Posted by: lrrp | November 24, 2012

සමෘද්ධිමත් අතීතයක රුව ගුණ කියන ඩෙල්ෆ්ට්‌ දූපතේ බොදු උරුමය

ඩෙල්ෆ්ට්‌ දූපතම අරුමයකි. ඒ සිරිමත් මතකය හැමදාම අලුත් යමක්‌ කියන්නට ඉතිරි කරයි. එහි මොහොතකට පය තබන්නෝ ඉන් වසඟවන අයුරු ඩෙල්ෆ් දිවයිනේ අරුමය පිළිබඳව නුදුරේදී එකපිට එක ලියෑවෙනා කොතෙකුත් ලියෑවිලිවලින් පෙනේ. පෘතුගීසි යුගය තෙක්‌ දිවෙනා යුධ ඉතිහාසය හා ඔවුන්ගේ ගොඩනැගිලි මත ඉදිවූ ලන්දේසින් කළ බලකොටුව, සිර මැදිරිය සහිත බලසම්පන්න පාලකයින්ගේ භවන, ඈත ගොඩබිම සමග නිරන්තර සන්නිවේදනයේ ප්‍රධානම දූතයා වූ පුහුණු කළ පරවියන් සඳහා වෙන්වූ ශිලාමය පරවි කූඩුව, ඕලන්ද රෝහල, පෘතුගීසි යුගය තෙක්‌ දිවෙනා ඉතිහාසයක්‌ සහිත නමුත් ලන්දේසීන් විසින් ඉදිකළ බවට සාධක සහිත විසල් අශ්වගාල, නිදහසේ සරණා අශ්වයින් පමණක්‌ නොව සොඳුරු කොරල් පරයකින් සුසැදි මනරම් වෙරළ තීරයෙන් ඇරඹී පැතිරී යන සයුරුමානය සීමා කොට පෙන්වන ක්‍ෂ්තිජ ඉමේ මනාව සිත්තම් වන ඉන්දියාවේ රාමේශ්වරම් කුළුණද ඩෙල්ෆ් පිළිබඳව මතකය රසවත් කරනු දැනේ.

රාමේශ්වරම මනාකොට පෙනෙන්නේ ඩෙල්ෆ් දිවයිනේ උස්‌ම ශිඛරය මතටය. වෙරළට නුදුරු මනරම් තල් අරණ අතරින් නැගී හිඳිනා මෙම උස්‌ භූමිය සිංහලයේ ඉතිහාසයේ උත්තම කතාවක්‌ සියවස්‌ ගණනාවක සිට කියාපානා ශුද්ධ භූමියකි. මේ ශුද්ධභූමියේ ආනුභාවය සහිත නටබුන් වූ දාගැබ් දෙකක පේසාව සහිත පාදම් ද ආරාම සංකීර්ණයක නටබුන් අවශේෂ හා ඉපැරණි උළු කැබලිද විසිරී ගොස්‌ ඇති අයුරු දැකිය හැකිය. මෙම දාගැබ්හි පේසාවන් නිමවා ඇත්තේ උතුරු ප්‍රදේශයේ වූ පුරාණ දාගැබ්වලට ආවේනික යෑයි සිතිය හැකි හුණුගලෙනි.

සිංහලය බෞද්ධ වීමත් සමග ජාත්‍යන්තරයට රටෙහි බෞද්ධ අනන්‍යතාවය ප්‍රකට කරවීමේ සලකූණු අතීත පාලකයෝ දිවයින පුරාම වන සුවිශේෂී ප්‍රවේශයන්හි තැබූහ. මේ අතර ඉතාම වැදගත් ආර්ථික මර්මස්‌ථාන හා ජාත්‍යන්තර වෙළඳාම හරහා ජාත්‍යන්තරය හා බද්ධවූ තොටමුණු ඇසුරෙහි බෞද්ධ අනන්‍යතාව ප්‍රකට කරවනා දාගැබ් නිර්මාණය වූ ආකාරයත් නාවුක යාත්‍රා ගොඩබිම ආසන්නයෙන් ගමන් ගන්නා ස්‌ථානවල ශිඛරයන්හි දාගැබ් කරවූ ආකාරයත් පිළිබඳ සාධක කොතෙකුත් තිබේ. පුරාණ මහාතිත්ථ, දඹකොලපටුන, මාතොට, ගෝකණ්‌න, ගොඩවාය, ලංකාපටුන ඇතුළු සෑම තොටමුණකම දාගැබ් ඉදිවී තිබුණු අයුරු කියෑවෙනා නටබුන් තවමත් ශේෂව තිබේ. වංශකතාවන්හි මෙම බෞද්ධ ආරාම පිළිබඳව තොරතුරු ලියෑවී ඇත.

ඩෙල්ෆ් දූපතේ පිහිටි මෙම දාගැබ් ප්‍රධානකොටම තමුන් ප්‍රවේශ වන බෞද්ධ රාජ්‍යය පිළිබඳව අතීත සාමුද්‍රිකයින් වෙත සන්නිවේදනය කළ ශුද්ධ වස්‌තූන් වූ ආකාරය පෙනේ. පුරාවිද්‍යාඥයින්ට අනුව මෙම පෞරාණික ර්ගැබ් වල ඉතිහාසය ක්‍රිස්‌තු පූර්ව දෙවන සියවස තෙක්‌ ඈත අතීතයට දිවයයි. එතැන් සිට ක්‍රිස්‌තුවර්ෂ 12 වන සියවස තෙක්‌ මුළු යාපනය අර්ධද්වීපයම බෞද්ධ පුනරුදයෙන් එකෙළි වූ ආකාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ඔවුන් සතුව පවතී.

යාපනය අර්ධද්වීපයෙන් වැදගත්ම දාගැබක්‌ හඳුනාගෙන වාර්තා කළ මුල්ම පුරාවිද්‍යාඥයා වන්නේ පෝල් ඊ. පීරිස්‌ ය. ඒ වර්ෂ 1917 දීය. ඒ කදුරුගොඩ දාගැබ් සංකීර්ණයේ දාගැබකි. හුණුගලින් නිම කර ඇති එම කුඩා දාගැබ් අද යාපනයේ බොදු උරුමය ගැන කියනා විශ්වාසනීය සාධකවී තිබේ. පෝල් ඊ. පීරිස්‌ මෙම භූමිය අධ්‍යයන කරන වකවානුවේ එහි වූයේ හුණුගලින් කළ එක්‌ දාගැබක ගර්භය හා එබඳු දාගැබ් හැටකට වැඩි ප්‍රමාණයක්‌ පැවති බවට වූ සලකුණු සහිත හුණුගල් පාදම්ය. නටබුන් නොවී පැවති දාගැබේ හැඩය හා වාස්‌තු විද්‍යාත්මක ස්‌වරූප ගැන අධ්‍යයනය කර විසිරීගිය නටබුන් පාදම් මත නව දාගැබ් ගර්භ ඉදිකරමින් සංරක්‌ෂණ ප්‍රවේශයකට එළඹෙන්නේ හැටේ දශකයේදීය. ඒ චාල්ස්‌ ගොඩකුඹුරයන් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටි අවධියේය. එදා ඔහු විසින් දියත් කළ මෙම සංරක්‌ෂණ ක්‍රමවේදය අද ශාස්‌ත්‍රීය ලෝකය අනුදකින්නේ නැත. එහෙත් යාපනයේ බොදු උරුමය අනුල්ලංඝනීය සාධක සමුච්ඡයකින් සාධනය කර ප්‍රබල ලෙස ලෝකයට සංනිවේදනය කරනු ලැබුවේ මෙම සංරක්‌ෂණය හරහාය.

කදුරුගොඩ පුදබිමේ දාගැබ් සංකීර්ණය අසල ප්‍රතිමා ගෘහයක නටබුන් හඳුනාගත් බව පෝල් ඊ. පීරිස්‌ වාර්තා කළේය. එහි වැඩහිඳි ශිලාමය ප්‍රතිමාවහන්සේ නමක්‌, විසිරී ගිය දාගැබ් කොත්කැරලි, හා ඉපැරණි සිරිපතුල්ගල් පිළිබඳව පීරිස්‌ තවදුරටත් ස`දහන් කරයි. අදත් යාපනය අර්ධද්වීපයේ ක්‍රිස්‌තුපූර්ව දෙවන සියවසේ සිට ක්‍රිස්‌තුවර්ෂ තුන්වන සියවස තෙක්‌ වන කාල වකවානුවට අයත් යෑයි හඳුනාගන්නා ලදුව යාපනය කෞතුකාගාරයේ තැන්පත්කර ඇති සිරිපතුල් ගල්, ඇතුළු බෞද්ධ පුරාවස්‌තු සහිත පෞරාණිකම පුරාවස්‌තු එකතුව හමුවී තිබෙන්නේ කදුරුගොඩ අවටිනි.

ඩෙල්ෆ්ට්‌ දූපතේ පිහිටි මෙම පෞරාණික දාගැබ්වල පාදම් හැටේ දශකයේදී චාල්ස්‌ ගොඩකුඹුරයන් විසින් සීමිත සංරක්‌ෂණයකට ලක්‌කර තිබේ. වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණ අතින් මෙම දාගැබ් කදුරුගොඩ දාගැබ් හා සම කිරීමට පුරාවිද්‍යාඥයෝ රුචිවෙති. ඒ අනුව මෙම බෞද්ධ ආරාම සංකීර්ණය ඇතුළු දාගැබ්වල ආරම්භක අවධිය අඩුම තරමින් ක්‍රිස්‌තුවර්ෂ දෙවන සියවස තෙක්‌ දිවෙන ආකාරය ඔවුහු පෙන්වාදෙති. එතැන් සිට අවම වශයෙන් ක්‍රිස්‌තුවර්ෂ හය හත සියවස්‌ වනතුරුවත් මෙම ආරාම සංකීර්ණය පැවති ආකාරය පිළිබ`දව පුරාවිද්‍යාත්මක සාධක අවට විසිරී තිබේ.

වාස්‌තු විද්‍යාත්මක ක්‍ර්‍රම විකාශනයන් කාලානුරූපීව සිද්ධවන ආකාරය විමසා යම් ඉදිකිරීම් පිළිබ`ද කාලනිර්ණයකට පැමිණිය හැකි දැනුමක්‌ පුරාවිද්‍යාඥයන් සතුව තිබේ. මෙම පෞරාණික දාගැබ් සහිත භූමියේ ආරාම සංකීර්ණය පැවති ස්‌ථාන අවට ක්‍රිස්‌තුවර්ෂ හය හත සියවස්‌වලදී ලංකාවේ ප්‍රකට වාස්‌තු විද්‍යාත්මක අංගයක්‌ වන පෙතිඋළු විශේෂයක අවශේෂ සුලභව හමු

වේ. මෙම බෞදධ ආරාම අඩුම තරමින් සියවස්‌ හතරක්‌ අඛණ්‌ඩව පැවති බවට එය සාධක සපයයි.

යාපනය අර්ධද්වීපයේ බෞද්ධ ඉතිහාස කතාව බුදුසමය පැමිණි වකවානුව තෙක්‌ දිවෙයි. සංඝමිත්තාවන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන වැඩම කරනු ලැබුවේ දඹකොළපටුනටය. මෙම තීර්ථය ආශ්‍රයේ ගොඩනැගුණු සමෘද්ධිමත් අතීත ජනාවාසයක තොරතුරු මෑතකදී කදුරුගොඩ ආසන්නයේ බුද්ධවත්තේ කළ පුරාවිද්‍යා කැණීමකදී හෙළිදරව් වූයේය. ලැබෙන තොරතුරු අනුව මෙම ජනාවාසය අනුරාධපුර ඇතුළුනුවර පුරාණ ජනාවාසය තරම්ම පැරණිය. එම අතීත වෙළෝද නගරයේ ඉතිහාසය මහින්දාගමනයට මතුනොව විsජයාවතරණයටත් සියවස්‌ ගණනාවක්‌ එපිට අතීතයක සිට පැමිණෙන්නෙකි. කෙසේ වෙතත් දෙවනපෑතිස්‌ රජ සමය වනවිට යාපනය අර්ධද්වීපය ඔහුගේ විශ්වාසනීය පරිපාලන රාමුව තුළ වූ ආකාරය දුමින්දාගමනය ආශ්‍රිත සිදුවීම් මාලාව පසක්‌ කරයි. බුදු දහම ලක්‌දිව පැතිරීමත් සමග එහි ආකර්ෂණීය විපුලත්වයෙන් යාපනය අර්ධද්වීපයද එකෙළි වු බවට සාධක රැසක්‌ තවමත් යාපනය අර්ධද්වීපය තුළ ශේෂවී තිබේ.

පුරාණ යාපනය හඳුන්වා තිබුණේ නකදීප නමිනි. නාගදීපය මුල්කරගෙන මේ හැ`දින්වීම සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. නාගදීපයේ වූ පෞරාණික නටබුන් පිළිබ`දව මුල්ම පුරාවිද්‍යාත්මක ස`දහන කරනු ලබන්නේ 1917 දී පෝල් ඊ. පීරිස්‌ය. ඔහු තමා දුටු නටබුන් පිළිබ`ද එහි ස`දහන් කරන්නේය. මහාවංශ ප්‍රකාරව මල්ලක්‌කඛ නාග, පළමුවෙනි අග්බෝ, ධාතුසේන, රජවරු නාගදීපයේ විහාර ආරාම කළහ. දඹකොලපටුන තීර්ථයේ දෙවනපෑතිස්‌ රජු ආරාම ගණනාවක්‌ කළ බවත් වෝහාරික තිස්‌ස රජු තිස්‌ස නම් විහාරය වටා ප්‍රාකාරයක්‌ කළ බවත්, පළමුවෙනි විජයබාහු ජම්බුකෝල විහාරය කරවූ බවත් මහාවංශය දක්‌වයි. වංශකතාවල ස`දහන් නොවන බෞද්ධ ආරාමික නටබුන් අති විශාල ප්‍රමාණයක්‌ යාපනය අර්ධද්වීපය පුරා පැතිරී ඇති ආකාරය මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ ගවේෂණයකදී හඳුනා ගැණුනි. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ මෙබඳු ප්‍රධාන පුරවිද්‍යා ස්‌ථාන හැත්තෑවකට අධික ප්‍රමාණයක්‌ මෙම ගවේෂණ නිලධාරීහු හඳුනාගත්හ. මෙම පුරාණ නටබුන් වලින් සියයට අසූවකට අධික ප්‍රමාණයක්‌ අනුරාධපුර යුගයේ මුල් භාගය නියෝජනය කළේය.

සමස්‌තයක්‌ ලෙස යාපනය අර්ධද්වීපයේ සමෘද්ධිමත් බෞද්ධ සංස්‌කෘතියක සාධක ප්‍රකට වන මෙම කාල වකවානුවට ඩෙල්ෆ් දූපතේ වන බෞද්ධ ආරාම සංකීර්ණයත් අයත් වන බව පෙනේ. දඔකොලපටුන හා නාගදීපය මුල්කරගෙන පැතීරි ගිය මෙම බෞද්ධ පුනරුදය යාපනය අර්ධද්වීපයේ සෑම දිශාවක්‌ම ස්‌පර්ශ කළ අයුරු මින් පැහැදිලි කරගත හැකිය. සමාන වාස්‌තුවිද්‍යාත්මක ලක්‌ෂණ ප්‍රකට කළද කදුරුගොඩ පිහිටි දාගැබ් වලට සාපේක්‌ෂව ඩෙල්ෆ්හි පිහිටි දාගැබ් බෙහෙවින්ම විශාලය. පරමාර්ථ වශයෙන් මෙම දාගැබ් ඉදිකිරීම් එකිනෙකට වෙනස්‌වූ අයුරු පෙනේ. ඩෙල්ෆ් හි මෙම දාගැබ් ඉදිවන්නේ වන්දනාව හා බෞද්ධ රාජ්‍යයක ගාම්භීරත්වය ලෝකයට පෙන්වීම ස`දහාය. වැදගත් වන්නේ සංඝාවාසයක්‌ සහිතව මෙම හුදකලා දූපතේ පිහිටවූ බෞද්ධ ආරාම සංකීර්ණය නඩත්තු කිරීමටත්, මෙහි වැඩවාසය කළ මහා සංඝයාට සිව්පසයෙන් ඇප උපස්‌ථාන කිරීමටත් හැකියාවක්‌ සහිත සමෘද්ධිමත් බෞද්ධයින් ප්‍රමාණයක්‌ අතීතයේ මෙහි ජීවත් වන්නට ඇති ආකාරයත් පිළිබ`දව සාධාරණ උපකල්පනයකට පැමිණිය හැකි වීමය. බොහෝවිට ඩෙල්ෆ්ට්‌ දූපතේ මෙම දාගැබ් හා බෞද්ධ ආරාම හරහා ප්‍රකාශ වන්නේ සමෘද්ධිමත් අතීත නාවුක වෙළෝද සංස්‌කෘතියකින් ශික්‌ෂිත ආර්ථිකයක අධ්‍යාත්මික ස්‌වරූපය විය හැකිය.

තවත් විශිෂ්ට හඳුනාගැනීමක්‌ මේ සමස්‌තය හරහා ප්‍රකට වේ. 12 වැනි සියවසින් පසු සියවස්‌ ගණනාවක්‌ හින්දු සංස්‌කෘතිය තුළ ශික්‌ෂිත මිනිස්‌සුන් මේ බෞද්ධ සංස්‌කෘතියේ උත්තම සාධක මකා නොදැමීමය. අපේ සංස්‌කෘතික විචිත්‍රත්වය එයය. එහි වන්නේ අවබෝධාත්මක සමෝධානයකි. ඒ විශිෂ්ට මානුෂික ලක්‌ෂණයන්හි ඵල දකිමින් උතුරේ ප්‍රකට බෞද්ධ සංස්‌කෘතියේ සිංහල හෝ ද්‍රවිඩ වාර්ගිකත්වය සොයන අර්ධගෝත්‍රික ම්ලේඡත්වයට ඉතිහාසයෙන් උගත හැකි දේ බොහෝය. එහි ප්‍රධානම ඉගැන්වීම ශිෂ්ටාචාරවත් මනුෂ්‍යයකුගේ ශිෂ්ටත්වයේ මූලිකාංග පිළිබ`දවය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: