Posted by: lrrp | June 1, 2008

රාජ කපුරු සෙට්ටියා

සීතාවක රාජසිංහ මහ රජතුමා රජකම් කරන කාලෙ දකුණු ඉන්දියාවෙන් අපේ රටට පෙරුමාල්වරු ආවා. පෙරුමාල්වරු සත් කමිටුවක් ආවලු. මේ ඇත්තො රජ්ජුරුවන්ගෙන් තාන්න මාන්න ඇරගෙන. සිංහල නම් ගම් ඇරගෙන. අපේ කාන්තාවො කරකාර බැඳගෙන මෙහෙ පදිංචි වුණා.

“අරිට්ට කීවෙණ්ඩු පෙරුමාල්’ මේ විදිහට පැමිණි පෙරුමාල් වරයෙක්. හැබෑ රණශූරයෙක්. වතාවක් උඩරට පළාතේ මංකොල්ලකමින් හිටි ප‍්‍රාදේශික පාලකයෙක් කුදලාගෙන සීතාවක මහ වාසලට අරං ආවා. සීතාවක රජතුමා පෙරුමාල්ට ‘මනම්පෙරුම මොහොට්ටි’ තනතුර ලබා දුන්නා. ඒ විතරක් නොවෙයි, රජතුමා සහේට අරන් හිටි (යකඩ දෝලියක ලෙස) රාජ හෙට්ටියගෙ දුවත් කරකාර බන්දල දුන්නා.

රාජසිංහ මහ රජතුමාගෙ කරුණාව ලබාගෙන මනම්පෙරුම මොහොට්ටි සීතාවක බලවත් ප‍්‍රභූවරයෙක් විදිහට වැජඹෙන අතරෙ රාජසිංහ රජතුමා පෙතංගොඩ උයනෙදි කටු උණ පඳුරෙ උණ කටුවක් ඇනිල මරණයට පත් වෙනවා. රට පුරාම කට කතා පැතිරෙනවා රජතුමාගෙ මුනුපුරු රාජසූර්ය කුමාරයා දොඩම්පෙ ගණිතයත් එක්ක එකතුවෙලා කුමන්ත‍්‍රණයකින් රජතුමා මරා දමපු බවට.

රාජසිංහ රජුගෙන් පසුව රජ වෙන ‘රාජසූර්ය කුමාරයා’ දොඩම්පෙ ගණිතයගෙ දුව මානියංගම නවත්වල සෑම රාති‍්‍රයක්ම එහේ යන්ට පටන් ගන්නව. මනම්පෙරුම මොහොට්ටි රාජසිංහ රජතුමාගෙ අක්කණ්ඩි මත්තමගොඩ බිසවත් එක්ක කුමන්ත‍්‍රණය කරල මානියංගම යන අතරමගදි රාජසූරිය රජ්ජුරුවන්ව මරා දමනවා.

ඉන් පස්සෙ රජකමට පත් වෙන්නෙ නිකපිටියෙ බණ්ඩාර. මත්තමගොඩ බිසවගෙ මුනුපුරා. වයස අවුරුදු පහයි. කුමාරයාගෙ නමින් පාලනය ගෙනියන්නෙ මත්තමගොඩ බිසව. ඇගේ රාජ්‍ය කටයුතුවලට සහාය වන ප‍්‍රභූවරයා තමයි මනම්පෙරුම මොහොට්ටි. සීතාවකට පහර දෙන්ට එන පරංගි හමුදාවකට එළව එළවා පහර දෙන්නෙත් මනම්පෙරුම මොහොට්ටි මෙහෙයවන හමුදාවයි.

ළාබාල නිකපිටියෙ කුමාරයාට වැඩිමහලු ළදරු කුමාරිකාවක් හිටියා. මනම්පෙරුමට හිතුණා මේ කුමාරිකාව විවාහ කර ගන්ට. විවාහ කරගෙන රාජකීය උරුමය තහවුරු කරගන්ට. එතකොට අනාගත රජකමට උරුමකම් කියන්ටත් පුළුවන්. මනම්පෙරුමගෙ අදහස් දැනගත් මත්තමගොඩ බිසව කේන්තියට පත් වෙනවා.

මනම්පෙරුමට විරුද්ධ සීතාවක උසස් නිලධාරීන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා සතුරා පිටු දකින්ට. ‘අතපත්තුවෙ ආරච්චි’ මනම්පෙරුමව උපහාසයට ලක් කරන කවි ගොතනවා. මේ කවි එකතුවට කියන්නෙ ‘පද කොක්කහම’ මනම්පෙරුම සීතාවක වීදි දිගේ උජාරුවෙන් අසු පිට යන කොට පුංචි ළමයි හැංගිලා මේ කවි කියනවා.

‘ගාතාවක් හිඟේ
ගරුත මුහේ
මුකබානා හ්ම්… හ්ම්…’

මනම්පෙරුම ලජ්ජාවට පත් වෙනවා. හීතාවක ගඟේ මුරුත ගහේ බකමූණා වෙන්ට කවුද කැමති? කරන්ට දෙයක් නෑ. පුංචි ළමයි දකින දකින තැන මේ කවි කියනවා. මනම්පෙරුම ලජ්ජාවෙන් මොරාවත්තට පලා යනවා.

ඒත් මනම්පෙරුම නැතිව රාජධානියේ කටයුතු ගෙනියන්ට අමාරුයි. මහ බිසෝ නැවතත් මනම්පෙරුම රජ වාසලට ගෙන්වා ගන්නවා. ඉන් පස්සෙ ළමයි විතරක් නෙවෙයි, හැමෝම එළිපිට අර කවි කියන්ට ගන්නවා.

‘අතුරු මිතුරු දඹදිව තුරු
රාජ කපුරු සෙට්ටියා…
වරා ගහක් දුටින් බොලං..
වරා ගහට ගිහිං බොලං…
පුහු කලටිය නෙලිං බොලං…

අලුත ගෙනා මනමාලී
හාල් පතක් ගරාලා

පරණ ගෙනා මනමාලී
බටු කොරහක් කපාලා
ඉහළ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා
උසි කපුටෝ උසී…

පරණ ගෙනා මනමාලී කීවේ සහේට අරන් හිටි රාජ හෙට්ටියගෙ දුවට. අලුත ගෙනා මනමාලී කීවෙ සහේට ගන්ට හිතං ඉන්න නිකපිටියෙ බණ්ඩාරගෙ අක්කණ්ඩිට. මේ ලැජ්ජාව දරා ගන්ට බැරි තැනයි මනම්පෙරුම පාත රටට ගිහිං ධර්මපාල රජ්ජුරුවන්ටයි. පරංගින්ටයි එකතු වෙලා සේනාව අරං ඇවිත් සීතාවක විනාශ කරන්නෙ.

Advertisements

Responses

  1. This is true (given in much detail) then අරිට්ට කීවෙණ්ඩු පෙරුමාල්’ ehis name and joined Portuguese to fight kandyan king ( Konappu Bandara) but before the war Portuguese Captain killed him and collected all his wealth, as per Queyroz.——— ( many missed him afterwards as අරිට්ට කීවෙණ්ඩු පෙරුමාල්’- as he changed his name) . They found five drums of gold coins on him. PORTUGUESE Captain killed him with his own Gold KRIS – after asking to see the KRIS in open counsel.

    Queen මත්තමගොඩ බිසවගෙ මුනුපුරා. වයස අවුරුදු පහයි. කුමාරයාගෙ නමින් පාලනය ගෙනියන්නෙ මත්තමගොඩ බිසව got caught to Portuguese escaping on an elephant with lot of wealth.

    regards

    Deepthi Anura Jayatunge ( source – Queyroz)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: