Posted by: lrrp | August 2, 2011

පොකුණුවිට කනේවල ඓතිහාසික නා වෘක්‍ෂය රැක දෙන්න

පොකුණුවිට කනේවල ඓතිහාසික නා වෘක්‍ෂය පෞරාණික සම්පතක් වශයෙන් ආරක්ෂා කළ යුතු වුවත් එහි පැවැත්ම සඳහා විවිධාකාර ගැටලු පැන නැගී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ජයසිරි අලුත්ගේ මහතා නා ගස ගැන මෙසේ කීවේය.

කෝට්ටේ යුගයේ රයිගම් රාජධානිය හිමි වූ රයිගම් බණ්ඩාර යුව රජතුමන් ප්‍රදේශවාසීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට ජන සභාව පවත්වා තිබෙන්නේ මේ ඓතිහාසික නා ගස් සෙවණේදී බැව් ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් මේ වෘක්ෂයට අවුරුදු 500 කට වඩා ගත වන බැව් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සමීක්ෂණ අනුව සඳහන් වෙනවා.

නා ගසේ පැතිරී ඇති නුග පිළිලය ඉවත් කිරීම දිරා ගිය කොටස් හා බෙන පිරිසිදු කර රසායනික ද්‍රව්‍ය ආලේප කිරීම ගස පැත්තකට බරවී ඇති හෙයින් එය වැළකීම සඳහා ආධාරක සවි කිරීම, ඉහළම ඇති ලොකු අතු කපා ගස සැහැල්ලු කිරීම, නා වෘක්ෂය වටා ඇති වැටී ඇති අනෙක් කුඩා ගස් ඉවත් කිරීම ආදී යෝජනා උද්‍යාන සංරක්ෂණ මහත්වරු ඉදිරිපත් කළහ. එහෙත් ඒ කිසිවක් ක්‍රියාත්මක වූයේ නෑ.

.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: