයිම්බරට රජු හමුවීමට අවස්ථාවක් නො ලැබිණි. අනතුරුව නිරිඳු මෙපවත් දැන ගත්තේ රිටිගල පාමුල යුද කටයුතු සංවිධාන කරමින් සිටිය දී ය.

කෙනෙකුට සිදුවන ඕනෑ ම විපතක දී, කරදරයක දී ‘අනේ රිටිගල හත් රජ්ජුරුවනේ’ කියා අත්තක් කඩා එල්ලූ පසු සියලු උවදුරු දුරු වී යන බව කියති. එහි විහාරකම් කළ රජවරුන් සිහිගැන්වීමක් මෙහි දී සිදු වෙයි. මේ ජනශ‍්‍රැති, අභිවාර එකවර බැහැර කළ නොහැක්කේ ඒ අවට ගලපිටගල, කලුඑබේ වැනි ගම්වල වැසියන් ගේ කතා අනුව ය. අනුරපුර රජ තැන්පත් මහසෙන් රජු සම්බන්ධ ප‍්‍රවාදයක් ද ඇත. ඒ රජු නිතර නිතර මේ කන්දට පැමිණීම සිරිතක් කොට තිබුණේය.

(මහසෙන් රජු කරවන ලද වැව් කීපයක් ද මේ පෙදෙසේ තිබේ.) මේ එන ගමනේ දි රජුට එළකිරි සපයා ඇත්තේ අසල පදිංචි ව සිටි ජන ප‍්‍රධානයේකි. වෙනත් තැන්වලට වඩා මෙහි ඇති එළකිරි රසවත් වූ බැවින් රජු ඊට හේතු විමැසී ය. ජන ප‍්‍රධානයා ඊට හේතු කීමට නොදත් බැවින් රජු උපදේශයක් දුන්නේ ය. මේ අනුව කිරි ගන්නා එළදෙන පිට තල මිටියක් පටවා යැවී ය. තල මිටියේ ඉතා කුඩා සිදුරක් ද සාදා තිබිණි.

එළදෙන කකා ගිය පාරේ තල පැල විය. ඉන්පසු තල වැවී ඇති මාර්ගයේ ගිය පිරිසට දක්නට ලැබුණේ විශාල වැල් මී වනයකට වැදුණු එළදෙන වැල් මී කන බවකි. මේ පරීක්ෂණයේ දී තවත් වැදගත් යමක් සිදු විය. වැල්මී වනය පිහිටා තිබුණේ විශාල වැවක් තැනීමට සුදුසු පරිසරයක ය. මෙය දැන ගත් රජ එහි පැමිණ එහි මින්නේරිය වැව කැරවී ය. මේ ජන කතාව මෙහි පැරැන්නෝ අද ද වැල් මී මෙන් රස කැර කියති.

(සිළුමිණ)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: