Posted by: lrrp | August 12, 2009

යුද ජයග්‍රහණයේ අවසන් සාධකය

ඈත අතීතයේ සිටම පෙරදින ආසියාවේ කුලබේදය දැඩිව මුල්බැසගෙන තිබුණි. ඉන්දියාවේ බුදුන් උපදිනා සමයේත් ප්‍රධාන කුල 4 කට සමාජය බෙදී වෙන්වී තිබුණි. ක්‍ෂත්‍රිය, බ්‍රහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර වශයෙනි. “ක්‍ෂත්‍රිය” යනු රට පාලනය කරන වංශය වූ අතර, “බ්‍රාහ්මණ” යනු රට පාලනයට උපදෙස්‌ දෙන්නන්ය. “වෛශ්‍ය” යනු වෙළෙඳාම් කරනනන් වූ අතර, රටෙහි අනෙක්‌ කර්මාන්ත කරන්නන් “ශූද්‍ර” විය.

මෑත ඉතිහාසයේ ලංකාවේ ඇති වූ අවසන් කැරලි තුන ගැන බැලුවිට එය නියෝජනය කරන පාර්ශවයන් වන්නේ වීරපුරන්අප්පු, රෝහණ විෙ-වීර හා වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. ඔවුන්ගේ අසාර්ථක කැරලි විනාශවීමට මූලික සාධකය වන්නේ ඔවුන් නියෝජනය වන පාර්ශ්වයේ කුල සමාජ නියෝජනය බලවත් නොවූ බැවින්ය. එම කැරළි යටපත් කෙරූ පාර්ශ්වයන් දෙස බැලුවිටද පෙනීයන්නේ ඔවුන් නියෝජනය කරන පාර්ශ්වයේ කුල පාර්ශ්වයන් ඉතා ප්‍රබල මට්‌ටමක පැවතුනු බැවිනි.

ව්‍යාස සෘෂිවරයාගෙන් ඇරඹුණු කෞරව වංශය නියෝජනය කරන කුරුවිට රාල, වීර පුරන්අප්පු, රෝහණ විඡේවීර වැනි අයගේ රට තුළ තම කුල පදනම පහළ මට්‌ටමක (කරාව) පැවති බැවින් ඔවුන්ට මෙම කැරළි ජයග්‍රහණය කරා ළඟාකර ගැනීමට නොහැකි විය.

අපි මඳකට ලංකාවේ වර්තමාන සිංහල සමාජය තුළ කුල පදනම ගැන මඳකට සොයා බලමු.

ගොවිගම – 50%

වහුම්පුර, බත්ගම – 33%

කරාව, දුරාව, හාලි – 8%

නැකැති, රජක, කුඹල් විශ්වකුල – 7%

අනෙකුත් – 2%

– 100%

මෙම කුලවලින් ඉහළම ජනපදනම නියෝජනය කරන කුලයේ අපගේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කළේය. එබැවින් එතුමාට රට තුළ නැඟුණු එම කැරැල්ල මර්දනයට, ඔහුට හැකියාව ලැබුනි.

එකල කුලය යනු අද අපි කථාකරන ජාතිකත්වයට බව අප සිහි තබාගතයුතුය. සමාජය විවිධ සංක්‍රමණික ජනකොටස්‌ සමග සම්මිශ්‍රණය වීමේදී ලංකාවේ විවිධ ජාතිකත්වයන් නිර්මාණය විය. එම විවිධ වූ ජාතිකත්වය එසේත් නැත්නම් කුලය අවසානයේ ඕනෑම සටනක ප්‍රධාන සාධකය ලෙස අදටත් ඉස්‌මතු වේ. සංක්‍රමණ ජාතීන් සමග සම්මිශ්‍රණය නොවූ ජාතික කොටස ලංකාව තුළ “හෙළ” ජාතිය බවට පත්වේ. වේළුපිල්ලේ ප්‍රභාකරන් නියෝජනය කරන දෙමළ සමාජයේ කුල සාධකය ගත්විට මෙසේය.

වෙල්ලාල (ගොවිකුලය) 50%

කාර්යර් 10%

පල්ලා 9%

නලවා 9%

කොවියාර් 7%

පරවර 3%

ටක්‌කා 2%

අනෙකුත් 10%

100%

ප්‍රභාකරන් පරවර කුලය නියෝජනය කරන බැවින් ඔහුගේ කැරැල්ල කිසියම් ජාතිවාදී, ජාත්‍යන්තර ස්‌වරූපයක්‌ වුවද, රටතුළ සැබෑ බහුතර දෙමළ ජනසමාජය තුළදී ඔහුට ඔවුන්ගේ සහාය නොලැබී ගියේය. ඔහුගේ මව සහ පියා ඉන්දියාවේ කේරළයේ සිට සටනට උපදෙස්‌ දුන්නද එය අසාර්ථකවීමට හේතුව වාම කුලය නියෝජනය කරන සමාජ පදනම සමාජය තුළ දුර්වල බැවිනි.

ලංකාවේ මෙම යුද්ධයට හා ජනවාර්ගික ප්‍රශ්නයට මුහුණදුන් රාජ්‍ය නායකයන් දෙස අපි සොයාබලමු. ඔවුන් නියෝජනය කළ ජන පාර්ශ්වය කුමක්‌ද? බ්‍රාහ්මණ වංශය, ද්‍රවිඩ සම්භවයකින් පැවත එන ජාතිකත්වයකි.

ඩී. එස්‌. සේනානායක – උඩරට, බ්‍රාහ්මණ (කුලවර්ධන බ්‍රාහමණ)

ඩඩ්ලි සේනානායක – උඩරට, බ්‍රාහ්මණ (කුලවර්ධන බ්‍රාහ්මණ)

එස්‌. ඩබ්. බණ්‌ඩාරනායක – උඩරට, බ්‍රාහ්මණ (නීල පෙරුමාලි බ්‍රාහ්මණ)

සිරිමාවෝ රත්වත්තේ බණ්‌ඩාරනායක – උඩරට, බ්‍රාහ්මණ (විශ්ණු බ්‍රාහ්මණ)

ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස – පහතරට, දුරාව

ඡේ. ආර්. ජයවර්ධන – ඉන්දියානු, මලයාලම් (කලම්බු ෙච්ට්‌ටි)

ඩී. බී. විඡේතුංග – උඩරට, ගොවිගම

රනිල් වික්‍රමසිංහ – උඩරට, බ්‍රාහ්මණ (රාමචන්ද්‍ර බ්‍රාහ්මණ)

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග – (උඩරට, බ්‍රාහ්මණ (නීල පෙරුමාල් බ්‍රාහ්මණ)

මහින්ද රාජපක්‍ෂ – පහතරට, ගොවිගම

ක්‍රි. පූ. 600 දී නේපාල වංශික “ක්‍ෂත්‍රියයන්” ලංකාවේ වලවේ නිම්නයට සංක්‍රමණයෙන් එහිදී දේශීය “නාග” ගෝත්‍රිකයන් සමග සම්මිශ්‍රණය වීමෙන් “පහතරට සිංහලයන්” බිහිවුණු අතර, ක්‍රි. පූ. 543 දී ඉන්දියාවේදී “සිංහ” ගෝත්‍රය ඞ “කාලිංග” වංශය සමග සම්මිශ්‍රණයෙන් “සිංහල” ගෝත්‍රය ඇති වූ අතර එම සිංහල ගෝත්‍රය “ආර්යයන්” සමග සම්මිශ්‍රණයෙන් “ආර්යය සිංහලයන්” සෑදී ලංකාවේ වතු ගංගා නිම්නයේදී එම ආර්ය සිංහලයන් දේශීය “දේව” ගෝත්‍රිකයන් සමග සම්මිශ්‍රණයෙන් “උඩරට සිංහලයන්” බිහිවූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.

එබැවින් යුද්ධකාමී රාජ්‍යත්වයට උරුම ක්‍ෂත්‍රියයන්ගේ සම්බන්ධය නිතැනින්ම ඇති වී ඇත්තේ පහතරට සිංහලයන්ටය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට “ක්‍ෂත්‍රිය” වංශයේ ඇති ඥතීත්වය මෙම යුද්ධය ජයගත් සාධකයේදි ඉතාවටිනා සාධකයක්‌ බව සියලු රට වැසියා සිත තබාගත යුතුය. ඔහු පහතරට සිංහලයකු වීමෙන් එය තහවුරුවේ. “ගොයිගම” කුලය නියෝජනය වීමත් නිසා සම්මිශ්‍ර නොවු දේශීය ජාතිකත්වයටත් උරුමකම් කී “හෙළයකු” නිසා ඔහුගේ නියෝජනය මෙම යුද්ධයේ තීරණාත්මක සාධකයක්‌ විය.

අප ලංකාවේ ජනගහණ වාර්තාවේ ජාතික ප්‍රතිශතය සලකා බලමු.

පහතරට සිංහල 42.8%

උඩරට සිංහල 24.2%

ශීSS්‍ර ලංකා දෙමළ 11.5%

ඉන්දියා දෙමළ 13.4%

ශ්‍රී ලංකා මුස්‌ලිම් 5.6%

ඉන්දියා මුස්‌ලිම් 0.7%

යුරේසියන් 0.7%

මැලේ 0.3%

වැදි 0.2%

අනෙකුත් 0.6%

100%

අතීතයේ රට එක්‌ සේසත් කළ බලිතරු, රාවණා, දුටුගැමුණු, විජයබා, රජ පරපුර දෙස බැලුවද එම සාධකය පොදු සාධකයකි. එම රජවරුන් අතරට එකතුවන “මහින්ද” යන හෙළනාමයද අමරණීය වනු ඇත. මෙම යුද්ධය ජයගත් ක්‍ෂත්‍රිය වංශික පහතරට ගොවිගම සිංහල යුග පුරුෂයාට, රුහුණු පුත්‍රයාට, “විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාශ්වර ඒකජත්‍ර” ගෞරව නාමයෙන් පසුගියදා පිදුම් ලැබූ අතිගරු ජනාධිපතිතුමාට වන්දනීයව ආචාර කරමු. “ආයුබෝ වේවා මහා රජාණෙනී…..ෘ”

ධනේෂ් කොඩිප්පිලි ආරච්චි
ජ්‍යෙතිෂ් සාගර්, ශාස්‌ත්‍රපති, ශිරෝමනි, ඉන්දීය හා ලංකා සම්මාන ලාභී

Advertisements

Responses

  1. how can u call Sinhala a CLAN?? i thought its a nationality


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: