Posted by: lrrp | December 28, 2009

බෞද්ධ හින්දු සබඳතාව ත්‍රස්‌තවාදය නිසා බිඳී ගියා

සිංහල – දෙමළ සහ බෞද්ධ – හින්දුන් අතර පැවැති උසස්‌ සුහදතාව පටුවාසි සඳහා ත්‍රස්‌තවාදයක්‌ ව්‍යාප්ත කළ අතළොස්‌සක්‌ නිසා වැනසී ගියේ යෑයි බෞද්ධ හින්දු සහයෝගිතා පෙරමුණේ සංවිධායක කමිටු රැස්‌වීමකදී ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානයේ ව්‍යාප්ති අධ්‍යක්‍ෂ මහනුවර අස්‌ගිරි මහා විහාරවාසී මැදගම ධම්මානන්ද නාහිමිපාණෝ පැවැසූහ.

මහනුවර භික්‍ෂු සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී පැවැති රැස්‌වීමේ මුලසුන හෙබවූ ධම්මානන්ද නාහිමියෝ බෞද්ධ හා හින්දු ජන කොටස්‌ අතර පැවැති සංස්‌කෘතික සබඳතාව ශ්‍රී ලංකාවේ පරම්පරාවකටම දැන් වසන්වී ගොස්‌ ඇතැයි පැවැසීය.

වසර තිහක්‌ පමණ කාලයක්‌ ද්‍රවිඩ හා සිංහල ජනතාව අතර සහෝදරත්වය බිඳීයැමේ ත්‍රස්‌තවාදයක්‌ පැවතීමෙන් අතීතයේදී හින්දු හා බෞද්ධ ජනකොටස්‌ අතර පැවැති මිත්‍රත්වය දැන් සිහිනයක්‌ බවට පත්වී ඇතැයිද ධම්මානන්ද නාහිමිපාණෝ තවදුරටත් පැවැසූහ. මෙම සුහදත්වය ගොඩනැගීමේ මූලිකත්වය ගැනීමට ආරම්භයට ඉතා සුදුසු කේන්ද්‍රස්‌ථානය මහනුවර බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

බෞද්ධ හින්දු සුහදතාව අතීතයේ සිට මේ දක්‌වා විරාජමාන වන සංස්‌කෘතික මධ්‍යස්‌ථානය සෙංකඩගල නුවර නමැති මහනුවර රාජධානිය බව පෙන්වාදුන් ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාව සහ මල්වතු අස්‌ගිරි උභය මහා විහාරයත් මෙන්ම සිව් මහා දේවාලයත් ප්‍රමුඛ හින්දු පූජනීය ස්‌ථානයක්‌ පිහිටා තිබෙන්නේද බෞද්ධ හින්දු භක්‌තිකයන් එකසේ වන්දනාමාන හා පුද පූජා සමව පවත්වන්නේද මහනුවර පමණක්‌ බවද පෙන්වා දුන්හ.

ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය එල්. වීරසිංහ මහතා සහ නීතිඥ කේ. එම්. පී. යූ. බණ්‌ඩාර කරුණානායක, බැංකු නිලධාරී සේන සුරංජිත්, මධ්‍යම පළාත් හින්දු සංගමයේ සහකාර ලේකම් පී. රාජනන්දන්, හිටපු බැංකු සාමාන්‍යාධිකාරී ආර්. එම්. නවරත්න, දි.මු.මු. දිසානායක, ජයග්‍රහණය සංවිධානයේ අධ්‍යක්‍ෂ පාලිත සමරකෝන් යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: