දසමහ යෝධයන්ගෙන් පළමුවෙන්ම අප අසන්නේ නන්දිමිත්ර යෝධයාගේ නමයි. නන්දිමිත්රට දෙමාපියන් නම් තැබුවේ ‘මිත්ර’ ලෙසයි. එය ඔහුගේ මයිළණුවන්ගේ නම විය. කුඩා මිත්රගේ මව, සිය එදිනෙදා වැඩ කටයුතු වලට යාමේදී ලණුවක් ගෙන සිය දරුවා කුරහන් ගලට තබා බැද දමා යන්නේ දරුවා එහි මෙහි ඇවිද අනතුරක් කරගැනීමත්, තමා යන තැන්වලට දරුවාද තමා පසුපසින් පැමිණීමත් වළක්වාගනු පිණිසයි. එහෙත් කුඩා මිත්ර කුරහන් ගලද ඇදගෙන ඔබ මොබ ඇවිදින්නට තරම් ශක්තිමත් වූයෙන් ඔහු නන්දිමිත්ර නම් විය.
තරුණ වියට එළැඹි කල මාගමට යන නන්දිමිත්ර කාවන්තිස්ස රජුගේ හමුදාවට බැදේ. එහිදී ඔහුගේ ශක්තිය පිරික්සනු වස්, කාවන්තිස්ස රජතුමා නන්දිමිත්ර ඉදිරියට කඩොල් ඇතා එවන ලදී. එහිදී නන්දිමිත්ර විසින් ඇතුගේ දළ දෙකෙන් අල්වා බිම ඉන්දැවූ බව සදහන් වේ. මෙය තමාට කරන ලද නිගරුවකැයි සිතූ කඩොල් ඇතා එතැන් පටන් නන්දිමිත්ර සමග වයිර බැදගත් අතර නන්දිමිත්ර නැවත මුණගැසී අවස්ථාවක් ලද විටෙක පහර දීම සදහා කඩොලැතා විසින් පොල්ගෙඩියක් නිතරම සගවා ගෙන සිටි බවද සදහන් වේ.
විජිතපුර සටන අවස්ථාවේ කඩොල් ඇතා සිය දළින් ඇන තාප්පයක් බිම හෙලූ අතර එම ප්රාකාරය ඇතා පිටට වැටෙන්නට යන විට ඉදිරියට වන් නන්දිමිත්ර තාප්පය සිය දෑතින් වලකා ඇතා බේරා ගත්තේලු. එම අවස්ථාවේ මෙතෙක් කල් පරහදීමට සගවා ගෙන සිටි පොල්ගෙඩිය පසෙකට දැමූ කඩොල් ඇතා නන්දිමිත්රට තමා පිටට නගින්නට ඉඩ සැලසූ බවද අසන්නට ලැබේ.
යුද්ධය ජයගෙන රට එක්සත් කල දුටුගැමුණු රජතුමා, යුධබිමේදී අභීතව සටන් කල මෙම ශක්තිමත් රණවිරුවා මාළිගා, ගම්වර ඇතුලු තෑගි භෝග රැසකින් පුදන ලදී.
වටිනා කතාවකි…
By: indika kumara on January 21, 2011
at 5:37 am