Posted by: lrrp | May 18, 2008

සේරිමානන් රජු ගේ හිසරදය සුව වූ හැටි

සේරිමානන් මහ රජතුමා රජකම් කළේ දකුණු ඉන්දියාවෙ. රජතුමාගෙ මාලිගාව අසල විශාල වනාන්තරයක් තිබුණ. වනාන්තරයේ හිටපු ගෝනෙක් රෑ ජාමෙට ශබ්ද කරනවා. මේ ශබ්දය නිසා සේරිමානන් රජතුමාට නින්ද ගියේ නෑ. කෝපයට පත් රජතුමා රාජ පුරුෂයන්ට අණ කළා මේ ගෝනව මරා දමන්ට. රාජපුරුෂයොත් රජ අණ පරිදි ගෝනව මරා දැම්මා.

ගෝනා මැරෙන්නෙ වෛරයෙන්. මරණින් පසුව මේ ගෝනා රාජකීය පොකුණෙ මැඩියෙක් වෙලා උපදිනවා. ඉපදිලා රජතුමාගෙන් පළිගන්නට වේලාව එනතුරු බලා ඉන්නවා. දවසක් පොකුණට යන රජතුමා ඉවුර අසලම පිපුණු මහනෙල් මලක් දකිනවා. ‘ලස්සන මහනෙල් මලක්’ රජතුමා පහත් වෙලා මල සිඹිනවා. මේ වෙලාවෙ පොකුණෙ ඉන්න මැ¾ඩියා රජ්ජුරුවන්ගෙ නැහැ පුඬුවට විෂ දුමක් පිඹිනවා.

එදා සිට සේරිමානන් රජතුමාට හිසරදයක් ඇතිවෙනවා. දඹදිව දක්ෂ වෛද්‍යවරුන් වෙදකම් කළත් හිසරදය සුව වෙන්නෙ නැහැ. නොයෙක් නොයෙක් රටවලින් එන වෙදවරුන්ටත් හිස රුදාව සුව කරන්ට බැරිවෙනවා.

හිසේ රුදාවෙන් පීඩා විඳින සේරිමානන් රජු දවසක් හීනෙන් දේවතාවියක් දකිනවා. ඒ පත්තිනි දේවතාවිය. බුදු සසුනත්, පත්තිනි අණසකත් පවතින රටකට ගිහින් කළ යුතු වත් පිළිවෙත් සිහිනෙන් රජුට කියා දෙනවා.

රජ අණින් ඇමැතිවරු රැස්වෙනවා. නිමිතිකරුවන් සිහිනය තෝරානවා. බුදු සසුන රැකී තිබෙන්නේ සිංහල දේසයේ. පත්තිනි අණසකත් එහි තිබෙනවා. පුද පූජා පවත්වන්නට නිසි ඇදුරන්ද සිංහල දේසයේ සිටින බැවින් එහි යන්නට රජු තීරණය කරනවා.

සේරිමානන් රජතුමා ලක්දිවට සේනා වාහන සහිතව ගොඩ බසින්නේ වත්තල් තොටින්. කැලණණි විහාරයට ගොස් දන් පින්කම් කරන රජු පත්තිනි දේවාලය පිහිටි බෝමිරියේ නවගමුවට ගොස් දේවාලයට රන් අඹ ගෙඩියක් පූජා කරනවා. ඉන් පසු අත්තනගල්ලට ගොස් වෙහෙර වැඳ පුදා විවේක ගන්නවා. ඉන් පසු සේරිමානන් රජතුමා සහ පිරිවරින් එන්නෙ රුවන්වැල්ලට. රුවන්වැල්ලෙදි රුවන් වැස්සක් ඇද හැළෙනවා. මේ රුවන් වැස්ස නොකඩවා සත් දවසක් වහිනවා.

සේරිමානන් රජුට සුව පතා මඩු තෝත‍්‍ර කරන්ට කප සිටුවන්නේ රුවන්වැල්ල ඉසානයෙන්. මේ මඩු තෝත‍්‍රවලින් පසු රජතුමාගෙ හිසරදය සුව වෙනවා. ලක්දිව මඩු තෝත‍්‍ර (ගම්මඩු, දෙවොල්මඩු ආදිය) ආරම්භ වෙනවා.

(‘සිළුමිණ’)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: