ජාතික අභිමානයන් විදහා දක්වන ඓතිහාසික මතකයන් අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප කාගේත් වගකීමකි. එහෙත් එම වගකීම ඉටුකිරීමට බලධාරීන් සමත්වන්නේ ද යන්න විමසා බැලිය යුතු සිද්ධියක් පසුගියදා වාර්තා විය.
පිටකෝට්ටේ පිහිටි ඊ.ඩබ්. පෙරේරා කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් නටරාජා පිළිමයක් හා දැව මිටක් සහිත කිණිස්සක් අස්ථාන ගත වී ඇත. මේ ගැන මුලින්ම හෙළිදරව් වී ඇත්තේ පාර්ලිමේන්තුවේදීය. අනාවරණය වී ඇති පරිදි මේ පුරාවස්තු “දැයට කිරුල 2008” ප්‍රදර්ශනයට ගෙන ගොස් ඇති අතර සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යතුමා මේ චෝදනාව මුළුමුනින්ම ප්‍රතික්ෂේප කරයි. පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ අස්ථාන ගත වී ඇත්තේ කිණිස්සක් පමණක් බවයි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ මෙය “ආඬි හත්දෙනාගේ කැඳ හැලිය” මෙන් බලධාරීන් මේ සිද්ධියේ වගකීම භාර නොගැනීමයි.
මෙහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යතුමාට යවා ඇති වාර්තාව දෙස ද අවධානය යොමුකළ යුතුය. ඔහු පවසන්නේ 2008 වසරේදී පැවති “සීතාවක අශිමන” ප්‍රදර්ශනයට මෙම අස්ථාන ගත වූ කිණිස්ස හා “අතිශය වැදගත්කමක් නොමැති භාණ්ඩ” 16ක් කෝට්ටේ කෞතුකාගාරයෙන් ලබාදීමට තම අනුමැතිය ලබා දුන් බවයි.
අතුරුදන් වූ කිණිස්ස යකඩවලින් නිමවා ඇති අතර එය දිග http://www.facebook.com/l/;සෙ.
කෙසේ නමුත් දැන් එය අතුරුදන් වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අපරික්ෂාකාරී ක්‍රියා පිළිවෙත් නිසා එය අපට අහිමි වුවත් යළිත් එය සොයා ගත හැක. මෙවන් වටිනා පුරාවස්තුවක් “අතිශය වැදගත්කමක් නොමැති භාණ්ඩ” යටතේ වර්ගීකරණය කර ඇත්තේ කුමන පදනමකින්ද? යන්න විමසා බැලීම වටී.
meke pintura nadda?…
pracharayak dunnan nam mona hari toraturak hoyaganna puluwan wey…
By: wagfriends on March 21, 2011
at 3:59 am