Posted by: lrrp | August 9, 2011

පරංගින් මට්ටුකළ අප්පුහාමි

පරංගි නොහොත් පෘතුගීසින් අපේ රටට ගොඩ බැස වැඩි කලක් ගතවන්නට පළමු මුහුදුබඩ ප්‍රදේශයෙන් ද ඉන් පසු රට අභ්‍යන්තරය ද යටත් කරගත් වග ඉතිහාසයෙන් පැහැදිලිවේ. ඔවුන් අපේ සම්පත් සූරාකෑවේ තුවක්කුව බයිනෙත්තුව හා කඩු කිනිසි අමෝරා ගැනීමෙනි.

පරංගි සොල්දාදුවෝ රට පුරා සැරිසැරුවේ මිලෙච්ඡ පිරිසක් ආකාරයෙනි. ඔවුන්ගේ සුරාවට මස් මාංශවලට තාන්න මාන්නවලට වහල් වූ අපේ ජාති ද්‍රෝහින් ජාති බුෂ්ටයන් තමන්ගේම ජාතියම පාවා දුන් ආකාරය ද සවිස්තරව ඉතිහාසයෙහි සඳහන් වේ.

අසරණ සිංහල ගැමියන්ගේ භව බෝග සහ එළු, ගව, කුකුල් ආදී සතුන් පමණක් නොව රුවැති ගැමි තරුණියන් ද පරංගිගෙන් ආරක්‍ෂා කර ගැනීම ඉතා දුෂ්කර විය. අපේ ම කොටසක් පරංගින්ට නිවට නියාලුව බැල මෙහෙවර කර කට බඩ පුරවා ගනිද්දී බොහෝ ගම්වල තමන්ගේ ගම රට ජාතිය ගැන උතුරා ගිය ගෞරවයක් සෙනහසක් දේශ පේ‍්‍රමයක් සහිත වීර පුරුෂයෝ ද වූහ. අපේ රට ජාතිය ආරක්‍ෂා වූයේ එබඳු වීර පුරුෂයන් ගෙනි.

සත් කෝරළයේ පිටිසර ගමක විසූ එබඳු වීර පුරුෂයෙකු පිළිබඳ කතාවකි මේ.

ඔහුගේ නම අප්පුහාමිය; ආරෝහ පරිණාහ දේහයකින් යුතු අප්පුහාමි ඒ ගම් ප්‍රදේශයේ හයිකාරයෙකු මෙන්ම චන්ඩියෙකු ද විය. අප්පුහාමිගේ බිරියට වැළඳුණු රෝගයක් උත්සන්න වීම ඊට ප්‍රතිකාර පිණිස දිනක් එම නිවසෙහි ශාන්තිකර්මයක් සිදු කෙරිණි. මහසෝනාගේ දිෂ්ටියට බිරිය හසුවීම නිසා මේ රෝගය හටගත් බවට ගැමියෝ විශ්වාස කළහ. යක්‍ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩයන් ගැන විවිධ විශ්වාස එකල පැවතුණි.

මහසෝන් දිෂ්ටිය පළවා හරින්නට පැමිණි මහ කට්ටඩියා නිවසෙහි මුල්ලකට වී මල් බුලත් පුටුව ඉදිරිපස තෙල් නූල් මැතිරීම පටන් ගත්තේ සවස හතරට පමණය. රාත්‍රී නවයට පමණ වන විට ශාන්ති කර්මය ජයටම සිදු කෙරෙමින් පැවතුණි. යක් බෙර හඬින් මුළු පළාතම ගිගුම් දුන්නේ ය. යක්‍ෂයන් කැඳවන මන්ත්‍රස්ත්‍රෝත්‍ර යාග කවි ඉතා උච්චස්වරයෙක් ගායනා කෙරිණි. නිශ්චල වූ රාත්‍රිය තුළ ගිගුම් හඬ දසත පැතිර ගියේ ය.

ගමේ තවත් තැනෙක ගෙරි මස් කා සුරාවෙන් පදම්වූ පරංගි සොල්දාදුවෝ බයිලා හා කපිරිඤ්ඤා තාලයට නටමින් සිටියහ. බයිලා සහ කපිරිඤ්ඤා හඬ අබිබවා බෙර හඬ නැඟුණු වග කිවයුතු නොවේ. තොවිලය කුමක්දැයි ඔව්හු නොදත්හ. සොල්දාදුවෝ බෙර හඬට සවන්දී ඉසව්ව දැන ගෙන තොවිල්පොළට පැමිණියහ. ඒ තොවිලයේ උච්චතම අවස්ථාවයි. සුරාවෙන් මත්ව සිටි සොල්දාදුවෝ මොනවාදෝ කියා කෑගසමින් නටන්නට වූහ. ආතුරයා පණ බයේ කොහේදැයි නැත.

පෙරේත තටු, මල් බුලත් තටු, ගිනි කබල් සීසීකඩ විසිරී ඇත. ගිනිකබලේ අඟුරු විසිවීමෙන් සමහරු කෑ මොර ගසති. දැන් නියම යක් නැටුම ආරම්භ වූවාක් වැන්න. අපේ අප්පුහාමිට යක්‍ෂයා ආරූඪ වී ඇතත් ඔහුට කළහැකි දෙයක් ද නැත. සොල්දාදුවන් අත තුවක්කු දකින මිනිස්සු භීතියෙන් යුක්තව සිටිති. රාත්‍රී දොළහේ මහා සමයම වන විට පෘතුගීසිහු මහන්සියෙන් ආපසු හැරුණහ. එකෙක් තොවිලයට ගෙනා කුකුල් බිල්ලද කිහිල්ලේ ගසා ගත්තේය. අප්පුහාමිගේ කෝපය නිම්හිම් නැත. බිරියගේ අසනීපය ද සුව නැත. දැඩි කලකිරීමෙකින් හා දැඩි වේදනාවකින් යුතුව අප්පුහාමි රාත්‍රිය ගත කළේය. පසුදින වැස්සට ඉහළන තල් අත්තද රැගෙන අප්පුහාමි දැඩි අධිඨානයකින් යුතුව දොට්ට බැස්සේය.

අප්පුහාමි කෙළින්ම ගොස් නතරවූයේ පරංගි සොල්දාදුවන්ගේ කඳවුෙර්ය. සොල්දාදුවෝ කීප දෙනෙක් බයිනෙත්තු අතතැතිව දොර ළඟ මුරකාවලෙහි යෙදී සිටියහ. අප්පුහාමිගෙන් පැමිණි කාරණය ඔව්හු විමසූහ. අප්පුහාමි ඔවුන්ගේ භාෂාව දැන සිටියේ නැත. තමන් පැමිණියේ කුකුළාගෙන යන්නට යැයි අප්පුහාමි සංඥාවෙන් පැවසුවේය. සොල්දාදුවෝ සමච්චලයෙන් සිනාසුණහ. ඔව්හු අප්පුහාමිට උසුළු විසුළු කළහ.

එක් සොල්ලාදුවෙක් කඳවුර අසලට දුවගොස් ඝනකම කඩදාසියක බහාලූ යමක් අප්පුහාමි අත තැබීය. අප්පුහාමි ඒ ගැන සැකයෙන් බලත්ම ක්‍ෂණයකින්ම කෝපය ඉහ වහා ගියේ ය. ඔහු කඩදාසිය පිටින්ම සොල්දාදුවගේ මුහුණට දමා ගසිමින් තිත්ත කුණුහරුපයක් ද කීවේය. පෙරදින තොවිල්පොළෙන් රැගෙන ආ කුකුළාගේ ඇටකටු සහිත ගොන්න (පාර්සලය) කේන්තියෙන් යුක්තව සිටි සොල්දාදුවාගේ මුහුණට දමාගැසුවේය.

වියරු වැටුණු සොල්දාදුවා තම බයිනෙත්තුවෙන් අප්පුහාමිට පහර දෙන්නට උඩට එසවීය. නමුත් කඩු ශිල්පයෙහි මනා දස්කම් සහිතව සිටි අප්පුහාමි තම තල් අත්තෙන් සඟවා ගෙන සිටි මුවහත් කඩුවෙන් ගැසූ එක පහරෙන් සොල්දාදුවාගේ ගෙල කැපී බිමට වැටුණි. ඒ සමඟ විදුලි වේගයෙන් ඉදිරියට පැන ගත් අප්පුහාමි සොල්දාදුවන් හතර පස් දෙනෙකුගේ ම බෙලි කපා දැම්මේ ය. මෙයින් තැතිගත් ඉතිරි සොල්දාදුවෝ එම ගම අත්හැර පලා ගියහ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: