Posted by: lrrp | January 25, 2009

කඩවර දෙවියන්ගෙන් කම්බිලි යකාට දඬුවමක්

කඩවර දෙවියෝ වැව් ගම් වල ගම්මුන්ට අනුකම්පා කරන දෙවි කෙනෙක්. උන්නාන්සෙට ‘කලා කඩවර’ එහෙම නැත්නම් ‘සෙනෙවිරත්න මුල් කඩවර’ කියලත් කියනවා. නඩු හබ වලට යන ගම්මු සුදු මල් මාලයක් පැළඳගෙන ගිහින් උඩක එල්ලලා කඩවර දෙවියන් සිහි කරනවා.

කඩවර දෙවියෝ දවසකට වතාවක් ලංකාව වටේ ගමන් කරනවාලු. ඒ ලංකාවේ ආරක්ෂාව ගැන බලා ගන්ට. උන්නාන්සෙ ගමන පටන් ගන්නෙ කදිරමලේ කන්දෙන්. කදිරමලෙන් පටන් අරගෙන යාපනේ, තිරිකුණාමලේ, කොට්ටියාරාම පහු කරල කතරගමට යනවා. කතරගම දී කදිර දෙවියොත් එක්ක මැණික් ගඟෙන් දිය නානවා. දිය නාලා මාතර, ගාල්ල පහු කරලා පුස්තලමෙ ලුණු ලේවාය බලල තමයි ගමන අවසන් කරන්නෙ.

ගම්මු කියන විදිහට කඩවර දෙවියෝ දේවත්වය ලබන්ට කලින් කලා වැවේ ආරක්ෂක නිලධාරියා. වැව බිඳුණු දවසක මේ ආරක්ෂක ඇත්තා වැවේ කඩවරට පැනලා ජීවිතේ හානි කර ගත්තලු. එදා පටන් කඩවර දෙවියන් බවට පත් වුණාලු.

කඩවර දෙවියන් ලංකාව වටේ ගමන් කරන වෙලාවට කිසිදු දෙවියෙක් ඒ ගමන් මග අවහිර කරන්නෙ නෑ. ඒත් දවසක් කම්බිලි යකා ඒ ගමන් මග හරහා ගියා. හිතාමතා නොවෙයි. වැරදීමකින්.

කඩවර දෙවියෝ උදහස් වෙලා කම්බිලි යකාට දඬුවම් කළා. ඒ දඬුවම බිංගිරිය රජ මහා විහාරයේ මලුව කිල්ලෝටයකින් වැලි ඇදලා පුරවන්නයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: