1948 ජනවාරි මාසයේ සින්නලෙබ්බේ නම් මඩකලපු මන්තී‍්‍රවරයා මැති සබයට යෝජනාවක් ගෙනාවේ ය. ඒ ”මේ දිවයිනේ අන්තිම රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ පාවිච්චි කළ, දකුණු අතින් කඩුවක් අල්ලාගෙන සිටින සිංහයෙකු රතු පසුබිමක හිටගෙන ඉන්නා අයුරු දැක්වෙන එංගලන්තයට රැගෙන ගිය සිංහ කොඩිය නිදහස් ලංකාවේ නිල කොඩිය වශයෙන් භාවිතා කළ යුතුය” යන්න ය.
ලබන සතියේ පෙබරවාරි 4 වැනිදා සිංහ කොඩි දහස් ගණනින් ලංකා ගුවන් ගැබ සිසාරා ලෙළ දෙනු ඇත්තේ වෙනදාටත් වඩා දඟකාර කමිනි. ඒ සිංහයාගේ ජීවය වඩා පෝෂණය වී ඇති හෙයිනි. ඒ සුරතලයට සමාව දෙමු.
මහා වංශය ඇතුළු අපේ වංශකතා සාහිත්‍යයේ විජය රජුගේ සම්භවයට අදාළ මේ සිංහයාගේ සුලමුල කි‍්‍රස්තු පූර්ව 6 වැනි 7 වැනි ශතවර්ෂ කරා ඇදීයයි. සිංහ රූපය රාජ්‍යත්වයේ ප්‍රතාප බව නිරූපණය වන ධජයකට ආරූඪ කිරීමේ ගෞරවය දුටුගැමුණු රාජ්‍ය කාලයට ආරෝපණය කෙරේ.
දුටුගැමුණු රජුගේ කොඩිය වශයෙන් සැලැකෙන මේ කොඩිය අද දඹුලු මහා විහාරයේ දැක බලාගත හැකි ය. ඒ දුටුගැමුණු රජුගේ යැයි සැලැකෙන විජයග්‍රාහී පෙහහැරක ය. සතුරා පරාජයි.
6 වැනි පරාක්‍රමබාහු රාජාභිෂේකයේ දී මෙය කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුරය මත ලෙළ දුන් බව කියැවේ. ඒ සපුමල් කුමරු යාපනේ අල්ලාගත් 15 වැනි ශතවර්ෂයේ දී ය. 17 වැනි ශතවර්ෂයේ දී නැවත සඳහනකි. ඒ දෙවෙනි රාජසිංහයින්ගේ අභාවය සනිටුහන් කරමින් ලන්දේසීන් කොළොම්පුරයේ දී පැවැත්වූ රැස්වීමකදී ය.
එහි පැමිණ සිටි බෙල්ජියන් වෛද්‍යවරයකු සිංහ කොඩිය එහි ලෙළ දුන් අන්දම විස්තර කරන්නේ සිය දේශාටන වාර්තාවේය. මෙසේ මේ සිංහ කොඩියට වසර දෙදාස් එකසියයකට අධික ආයු කාලයකි. කෙසේ වුවද 1815 සිට 1948 දක්වා එය ලංකා ගුවන් ගැබෙන් අතුරුදහන් විය.
සිංහ කොඩියට අපල කාලය උදාවූයේ 1803 සිට ම ය. එකල රජ කළේ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ය. දරුණු සිංහල ඉංග්‍රීසි යුද ගැටුමක් දෙපක්ෂය අතර ඇති වූයේ හංවැල්ලේදීය. ලෙව්කේ දිසාවගේ අභාවයේ හිස බිල්ලට ගත්තේ ද මේ යුද්ධයේ ය.
ඒ සුද්දන් විසින් නොවේ. අපේ ම ඈයන් විසිනි. මේ යුද්ධයේදී සිංහල හමුදාවේ පෙරමුණේ ඔසවාගෙන ගිය සිංහ කොඩි දෙකක් ම 51 වැනි බිරිතනි රෙජිමේන්තුවේ අධිපති මේජර් පොලොක් විසින් පැහැර ගන්නා ලදී. ඒ ධජවල ගමනාන්තය වූයේ එංගලන්තයයි.
1815 රොබට් බ්රවුන්රිග් මුළු දිවයින ම අල්ලාගත් පසු නැවතත් සිංහ කොඩිය පැහැර ගෙන ඔවුන් ව ද, සිංහාසනය ද, රජ හා බිසෝ ඇඳුම් ද නැවත එංගලන්තයට නැව් නැංවීය. රදළ පවුල්වල ඇත්තන් පාවිච්චි කළ ඉතා ම වටිනා ආභරණ ද ඒ සමඟ විය. ඒවා පසු ව එහි වෙන්දේසියක විකිණී ය.
මේ අතර එංගලන්තයේ යුනියන් ජැක් ධජය අපේ උත්සවවල භාවිත වූයේ චන් මෙහි නිල ධජය එය බැවිනි. 1815 දී මහනුවර මඟුල් මඩුව ඉදිරියේ එය ගුවනට නැංවූයේ සිංහ කොඩිය පහතට හෙළීමත් සමඟ ය. එදා වාරියපොළ සුමංගල හිමියන් කම්පා වෙද්දී පහළට හෙලූ සිංහ කොඩිය 1948 දී නිදහස් චතුරශ්‍රයේ දී නැවතත් තමාට හිමි තැන ලබාගෙන ආඩම්බරයෙන් ලෙළ දුණි.
මෙය ඉතා සරල පෙරළියකැයි නොසිතන්න. සිංහ කොඩියේ ආපසු ගමන ගැන විරෝධතා ඇතිවිය. විවිධ මත ඇති විය. 1947 දෙසැම්බර් මාසය දක්වා ම ලංකාවේ ජාතික කොඩිය කුමක් වේදැයි යන්න අවිනිශ්චිත ප්රශ්නයකි. එහෙත් 1948 ජනවාරි මාසයේ සින්නලෙබ්බේ නම් මඩකලපු මන්තී‍්‍රවරයා මැති සබයට මේ යෝජනාව ගෙනාවේ ය.
![]() දඹුලු බිතු සිතුවම්වල දැක්වෙන දුටුගැමුණු රජු පාවිච්චි කළ |
”මේ දිවයිනේ අන්තිම රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ පාවිච්චි කළ, දකුණු අතින් කඩුවක් අල්ලාගෙන සිටින සිංහයෙකු රතු පසුබිමක හිටගෙන ඉන්නා අයුරු දැක්වෙන එංගලන්තයට රැගෙන ගිය සිංහ කොඩිය නිදහස් ලංකාවේ නිල කොඩිය වශයෙන් භාවිතා කළ යුතුª ය” යන්නය,
සින්නලෙබ්බේ මහතාගේ යෝජනාව වූයේ මේ රටේ කිසිවක් වාදභේදවලින් තොර ව භාර නොගනී.
රතු සහෝදරයෝ දෑකැත්ත හා මිටිය සහිත කොඩිය ඉල්ලා සිටියහ. කොඩිය අන්තිමට පාවිච්චි කළේ ද්‍රවිඩ රජෙක් ය.” කියමින්, සිංහල ජාතිකයෝ සෑහෙන පිරිසක් කොඩියට එරෙහි වූහ.
මේ අතර ද්‍රවිඩයින් ඊට එරෙහි වූයේ එය සිංහල ජාතිය සංකේතවත් කරන සිංහයාට ප්රමුඛත්ව ය දෙන ධජයක් බැවිණි.
එවකට අගමැතිව සිටි ඩී.එස්.සේනානායක මහතා සිය ස්ථානෝචිත ප්‍රඥාව උපයෝගී කරගනිමින් විශේෂයෙන් ම ද්‍රවිඩ විරෝධතා සමනය කිරීමට මෙසේ කියා සිටියේ ය.
”මේ සිංහ කොඩිය අපේ අන්තිම රජු පාවිච්චි කළ කොඩිය බව කවුරුත් දනිති. ඔහු ද්‍රවිඩයෙකි. මම අද ආදරයෙන් ද්‍රවිඩයන් වැලඳ ගනිමි. මේ නිසා ඒ ද්‍රවිඩ රජු පාවිච්චි කළ කොඩිය 1948 නිදහස් උත්සවයේ දී එසැවිය යුතු කොඩිය වශයෙන් මම පිළිගනිමි. පසුව වෙනත් තීරණයක් ගැනීම ගැන මගේ විරුද්ධත්වයක් නැත.”
වෙනත් තීරණයක් පසුව නොගැණිනි. සිංහ කොඩිය දිගට ම ලෙළ දුණි. එංගලන්තයට ගෙන ගිය මේ සිංහ කොඩිය නැවත සොයා ගැනීමද රසවත් කතාවකි.
එහි කතානායකයා ඊ.ඩබ්ලිව්.පෙරේරා මහතා ය. පෙරේරා නම් පෘතුගීසි නම් රැගත් කි‍්‍රස්තු භක්තිකයෙකි ඔහු. එහෙත් ඔහුගේ මී මුත්තා 15 වැනි සියවසේ කෝට්ටේ රජවාසලේ උසස් නිලයක් දැරූ වාසලතන්තී්ර පරපුරෙන් පැවතෙන්නෙකි.
පරංගි ආගමනයෙන් පසු මේ පවුල කි්රස්තියානි සභ්‍යත්වයට ඇතුළුවිය. එහෙත් ඊ.ඩබ්ලිව්.පෙරේරා ද ඔහුගේ පියා ද රට ජාතිය හා පවුලේ පෙර ආගම අමතක නොකළේය. පුවත්පත් කලාවේදියකු වූ පියා පංච මහා වාදයට ජාත්‍යන්තර තලයක ප්‍රසිද්ධිය ලබාදෙමින් ඕල්කට් තුමාගේ ලංකා ගමනයට මඟ පෑදී ය.
පුතා ද පුවත්පත්වලට ලිපි ලියමින් ග්‍රන්ථකරණයේ ද, දේශපාලනයේ ද යෙදෙමින් ලංකාවේ විහාර හා ගම්මාන පුරා ඇවිදිමින් පැරැණි භාණ්ඩ පුස්කොල පොත් ආදිය එක්කාසු කළේ ය.
පැරැණි ධජ පතාක රැස් කළේ ය. ඇත්තට ම ඔහු අමතක කළ වීරයෙකි. සෑහෙන ධජයනට හිමිකම් කී ඔහු එංගලන්තයේ ද සංචාරය කළේ ය. ඒ එක් ගමනක් රාජ්‍ය තාන්ති‍්‍රක ගමනකි. මුත්තා ද වාසලතන්තී්ර ය.
ඔහු ද වාසලතන්තී්ර ය. 1915 මාෂල් ලෝ කාලයේ එකල බිරිතනි ආණ්ඩුකාරයා වූ චාමර්ස් ට විරුද්ධ ව ගතු කියමින් එංගලන්ත රජය වෙත පෙත්සමක් සිය සපත්තුවේ සඟවාගෙන ගියේ මොහු ය.
ඉංග්‍රීසින් ලංකාවෙන් රැගෙන ගිය ධජ තුන සොයමින් ඔහු එහිදී වෙහෙස විය. රට පුරා ඇවිද්දේ ය. අන්තිමේ දී ලන්ඩනයේ චෙල්සි නම් වූ යුද ආරෝග්‍ය ශාලාවේ ඒ ධජ තැන්පත් කර ඇති බව දැනගැනීමට ලැබිණි.
හනික එහි ගිය ඔහුට ධජ දෙක ම සොයාගත හැකි විය. මෙතෙක් ඒවා මෙහි ගෙන ඒමට අවසර නොලැබිණි. ඔහු කළේ සවුත්වුඩ් නම් චිත්‍ර වෘත්තික සමාගමක් ලවා එම එක් කොඩියක අනුරුවක් සකස් කරවීම ය.
එය පොලොක් අල්ලා ගත් කොඩිය වශයෙන් සැලැකේ. කොඩිය කෙළින් ම භාර නොගැණිනි. එය යම් යම් සංශෝධන වලට ද භාවිත කෙරිණි. ඒ කොමිටියක් මඟිනි. මේ කොමිටියට ඇතුළු වූවෝ කවුරුද? ඒ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, ජී.ජී.පොන්නම්බලම්, ටී.බී.ජයා, ජේ.එල්.කොතලාවල, එල්.ඒ.රාජපක්ෂ, එස්.ඒ.නඩේසන් හා ජේ.ආර්.ජයවර්ධන ය.
ඔවුන් සියල්ලම පාහේ දේශපාලන ක්ෂේත්රයේ පතාක යෝධයින් ය. සමාජයේ ප්‍රකට තරු ය.
ජාතික ධජ කොමිටිය වශයෙන් හැඳින්වුණු මේ කොමිටියේ නිර්දේශ අනුව සුළු වෙනස්කම් සහිත ව සංශෝධනය වූ ජාතික කොඩිය 1948 සිට ම ලංකා ගුවන් ගැබේ සසල වන්නී ය. ඉදිරියට ද ජාතියේ චිර ජීවනය නිරූපණය කරමින් සසල වනු ඇත.
මෙහි එන ඇතැම් කරුණු ධජ ගැන ලියැවුණු ඊ.ඩබ්ලිව්.පෙරේරා ගේ ඉඪදඩචතඥඵඥ ඉබචදඤචපඤඵ චදඤ ඕචදදඥපඵ යන කෘතියෙන් උපුටා ගත් ඒවාය.
පද්මා එදිරිසිංහ
Leave a Reply