සීතාවක රාජසිංහ රජතුමා පරංගි සේනා සමඟ නිතර ම යුද්ධ කරමිනුයි හිටියෙ. නිමාවක් නැති හටන් මාලාවක නිරත වෙලා හිටපු රජතුමාට හටන් හරඹ හොඳීන් දන්න කියන ශූර සෙනෙවියන්, හේවායන් මහා සේනාවට එකතු කර ගන්ට ඕනෑ වුණා. සීතාවක රටට අයිති ‘බෝපිටිය’ කියන ගමේ පදිංචි ශූර වීර මිනිහෙක් ගැන රජතුමාට තොරතුරු ලැබුණා.
මහ රජතුමා බෝපිටියෙ ශූරයාට වාසලට එන්ට කියල පයිංඩ යැව්වෙ නෑ. ඒ වෙනුවට තමන් ම මේ මිනිහ ව දකින්ට යන්ට ඕනෑ කියල රාසිං දෙයියො තීරණය කළා. රාසිං දෙයියො මේ ගමන ගියේ ‘නල්ල නාරායන’ කියන සෙනෙවියත් එක්කයි. සේනා වාහන පිරිවරාගෙන නොවෙයි. බොහො ම අප්රකට ව.
ගමන් මඟ වැටී තිබුණේ වන රුප්පා මැදින්. මේ පාරේ සතා සීපාවුන් නිතර ගැවසුණා.
අතරමඟදී දිවියෙක් රජතුමා වෙත පැන්නා. රාසිං දෙයියන්ට පෙර නල්ල නාරායන ක්රියාත්මක වුණා. ඔහු තම කිරිච්චියෙන් ඇන දිවියා මරා දැමුවා.
තම දිවි බේරාගන්ට සටන් කළ නල්ල නාරායන ගැන රාසිං දෙයියො පැහැදුණා. ‘තෙළිඟු පත්ත නල්ල නාරායන ජයසුන්දර’ කියන නම්බු නාමය ඔහුට ප්රදානය කළා.
නල්ල නාරායන සමඟ බෝපිටියට ගිය රජතුමාට සටන්කරු හමුවුණා. රජ අණින් බෝපිටියේ ශූරයා තමන්ගෙ දස්කම් දක්වන්නට සූදානම් වුණා.
මේ මිනිහා රජතුමා ඉදිරියේ ඕලු කොලයක් බිම එලුවා. ඉන්පසු ඕලු ගෙඩියක් උඩ වීසිකොට බිමට වැටෙන්නට පෙර සත්කඩකට කැපුවා. කැපුණු කැබලි වැටුණේ ඕලු කොළය උඩට. රාසිං දෙයියො මේ දක්ෂ මිනිහා නම්බු නාමයකුත් දීලා මහා සේනාවට එකතු කර ගත්තා.
මේ කියන්නෙ ඇලකන්ද බෝපිටිය ගැනද???
By: indika kumara on January 21, 2011
at 5:53 am