Posted by: lrrp | October 22, 2012

මුහුදු මහ විහාරයට යන්නන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් – එල්ලාවල මේධානන්ද හිමියෝ හෙළිකරති

නැගෙනහිර පළාතේ ඓතිහාසික මුහුදු මහ විහාරයට යන පිරිස්වලින් කප්පම් ගන්නා කල්ලියක් පිළිබඳ ආරංචි ලැබුණේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවැසූහ. මුහුදු මහ විහාරයට බස් රථවලින් වන්දනාවේ යන පිරිස් ඒවායින් බස්සවා ගෙන කප්පම් ගෙන තමන්ගේ ත්‍රිරෝද රථවලින් එම විහාරයට යන්න කියා එම පිරිස තර්ජනය කරන නිසා වන්දනාවේ යන්නන් මහත් අපහසුතාවට පත්ව සිටින බවද තොරතුරු ලැබුණේ යැයිද මේධානන්ද නාහිමියෝ ‘ලක්බිම’ට පැවසූහ. උන්වහන්සේ මෙසේද පැවසූහ.නැගෙනහිර පළාතේ විශාල ආක්‍රමණයක් සිදු වෙනවා. සිංහලයාගේ ඉඩම් හා පුරා විද්‍යා ස්ථාන දැනටමත් ආක්‍රමණය කරලා. පුරාවිද්‍යා ඉඩම්වල සීමා මායිම් ගලවා දමලා. මුන්ඩිකුලම්ම‍ලේ පුරා විද්‍යා භූමිය මස්කඩ වල අපද්‍රව්‍ය වලින් පුරවලා. එහි ගල් ලෙන් හා පඩි පෙළවල් විනාශ කරලා. කදිරවේලි පුරාණ නටබුන් විනාශ කර ඒ මත නිවසකුත් හදලා. බඹරගස්තලාවේ බුද්ධ ප්‍රතිමාව ‍පොඩි පට්ටම් කරලා. එම ආක්‍රමණය දැන් සියයට සියයක් සිදු වී හමාරයි. මෙම සංවේග ජනක සිද්ධීන් මම ඇසින් දුටුවා. මේ පිළිබඳ ජනාධිපතිවරයාට අදාළ ඇමැතිවරයා හා ආරක්ෂක ‍ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නවා යැයි ද මේධානන්ද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

නැගෙනහිර ආක‍්‍රමණය 100% සිදු වී හමාරයි, බුද්ධ ප‍්‍රතිමා පොඩි පට්ටම් කරලා

නැගෙනහිර පළාතේ ඓතිහාසික මුහුදු මහ විහාරයට යන පිරිස්වලින් කප්පම් ගන්නා කල්ලියක් පිළිබඳ ආරංචි ලැබුණේ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවැසූහ.

මුහුදු මහ විහාරයට බස් රථවලින් වන්දනාවේ යන පිරිස් ඒවායින් බස්සවා ගෙන කප්පම් ගෙන තමන්ගේ ති‍්‍ර රෝද රථවලින් එම විහාරයට යන්න කියා එම පිරිස තර්ජනය කරන නිසා වන්දනාවේ යන්නන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවද තොරතුරු ලැබුණේ යැයිද මේධානන්ද නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේද පැවසූහ.

‘නැගෙනහිර පළාතේ විශාල ආක‍්‍රමණයක් සිදු වෙනවා. සිංහලයාගේ ඉඩම් හා පුරාවිද්‍යා ස්ථාන දැනටමත් ආක‍්‍රමණය කරලා. පුරාවිද්‍යා ඉඩම් වල සීමා මායිම් ගලවා දමලා. මුන්ඩිකුලම්මලේ පුරා විද්‍යා භූමිය මස්කඩ වල අපද්‍රව්‍ය වලින් පුරවලා. එහි ගල්ලෙන් හා පඩි පෙළවල් විනාශ කරලා. කදිරවේලි පුරාණ නටඹුන් විනාශ කර ඒ මත නිවසකුත් හදලා. බඹරගස්තලාවේ බුද්ධ ප‍්‍රතිමාව පොඩි පට්ටම් කරලා. එම ආක‍්‍රමණය දැන් සියයට සියයක් සිදු වී හමාරයි. මෙම සංවේග ජනක සිද්ධීන් මම ඇසින් දුටුවා. මේ පිළිබඳව ජනාධිපතිවරයාට අදාළ ඇමතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නවා’

(http://lankacnews.com)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: