Posted by: lrrp | July 19, 2008

ඇතකු මෙල්ල කළ ටිකිරි කුමාරයා

සීතාවක මායාදුන්නේ රජ්ජුරුවන්ට විශාල ඇත් පන්තියක් හිටියා. පසු කාලෙක මුල්ලේරියා වෙල් යායේ දස්තම් දක්වපු ඓරාවණ, වීරහස්ති වගේ ඇත්තු හිටියෙත් මේ ඇත් පන්තියේ. මේ ඇත් පන්තියේ හිටපු විශාල ඇතෙක් පිස්සු වැටෙනවා.

ඇත් වෙදනා ඇවිත් ඇතා පරීක්ෂා කරල කියන්නෙ ඇතාට පිස්සු නැති බවයි. ඌ ආඩම්බරෙන් අභිමානයෙන් ඔද වැඩිලා. හොඳ ඇත් ගොව්වෙක් ඇතා මෙල්ල කළොත් ඌ පෙර සිටි තත්ත්වයටම පත්වෙයි කියලයි ඇත් වෙදනා කිව්වෙ.

මේ ඇතා නැති අඩුව මායාදුන්න රජ්ජුරුවන්ට තදින් දැනුණා. උන්නාන්සෙ පරංගි හමුදාව එක්ක හටන් කරමිනුයි නිතරම කල් ගෙව්වෙ. රජ වාසලෙන් අණ බෙරයක් යැවෙනවා.

ඇතා මෙල්ල කළ කෙනෙකුට තෑගි බෝග, ගම්වර, තාන්න මාන්න ලැබෙනවා කියල. ඒත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අන්තිමේදී අණ බෙරය නවත්වන්නෙ රජ්ජුරුවන්ගෙ පුතා ටිකිරි කුමාරයා.

මායාදුන්නේ රජතුමා මේ වැඩේට කැමැති වුණේ් නැහැ. ඇතාගෙ තරම එතුමා හොඳින් දැනගෙන හිටියා. ඇතා වගේ ද පුත් කුමාරයා. ටිකිරි කුමාරයා මේ දවස්වල තරුණයි. හිතුවක්කාරයි. පිය රජතුමාගේ විරුද්ධත්වය මැද ඔහු ඇතා මෙල්ල කරන්ට සූදානම් වුණා.

විලංගු දමපු ඇතා පුවක් ගහක් මුලට ගෙනාවෙ ඇත් ගොව්වෝ කීප දෙනෙක් එකතු වෙලා. කුමාරයා පුවක් ගහේ මඳ දුරක් නැඟලා ඇතු පිටට පැන්නා. පිටේ ඉඳගෙන හොඳින් වාඩි වී සූදානම් වුණා.

ඉන් පස්සෙ විලංගු ලෙහා දමන්ට අණ කළා. ඇතා කේන්තියෙන් මහ හඬ නඟමින් කුමාරයා බිම දමන්ට වෑයම් කළා. ඒත් බැරිවුණා. ඒ සේරමටත් වඩා ඌට ඉවසන්ට බැරි වුණේ කුමාරයා පිට උඩ ඉඳන් දෙන පහරවල වේදනාව.

කුමාරයා බිම දමන්ට බැරිවුණ ඇතා මහ හඬ දෙමින් දිව යන්නට වුණා. දුවලා සැතපුමක් විතර ගිහිං නතර වුණා.

ඇතා පිටින් බැහැපු කුමාරයා ආදරයෙන් උගේ හොඬ අතගෑවා. ඌ හොඳින් හීලෑවෙලා. සීතාවක ගඟෙන් ඇතා නාවාගෙන ඇතුපිට නැඟී කුමාරයා මහ වාසලට ගියා.

මායාදුන්නේ රජතුමා ආඩම්බර වුණේ ඇතා මෙල්ල කරපු තමන්ගෙ ශූර සර පුත් කුමාරයා ගැනයි.

(‘සිළුමිණ’)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: