Posted by: lrrp | August 7, 2009

The pair of tusks of great elephant Kandula

If an animal is considering at nobles level, it’s very rare. There’re lots of animals who have got this position in many countries. In Sri Lanka, elephant “Kandula” is also considering as an auspicious gem that was born to liberate the country from South Indian attacks. Today we’re so lucky to see the remaining pair of tusks of this noble elephant at Kataragama Devalaya.

According to the legends, prince “Dutugemunu” & elephant Kandula was born on the same day. As humans elephants also have castes. So Kandula’s caste was “Chaddanta” which is considered as the superior caste of the elephants. While baby Kandula is peregrinating with his crew, a hunter named “Kandula” has seen him near a lake. So he decided to inform about him to the King “Kavantissa” the father of prince Dutugemunu. King Kavantissa went with mahouts and captured him and gave the name “Kandula” to the baby elephant as an honour the hunter who gave the news.

The place where the mahouts were took guard was named “Rekava”. The legends say that King Kavantissa has sworn if he was able to capture the elephant he will build a Buddhist temple at that place. Today we can see a temple called, “Kandula Vihara” at this place. But unfortunately we can see only a remaining stupa.

Ageing from King Kavantissa, the owner of Kandula was prince Tissa. He was the younger brother of prince Dutugemunu. On those days elephant Kandula has been nominated as the royal elephant. So the owner of Kandula was considered as the next king. Therefore prince Dutugemunu declared a battle against his brother Tissa. The place which took for this battle is named as “Yudanganawa” which means “The area of Battle”. Today we can see a Buddhist temple called “Yudangawa Raja Maha Vihara” at this place. Prince Tissa lost to his brother and ran away to rescue his life. Then elephant Kandula came and saluted to prince Dutugemunu. After that prince Dutugemunu was considered as the next king of Sri Lanka.

This noble elephant did a great job at the campaign of liberating the country from the South Indian attacks. On those days, King “Elara” was the ruler of Anuradhapura. He had a giant castle at “Vijitapura”. The armies of prince Dutugemunu had to destroy this castle to win the war. The Mahavansa says there were large iron gates at this castle. So prince Dutugemunu used his elephant to break these gates by poking from its tusks. Meanwhile, the tamil armies of the castle poured melted iron on to the back of Kandula. It was so painful and Kandula ran to a lake and sunk there. Soon the royal physicians came and treated him.  Prince Dutugemunu came and touched the head of the elephant in the manner of love. He said, “My dear son Kandula, if you helped us to win this war to liberate our country, I’ll offer you from this motherland.” See! on those days our ancient kings also had the kindness to animals and they knew how to treat them.

When those words were heard, Kandula was raised up and he stood up. Took a large breath and ran towards to the castle gate; destroyed the enemies into pieces in the manner of patriotism. That’s why Kandula is great for ever. He is a heritage of Sri Lanka.

Kandula loved so much King Dutugemunu. He was shocked very badly after the death of King Dutugemunu. He didn’t obey for any other. Therefore he was taken to Magama where the place very familiar to him.

When Kandula was on the way to his hometown, he felt so tired. Now he is passing his middle ages so he couldn’t walk too far. At Yudanganawa, where he was rewarded as the royal elephant, Kandula couldn’t move any step more. So he lied down towards the Yudanganawa stupa. While he was worshiping the stupa, he breathed for the last time in his life. Though he was an animal he had the faith on Buddhism. At the place of Kandula’s death, today we can see a Buddhist temple called “Kukumba Raja Maha Vihara”.

The cemetery of this marvelous elephant is at “Poramedilla” which belongs to the Sugar Factory, Pelawatta today. Though there’re lots of sugar-cane trees in this area, but there’s no any kind of tree is sprouting in this special spot. Also there’re lots of elephant crews. But no one can’t drive away them. Before the inhumation of Kandula, his tusks were cut off and offered to the Kataragama Devalaya.

At the “Esala” Festival of Kataragama Devalaya, this pair of tusks is keeping for a 10days exhibit by the officers of Devalaya. They’re too large and too strong than a normal pair of tusks. They are getting discolour now as they’re 2100 years old. But officers say that they’ve take the actions to protect them. If there’s another elephant who has honored by the people except Kandula, that’s one and only “Raja” who took the reliquary at Kandy perehera.

විජිතපුර බලකොටුව බිඳලූ කඩොල් ඇතුගේ දළ

“ඇත් රජු දළින් ඇන බිත්තිය බිඳ යකඩ දොරටුව අසලට පැමිණියේය. ප්රාකාරය මතුයෙහි සිටි ද්රවිඩයෝ නොයෙක් ආයුධවලින් ඇතාට දමා ගසා ගිනියම් කල ලෝහ හා කකාළ මැලියම් ද ඇතු පිට වත් කළහ. වේදනාව ඉවසිය නොහැකිවූ ඇත් රජ අසල වූ ජලාශයට ගොස් එහි ගිළුණේය.

ගෝඨයිම්බර යෝධයා ඒ දැක මේ තට සුරාපාන නොවෙයි. කළ යුත්තේ දොරටුව බිඳීමය. ගොස් එය බිඳුවයි කීයේය.

අභිමානවත් වූ ඇත් රජ වහා දියෙන් ගොඩ නැගී ආඩම්බරයෙන් හිට ගත්තේය. එකෙණෙහි ඇත් වෙද මහතා ඇතු පිටෙහි වූ ලාටු ගලවා බෙහෙත් දැම්මේය. ඇතා සතුටුවනසේ ප්රණීත ආහාර අනුභව කරවා තුවාල සළුවෙන් වෙලා ඊ පිට සත් ගුණ කල මී හරක් හම් බඳවා ඊ මතුපිට තෙල් සම් එලවා ඇතු මෙහෙයවීය. ගැමුණු රජතුමා ඇතු පිටෙහි නැගී කුම්බස්තලය පිරිමැද පුතා කණ්ඩුල, තොපට මුළු ලක් දිව රාජ්යය දෙන්නෙමි යැයි කීවේය.

එසේ ලංකා රාජ්යයෙන් පුද ලද ඇත් තෙමේ හොඬවැල ඔසවාගෙන හෙණ හඬ මෙන් ගුගුරවමින් සියළු උවදුරු මැඩගෙන යදොර වෙත ගොස් දළෙන් ඇන දොර පියන් සහිත යකඩ උළුවස්ස පෙරළා විජිතපුර මහ බලකොටුව බිඳලූහ.”

ඉහත දැක්වූයේ එළාර දුටුගැමුණු සටනේ දී දුටුගැමුණු රජුගේ මංගල හස්ථියා වූ කඩොල් ඇතුගේ අභිමානවත් සේවය පිළිබඳ මහාවංස කතුවරයා විස්තර කර ඇති ආකාරයයි. මෙසේ ලංකා රාජ්යයෙන් පුද ලද කඩොල් ඇතුගේ දළ යුගල අදට ද දැකිය හැකි මහාර්ඝ වස්තුවකි.

අපගේ වංශකතා අනුව කණ්ඩුල ඇතා යනු ගැමුණු කුමරු වෙනුවෙන්ම ඉපදී බුදු දහම වෙනුවෙන් රට එක්සේසත් කිරීමට ම මෙලොවට බිහිවූ මංගල හස්ථි රාජයෙකි. ගැමුණු කුමරු උපන් දින ම ඉපදී ඇති මේ හස්ථි රාජයා, විලක් අසල පඳුර අතරේ සිටිනු දුටු “කණ්ඩුල” නම් බිලි වැද්දෙක් එවකට ලක්දිව රජකල කාවන්තිස්ස රජුට මේ බව දැන්වීය. එපවත් අසා කාවන්තිස්ස රජු ඇත් පැටියා තම භාරයට ගෙන “කණ්ඩුල” යයි නම් තබන ලදී.

ජනප්රවාදයට අනුව ඇත් සේනාවක් සමග සිටි මේ ඇත් පැටියා අල්ලාගැනීමට රැකවල්ලා සිටි ස්ථානය “රැකව” නමින් හැඳින්වේ. ඇත් පැටියා අල්ලාගැනීමට හැකිවූවොත් එම ස්ථානයේ විහාරයක් කරවන බව කාවන්තිස්ස රජු භාරයක් වූ බව ද පැවසේ. අද “කණ්ඩුල විහාරය” ඇත්තේ එම ස්ථානයේය. අවාසනාවට අද එහි ඇත්තේ නටබුන් වූ චෛත්යයකි.

කාවන්තිස්ස රජුගෙන් පසු මෙම හස්ථි රාජයා අයත්වීමට තිබුණේ තිස්ස කුමරුටය. නමුත් “යුදඟනාව” නම් ස්ථානයේදී ගැමුණු හා තිස්ස කුමරුන් අතර පැවති සටනේ දී තිස්ස කුමරු පැරදී පලායනවිට කණ්ඩුල හස්ථි රාජයා පැමීණ ගැමුණු කුමරුට නමස්කාර කර ඇති අතර එතැන් පටන් කඩොල් ඇතු ගැමුණු කුමරුගේ මංගල හස්ථි රාජයා වූ බව ඉතිහාසයේ සඳහන් වේ.

දුටුගැමුණු රජුගේ මහත් ආදරය ලැබූ මේ හස්ථි රාජයා පෙරළා දුටුගැමුණු රජුට ද මහත් සේ ආදරය කළේය. හදිසියේ ම වූ දුටුගැමුණු රජුගේ අභාවය නිසා මේ හස්ථි රාජයා ඉමහත් ශෝකයට පත්ව රෝගාතුර වී ඇත. මෙයට සුදුසුම පිළියම ලෙස ඇතාට තම හුරුපුරුදු මාගම ප්රදේශයට ගෙන යාමට සද්ධාතිස්ස රජු අවසර ලබා දී ඇත. මැදිවිය පසුකරමින් සිටි හස්ථි රාජයා තමා ගැමුණු කුමරුගේ මංගල හස්ථි රාජයා වූ යුදඟනා දාගැබ අසලට පැමිණ එදෙසට නමස්කාර කරමින් ම අවසන් හුස්ම හෙළා ඇත. එම ස්ථානයේ අද “කුකුම්බා රජමහා විහාරය” දක්නට ලැබේ.

සිංහල බෞද්ධ ජනතාවගේ සදා ආදරයට පත් මේ හස්ථි රාජයා ඒ ආසන්නයේ “පොරමැඩිල්ල” නම් ස්ථානයේ මිහිදන් කෙරිණ. ඊට පෙර දළ යුගලය වෙන් කර කතරගම දේවාලයට පූජාකල බව වංශකථාවල සඳහන් වේ. ඇතා මිහිදන්කල පොරමැඩිල්ල නම් ස්ථානය අදටත් එනමින්ම හැඳන්වෙන අතර එය පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්රදේශයේ පිහිටා ඇත. අදටත් එම ස්ථානයේ උක්ගසක් හෝ වැවෙන්නේ නැත. එය තවමත් අලි ඇතුන් අරක්ගත් ස්ථානයක් වන අතර ඔවුන්ව පලවා හරින්නට කිසිවෙක් සමත්ව නැත.

සෑම වසරකම කතරගම ඇසළ උත්සව සමයේදී කණ්ඩුල ඇතාගේ ඇත් දළ යුගලය මහජන ප්රදර්ශනයට තබනු ලබයි. දින 10ක් පුරා ප්රදර්ශනය කරන මේ මහාර්ඝ වස්තුව සෑම කෙනෙක්ම දැකබලා ගත යුතුය. සාමාන්ය ඇතෙකුගේ දළ යුගලයකට වඩා මේ යුගළය ප්රමාණයෙන් විශාලය. වඩා ශක්තිමත්ය. අදින් වසර 2100කට පමණ පෙර සිටි සිරිලක මංගල හස්ථි රාජයාගේ දළ යුගලය මෙසේවීම අරුමයක් නොවේ. තරමක් දුර්වර්ණ වී ඇතත් කතරගම දේවාල කාර්ය මණ්ඩලය මෙය රැකගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටියි. මෙවන් ගෞරවාදරයට පත් තවත් ඇතෙකු වේ නම් ඒ ශ්රී දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවූ “රාජා” හස්ථි රාජයා පමණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: