Posted by: lrrp | March 22, 2009

දොඩම්පෙ ගණිතයා ගස් බෙනයක සැඟවෙයි

දොඩම්පෙ ගණිතයා කියන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ ජීවත්වුණු දක්ෂ නැකැත් කරුවෙක්. යන්ත‍්‍ර, මන්ත‍්‍ර විතරක් නොවෙයි හදි හූනියම් වලටත් මේ ගණිතයා ප‍්‍රසිද්ධයි. දොඩම්පෙ ගණිතයට රූමත් දුවෙක් හිටියා. රූමත් ගණිත දෝණියන්දැගෙ හිත දිනාගෙන හිටියෙ රාජසූරිය කුමාරයා. රාජසූරිය කුමාරයා කියන්නෙ රාජසිංහ මහ රජ්ජුරුවන්ගෙ මුනුබුරෙක්.

දවසක් රාජසිංහ රජතුමා අසු පිට නැගී ‘බිසෝවෙල’ ගම හරහා ගමන් කරන කොට පිහිල්ලකින් දිය නාමින් හිටි රූමත් ගණිත දියණිය දුටුවා. තරුණ ගැටිස්සිය දුටු පමණින් ඇයට හිත වැටුණු මහ රජු ඇය අන්තºපුරයට කැඳවා ගෙන ගියා. දොඩම්පෙ ගණිතයාගෙ මනාපයක් තිබුණෙ නෑ. ඒත් මහ රජුට විරුද්ධ වෙන්ට බෑ. ගණිතයා වෛරය හිතේ තියාගෙන නිශ්ශබ්ද ව සිටියා. ගණිතය විතරක් නෙමෙයි රාජසූරිය කුමාරයත් මුත්තණුවන්ට වෛර කළා.

බලන සටනෙන් කොනප්පු බණ්ඩාරට පැරදුණු රාජසිංහ මහ රජු පසු බසින විට පෙතංගොඩ උයනෙදි උණ කටුවක් පතුලෙ ඇනුණා. මේ වෙලාවෙ රජතුමා ළඟ හිටියෙ දොඩම්පෙ ගණිතයයි. රාජසූරිය කුමාරයයි. රාජකීය වෙදනාවරු ළඟ නොසිටිය නිසා රජ්ජුරුවන්ගෙ තුවාලෙට බෙහෙත් කළේ දොඩම්පෙ ගණිතය.

ගජ තිප්පිලි, අශ්ව බෙටි, ගොම වගේ දේවල් දමල ගණිතය බෙහෙත් හැදුව. රාජසූරිය කුමාරයා උදව් පදව් කළා. විෂ බෙහෙත් කුවාලයට දැමූ නිසා රාජසිංහ රජුගෙ තත්ත්වය අසාධ්‍ය වුණා. (ගණිතයා බෙහෙත් බැන්දෙ පිටගැස්ම හැදෙන්ට) ගණිතයත් රාජසූරියත් එකතු වෙලා කරපු වෙදකමෙන් මහ රජතුමා මරණයට පත් වුණා.

රාජසූරිය කුමාරයා සීතාවක රජ වුණත් වැඩි දවසක් රජ කරන්ට බැරිවුණා. රජ්ජුරුවන්ගෙ අක්කා වන මත්තමගොඩ බිසවගෙ උදව් පදව් ඇති ව මනම්පෙරුම මොහොට්ටි රාජසූරිය රජතුමා මරා දැම්මා. බියට පත්වුණු දොඩම්පෙ ගණිතයා සීතාවකින් පළා ගියා. පළා ගිහිං කන්දක් මුදුනේ තිබුණු විශාල ගස් බෙනයක හැංගිලා හිටියලු. යටියන්තොට කිට්ටු ව තියෙන මේ කන්දට අද කියන්නෙ ගණිත කන්ද කියලයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: