Posted by: lrrp | November 21, 2012

දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා…

ඔවුන් මකුලාරාමයට ගියෝය – අපි මකුලාරාමයේ නොවීමු
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය – අපි නාලන්දාවේ නොවීමු
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය – අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
ඔවුන් පාකිස්ථානයට ගියෝය – අපි පාකිස්ථානයේ නොවීමු
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය – අපි ඉන්දුනීසියාවේ නොවීමු
ඔවුන් මාලදිවයිනට ගියෝය – අපි මාලදිවයිනේ නොවීමු
ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය – අපි බාමියන් වැසියන් නොවීමු
ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය – අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය – අපි බංග්ලාදේශයේ නොවීමු
ඔවුන් බුද්ධගයාව කරා ගියෝය – අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය – අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය – අපි ඒ ප්‍රදේශ වල නොවීමු
ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය – ඒත් අපි ව්‍යාපාරිකයින් නොවීමු

එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි. (උපහාරය සහ පිටපත්ගර ගැනුම – රංග ජයවර්ධන )

පසුව ලියමි –

අද ඉතිහාසයේ පුනරාවර්ථයක් සිදුවෙමින් පවතී. එදා බංගලිදේශයේ සිදු වූයේ කුමක්ද? අද ලංකාවේ සිදුවන්නේ කුමක්ද? මුසල්මානුවන් සුළුතරය වන තැන ඔවුන්ගේ ආගමික සහජීවනය උත්තරීතරය. ඔවුන් රාමසාන් උපවාසය අත්හරින්නේ බොදු පුදබිමේය. සුලුතරය වන සැම තැන්හි ඔවුන්ගේ සහෝදරත්වය පුදුමාකර සහනශීලීය. (වියතිරේක 1 – නමුත් පල්ලියක පිරිත් කිව නොහැක. එය ‘හරාම්’ය .  වියතිරේක 2 – පල්ලියේ එක් රැස් වූ විට ආක්‍රමණශීලීය. මාර්ග අවහිර කිරීම, වාහන ගිනි තැබීම, උසාවි වලට ගල් ගැසීම සහජීවනයේ සහ විනය ගරුක ආගමේ ගැඹුරු ලක්ෂණයකි.)

නමුත් ඔවුන් බහුතරය වන නැගෙනහිරදී ඔවුන් තම ශ්‍රෙෂ්ඨ වූ සාමයේ ආගමට අනුව, කුරාණයේ ඉගැන්වෙන පරිදි, බොදු පුද බිම් ඩෝසර් කරති. බොදු උරුමය පැය කිහිපයක් තුළ වල දමති. වැවයි-දාගැබයි, ගමයි-පංසලයි යන හෙළ සංස්කෘතිය, දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා, පංසල ආක්‍රමණය කර වනසති. ආගමික සහජීවනය මොනවට ඔප්පු කරති. සිංහල අපි ඒ ගැන කතා නොකලයුතුය. මුසල්මානුවන්ට කරන්නට හොඳය. අපට කතා කරන්නටවත් නොහොඳය. ආගමික සහජීවනය නැසෙන බැවිනි. සර්වාගමික නායකයෝ, ඇමරිකානු චිත්‍රපටයට විරෝධය දක්වති. නැගෙනහිර සියවස් ගනණක අතීත උරුමය වැලලෙද්දී, මුනිවත රකිති. එද, ආගමික සහජීවනයට බාධාවක් වන නිසාය.

(දෙනෙත් හරින්න )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: