Posted by: lrrp | April 3, 2011

සලපයාරු කන්ද කපා සංවර්ධන ලුණු මිරිස්‌ හැදීම!

එදා 2004 දෙසැම්බරයේදී ඇතිවුණු සුනාමි ඛෙවාචකයේදී ත්‍රිකුණාමලයේ කුච්චවේලිහී සලපයාරු ගම්මානය රැක දුන්නේ ප්‍රදේශයටම මහා සම්පතක්‌ වූ සලපයාරු කන්දයි. එපමණක්‌ නොව සියවස්‌ ගණනාවක්‌ පුරා මුහුදු කුණාටුවලින් හා කළපු ජලය පිටාර ගැලූ (වඩදිය) අවස්‌ථාවන්හිදී මෙගම වැසියන් ආරක්‌ෂා වූයේ සලපයාරු නම් වූ මෙම සොබා දහම් දිනිතියගේ ප්‍රෙෘඪ නැඟීසිටීම නිසාය. සැබැවින්ම නැඟෙනහිර තැනිතලාවේ කුච්චවේලි ප්‍රදේශයේ ජනතාවට මේ සලපයාරු කඳු ගැටය මහාමේරු පර්වතය තරම් යෝධ ශක්‌තියකි. පැරැණි රජ දරුවාගේ සිට ඉංග්‍රීසි පාලකයා දක්‌වා මෙම අභිමානවත් සලපයාරු කන්ද රැකදුන්නේය. මෙතෙක්‌ ත්‍රිකුණාමලයට පැමිණි දිසාපතිවරුද, කුච්චවේලියට පැමිණි උපදිසාපතිවරුද මේ රමණීය කඳු ගැටයට මහත් සේ ඇලුම් කළහ. එය ගම්වැසියන්ටත්, රටටත් ආරක්‌ෂා කර දුන්හ. එපමණක්‌ නොව යුද්ධය නිසා සංවර්ධනය කුච්චවේලි පැත්ත පළාතටවත් නොපැමිණි කාලයේදීත් සලපයාරු කන්ද පමණක්‌ නොව එහි ගැවසුණු සතා සිව්පාවුන්ද ගහකොළ, බෙහෙත් ඖෂධ ආදී සියල්ල මැනවින් ආරක්‌ෂා විය. එහෙත්, දැන් සංවර්ධනය සලපයාරු කන්ද සොයා පැමිණ සිටියි.

සලපයාරු ගම රැකගත්
සලපයාරු කඳුවැටියේ අද
තත්ත්වය……

සියවස්‌ ගණනාවක්‌ අභීතව නැගී සිටි, පළාතටම සුන්දරත්වය හා ආරක්‌ෂාව කැන්දූ ජෛව විවිධත්ව අගයෙන් කුච්චවේලිය පමණක්‌ නොව, ත්‍රිකුණාමලයම ඉහළට ඔසවා තැබූ මේ රූමතිය අද අමු අමුවේම දූෂණයට ලක්‌කරමින් තිබෙන අයුරු අපි දැඩි සංවේගයෙන් පෙන්වා දෙමු.

මේ මොහොත වනවිටත් බුල්ඩෝසර් යන්ත්‍ර හාත්පස ගිගුම් දෙන රාව නංවමින් මේ සලපයාරු කන්ද කපා බිමට සමතලා කරමින් සිටියි. මහ හඬ දෙමින් ඩයිනමයිට්‌ පපුරයි. යෝධ පස්‌ කඳු ද ගල් ද පොළොවට පතිත වෙයි. සොබා දහමේ රමණීයත්වය නොදත් මෘග අණසකින් සියල්ල විනාශ වෙයි. එදා මේ ජාතික උරුමය සුරැකීමට පෙරට පැමිණි දිසාපතිවරු හා උප දිසාපතිවරු වෙනුවට දැන් ඉන්නා දිස්‌ත්‍රික්‌ ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු මුණිවත රකිනු පෙනේ. ඔවුන්ගේ මුවට ඉබි යතුරු වැටී තිබේ.

සලපයාරු කන්දට මේ ඉරණම අත්වෙමින් පවතින්නේ (සපලයාරු) භූමිය සමීපයේ ඉදිවන ලුණු ලේවායක්‌ නිසා බව ද කියති. මෙතෙක්‌ පැවැති ස්‌වාභාවික කළපුව ලේවායක්‌ බවට පත්වී රටේ සංවර්ධනයට ලුණු නිපදවීම වරදක්‌ නොවේ. එහෙත් ලුණු වෙනුවෙන් බිලි වන්නේ ජාතික සම්පතක්‌ බව මේ මහත්වරු අමතක කරති. මේ සඳහා වුවමනා කරන කළුගල් සපයා ගන්නට ප්‍රදේශයේ ගල්කොරි (ගල් වළවල්) ඕනෑතරම් තිබෙද්දී සලපයාරු කන්ද කඩා ගල් ලබා ගන්නට අවසර ලබාදුන්නේ කුමන අමනයාදැයි අපි ප්‍රශ්න කරමු. මෙය අටුව කඩා පුටුව හැදීම වර්ගයේ සංවර්ධනයකි. අතිශය රමණීය මෙවන් කඳු ගැටයක්‌ හා එහි ජෛව විවිධත්වයද, භෞතික හැඩරුවද වනසා හදන ලේවායෙන් ආර්ථික වාසියක්‌ හෝ ආත්ම ගණනාවක්‌ යනතුරා සොබා දහමට ණය ගෙවිය හැකිදැයි අපට මහා ගැටලුවක්‌ව තිබේ. අද ප්‍රදේශයේ නිල බලය පමණක්‌ නොව එහි සිටින දේශපාලන බලයද සලපයාරුව විනාශ කිරීමේ අපරාධය සමඟය. එයට අනුමැතිය දෙන බල කඩදාසියට වැසුණු රහස්‌ තිබිය හැකිය. එහෙත් අපට වැදගත් ඒ සොබා දහම ආරක්‌ෂා වීමය.

සලපයාරුව පාමුල පවුල් 500 කින් පමණ සමන්විත ගම්මානයකි. මෙම කන්ද විටෙක ඔවුන්ට ජීවිතය ගොඩනඟාගන්නට අත්වැලක්‌ වූ ජීවන මඟක්‌ද විය. එහෙත් ප්‍රදේශයේ ජනතාවම චෝදනා නඟන පරිදි මෙම කන්ද කපා කළුගල් ඉවත් කරගැනීමට අවසර දුන්නෝ ජනහතුරෝය. ඒ සඳහා කෙබඳු දිරිගැන්වීම් අනුබල, අනුග්‍රහ තිබුණත් ඒ නීච ව්‍යාපෘතිය පරම්පරාවටම ශාප දෙන ෙද්‍රdaහී වැඩකි.

ජනාධිපතිවරයාටද මේ පිළිබඳ දැනුම් දී තිබෙන බව ගම්වැසියෝ කියති.

ඔවුන් විසින් කරන ලද එම පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.

ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ මෙම කන්ද අවට නිලාවැලි මුහුදු තීරය සංචාරක ප්‍රවර්ධන කලාපයක්‌ ලෙස රජය නම්කර තිබියදීත් ප්‍රදේශවාසීන් විසින් වසර සිය ගණනක්‌ පුරා රැකගත් සොබා සෞන්දර්යයෙන් අනූන වටිනා වන පියසකින් හෙබි මෙම කන්ද කපා ඉවත්කර ගැනීමට ඉඩදී තිබීම ජාතික අපරාධයක්‌ මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයටද තරයේම පටහැනි වේ.

අදාළ ලුණු ලේවායට (මෙම ලේවාය අයත් සමාගම් නාමය මෙම ලිපියෙන් සඳහන් කර ඇත.) හෝ වෙනත් ව්‍යාපාරික අවශ්‍යතාවක්‌ සඳහා හෝ අවශ්‍ය කළුගල් සපයන ගල්කොරි අනන්තවත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඇත. ඒවායින් තම ව්‍යාපාරික කටයුතු සපුරා ගැනීමට ඉඩ දී මෙම රමණීය කන්ද කපා විනාශ කිරීමට ඉඩ නොදීමට පියවර ගන්නා මෙන් ප්‍රදේශයේ ජනතාව ඔබතුමාගෙන් කාරුණිකව ඉල්aලන අතර වහාම මෙම කන්ද කැපීම නැවැත්වීමට අවශ්‍ය කටයුතු කර දෙන මෙන් ඉල්ලා සිටියි.

ඉහත දැක්‌වූයේ ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත කරනු ලැබූ ලිත පැමිණිල්ලයි. මීට අමතරව ජනාධිපති ලේකම් පාරිසරික අමාත්‍යවරයා සහ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ සංවිධායක සුසන්ත පුංචිනිලමේ අමාත්‍යවරයාටද අදාළ පැමිණිල්ලේ පිටපත් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පරිසර අමාත්‍යාංශය, එහි අධ්‍යක්‍ෂ (ස්‌වභාවික සම්පත්) ගේ අත්සනින් මෙම විනාශය පිළිබඳව සොයා බලා වාර්තාවක්‌ තමා වෙත ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත හා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දී ඇත.

මේ පිළිබඳව අප කළ විමසීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා සඳහන් කළේ අදාළ භූමිය මීටර් සියයේ වෙරළ කලාපය තුළ පිහිටා ඇති බැවින් මීට අදාළ කටයුතු සිදු කළ යුත්තේ වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් බවයි. තමන් එම දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස ලිතව ඉල්ලා ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ඉන්පසු අප කරුණු විමසා සිටියේ වෙරළ සංරක්‌ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතාගෙනි. ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම භූමිය හානියට ලක්‌කිරීම පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, දැනටමත් වෙරළ කලාපයට එය අයත්දැයි බැලීම සඳහා නිලධාරීන් එහි යවා ඇති බවත්ය. ලුණු ලේවායක්‌ ආරම්භ කිරීම සඳහා එක්‌තරා සමාගමක්‌ මගින් තම දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක්‌ ලබාගෙන ඇති නමුත් මෙම සලපයාරු කඳු ප්‍රදේශයේ සිදුකරන කැණීම් කටයුතු සඳහා මේ වන තෙක්‌ කිසිදු අවසරයක්‌ තමන්ගෙන් ලබා නොගෙන ඇති බවත් සඳහන් කළ වෙරළ සංරක්‌ෂණ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ තමන්ට පවතින බලතල අනුව අදාළ සමාගමට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමේ බලය තමන්ට ඇති බවයි.

එහෙත් ගල්, හා පස්‌ කැණීම් පිළිබඳව අනිවාර්යයෙන්ම පතල් හා භූ විද්‍යා සමීක්‍ෂණ කාර්යාංශයෙන් අවසරය (බලපත්‍රය) ලබාගත යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්පසු අප පතල් කැණීම් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්. පී. විජයානන්ද මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඔහු අප යොමු කළේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (කැණීම්) අනිල් පීරිස්‌ මහතා වෙතය. ඔහුගෙන් දුරකථනයෙන් කළ කරුණු විමසීම් අවස්‌ථා දෙකකදී තමන් රැස්‌වීම් අවස්‌ථාවක සිටින බව පැවැසූ අතර පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව තෙක්‌ ඊට පිළිතුරක්‌ ලබාගත නොහැකි විය.

මෙම සලපයාරු කන්දේ විනාශය පිළිබඳව පරිසර අමාත්‍යංශය ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවත් අවස්‌ථා කිහිපයකදී මීට අදාළව සාකච්ඡා පවත්වා ඇති බවත් දැනගන්නට ලැබිණි. එනම් මෙහි සිදුවන විනාශය ගැන සියල්ලන්ම දැනුවත්ව සිටින බව ඉන් හැඟවේ. එබැවින් වහාම මේ පිළිබඳව සොයා බලා මේ පරිසර විනාශයට වහා විසඳුමක්‌ ලබාදීම අවශ්‍ය වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: