Posted by: lrrp | January 10, 2009

මහාචාර්යවරයාගේ කේජු ලිපියෙන් ලංකා ඉතිහාසයේ වෙනසක්

සයුරෙන් එහා සැතපුම් දහසක් පමණ ඈත ස්කොට්ලන්තයේ ඩුනිනෝ නම් පෙදෙසේ සොහොන් කොතක මෙවැනි වැකියක් කොටා තිබේලු.

”මෙහි අවසන් නින්ද නිදන්නේ සිලෝන් නම් දූපත බිරිතනි අධිරාජ්‍යයට නතු කිරීමට කටයුතු කළ හියු ක්ලෙගෝන් ය.”

මොහු අපේ රටේ අයෙක් ද? නැත. ඔහු ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සම්බන්ධ වූයේ අහම්බෙනි. තමන්ට නියමිත කාර්යය පසෙක තිබියදී වෙනත් කාර්යයන් කරන්නන් ගේ ගණයට මොහු ඇතුළත් වේ. ඔහු විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකි. එහෙත් ඔහු කිසි දිනක දේශන ශාලා පැත්ත පළාතේ ගියේ නැත. සිසුන් අතපසු හා අමතක කිරීම ගැන ඔහුට එම ශාන්ත ඇන්ඩ‍්‍රැ විශ්ව විද්‍යාලයේ සෙනට් මන්දිරයෙන් චෝදනා පත‍්‍රයක් ද නිකුත් කළේ ලු.

එහෙත් තරුණ හියූ එයින් සසල නොවීය. ඔහු සංචාරයට ද මුදල් එක්කාසුවට ද බෙහෙවින් ලැදි විය. රජය වෙනුවෙන් කඩේ යාමෙන් මේ කාර්යය දෙක ම ඉටු කර ගත් ඔහු තමා පත්වීම් ලද විශ්ව විද්‍යාලයට ද එහි සිසුන්ට ද බම්බු ගසා ගැනීමට කියා තම පිළිවෙත ම ගෙන ගිය අතර ය, අප රට හා පැටලුණේ.

මේ සිද්ධිය ප‍්‍රකට ඉතිහාස ග‍්‍රන්ථ වල සඳහන් නොවේ. මෙය මා කියෙව්වේ එච්.ඒ.ජේ. හුලුගල්ලගේ ඡ්චපතර ඊපචමඥතතඥපඵ ධට ඛ්ඥරතධද යන ග‍්‍රන්ථයේ ය. එහි සියලු ම විස්තර දක්වා ඇත.

දේශපාලන ක්ෂේත‍්‍රය යටි කූට්ටු වැඩ වලින් ගහණ ගඳ ගහන ක්ෂේත‍්‍රයකැයි ඇතැම්හු කියති. එහි සත්‍යාසත්‍යතාව මම නොදනිමි. එහෙත් මෙවැනි ගඳ ගහන පැවරුම් කීපයක ම හියූ ක්ලෙගෝන් නියැලිනි. ඒ මහත්මා ගති එලවා දමන මුදලට ය. මේ 1790 දශකයයි. ලංකාවේ මුහුදුබඩ පෙදෙස් අල්ලා සිටියේ ලන්දේසීන් ය. ජාවා ඇතුලු තවත් පෙරදිග රටවල් කීපයක් ඔවුන් ගේ විජිත වූ අතර මේ වන විට මුහුදු කොල්ලකරුවන් වශයෙන් පමණක් ප‍්‍රකට වූ ඉංගී‍්‍රසිහු මේ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වෙමින් නොයෙක් උප්පරවැටි යොදා මේ රටවල් තමන් යටතට පවරා ගැනීමට මාන බැලූහ. විශේෂයෙන් ම ලංකාවේ ති‍්‍රකුණාමල වරාය ලබා ගැනීම ඔවුන්ගේ ඉලක්කය වූයේ එම වරාය මගින් ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය තහවුරු කිරීමට ය.ඉංගී‍්‍රසින්ගේ බොහෝ අභිප‍්‍රාය හරි යයි. අපේ සුන්දර ති‍්‍රකුණාමල වරාය ගැන යට කී දොළ දුකෙන් ඔවුන් පෙළෙමින් සිටිය දී දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා සේ ලන්දේසීන්ගේ රට වූ ඕලන්දයේ ඔරෙන්ජ් නම් රජු එරට දේශපාලන අර්බුදයකින් පසු එංගලන්තයට පැන ගත්තේ ය.

ඉංගී‍්‍රසි රජය ඔහුට සෙවණ සපයා ඒ වෙනුවට ඔහු ලවා ලිපියක් ලියවා ගත්තේ ය. එනම් ප‍්‍රංශය ආසියාවේ යටත් විජිත පැහැර ගැනීමට මාන බලන බැවින් ලන්දේසි යටත් විජිත. වල ආරක්ෂාව පතා ඉංගී‍්‍රසි හමුදාවන්ට ඒ පෙදෙස් බාර දිය යුතු බවයි. එහෙත් මේ ලිපියේ උපදෙස් එකල මෙහි සිටි ලන්දේසි ආණ්ඩුකාර ඇංගල්බීක් භාර නොගත්තේ ඔරේන්ජ් කුමරු දැන් ඕලන්දයේ බල රහිත පුද්ගලයෙකු බැවිනි.

ඉංගී‍්‍රසි ජාතිකයා ලෙහෙසියෙන් යමක් අමතකර නොකරයි. ලංකාව අත්පත් කිරීමට වෙනත් කාර්යය මාර්ග වෙත ඔහු සිත යොමු කළේ ය.

මේ වන විට තම රජයට කඩේ යමින් ක්ලෙගෝන් සිටියේ ස්විට්සර්ලන්තයේ ය. මෙකල ලංකාව ඇතුලු ආසියාවේ ලන්දේසි බලය රඳ්‍ර පැවතුණේ කුලී හමුදා බලය මත ය. “කුලී හමුදා අද මෙන් එදා ලෝකයට ද අමුත්තක් නොවේ. ඔවුන් රටක් වෙනුවෙන් සටන් කරන්නේ ජාතිකානුරාගයෙන් පෙළී නොවේ. “කුලියට ය.” අපේ රටේ ද පැරණි රජ දවස මෙවන් කුලී හමුදා විය. ඔවුන් හැඳින්වූයේ වේලෙක්කාර හමුදා වශයෙනි. බොහෝ විට මේවාහි සේවය කළේ ඉන්දියාවෙන් ආ සෙබලුන් ය. ඔවුන් ආපසු නොගොස් ලංකාවේ උතුරු පෙදෙස් වල වාසය කළ ද්‍රවිඩ ජාතිකයින් සමග සම්මිශ‍්‍රණය වී මෙහි ම රැඳුණු බව පෙනේ.

අපේ ප‍්‍රධාන කතාවට ආපසු යමු. ලන්දේසි කුලී හමුදාවේ නායකයා වූ මියුරොන් ජීවත් වූයේ ස්විට්සර්ලන්තයේ ය. ඔහුගේ මල්ලි කොළඹ ය. ඒ කුලී හමුදාවේ ප‍්‍රධානියා වශයෙනි. බිරිතනි රජයෙන් මෙවර වැදගත් ඇනවුමක් ක්ලෙගෝන්ට ලැබිණි. එය නම් මියුරොන් මිතුරු කොට මේ කුලී හමුදාව ලන්දේසින් වෙතින් මෑත් කොට ඔවුන්ගේ පැත්තට ගැනීමයි. විශාල ප‍්‍රතිලාභ පොරොන්දු විය.

මේ 18 වැනි ශත වර්ෂයේ අග භාගයයි. තව ම දුරකථන පහසුකම් නැත. එස්.එම්.එස් පණිවිඩ නැත. අහස් යාත‍්‍රා ද නැත. මේ ගනුදෙනුව සාර්ථක ලෙස කිරීමට නම් ක්ලෙගෝන් හා මියුරොන් සයුර පීරන නැව් මඟින් අති දුෂ්තර ගමනක් ගෙවා ආසියාවට පැමිණිය යුතු ය. තව ම මහචාර්ය ක්ලෙගෝන් 44 වන වියේ ය. මියුරොන් මහල්ලෙකි. එහෙත් මුදල් හා පදවි තණ්හාවෙන් මෙහෙයෙව් මේ අති දීර්ඝ හා දුෂ්කර ගමනට කැමති විය. ඇලෙක්සන්ඩි‍්‍රයාව හරහා කායිරෝ වලට ද එතැනින් රතු මුහුද හරහා ඉන්දියාවේ මැලබාර් වෙරළට ද මේ යුවළ පැමිණියෝ ය. අතර මගදී ඔවුන් සතු මුදල් රාශියක් සොරු පැහැර ගත් නමුදු අවසානයේ දී ලැබෙන මුදල් සිතින් ගණිමින් ඔවුහු ඉදිරියට ම යාත‍්‍රා කළෝ ය.

එහෙත් ඔවුන් ලංකාවට නොපැමිණියේ දේශපාලන හේතු නිසා විය හැකිය. ඳයුරොන්ගේ මලයාට සියලු සැලසුම් දන්වමින් හොර රහසේ ලිපියක් යැවිය යුතු ය. ඩේන්වරුන්ට අයත් කුඩා නැවක් ඉන්දියාවේ සිට ති‍්‍රකුණාමලයට යාත‍්‍රා කිරීමට නියමිත ව තිබිණි. එය වෙළඳ නැවකි. මැඩෙයිරා නම් වූ මත්පැන් තොගයක් ද රෙදි ද කේජු ද එහි විය. කේජු පෙති දෙකක් අතරට බහාලන ලද රහස් ලිපිය ඒ නැව් කපිතාන් ට දුන්නේ විශාල සන්තෝසමක් ද සමග ය. එය මියුරෝන් මලයා අතට අන්තිමේ දී පත්විය යුතු ය. ලිපිය ලියා තිබුණේ අයියා ය. කේජු ලිපිය ලැබුණු මලයා කුලී හමුදාව අස් කර ගෙන ඉන්දියාවට යැව්වේ ලන්දේසි බලය ඉතා දුර්වල කරමිනි. සති කීපයකින් පසු ඉංගි‍්‍රසි ධජය කොළඹ හා ගාලු කොටුව මත ළෙල දුන්නේ හරියට ම 1796 පෙබරවාරි 16 නි දා ය.

ක්ලෙගෝන්ට ප‍්‍රතිලාභ වශයෙන් පවුම් 1000 ක් එංගලන්ත රජයෙන් ලැබිණි. එය එකල හැටියට විශාල මුදලකි. එම මුදලින් ඔහු ස්කොට්ලන්යෙන් අක්කර 1000 ක සුවිසල් වත්තක් මිලට ගෙන එහි මහා මන්දිරයක් තැනී ය. විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු වශයෙන් සිතීමටත් බැරි වැඩකි එය.

එමතුදු නොව ඔහුට මෙහි ප‍්‍රථම බිරිතනි ආණ්ඩුකාර වූ පෙ‍්‍රඩ්රික් නෝත්ගේ ප‍්‍රධාන ලේකම් ධුරය ද ලැබිණි. එහෙත් වැඩි කල් නොගොස් දෙදෙනා අතර ආරාවුල් හට ගැනීම නිසා ක්ලෙගෝන් ආපසු සිය රටට ගියේ ය.

ඔහු මිය ගියේ අසූ වැනි වියද පසුකර ය. මහලු ඔහුට කරන්නට එතරම් දෙයක් නැත. නොයෙක් නූල් සූත්තර යොදමින් ඉංගී‍්‍රසින් මේ වන විට ලෝකයෙන් විශාල ප‍්‍රමාණයක් අල්ලා ගෙන හමාර ය. මහලු අයට දැන් තැනක් නැත. එහෙත් ක්ලෙගෝන් නිකම් නොසිටියේ ය. තම නියම ශාස්තී‍්‍රය කටයුතු ඇරඹුවේ මේ සමයේ ය. ඒ සර්ග හයකින් යුත් විශාල සටහන් පොතක් ලිවීම ය. තමා පසු කළ ඒ කාර්යබහුල ජීවිතය මෙනෙහි කරමින් දෝ ඔහු මෙසේ ලියා ඇත.

”මේ සුවිසල් ලෝකය ශාස්තී‍්‍රය කටයුතු වල නියැලෙන විද්වතුන්ට පමණක් සීමා විය යුතු නැත. ව්‍යාපාරිකයින්ට ද එහි ඉඩකඩ ඇත. තවද විවිධාකාර ප‍්‍රවණතා ඇති විවිධ ජනී ජනයාට ද එහි ඉඩ ඇත.”

ක්ලෙගෝන්ගේ ම මුණුපුරන් කීප දෙනෙක් ම ආසියාව හා සම්බන්ධ ව කටයුතු කර ඇති බව පෙනේ. කෙසේ වුවද ඔහුගේ සිසුන් නම් ඔහුට දෙස් දෙවොල් තබන්නට ඇත්තේ තමන්ට නියමිත වැඩය නොරක ලෝකය පුරා කරක් ගසමින් සිසුන්ට බම්බු ගසන්නට ය කියා ආණ්ඩුවට කඩේ යාම නිසා ය. එහෙත් ඔහුගේ සොහොන් කොතේ මෙවන් වැකියක් ද කොටා තිබීම හාස්‍ය ජනක නොවන්නේ ද?

”හියු ක්ලෙගෝන් ශාන්ත ඇන්ඩ‍්‍රැ සරසවියේ සිවිල් හා ස්වාභාවික ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කළේ ය.”

සොහොන් කොත් වල ඇද බාන චූර්ණිකා බින්න වලට මීට වඩා සාක්ෂ්‍යයන් සොයා ගත නොහැකි සෙයකි. මළ මිනිසුන් බොරු නොකියන්නේලු. එහෙත් මළවුන් මත වැජඹෙන මේ බොරු බින්න පවා මළ ගිය ඇත්තන් මිය යෑමට පෙර තම පූචානම සූදානම් කර තබා පර ලොව වඩිතියි කියන්නෝ ද වෙති.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: