Posted by: lrrp | February 4, 2009

කිලිනොච්චිය සහ මැදවච්චිය අලිමංකඩ සහ පාමංකඩ

ඒ ප‍්‍රකාශය කළේ අපේ රටේ කෙනෙක් ද කියලා හිතුණා – එල්ලාවල මේධානන්ද හිමි

වෙලාවේ අපේ හමුදාව තවදුරටත් ත‍්‍රස්තවාදීන් යටතේ තියන ප‍්‍රදේශ නිදහස් කරගන්න කටයුතුª කරගෙන යන්නේ පුදුමාකාර කැපවීමකින්. මේ වෙලාවේ හැම පුරවැසියකුගේම යුතුකම, වගකීම තමයි ඒ රට රැකගන්න යන රණවිරුවන් ගේ චිත්ත ධෛර්යය බිඳ නොවැටෙන්නටත්, චිත්ත ධෛර්යය තවත් වර්ධනය වන පරිදි කටයුතු කිරීම.

එහෙම අදහස් ප‍්‍රකාශ කරන්න බැරි කෙනෙක් ඉන්නව නම් අඩුගණනේ මුනිවත රකින්න ඕනෑ. නිහඬව ඉන්න ඕනෑ. ජාතිද්‍රෝහී අපබ‍්‍රංස කතා කියලා හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ වට්ටනවා කියන්නේ මුළු ජාතියම, මුළු රටම විනාශයට පත් කිරීමටත් ප‍්‍රපාතයට යවන්න උත්සාහ කිරීමක්. මට දැනගන්න ලැබුණ එක්තරා දේශපාලනඥයෙක් මම කැමැති නැහැ පුද්ගලයෝ හෝ පක්ෂ විවේචනය කරන්න.

නමුත් එම පුද්ගලයෝ හෝ පක්ෂ ප‍්‍රකාශ කරන අදහස් රටට අහිතකර නිසා ඒ අදහස් ගැනත් කතා කරන්න ඕනෑ. මේ දේශපාලනඥයා හමුදාව කිලිනොච්චි යනව කියල මැදවච්චි යන බවත්, අලිමංකඩ යනව කියල පාමංකඩ යන බවටත් හමුදාවට අපහාසාත්මක වන විදියේ පහත් ප‍්‍රකාශයක් කරල තිබුණා. මේ ප‍්‍රකාශය ගැන දැනගන්නට ලැබුණු අවස්ථාවේ මට පුදුම කලකිරීමක් ඇතිවුණා. මේ රටේ පුරවැසියෙක් ද මේ ප‍්‍රකාශය කළේ කියලා.

ඇත්තවශයෙන් ඒ ප‍්‍රකාශය කරපු දේශපාලනඥයට මම කියන්න කැමැතියි කිසිම විදියකින් කිලිනොච්චියට යන්න බැරි බව මැදවච්චියට නොගිහින්. එයා දන්නෙ නැත්නම් දැනගන්න ඕන මැදවච්චිය හරහා තමයි කිලිනොච්චියට පාර වැටිල තියෙන්නේ කියලා. ඔය කියපු පුද්ගලයා නුගේගොඩ වගේ ප‍්‍රදේශයක ඉන්නව නම් ඔහුට පාමංකඩ නොගිහින් එය පසු නොකර අලිමංකඩ යන්න බැරි බවත් දැනගන්න ඕන.

ඒ නිසා මේ විදියේ බොළඳ ප‍්‍රකාශ නිකුත් කිරීම මේ වගේ අවස්ථාවකදී තියා කුමන අවස්ථාවකදීවත් වැදගත් පුද්ගලයන් වශයෙන් නොකළ යුතුª ප‍්‍රකාශ කියල මා හිතනවා.

කිලිනොච්චිය, අලිමංකඩ ප‍්‍රදේශ නිදහස් කරගැනීමේදී ඒ ප‍්‍රදේශවල ගහක් ගලක් ගානේ සංචාරය කරමින් ගවේෂණය කළ පුද්ගලයෙක් ලෙසත් වචනයක් කියන්න ඕන. කිලිනොච්චිය කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් ප‍්‍රදේශයක්.

කිලිනොච්චිය ගැන ඒ දිස්ති‍්‍රක්කය ගැන විතරක් කතා කළොත් ඒ ප‍්‍රදේශය සිංහල ජාතියේ පැරණි රජරට ශිෂ්ටාචාරයේ නියම සංකේත අදත් දකින්න පුළුවන් ප‍්‍රදේශයක් මේක. මේ ප‍්‍රදේශයේ අපේ ගවේෂණවලට අනුව කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 83 ක් තියෙනවා. වැව් 83 ක් කියන්නේ ගම්මාන 83 ක්, වෙල් එළි 83 ක්.

ගවයන්ට තණබිම් 83 ක්, එහෙම නම් ගම්මාන 83ට විහාර 83 ක්. ඉරණමඩු වැවේ වැව් බැම්මේ නැඟෙනහිර පැත්තට වෙන්නට විහාර කැලේ නමින් හඳුන්වන නටබුන් භූමියක් කියනවා. එහි දකින්න තියනවා ගරාවැටුණු විශාල චෛත්‍යයක ගොඩැල්ලක්. ඒවගේම ඉතාම පැරණි යුගයේ මිනිස්සු බුදුහාමුදුරුවන් සංකේත කරලා වැඳුම් පිදුම් කරපු පාද ලාංඡන ශිලා පුවරු.

ඒ වගේම බුදුහාමුදුරුවන් වෙනුවට වැඳුම් පිදුම් කරපු ආසන ඝරවල තියන ආසන. අනික් පැත්තට ඒ 9 පාරෙන් කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ වයඹ අතට විහිදෙන ප‍්‍රදේශ ගත්තොත් අපට හමුවෙනවා වව්නිකුලම් කියන වැව. මේ වැව හැදුවේ කවුද කියලා අද වෙනකම් හරිහැටි පුරාවිද්‍යා ගවේෂණයක් වෙලා නැහැ.

ඒ වැව ඉස්මත්තේ තියන නෂ්ටාවශේෂත් අර ඉරණමඩු වැවේ ඉස්මත්තේ තියන නෂ්ටාවශේෂවලට සමානකමක් තියනවා. හැට ගණන්වල අපේ ගවේෂණවලදි ඒ ප‍්‍රදේශයේ ජනතාව අපට කිව්වේ මේ වැව් දෙකම හදල තියෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සහෝදරයෙක් වූ සද්ධාතිස්ස රජ්ජුරුවෝ කියලයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: