Posted by: lrrp | August 7, 2009

රුවන්වැල්ල කබුළුමුල්ල ශ්රී පත්තිනි දේවාලය

රුවන්වැල්ල කබුළුමුල්ල ශ්රී පත්තිනි දේවාලය යනු වසර 450කට ආසන්න කාලයක් තිස්සේ පැවත එන ඓතිහාසික වටිනාකමකින් යුත් දේවාලයකි. සීතාවක රාජධානියට අයත් (ක්රි.ව. 1582) තුන් කෝරළයේ (කෑගල්ල දිස්ත්රික්කයේ) කරවනැල්ල – හැටන් මාර්ගයේ කි.මී.1 කණුව අසල දර්ශනීය කඳුගැටයක් මත පිහිටි මේ දේවාලය පිළිබඳ ඓතිහාසික ජනප්රවාදයක් ඇත.

ක්රි.ව. 1582-1592 දක්වා මෙරට රජ කල “1වන රාජසිංහ රජු”, “රණසිංහ මුදියන්සේ ” නම් සිය සෙනෙවියා කෙරෙහි යම් කරුණක් නිසා ද්වේශයෙන් පසුවී ඔහුට බොරු චෝදනා කර වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමට නියෝග කර ඇත. එතෙක් ඔහුගේ අත් පා යදමින් බැඳ දැඩි රැකවල් යටතේ සිරකර තබා ඇත.

පසුදිනෙක රාත්රී රජු නින්දට යාමට ගොස් ඇති අතර සිතේ හටගත් යම් තැති ගැන්මක් නිසා නිදා ගැනීම අපහසු වී ඇත.මැදියම් රැය ආසන්නයේදී නින්දට වැටුණි. ගතවූයේ මොහොතකි. තද රක්තවර්ණ සළු හැඳ ගත් පුද්ගලයෙක් රජුගේ සිරියහන අසලට පැමිණ “රණසිංහ මුදියන්සේ වහාම නිදහස් කරනු” යැයි දැඩි ස්වරයෙන් කියා ඇත.එකෙණෙහිම අවදි වූ රජු වටපිට බැලුව ද කිසිවෙක් දක්නට ලැබී නැත.

රාත්රී සිහිනෙන් බිය වූ රජු පසුදා තම සෙනෙවියා බැලීමට සිරගෙට ගියේය. පුදුමයකි. සිරකරුවා බැඳ තිබූ යදම් ගැලවී අත් පා ලිහිල්ව තිබිණ. අදහාගත නොහැකිවූ රජ “තමා කෙසේ ගැලවුණිද?” යනුවෙන් සිරකරුගෙන් ඇසූවිට ඔහුගේ පිළිතුර වූයේ “දේවාලකන්දේ මංගෙදරමුල්ලේ වැඩවසන තම සොහොයුරාගේ බලමහිමයෙන්” යන්නයි.

වහා ඔහුට අභයදානය රජු එය නිමිති කරගෙන “අභය රණසිංහ මුදියන්සේ” නමින් පෙළපත් නාමයක් ද නින්දගම් 4ක් ද පුදපූජා පැවැත්වීමට සීතාවක ප්රදේශයේ දේවාලයක් ඉදිකිරීමට ද කටයුතු කළේය. ඒ මෙම කබුළුමුල්ල ශ්රී පත්තිනි දේවාලයයි. දැනට මෙහි භාරකාරත්වය දරන්නේ ද “අභය රණසිංහ මුදියන්සේ” යන පරපුරේ අය විසිනි.

මෙම දේවාලය ශ්රී පත්තිනි හා ගණේගොඩ දෙවිවරුන්ගේ අනුහස් ඇති ස්ථානයකි. ගණේගොඩ දෙවියන් යනු 1වන රාජසිංහ රජු බවට මතයක් පවතී. ඒ බව සනාථ කිරීමට දැනට දේවාලයේ ඇති පැරණි භාණ්ඩ අතර රජුගේ සිරියහනෙහි කොටසක් හා රන් කඩුව සමත්වෙයි. විශේෂයෙන් ගැබිණි මව්වරුන්ගේ හා කුඩා දරුවන්ගේ අපල උපද්රවවලට ද බෝවන ලෙඩරෝග ද නිවාරණයට ආශීර්වාද පුදපූජා මෙහි පැවැත්වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: