ලෝක උරුමයක් ලෙස පිළිගෙන ඇති ඓතිහාසික පාහියන්ගල ලෙන ආශ්‍රිතව මධ්‍යම පරිමාණයේ කෞතුකාගාරයක් ඉදි කිරීම නැවත වරක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රජය මග හැර ඇත.
මේ නිසා චීන රජයේ සහයෝගය ලබා කෞතුකාගාරයක් ඉදි කිරීමට පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ දී පාහියන්ගල දී විශේෂ රැස්වීමක් පවත්වන ලදී. පාහියන්ගල විහාරාධිකාරී මාතර ආනන්ද සාගර හිමියෝ පවසන්නේ 1992 සිට රජයෙන් මීට ඉල්ලීම් කළ ද ඉන් ඵලක් නොවුණු බවයි.
පස්දුන් කෝරළයේ පමණක් නොව ලෝකයේම සාක්ෂි හමුවන මේ ස්ථානයේ කෞතුකාගාරයක් ඉදිකර එම සාක්ෂි අනාගත පරපුරට දයාද කිරීම කාලීන අවශ්‍යතාවක් බව ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ද පවසයි.
මීට අමතරව පාලින්ද නුවර පැළෑඳ වීදිය බණ්ඩාර සෙනෙවියාගේ පහස ලද ඓතිහාසික විහාරස්ථාන රැසක තොරතුරු විනාශ වෙමින් පවතී. පවුරුකන්ද විහාරය ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසක තොරතුරු රැක ගැනීමට කුඩා කෞතුකාගාරයක අවශ්‍යයතාව දිගු කලක සිට ඉල්ලා සිටියත් මෙතෙක් එය ඉටු වී නැත.
Leave a Reply