Posted by: lrrp | March 25, 2012

නැගෙනහිර පළාතට වෙනම පුරාවිද්‍යා ප්‍රඥප්තියක්‌!

ජාතියේ ඓතිහාසික උරුමය සම්බන්ධව මෙතෙක්‌ මුළු රටටම බලපැවැත් වූ පුරාවිද්‍යා ආඥ පනත වෙනස්‌ කර නැගෙනහිර පළාත සඳහා වු විශේෂ පුරාවිද්‍යා ප්‍රඥප්තියක්‌ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ.

රජයේ නිර්දේශ පිට මේ සම්බන්ධ මූලික සාකච්ඡා වටයක්‌ පසුගිය බදාදා (14 දා) පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් අතර පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පවත්වා ඇත.

නැගෙනහිර පළාතේ ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු බලාත්මක කෙරෙනා මෙම “නැගෙනහිර පළාත් පුරාවිද්‍යාත්මක නටබුන් ප්‍රඥප්තිය” ක්‍රියාත්මක කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ට වග කියන්නේ නැති පූර්ණ බලතල සහිත පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙක්‌ නැගෙනහිර පළාතට පත් කිරීමට යෝජිතය.

ඔහු යටතේ නියෝජ්‍ය කොමසාරිස්‌වරු, සහකාර කොමසාරිස්‌වරු හා නිලධාරීන් සහිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවනු ලැබේ. එසේම දැනට ගැසට්‌ කර ඇති ජාතික වැදගත්කමක්‌ සහිත පුරාවිද්‍යා ස්‌මාරක හැරුණු විට නැගෙනහිර පළාතේ පොළොව මතුපිට පොළවයට, වැව් පොකුණු ගංගා හා සමුද්‍රdශ්‍රිතව ඇති සියලුම පුරාවස්‌තු සම්බන්ධව පරම අධිකාරිය ඇත්තේ එම පළාත් පුරාවිද්‍යා කොමසාරිස්‌ වරයාටය.

එමෙන්ම මේ නිලධාරීන් වෙත උපදෙස්‌ දීම සඳහා නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා විසින් උපදේශක මණ්‌ඩලයක්‌ ද පත් කරනු ලබයි.

තවද ප්‍රඥප්තියට අනුව නැගෙනහිර පළාත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාගේ නිර්දේශයෙන් තොරව “නැගෙනහිර පළාත් සීමා” හරහා කිසිදු පුරාවස්‌තුවක්‌ “අපනයනය” කිරීම තහනම්ය. ප්‍රඥප්තිය තේරුම් ගැනීමේදී සිංහල හා දෙමළ භාෂා පාඨවල යම් නොගැලපීමක්‌ ඇති වුවහොත් දෙමළ භාෂා පාඨවල එන අර්ථය අනුව කටයුතු කළ යුතු බව එහිs නිර්දේශ කර තිබේ.

අවුරුදු ලක්‍ෂ ගණනක සිට පැවත එන ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සාධකත්, සමෘද්ධිමත් බෞද්ධ සංස්‌කෘතියක්‌ පිළිබඳ කියෑවෙන පුරාවස්‌තුත්, ගෝකණ්‌න වැනි පුරාණ වරාය සහිත විශිෂ්ට වෙළෙඳ සංස්‌කෘතියකුත් සහිත ලංකාවේ වටිනාම ඓතිහාසික උරුමය කේන්ද්‍රගතව ඇත්තේ නැගෙනහිර පළාතේ බව විද්වත්හු පවසති.
 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: