Posted by: lrrp | April 29, 2008

දෙවියන් දුන් පුත් රුවන

මායාදුන්නේ රජතුමාට දූ කුමරියෙකුයි පුත්තු තුන් දෙනෙකුයි හිටියා. ඒත් පරංගි හමුදාව පරාජය කරන්ට සමත් රණකාමී කුමාරයෙක් නැති අඩුව රජ්ජුරුවන්ට තදින් ම දැනුණා.

රයිගම් බණ්ඩාර අයියණ්ඩිත් එක්ක එකතු වෙලා මායාදුන්නේ රජතුමා කෝට්ටේ රට අවුල් කළේ ඔය අතරෙදි. ඒකටත් හේතුවක් තිබුණා. කෝට්ටේ බුවනෙකබාහු රජතුමා පරංගි එක්ක කතාකරගෙන මුණුබුරු කුමාරයා අනාගතේ රජ කරවන්ට ලකලෑස්ති වීමයි හේතුව.

බුවනෙකබාහු රජතුමා පරංගි හමුදාව එකතු කරගෙන සීතාවකට යුද්දෙට ආවා. කරන්ට දෙයක් නෑ.

මායාදුන්නෙ රජ්ජුරුවො නුවර සරසලා මහ සේනාවයි, බිසවයි, දරුවනුයි එක්ක බටුගෙදරට පලා ගියා. නුවර සරසා තිබුණු නිසා කෝට්ටේ රජතුමා සීතාවක විනාශ නොකර ආපහු ගියා.

මායාදුන්නේ රජතුමා බිසව හා පිරිවර සමඟ නොයෙක් ප‍්‍රදේශවලට ගමන් කළා. බුත්තල සිට කතරගමටත් ගියා. මැණික් ගඟෙන් දිය නා පිරිසිදු වූ රජු හා බිසව රණකාමී පුත් රුවනක් පතා කතරගම දෙවියන්ට භාර වුණා.

බිසව් භාරවීමෙන් සෑහීමට පත් නොවී පයට පෑගෙන තරම් දිග කෙස් වැටිය කපාගෙන එයින් දේවාලය අතුගාමින් කන්නලව් කළා පුත්රුවනක් ලබා දෙන්ට කියලා. එදා ø දෙවියෝ සිහිනෙන් පෙනී සිට බිසවට කිව්වා රණකාමී පුත්රුවනක් ලැබෙන බව. සීතාවකට ගියාට පස්සෙ පුතෙක් ලැබුණා. පුත් කුමාරයා උපන් දවසෙ කොළඹ කොටු බැම්ම දෙදරා ගියාලු.

මේ කුමාරයා ‘ටිකිරි බණ්ඩාර’ නමින් ප‍්‍රසිද්ධ වුණා කටේ කිරි සුවඳ යන්ටත් කලින්. ඊටත් පසු කාලෙක සීතාවක රාජසිංහ නමින් රජ වුණෙත් මේ දෙවියන් දුන් කුමාරයාමයි.

(‘සිළුමිණ’)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: