Posted by: lrrp | August 15, 2011

පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංස්‌කෘතික සංහාරය

ශ්‍රී ලාංකීය ඉතිහාසය දෙස විමසිලිමත්ව බැලීමේදී සුවිශේෂී සිදුවීම් රාශියක්‌ හඳුනාගත හැකිය. විටෙක ඒවා අපට මහත් අභිමානයක්‌ ගෙන දුන්නේය. තවත් විටෙක මහත් වූ ශෝකාන්තයක්‌ ගෙන දුන්නේය. ලංකා ඉතිහාසයට මහා කඳුළු බිංදුවක්‌ එක්‌කළ තවත් එක්‌ කතාන්තරයකි මේ.

16 වැනි සියවසේ මුල් භාගයේ ලංකාවට පැමිණි පෘතුගීසීන් වෙළෙ¹මට යෑයි මුවාවෙමින් ලංකාවේ පැවති දේශපාලන අර්බුදකාරී තත්ත්වයෙන් ප්‍රයෝජනගෙන මෙහි දේශපාලන අධිකාරිය පවා හැසිරවීමට සමත්විය. ක්‍රි. ව. 1505 – 1653 දක්‌වා ඔවුන් ලංකාවේ රැඳී සිටි කාලය තුළ නිරන්තරයෙන්ම සිදුකළේ මෙහි සම්පත් මංකොල්ල කෑමයි. මෙහි ශ්‍රී විභූතිය විනාශ කිරීමයි. පෘතුගීසීන් මොනතරම් ම්ලේච්ඡ ලෙස මෙහි හැසුරුනේද යන්න ක්‍රි. ව. 1551 දී සිදුවූ එක්‌ සිදුවීමකින් අවබෝධ කරගත හැකිය. පහත දැක්‌වෙන්නේ පෘතුගීසීන් එක්‌ වර්ෂයක්‌ තුළ ලංකාවට සිදුකරන ලද මහා සංස්‌කෘතික සංහාරයයි.

ක්‍රි. ව. 1521 ද සිදුවූ විජයබා කොල්ලයෙන් පසු කෝට්‌ටේ, සීතාවක, රයිගම යනුවෙන් පාලන මධ්‍යස්‌ථාන 3 ක්‌ බිහි වූ ආකාරය හඳුනාගත හැකිය. විජයබා රජු ඝාතනය වීමෙන් පසු ඔහුගේ පුතුන් තිදෙනා කෝට්‌ටේ රාජ්‍ය කොටස්‌ තුනකට බෙදා ගත්තේය. ඒ අනුව බුවනෙකබාහු කුමරු කෝට්‌ටේද, සීතාවක මායාදුන්නේ කුමරුටද, රයිගම් බණ්‌ඩාර කුමරුට රයිගමද හිමිවිය. මේ වන විට ලංකාවට පැමිණ සිටි පෘතුගීසීන් මෙම දේශපාලන වාතාවරණය යටතේ පාලන තන්ත්‍රයට ඇඟිලි ගැසීමට සමත් විය. සීතාවක මායාදුන්නේ රජු උග්‍ර පෘතුගීසිS විරෝධියකු ලෙස නැගී සිටිද්දී බුවනෙකබාහු රජු කළේa පෘතුගීSසීන් තමන් වෙත ළංකර ගැනීමයි. කපටි පෘතුගීසීන් යුද ශක්‌තිය ලබාදීමට යෑයි මුවා වෙමින් කෝට්‌ටේ පාලනයට තව තවත් ළං විය.

මෙහි එක්‌ ප්‍රතිඵලයක්‌ වූයේ බුවනෙකබාහු රජු අභිරහස්‌ ලෙස 1551 ඝාතනය වීමයි. ඉන්පසු බලයට පත් ධර්මපාල රජු පෘතුගීසීන්ගේ රූකඩ පාලකයකු බවට පත්විය. ධර්මපාල කුමරු බලයට පත්වුවද ඔහු බෙහෙවින්ම ළාබාල තත්ත්වයක පසුවිය. එම නිසා පෘතුගීසීන් සිදුකළේ ධර්මපාල කුමරුගේ පියා වූ වීදිය බණ්‌ඩාරට රාජ්‍ය පාලන කටයුතු පවරා දීමයි. මේ අවස්‌ථාවේදී රාජ්‍යත්වයට නියම සුදුස්‌සා තමා යෑයි මායාදුන්නේ රජු යුද ව්‍යපාරයක්‌ ආරම්භ කරන ලදී. නමුත් රණශූර වීදියබණ්‌ඩාර විසින් ඔහු පලවා හැරීමෙන් පසු නැවත කෝට්‌ටේ රාජ්‍ය සංසුන් තත්ත්වයකට පත්විය.

මෙවැනි වාතාවරණයක්‌ යටතේ තවත් සිදුවීමක්‌ 1551 ඔක්‌තෝබර් මස සිදුවේ. එනම් ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වූ දොන් අපොන්සු නොරඤ්ඤෙ විශාල හමුදාවක්‌ සමග ලංකාවට සම්ප්‍රාප්ත වීමයි. කිසිදු කැඳවීමකින් තොරව ඔහු ලංකාවට එනුයේ ළදරු වයසේ පසුවූ රජු මායාදුන්නේගෙන් ආරක්‌ෂා කර ගැනීමට යෑයි පවසා ඇත. නමුත් මෙහි යටි අරමුණ වූයේ අරාජික තත්ත්වයේ පැවති ලංකාවේ රාජකීය වස්‌තුව මංකොල්ල කෑමයි.

ප්‍රතිරාජයා සමග, මෙතෙක්‌ ලංකාවට පැමිණි විශාලම පෘතුගීසි හමුදාව පැමිණීමත් සමඟ ලංකාවාසීන් මහත් කැළඹීමට පත්විය. ඔහු සමඟ නැව් 70 කින් පෘතුගීසී භටයන් 3000 ක්‌ පමණ පැමිණ තිබේ. එම භටයන් පැමිණියේ කාලතුවක්‌කු, කයිතුවක්‌කු, ලන්ස, හෙල්ල, ගල් තොප්පි, වෙඩි බෙහෙත්, කාලතුවක්‌කු උණ්‌ඩ, දර්ශනීය ජගලත් තොප්පි ආදී අවිආයුධ වලින්ද සමන්විතවය. ලංකාවාසීන්ගේ කැළඹීම භීතියක්‌ වූයේ ප්‍රතිරාජයාගේ පුතා විසින් 500 කින් සමන්විත පිරිසක්‌ සමග පැමිණ මාලිගාවේ සිටි සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඉන්පසු නගරයෙන් කිසිවකුට පිටත යැමට නොහැකි සේ මුරකාවල් යොදන ලදී. ඉන්පසු ප්‍රතිරාජයා ඇතුළු පෘතුගීසීන්ගේ පහත් අධම ගති මොනවට ප්‍රදර්ශනය කරමින් මාලිගාව මංකොල්ලකෑමට පටන් ගත්තේය. කරකියා ගත දෙයක්‌ නොහැකි වූ රජු හා ඔහුගේ පියා ඉතාමත් අසරණ තත්ත්වයට පත්විය. පෘතුගීසීන් චෞරයන් සේ මාලිගයේ වස්‌තුව පිළිබඳ තොරතුරු සේවකයන්ගෙන් විමසා සිටියේය. ඒවාට නිසි පිළිතුරු නොදුන් සිංහල නිලධාරීන්ට ඔවුන්ගෙන් අනේක විධ වදවේදනා විඳීමට සිදුවිය.

ඉන්පසු ප්‍රතිරාජයා ඇතුළු පිරිස රජුගේ ගර්භාගාරයට ඇතුළු වී වැනීසියෙන් ගෙනෙන ලද වටිනා සික්‌වීන් තොගයක්‌ද, මිල කළ නොහැකි රතු කැට, නිල් කැට, මුතු මැණික්‌වලින් කරන ලද ශරීරාභරණ හා රනින් නිමවන ලද ගෘහභාණ්‌ඩත් පැහැර ගත්තේය. මෙම ගෘහභාණ්‌ඩ අතර රන් බඳුන්, රන් ඉටිපන්දම් ආධාරක, කුසලාන, බේසම්, යනාදියද විය. පෘතුගීසීSන්ගේ වස්‌තු තන්හාව ම්ලේච්ඡත්වය දුෂ්ටභාවය කෙතෙක්‌ද යත් මාලිගයේ පැවති පඩික්‌කම් පවා කොල්ලකනු ලැබීය. කොල්ල කන ලද කාසිවල පමණක්‌ වටිනාකම රන්පගෝaදි ලක්‌ෂයක.s ගෘහ භාණ්‌aඩ රාජාභරණ සමග කොල්ලකනු ලැබූ සියලු වස්‌තු සම්භාරයෙහි වටිනාකම රන් පගෝදි අට ලක්‌ෂයකි.

මෙම තත්ත්වය යටතේ වුවද මායාදුන්නේගේ බලය මැඩපැවැත්වීමට රජු, වීදිය බණ්‌ඩාර සෙම්බප්පෙරුමාල් එක්‌ව ප්‍රතිරාජයා සමග සාකච්ඡා පවත්වා තිබේ. වස්‌තු තණ්‌හාවෙන් නොනැවතුණු ප්‍රතිරාජයා මායාදුන්නේට විරුද්ධව කරන සටන සඳහා තම යුද ආධාර වලට රන්පගෝදි දෙලක්‌ෂයක්‌ දෙන ලෙසට ඉල්ලා ඇත. ඉන් භාගයක්‌ එවලේම දෙන ලෙසත් නියම කර තිබේ. ඒ හැරුණු විට සීතාවකින් කොල්ලකන වස්‌තුව සමසේ පෘතුගාලයේ රජුට හා ලංකාවේ රජුට බෙදිය යුතු බවටද ඔහු නියම කළේය. එය ගිවිසුම් ගත කොට ධර්මපාල රජු අත්සන් කර තිබේ. රජු එවිටම තමා සතු ධනයක්‌ නොවූයෙන් තම ආභරණ පවා විකුණා රන් පගෝදි 80000 ක්‌ පෘතුගීසීන්ට ලබා දී තිබේ.

ඉන්පසු සීතාවකට විරුද්ධ සටන ආරම්භ කරන ලදී. පෘතුග්‍රීසීන් 3000 ක්‌ද, එමෙන්ම සිංහල සේනාවකින්ද එම බලඇණිය ශක්‌තිමත් විය. සටන එතරම් පහසු නොවීය. බිහිසුණු එම සටන් වලින් දෙපාර්ශ්වයටම බලවත් හානි සිදුවිය. කෙසේවෙතත් අවසානයේ මායාදුන්නේ රජු පසුබැස දැරණියගලට පලාගොස්‌ තිබේ. සීතාවකට පැමිණ ප්‍රතිරාජයා ඇතුළු පිරිස කෝට්‌ටේ ට නොදෙවෙනි ලෙසට වස්‌තු ලෝභයෙන් තම ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කරමින් මාලිගය මංකොල්ලකෑමට පටන් ගත්තේය. ඉන්පසු මාලිගය ඉදිරිපසින් වූ මිනිසුන් 20000 ක්‌ පමණ වසර 20 ක්‌ තිස්‌සේ ගොඩනගන ලද කෝවිල මංකොල්ලකෑමට පටන් ගත්තේය. එහි තිබී රන් රිදී පිළිම, රන් ඉටිපන්දම් ආධාරක, බේසම් හා වෙනත් රන් භාණ්‌ඩ ද මැණික්‌ ඔබ්බවන ලද භාණ්‌ඩද ප්‍රතිරාජයා විසින් අත්පත් කර ගන්නා ලදී. ඉන් නොනැවතුණු ඔහු දේවාලයේ අත්තිවාරම පවා කැණ වස්‌තු සෙවූ බවට මූලාශ්‍ර වල තොරතුරු සඳහන් වේ.

ඉන්පසු ධර්මපාල රජු පවසා සිටියේ පෘතුගීසී සේනාව තම පියා සමග මායාදුන්නේ සිරභාරයට ගැනීමට දැරණියගලට යවන ලෙසයි. එවිට නොරඤ්ඤො පවසා සිටියේ පගෝදි 20000 ක්‌ වූ හිඟ අත්තිකාරම් මුදල එවලේම ලබාදෙන ලෙසයි. මේ වනවිට රජු දිළින්දෙක්‌ බවට පත්වී සිටි නිසා එම මුදල ගෙවීමට නොහැකි බව දැනගත් ප්‍රතිරාජයා වහාම කොළඹට ඒමට පිටත් විය. එහිදී සීතාවකින් කොල්ලකන මුළු වස්‌තු සම්භාරයම තමන් සතු කර ගත්තේ රජු හා අත්සන් කළ ගිවිසුමද කඩකරමිනි. එපමණක්‌ නොව මෙම ම්ලේච්ඡ පෘතුගීසියා සීතාවක නගරය විනාශ කොට අළු බවට පත් කළේය. මෙම කරුණු මගින් පැහැදිලි වන්නේ මොවු තුළ පැවති වස්‌තු තණ්‌හාව පිළිබද නොතිත් ආශාවයි.

සීතාවකින් කොල්ලකන ධන සම්භාරය ද සමග මොවුන් ඉන්පසු කොළඹට පැමිණ තිබේ. ලංකා ඉතිහාසය තුළ සිදුවූ ඉතාමත් ෙ€දනීය අවස්‌ථාව උදාවන්නේ ඉන් පසුවය. මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දේශීය මූලාශ්‍ර නිහඬය. එයට හේතු වන්නට ඇත්තේ එම සිදුවීම ලියා තැබීමට තරම් නුසුදුසු නිසා විය යුතුය. නමුත් පෘතුගීසී ලේඛකයන්ම එම තුච්ඡ පහත් අධම ම්ලේච්ඡ සිදුවීම පිළිබදව සඳහන් කර තිබේ. කෝට්‌ටේ නගරයට පැමිණි එම පෘතුගීසීන්ගේ නොසන්සිඳෙන කාම ගින්නට අහිංසක කාන්තාවන් දහස්‌ ගණනින් බිලිවන්නට විය. ඔවුන්ගේ කන පැළඳි කඩුක්‌කන් අත පැළඳි වළලු පවා මංකොල්ලකන ලදී. පිරිමින් මහමග මරා දැමීය. කොපමණ කාන්තාවන් දූෂණයට ලක්‌වීද යත් අවසානයේ ඉන් බේරුණේ මෙම තිරිසනුන්ගේ ඇස නොගැටී සැඟවී සිටියවුන් පමණි.

මේ ආකාරයට ඔවුන්ගේ ග්‍රහණයට හසුවූයේ මහා වස්‌තු සම්භාරයක්‌ම නොව කාන්තාවන්ගේ කුල පාරිශුද්ධත්වය පවා විනාශ කරන ලදී. එනිසා මෙම සිදුවීම එතෙක්‌ මෙතෙක්‌ ලංකාවේ සිදුවූ දරුණුතම සංස්‌කෘතික ෙ€දවාචකයන්ගෙන් එකක්‌ ලෙස හඳුනා ගත හැකිය. පෘතුගීසීන්ගේ තුච්ඡ පහත් අධම ම්ලේච්ඡත්වය ඉන් මනාව පැහැදිලි වෙයි. පහත රට ප්‍රදේශ ඔවුන් යටතේ පවතිද්දී 1551 දී පමණක්‌ නොව මෙවැනි ක්‍රියා එම කාලය පුරාවටම සිදුවී ඇත.

මෙයින් මහත් කලකිරීමට පත් වීදියබණ්‌ඩාර, රජු ඇතුළු පිරිස පලා යැමට තීරණය කළේය. එහෙත් පලා යැමට හැකිවූයේ වීදිය බණ්‌ඩාරට පමණි. රජු නැවතත් පෘතුගීසි අත්අඩංගුවට පත්විය. පෘතුගීසි ප්‍රතිරාජයා වීදියබණ්‌ඩාරගේ තැනට සෙම්බප්පෙරුමාල් කුමරු පත්කළේය. ඉන්පසු නොරඤ්ඤෙ කියා සිටියේ ධර්මපාල රජුට කිතුදහම වැළඳ ගන්නා ලෙසයිs. එයට නෙසතුට පළකළ රජු එයින් මිදීමට උපායක්‌ යෙදවීය. එනම් තමා කිතුදහම වැළඳ ගතහොත් සිංහලයන්ගේ ජනප්‍රසාදය නොලැබෙන බවයි. දෙවැන්න කිතුදහමට හැරවීමට ප්‍රතිරාජයා වෙත ධර්මපාල රජු වෙනත් කුමරකු ලබා දීමයි.

අවසානයේ, රජු ගෙවීමට එකඟ වූ මුළු මුදලින් හි`ගව ඇති රන් පගෝදි 20000 කඩිනමින් ලබාදෙන ලෙස දන්වා සිටියේය. එය ගෙවීමට රජු අපොහොසත් වූ බැවින් සෙම්බප්aපෙරුමාල් කුමාරයා අල්වා ප්‍රාණඇපයට තබාගන්නා ලදී. නැවක සිරගත වූ ඔහු මුදල් සොයාගැනීමට නොහැකි වීමෙන් තම රන් හවඩිය විකුණා පගෝදි 5000 ක්‌ ගෙවා නිදහස්‌ වූයේ, ඉතිරිය වසරක්‌ ඇතුළත ගෙවන බවට පොරොන්දු පත්‍රයකට ද අත්සන් තැබීමෙන් පසුවය.

මෙම සිදුවීමෙන් අනතුරුව මෙහි තවත් කොල්ලකෑමට යමක්‌ නොවූයෙන් නොරඤ්ඤෙ ලංකාවෙන් යැමට පිටත් විය. ඔවුන් පිටත්ව ගියේ පෘතුගීසීන් විසින් ලංකාවේ පහත රට ප්‍රදේශ අල්වාගෙන සිටි කාලය තුළ ඇතිවූ ඉතාමත්ම අඳුරු, දුෂ්ට, තුච්ඡ සමය සනිටුහන් කරමිනි. කෝට්‌ටේ පාලනයට සහාය පිණිස පෘතුගීසි කපිතාන්වරු දෙදෙනකු ප්‍රතිරාජයා විසින් පත්කොට ගියේය.

මේ අනුව පෘතුගීසීන් ලංකා ඉතිහාසයට මහා කඵ පැල්ලමක්‌ එක්‌ කරමින් ඔවුන්ගේ පාලන කාලය තුළ සිදුවු අපකීර්තිමත්ම සිදුවීම ලංකා ඉතිහාසයට එක්‌ කළේ ය.

ඉහත සිදුවීම් මාලාවෙන් මහත් කලකිරීමට පත්ව සිටි වීදිය බණ්‌ඩාර ප්‍රතිරාජ නොරඤ්ඤෙ ලංකාවෙන් පිටව ගිය වහාම පෘතුගීසි විරෝධී සටන් මාලාවක්‌ ආරම්භ කරන ලදී. කෝට්‌ටේ සිටි එක්‌ පෘතුගීසි කපිතාන්වරයකු හා ඔහුගේ අනුගාමිකයන් මරා දමා කර්මාන්තශාලා මෙන්ම ප්‍රැන්සිස්‌කන් නිකාය සතු ගොඩනැඟිලි ද විනාශ කළේය. ප්‍රතිරාජයා රටින් පිටව යැමට පෙර ගොඩනැගූ ජයග්‍රහණයේ මව්තුමියගේ දේවස්‌ථානය ද පොළොවට සමතලා කළේය. සිංහලුන්ට කිතුනු දහම වැළද ගැනීම ද තහනම් කරන ලදී.

අවසානයේ කොචින් බලා පිටත් වූ නැව් කණ්‌ඩායමට මහත් ව්‍යසනයකට මුහුණ පාන්නට සිදුවිය. එම නැව්පෙල මහා කුණාටුවකට ලක්‌විය. කොල්ලකන ලද බඩු වලින් පිරී ගිය එක්‌ නැවක්‌ මුහුදුබත් විය. නැවත ඔවුන් පෘතුගාලය බලා යන ගමනේ දී ඉන් තවත් කොටසක්‌ මුහුදුබත් වී තිබේ. ම්ලේච්ඡ පෘතුගීසීන්ට ස්‌වභාව ධර්මයෙන් හිමිවූ ද`ඩුවමක්‌ ලෙස එය හඳුනාගත හැකි ය. ඉතාමත්ම වටිනා භාණ්‌ඩ ඔවුන්ට එහිදී නැතිවී ඇත.

පෘතුගාලයේ දී තවත් එක්‌ විශේෂිත සිදුවීමක්‌ සිදුවිය. එනම් තම නියෝජිතයා ලංකාවේදී කරන ලද නිර්ලඡ්ජිත මහා මංකොල්ලකෑම පෘතුගාලයේ රජු විසින් හෙලා දැකීමයී. එපමණක්‌ නොව නොවිකුණූ මැණික්‌ සියල්ලම නැවත ලංකාවට දීමටත් ඉතිරි ඒවායේ වටිනාකමට මුදල් ගෙවන ලෙසටත් අණ කරන ලදී. පගෝදි 200000 ක්‌ ලංකාවට ගෙවිය යුතු බවට ස`දහන් කළද, ලංකාවට ලැබුණේ පගෝදි 20000 ටත් වඩා අඩුවෙනි. ගෙවන මුදල් අතරමගදී වෙනත් පුද්ගලයන් කපටිකමින් ලබාගෙන ඇත. එසේම එය ගෙවීමට අණකර ඇත්තේ ගෝවේ භාණ්‌ඩාගාරයට ය. කෙසේ නමුත් මෙය කිසිදිනක ඔවුන් නොගෙවීය.

මේ අනුව බැලීමේදී ලංකා ඉතිහාසයට පෘතුගීසීන් සිදුකරන ලද මහා සංස්‌කෘතික සංහාරයේ එක්‌ අවස්‌ථාවක්‌ හඳුනා ගත හැකිය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: