අම්බුළුගල මහ රජ්ජුරුවන්ට බිසෝවරු දෙන්නෙක් හිටියා. බාල බිසොවට පුත් කුමාරවරු දෙන්නයි. ‘තනියවල්ලභ’ කුමාරයා මාදම්පේ රජුවුණා. ‘සකල කලා වල්ලභ’ කුමාරයා උඩුගම්පොළ රජුවුණා.
සකල කලා වල්ලභ රජ්ජුරුවො උඩුගම්පොල විශාල පොකුණක් හැදුවා. එතුමා දිය කෙළියට බොහොම මනාපයි.
බිසෝවරු පරිවරාගෙන එක දවසක්, මැති ඇමතිවරු පිරිවරාගෙන තව දවසක් ඔය විදිහට මේ විශාල පොකුණෙ රජ්ජුරුවො බොහො ම කැමැත්තෙන් ජල ක්රීඩා කළා. දිය කෙළියට යන ‘සකලකලා වල්ලභ’ රජතුමා කවදාවත් නාන තොටින් පොකුණට බහින්නෙ නැහැ. පොකුණු ඉවුර උඩ ඉඳන් දියට පැනල පීනමින්, දියබුං ගහමින් විනෝද මෙන්ටයි එතුමා කැමති.
සකල කලා වල්ලභ රජතුමාට පුත් කුමාරයෙක් හිටියා. එක ම පිරිමි දරුවා හින්ද වෙන්ටැති. කුමාරයා හිතුවක්කාරයි. රජ්ජුරුවන්ටවත් කීකරු නැහැ. මේ මුරණ්ඩු කුමාරයා අනාගතේ රට පාලනය කරන්නෙ කොහොමද? රජ්ජුරුවො විස්සෝප වුණා. දන්න තරම් අවවාද අනුශාසනා කළා. දඬුවම් කළා. ඒත් ඵලක් වුණේ නෑ.
එක දවසක් අකීකරු කුමාරයා කළ නොපනත් කමකට රජ්ජුරුවො තදින් දඬුවම් කළා. දඬුවම් විඳපු කුමාරයා හිටියෙ කේන්තියෙන්. ‘පිය රජතුමා මරන්ට ඕනෑ’ කුමාරයාට හිතුණා. ‘එතකොට රාජධානියත් මට’ ඔහු වැඩිදුරටත් හිතුවා.
කුමාරයා කාටත් හොරෙන් පොකුණෙ උල් කරපු ලී හිටෙව්වා. හරියට ම රජතුමා පොකුණු ඉවුරෙන් දියට පනින තැන. දියට පනින රජතුමා ලී උල්වල ඇණිලා මරණයට පත් කරන්නයි කුමාරයා සැලසුම් කළේ.
එදත් රජතුමා වෙනද වගේ ම දිය කෙළියට ආවා. පොකුණු ඉවුරෙන් දියට පනින්නට සැරසුණු රජතුමා දැක්කා ජලය මත වසා ඉන්න මැස්සෙක්. මැස්සකුට දියේ වහන්නට පුළුවන් ද? රජ අණින් රාජ පුරුෂයෝ පොකුණ පරීක්ෂා කළා. රජු මරා දමන්නට පොකුණේ සිටුවා තිබූ ලී උල් රාජපුරුෂයන්ට හමුවුණා.
වැඩේ වැරදුණු බව දැනගත් පුත් කුමාරයා මාළිගාවෙන් පලා ගියා. සමනල අඩවියට ගිය කුමාරයා කුණු දිය පර්වතයෙන් පැනල දිවි නසා ගත්තලු.මේ කුමාරයා මරණෙන් පස්සෙ කළු කුමාරයා බවට පත්වුණාලු.
අර යක් නැටුන් වල ඉන්නෙ මේ කලු කුමාරයද???
By: indika kumara on January 21, 2011
at 5:56 am