Posted by: lrrp | October 24, 2011

ඉංග‍්‍රිසි හමුදාවක් සමුල ඝතනය කළ වටපුලුව මහ සටන

උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට පැමිණි ඉංගී‍්‍රසි හමුදාව සමූල ඝාතනය කළා පමණක් නොව, ඔවුන් ලූහුබැඳ ගොස් එළව එළවා පහරදුන් සටනක් ලෙස වටපුලූව මහා සටන හැඳින්විය හැකිය. එය ටිගෝල් සටන නමින්ද හැඳින්වේ.

මෙම මහා සටන සිදුවූයේ වර්ෂ එක්දහස් අටසිය තුනේ මැයි මාසයේ දී වර්තමානයේ මහනුවර වටපුලූව මාවිල්මඩ යන ප‍්‍රදේශවල ටිගෝල් වෙල්යාය නම්වූ ප‍්‍රදේශයේ දීය. වර්තමානයේ වටපුලූව මාවිල්මඩ යන ප‍්‍රදේශ දහහත්වැනි සියවසේ දී සරුසාර වෙල්යාය විය. එය ටිගෝල් වෙල්යාය නමින් හැඳින්වූ අතර, මහයියාව, බිංගෙයින් පහළ කොටස මහායාය නැමැති වෙල් යාය විය. මේ වන විට මහයියාව නමින් හැඳින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.

වටපුලූව හා මාවිල්මඩ ප‍්‍රදේශ මහවැලි නදියෙන් වටවී තිබීම නිසාම ස්වාභාවිකවම පර සතුරන්ගෙන් ආරක්‍ෂිත භූමිභාගයක් ලෙස පැවතුණි.

පර සතුරන්ට උඩරටට පැමිණිය හැකි ප‍්‍රධාන කපොලූ දෙක වූයේ බලන කපොල්ල හා ගලගෙදර දුර්ගයයි. මහනුවර නගරය වටා ස්වභාවික ආරක්‍ෂාව සපයන මහවැලි නදියෙන් එගොඩවීමට පාලම් ඒදඬු, හා මාර්ග සැකසීම එවකට රජවරුන් විසින් ජනතාවට තහනම් කරනු ලැබ තිබුණි.

මෙම රාජ නියෝගය නිසාම උඩරට ආක‍්‍රමණය කිරීමට පැමිණෙන පරසතුරු සේනාවන්ට පමණක් නොව, සටනින් පැරදීයන සේනාවන් කොටුකර ඉතාමත් දැඩි ප‍්‍රහාර එල්ල කිරීමට උඩරට හමුදාවලට හැකිවිය.

වටපුලූව මහ සටන එසේත් නොමැතිනම් ටිගොල් සටනද එවැනිම වූවකි. වර්තමානයේ නිවාස බිහිවී ඉතාමත් ජනාකීර්ණව පවතින මෙම ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක තවමත් අතීතයේ පැවති කුඹුරු යාය දැක ගත හැකිය.

සති දෙකක කාලයක් උඩරට රාජධානිය අත්පත් කරගෙන සිටි ඉංගී‍්‍රසින්ට යස පාඩමක් ඉගැන්වූ උඩරට රජුගේ හමුදාවෝ පලායමින් සිටි ජෙනරාල් මැක්ඩොවල් ඇතුලූ ඉංගී‍්‍රසි හමුදාව කොටු කර ගත්තේ මෙම ඓතිහාසික වෙල් යායේ දීය.

මෙම වෙල්යායේ දී ශ්‍රී වික‍්‍රම රාජසිංහ ප‍්‍රමුඛ උඩරට හමුදාව ඉංගී‍්‍රසීන් සමූල ඝාතනය කළා පමණක් නොව, සටන් පසු බැස පලා යන හමුදාවද ලූහුබැඳ ගොස් පහර දෙමින් සටන දකුණේ පිහිටි ඉංගී‍්‍රසි බළකොටුවලට පමණක්ම නොව හංවැල්ල ඉංගී‍්‍රසි බළකොටුව දක්වාද ව්‍යාප්ත කළේය.

වර්තමානයේ මහනුවර සිට කටුගස්තොට දිසාවට ගමන් කරන විට මාවිල්මඩ හන්දියෙන් දකුණට හැරී ඉදිරියට ගියවිට මෙම මහා සටන් බිම හමුවන අතර මෙම සටනින් අනතුරුව කොළඹ හා දකුණේ තම ගෙමිදුලට පැමිණ උඩරට හමුදා පහරදීම නිසා දැඩි භීතියට පත් වූ එවකට ලංකාවේ ආණ්ඩුකාවරයා ලෙස සිටි ප්‍රෙඞ්ඩි‍්‍රක් නෝත් යුද නීතිය ප‍්‍රකාශයට පත් කිරීමට ද පියවර ගත්තේය.

ප්‍රෙඞ්ඩි‍්‍රක් නෝත් ආණ්ඩුකාරවරයාට උතුර, දකුණ නැතිවූයේ ඔහු විසින්ම ගන්නා ලද ඉතාමත් අදුරදර්ශී තීරණයක් හේතුවෙනි. එහි අතීත කතාව මෙසේයි.

එක්දහස් හත්සිය හැත්තෑ අට වසරේ රාජාධිරාජසිංහ රජු අභිරහස්ලෙස මියයාමත් සමග උඩරට පාලනයේ අභ්‍යන්තර වෙනස්කම් රැසක් ඇතිවිය. 1798 ඔක්තෝබර් මස 12 දා පෙඞ්රික් නෝත් ආණ්ඩුකාරවරයා ලංකාවට පැමිණ දිව්රුම් දුන් අවස්ථාව වන විට උඩරට සිහසුනේ ප‍්‍රබලතම උරුමය තිබූ මුත්තු සාමි කුමාරයා වෙනුවට දහ අටවැනි වියේ පසු වූ කන්නසාමි කුමාරයාට උඩරට රාජත්වය පැවරුණි.

ඇතැම් මූලාශ‍්‍රවල සඳහන්වන්නේ පිළිමතලාවේ නිලමේ ඉතා රහසිගතව කන්නසාමි කුමරයා ලවා රාජාධිරාජසිංහ රජු මැරවූ බවයි.

නෝත් ආණ්ඩුකාරවරයා 1800 මාර්තු මස 12වැනි දින ජෙනරාල් මැක්ඩොවෙල් ඇතුලූ කණ්ඩායම් උඩරටට තානාපති ගමනක් යැවීය.

ඒ කරුණු දෙකක් පදනම් කර ගෙනය. පළමු වැන්න පිළිමතලාවේ අධිකාරම විසින් ඉංගී‍්‍රසින් හමුවේ මවනලද චිත‍්‍රය සත්‍යයක්දැයි දැන ගැනීමටත්, කිනම් හෝ සාකච්ඡාවක් මගින් උඩරට රාජධානිය බි‍්‍රතාන්‍ය කිරීටයේ පරිවාස රාජ්‍යයක් බවට පත් කර ගැනීමට හැකි දැයි සොයා බැලීමටත් ය.

උඩරට රාජධානිය පිළිබඳව පිළිමතලාවේ දුන්චිත‍්‍රය හරියටම ඉංගී‍්‍රසින්ට අවබෝධවූයේ මෙම තානාපති ගමිනින් අනතුරුවය.

ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු උඩරට රදළ බලය හමුවේ අසරණයකු නොවන බවත් උඩරැටියන් සිතූතරම් මෝඩ පිරිසක් නොවන බවත් ඔවුනට ඉතා හොඳින් අවබෝධ විය. මැක්ඩොවෙල් මාසයක පමණ කාලයක් උඩරට නැවතී සිටිමින් රජුගේ නියෝජිතයන් සමග ද උඩරට රදළයන් සමගද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඒ සියල්ල අසාර්ථක විය.

මැක්ඩොවෙල් දුත ගමනේ වාර්තාව පරීක්‍ෂා කළ නෝත් ආණ්ඩුකාරවරයා දැඩි කෝපයට පත්වූයේ ගමනට වැයවූ විශාල මුදලත් ඉන් කිසිදු වාසියක් නොලැබීමත් නිසාය.

උඩරට ප‍්‍රධානින් ඉංගී‍්‍රසීන්ටත් වඩා තීක්‍ෂණ බුද්ධියකින් හෙබි පිරිසක් බවත් ඔවුන් රැවටිය නොහැකි පිරිසක් බවත් කවදා කෙසේ හෝ උඩරැටියන්ට යස පාඩමක් උගන්වන බවත් සිතාගත් පෙඞ්ඩි‍්‍රක් නෝත් ආණ්ඩුකාරවරයා නොඉවසිල්ලෙන් බලා සිටියේය.

පෙඞ්ඩි‍්‍රක් නෝත් ආණ්ඩුකාරවරයා උඩරටට එරෙහිව යුද ප‍්‍රකාශ කළේ 1803 ජනවාරි මස 31 දායි.

ජෙනරාල් මැක්ඩොවෙල් යටතේ ඉංගී‍්‍රසි හේවායින් 1900 දෙනකු ද කුලී හේවායන් ගෙන් සැදුම්ලත් සේනාංකයක් ද අලි ඇතුන් පනස් හත් දෙනකුද සමග කොළඹ සිට මීගමුවට ගොස් සත් කෝරළය ගලගෙදර හා ගිරිහාගම මුරකපොලූ පසුකොට පෙබරවාරි මස 20 දා මහනුවරට ළඟා විය.

මේ අතරතුර ති‍්‍රකුණාමලයේ සිට පැමිණි දෙවැනි සේනාවක්ද 21 වැනිදා මහනුවරට ළඟා විය.

මේ අතරතුර උඩරට පාලකයන් සංග‍්‍රාමික වශයෙන් තාවකාලිකව මහනුවර අතහැර පසුබැස ගොස් තිබුණි. සති දෙකක කාලයක් ඉංග‍්‍රීසීන් උඩරට රැඳී සිටිමින් උඩරැටියන්ගෙන් ප‍්‍රතිප‍්‍රහාර බලාපොරොත්තුවෙන් සිටියද එවැන්නක් සිදු නොවීය.

1803 මාර්තු මස 07 වැනිදින ඉංගී‍්‍රසීහු මුත්තුසාමි කුමාරයා උඩරට රජු බවට ප‍්‍රකාශයට පත් කළහ.

උඩරට රදළයන් මෙන්ම ජනතාවද අවදි වූයේ ඉන්පසුව ය. උඩරැටියන් මුත්තුසාමි කුමාරයා රජු වශයෙන් පිළිගැනීමට එකඟ නොවූහ.

මෙම කාලය තුළ උඩරට නොපුරුදු දේශගුණය නිසා ඉංගී‍්‍රසීන් විවිධ රෝගාබාධවලට ගොදුරු විය.

මේ අතරතුර ඉංග‍්‍රීසින්ගේ අපහසුකම් දැනගත් රාජසිංහ රජු තම අධිකාරම්වරුන් සමග සාකච්ඡා කොට සේනාබලය රැස්කොට ඉංග‍්‍රීසින්ට දැවැන්ත ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.

ඒ වනවිට ජෙනරාල් මැක්ඩොවෙල් අසනීපව සිටි බැවින් ඔහු හා ඔහුගේ සේනාවෙන් කොටසක් ආපසු කොළඹ බලා යමින් සිටියහ.

ඉතිහාසයේ සමහර ස්ථානවල සඳහන් වන්නේ උඩරට සේනා ඉංග‍්‍රීසි සේනාංක ගත් ආහාර හා ජලයට විවිධ වස විස එක්කර ඔවුන් දුර්වල තත්ත්වයට පත්කළ බවයි.

ජෙනරාල් මැක්ඩොවෙල් අසනීප ගතියෙන් සේනාංකයේ කොටසක් සමග කොළඹ බලා ගිය ද ඔහුගේ අනෙකුත් සේනාංක ද විවිධ රෝගාබාධවලටත් ආහාර හිඟයෙනුත් පෙළෙන්නට විය.

1803 මැයි මාසයේ දී ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ හමුදා වටපුලූව වෙල්යායේ දී ඉංගී‍්‍රසි සේනාංක වටලා දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළේය.

මෙම ප‍්‍රහාරයෙන් ඉංගී‍්‍රසි සේනාංකයේ විශාල ප‍්‍රමාණයක් සමූලඝාතනය වූ අතර දිවිබේරා ගැනීමට හැකි වූයේ සෙන්පති ඩාවි ඇතුලූ හතර දෙනකුට පමණි. සමහර සෙබළුන් සියදිවි හානි කර ගත් බව කියැවේ. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් මුත්තුසාමි ඇතුලූ ඉංගී‍්‍රසීන්ට එකතු වූ පිරිස රාජද්‍රෝහීන් ලෙස සලකා හිස ගසා මරා දමන ලදී.

ඉන් නොනැවතුණ උඩරට රජු ඇතුලූ සේනාංක පලායන ඉංගී‍්‍රසීන්ට ද ලූහුබැඳ ගොස් පහර දෙන්නට වූ අතර, පහතරට ඉංගී‍්‍රසි බළකොටුවලට පවා පහර දෙන්නට විය.

මෙම ප‍්‍රහාරයන් හමුවේ භීතියටපත් ඉංගී‍්‍රසි ආණ්ඩුකාර පෙඞ්ඩි‍්‍රක් නෝත් යුද නීතිය ප‍්‍රකාශයට පත් කළේය.

මෙම උඩරට සංග‍්‍රාමයේ දී ඉංගී‍්‍රසීන්ට සිදු වූ දැවැන්ත පරාජයත් ඔවුන්ගේ හමුදා සමූල ඝාතනය වීමත් නිසා පෙඞ්ඩි‍්‍රක් නෝත් ආණ්ඩුකාරවරයා අසාර්ථක පුද්ගලයකු බව ඔහු විසින්ම පිළිගත්තා පමණක් නොව එම උඩරට ආක‍්‍රමණය සංග‍්‍රාමික වශයෙන් කිසිදු පිළිවෙළක් හෝ සැලසුමක් නොමැතිව සිදුවූවක් බවද පිළිගත්තේය.

 

(ලංකාදීප)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: