ලක්දිව එක්සත් කල දුටුගමුණු නිරිදුන් ලක් ඉතිහාසයේ එදා මෙදා තුර පහල වූ අසහාය දුනුවායාට ඇඹිලිපිටිය පල්ලෙබැද්ද ප්‍රදේශයෙන් අක්කර 12000ක භූමි ප්‍රමාණයක් ගම්වරයක් ලෙස පුදන ලදී. මෙතෙක් කල් තමා සතුවූ ජය සoඛය නිදන් කර ඵුස්සදේව විසින් සoඛපාල විහාරය (පල්ලෙබැද්ද ) ඉදිකරන ලදී.රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරද්දී පල්ලෙබැද්ද කොළඹගෙආර ප්‍රදේශයේදී හුදකලා කඳුවැටියක් අසල සංඛපාල රජමහා විහාරය පිහිටා ඇත.ඵුස්සදේව විසින් නිදන් කරන ලද ජය සන්ඛය අදටත් සන්ඛපාල රජමහ විහාරයේ ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරන අතර, එහි සoඛය වූ බවටද සාධක රැසකි.
ඉන්පසු සසුන්ගත වෙන ඵුස්සදේව තෙරණුවන් අර්හත් ඵලය ලබා ජීවිතය නමැති යුද්ධයෙන්ද ජයගෙන නිර්වාණය ළගා කරගත් බව සදහන්වේ.පසුව පුස්සදේව රහතන් වහන්සේ බවට පත් වූ පුස්සදේව යෝධයාගේ සොහොන ද ඒ අසලම තවමත් දැකිය හැකිය.
එමෙන්ම අනුරාධපුර යුගයේ සිට නුවර යුගය දක්වා විශ්මය දනවන බොහෝ දෑද, ගල් ලෙන් ද, හක්ගෙඩි ගළ ද එහි දක්නට ඇත. ඉහත ඉතිහාස කතාව අපට කියන සෙල් ලිපිය විහාරයේ අදද දක්නට ඇත.
පසුවනුවර යුගයේදී කරතොට ධම්මාරාම නම් හිමි නමකට රාජාදි රාජසිංහ රජු සමයේ විහාරස්ථානය පූජා කළ බවක් සඳහන් වේ.පසුව රජු හා හිමි නම අතර ඇතිවූ ප්‍රශ්නයක් නිසා හිමිනම් අත්ඩංගුවට ගෙන නිවාස අඩස්සියේත්රදවා ගන්නා ලදී. නිවාස අඩස්සියේදී හිමි නම් ලිවූ හරස කාව්‍ය ( වෘතාකාර හැඩයට ලියූ කවි 12 කින් යුතු පැදි පෙළ ) දැක පැහැදුණු රජු හිමිනමට ගම් වරයක් පවා ප්‍රධානය කරන ලදී.
ඵුස්සදේව ගේ කතාවේ තවත් රසවත් සිද්ධීන් කීපයක් මම ඒ ගැන හොයද්දි හම්බබුනා..
ඵුස්සදේව භල්ලුක(?) ගේ විවර වන මුව තුළට පිවිසෙන්නට විදි හීය පියාඹා ගියේ රජු ගේ දක්ෂිණ කුණ්ඩලාභරණයේ වැදී එය කඩතොළු කරමිනි.භල්ලුකයා ගේ උගුර පසා කරගෙන ගිය හීය එහා කොණින් මතුවිණ. ඔහු කපා හෙළුෑ ගසක් මෙන් රණබිම මත වැටිණ. සංග්රාම භූමියේ දස අතින් ජය නද පැතිරෙන්නට විනද ඵුස්සදේව යෝධයා මහත් කම්පනයකට පත්ව සිටි බවක් පෙනිණ. ඔහු නිරිඳු ගේ කුණ්ඩලාභරණය කඩතොළුව කැපී යෑම ගැන ශෝක වී තමා ගේ ම කන් වැල සූරා රුහිරය ගෙන රජුට පෑවේ ය. ඊට හේතුව රජු විචාල කල්හි යෝධයා කීවේ භල්ලුකයාට විදි හීය රජු ගේ මිණිකොඬොලේ ගෑවුණු නිසා තමා ම තමාට දඬුවම් කර ගත් බවකි.
එවිට නිරිඳු කරුණාවෙන් බරිත ව මේ වචන කීයේ ආයාසයෙනි. ”මලණුවනි,” (රජ කෙනකු තමා ගේ සේවක යෝධයකුට මෙසේ ආමන්ත්‍රණය කළ ඉතිහාසයේ කිසිම අවස්ථාවක් නැත.) ඔබ නිදොස දොසක් ලෙස ගෙන ඇත්තේ කුමට ද? ඔබ මගේ දිවි බේරා ගත්තේ මින් බොහෝ කලෙකට පෙර ය. වරෙක දඟ අශ්වයකු පිට මා වැටෙන්නට යන විට ඔබ ඌ හීලෑ කරගෙන මා බේරා ගත්තේ ය. එසේ අතීත කතාවක් ද කියමින් යෝධයා අස්වැසූ ඒ නිරිඳු යෝධයා විදි හීය ගෙන්වා තමා ඉදිරියට පමුණුවන්නැ යි සේවකයනට අණ කෙළේ ය. එය මහ පොළොවේ ඍජු ව සිටුවා ඒ හීය වැසෙන තුරු කහවණු වගුරුවා ඒ කහවණු කන්ද යෝධයාට පරිත්‍යාග කෙළේ ය.
(සිළුමිණ )
Leave a Reply