Posted by: lrrp | August 28, 2011

වසර 25 කට පසු දළදා පෙරහර පැවැත්වූ මඩුකන්ද දළදා විහාරය


පෙරහරේ අවස්ථාවක්

අපේ අතීත ශ්‍රී විභූතිය පෞඪත්වය මෙන්ම ඓතිහාසික හා පෞරාණික බව පිළිබඳව සාධක උතුරු පළාතෙන් බහුලව හමුවේ. එසේ වුවත් පසුගිය වසර 30 කට පමණ කාලයක් ඇතුළත උතුරේ පැතිරි ගිය කොටි ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා ඒ ස්ථානවලට යාමට ඒමට අපේ දකුණේ සිංහල බෞද්ධ ජනතාවට අවස්ථාව ලැබුණේ නැත.

එසේ වුවත් සාමය උදාවීමත් සමඟ ඒ ස්ථානවලට යාමට දැන් දකුණේ උතුරේ නැගෙනහිර බටහිර හැමටම අවස්ථාව ලැබී ඇත.

එවැනි උතුරේ ඇති වව්නියාවේ කැබිතිගොල්ලෑව පාරේ කිලෝමීටර් තුනක් පමණ ගිය කල පාර අද්දරම පිහිටි එවන් සුවිශේෂ පෞරාණික වැදගත්කමකින් යුත් පුරාණ රජමහා විහාරස්ථානයකට යාමට පසුගියදා අපට හැකි විය.

ඒ විහාරය මඩුකන්ද ශ්‍රී දළදා විහාරයයි. ශ්‍රී දළදා වහන්සේ අනුරාධපුරය තෙක් මහ පෙරහරින් වැඩම කරගෙන යද්දි මඩුකන්ද නමින් වූ මෙම ග්‍රාමයේ ඉදිකළ මන්දිරයක සුරැකිව තබා තිබූ බව ජනප්‍රවාදයේ දැක්වේ. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ කාලයේ කළ මෙම ශාසනික ක්‍රියාව හේතු කොට ගෙන සිරිලක බෞද්ධ වංශ කතාවට එක්වූ මඩුකන්ද රජමහා විහාරයේ ඇති නටබුන් රැසකි.

ශ්‍රී දළදා මාලිගාව, සිරි පතුල් ගල, රන් ආලේපිත ප්‍රතිමා, මුරගල්, ගල් කුලුනු යනාදියත් පුරාණ ගඩොල් ප්‍රාකාරත් පොකුණත් දැකගත හැකිය. මේ අනුව මඩුකන්ද රජමහා විහාරය යුග කීපයක් පසුකරන ඓතිහාසික පුරාණ විහාරස්ථානයකි.

විහාරයේ පිවිසුම් දොරටුව

මෙහි විහාරාධිපති ලෙස පසුගිය කාලයේ ත්‍රස්තවාදී තර්ජන හමුවේ පවා ප්‍රදේශයේ සෑම සිංහල බෞද්ධ ජනතාවටම සෙත සැදුවේ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක කුරුඳුගොඩ රතනසාර හිමිපාණෝය. උන්වහන්සේ දැනට ගිලන් තත්ත්වයේ වැඩ වසති. අපට මඩුකන්ද පන්සලේදී හමුවූ එහි පරිවේණාධිපති මුවඇටගම සුමනසාර හිමි මඩුකන්ද පෞරාණික විහාරස්ථානයේ සුවිශේෂ වැදගත්කම අපට පැවසුවේ මෙය මෙරට ප්‍රථම දළදා මාලිගාව බව ද පෙන්වා දෙමිනි.

“මේ ස්ථානය දළදා හාමුදුරුවෝ තැන්පත් කරලා පුද පූජා ලබපු ස්ථානයක්. දළදා හාමුදුරුවෝ වැඩම කරගෙන එන විට අතරමැද මෙම ස්ථානයේ දළදා හාමුදුරුවෝ තැන්පත් කර තිබෙනවා. දළදා මාලිගාවේ නටබුන් මෙහේ තිබෙනවා.

පෞරාණික ප්‍රතිමා, අභිෂේක ශාලාවක් තිබෙනවා. මේ විහාරස්ථානය පෞරාණික ඓතිහාසික විහාරස්ථානයකි. මෙහි අතීතය කිත්සිරි මෙවන් රජ දවස දක්වා තිබේ.

උතුරු පළාතේ සිට උතුරුමැදට දළදා වහන්සේ වැඩමවා ගෙන යන විට මේ ස්ථානයේ දළදා වහන්සේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව මේ මඩුකන්ද පන්සල මේ ප්‍රදේශයේ ප්‍රමුඛතම පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් පන්සලක් වෙලා.

පැරැණි දළදා මාලිගාවේ නටබුන්

මේ පන්සලේ අතීතය පිළිබඳව තෝනිගල සෙල් ලිපියේ තිබෙනවා. ඒ සෙල් ලිපියෙන් කියනවා අරියවංශ දේශනාව කරපු ස්ථානය තමයි මේක කියලා. මුල්ම කැලේ තිබුණු නටබුන් තමයි මේ තිබෙන්නේ. කුට්ටම් පොකුණක නටබුන් තිබෙනවා.

නාන කාමරය, වැසිකිළිය තිබෙනවා. ස්වාභාවිකව වායු සමිකරණය කළ කාමරයක් තිබෙනවා. මෙහි හාමුදුරුවෝ වැඩි පිරිසක් වැඩ සිට තිබෙනවා. පිරිවෙනක් තිබු බවට සාක්ෂ්‍ය තිබෙනවා. වටේ ගම්වලට පසුගිය කාලේ කොටි ගැහැවුවා. ඒත් මෙතනට කවුරුවත් ගැහැව්වේ නැහැ. හමුදාවේ උදව් ඇතිව මෙහෙම ගම්වල ජනතාව ඇවිත් ආරක්ෂිත ලෙස ජීවත්වුණා. ලොකු හාමුදුරුවෝ ප්‍රදේශය සුරැකීමට නායකත්වය දුන්නා.

අද ප්‍රදේශයේ තත්ත්වය හොඳයි. මේ පැත්තට වන්දනා කරුවන් බහුලව එනවා. ප්‍රදේශයේ අය අපට උදව් කරනවා. ළඟදි දි. මු. ජයරත්න අගමැතිතුමාත් ආවා.

අපි මේ වසරේ අවුරුදු 25 කට පස්සේ පසුගිය 20 වැනිදා මඩුකන්ද දළදා මාලිගාවේ පෙරහර අපි පැවැත්වූවා. ඒ සමඟම මඩුකන්ද විහාරය ප්‍රදේශය පූජා භූමියක් කරලයි තිබෙන්නේ. මෙය අවට ගම්මාන 7 ක ආගමික කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනවා. මුවඇටගම සුමනසාර හිමිපාණෝ පැවසූහ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: