Posted by: lrrp | December 2, 2012

ජාතික උරුමයන් රකින්නට කිම පඹයන්!

ඇමතිතුමෝ දන්නවද? තිරුක්‌කෝවිල් දාගැබත් විනාශයි

ඩෝසරයේ ගොරහැඩි නද ඌරක්‌කායි වෙල්යාය සිසාරා පැතිරි යයි. දුම් රොටු නංවාගෙන මහ හඬින් කෑගසන ඩෝසරයේ තල පහරට ටිකෙන් ටික හසුව වසර දහස්‌ ගණනක ඓතිහාසික පෞරුෂයකින් යුතු දාගැබ් රාජයාණෝ ටිකෙන් ටික බිමට සමතලා වෙති. දින 03 ක්‌ තිස්‌සේ මෙලෙස පෙරිය කෙත්තුවාරම් මෝය කටට නුදුරින් අම්පාර තිරික්‌කෝවිල් පොලිස්‌ බල ප්‍රදේශයේ ඌරන්කායි ප්‍රදේශයේ පිහිටි මහ දාගැබ මහා දහවල් කාලයේම බිමට සමතලා වී ඉතිරි වී තිබුණේ ගර්භයද අහස පොළොව නුහුලන සේ දෙබෑ කරලමිනි.

25 වැනිදා අම්පාර පොලිස්‌ විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකින් අනාවරණය වූයේ මේ අයුරින් ඌරන්කායි හි දාගැබක්‌ ඩෝසර් කරන පුවතකි. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස්‌ මත අක්‌කරපත්තුව සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ සහ තිරුක්‌කෝවිල් පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. උදය තෙන්නකෝන් මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ඒ සඳහා අදාළ කටයුතු ක්‍ෂණිකව සූදානම් වූහ. ඒ අනුව අම්පාර පොලිස්‌ විශේෂ කාර්යාංශයේ ජාලිය මහතා ප්‍රමුඛ නිලධාරින් සහ අම්පාර පුරාවිද්‍යා ආරක්‍ෂණ ඒකකයේ උ.පො.ප. උපුල් ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු රැසක්‌ද සහභාගි වූහ.

කුඹුරට වතුර හරවන්නට යන අයුරින් අයකු ගොස්‌ එම ස්‌ථානයේ තත්ත්වය විමර්ශනය කරන්නට විය. ඒ සමඟම සිවිල් ඇඳුමෙන් සැරසුණු ඉහත නිලධාරින් වනජීවි නිලධාරින් මෙන් එම ස්‌ථානයට පිවිසෙද්දී දුටුවේ ඩෝසරයෙන් එම දාගැබ විනාශ කරමින් සිටින අයුරුය. ඒ වන විටත් එම ස්‌ථානයේ ඉතිහාසයක්‌ වනසමින් නිධන් සොයමින් සිටි දමිළ නිධන් හොරුන් සත් දෙනකු වූහ. කිසිදු කලබලයක්‌ නොකළ මෙම නිලධාරින් පොලිස්‌ නිල ඇඳුමෙන් සැරසී ඊට මඳක්‌ ඈතින් නැවතී සිටි නිලධාරින්ටද එන්නට දැනුම් දෙන ලදී.

සිවිල් ඇඳුමෙන් වනජීවි නිලධාරින් මෙන් පැමිණියේ පොලිස්‌ නිලධාරින් 06 දෙනෙක්‌ පමණි. නමුත් නිධන් හොරුන් 07 ක්‌ සිටිති. සිවිල් පොලිස්‌ නිලධාරින් 07 දෙනා අත කිසිදු අවියක්‌වත් නොමැත. එහෙත් කෙසේ හෝ එකදු නිදන් හොරෙකුටවත් එම ස්‌ථානයෙන් පැන යන්නට නොදී පොලිස්‌ නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් එම ස්‌ථානයට එන්නට මත්තෙන් ඔවුන් තම භාරයට ගැනීමට අම්පාර විශේෂ කාර්යාංශයේ ප්‍රමුඛ සිවිල් පොලිස්‌ නිලධාරි මණ්‌ඩලයට හැකිවිණි. ඒ වන විටත් වට අඩි 300 ක්‌ 400 ක්‌ පමණ ඇතැයි සිතිය හැකි විශාල ප්‍රමාණයේ දාගැබක්‌ යෑයි සිතෙන මෙම දාගැබ වටේටම හාරා එම පස්‌ සහ ඉපැරණි ගඩොල් කැට අඩි 3 ක්‌ 4 ක්‌ උසට සිටින සේ ඒ අවට පොළොවට සමතලා කර තිබුණි. ඉන්ද නොනැවතී මේ සිත්පිත් නැති නිධන් හොරු ඉතිරිව තිබුණු ගර්භයේ මැද කොටස දෙපළු වන සේ ඩෝසරයෙන් හාරා පසුව පොළව මට්‌ටමේ සිට තවත් අඩි 10 ක්‌ 15 ක්‌ පමණ ගැඹුරට ගර්භයේ මැද හාරා තිබිණි.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගනිද්දී එම දාගැබේ මධ්‍යයේ තැන්පත් කර තිබුණු මැටි භාජන සහ ගලින් නිම කරන ලද ගල් මංජුසාවක්‌ සහ ශෛලමය කොත් කැරැල්ලක්‌ද තිබිණි. ඊට අමතරව කහ වතුර දැමූ මුට්‌ටියක්‌, කට්‌ටකුමංජල්, සුදු නූල් ඇතුළු නිධන් හැරීමේදි පූජාවන් පැවැත්වීම සඳහා යොදාගත් පූජා භාණ්‌ඩ රැසක්‌ සමගින් ඩෝසරය සහ නිධන් හෑරීමට පැමිණි යතුරු පැදියක්‌ද පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම කළ නිලධාරින් හට හැකි විය.

එම ස්‌ථානයෙන් අල්ලාගත් ප්‍රධාන සැකකරු හට මෙම විනාශ කරන ලද දාගැබ අවට කුඹුරු අක්‌කර 11 ක්‌ පමණ ඇති අතර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක ගණකාධිකාරවරයෙක්‌ වශයෙන් සේවය කරන ඔහුගේ බෑණ, කෙනෙකුද මේ පිරිස අතර සිට පොලිස්‌ අත්අඩංගුවට පත්වූයේය. නිධන් හෑරීමට ගත් ඩෝසරයද ඔහුගේ බව පැවසේ. මෙලෙස අල්ලාගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් දිගින් දිගටම සිදුකර ඇති අතර ඔවුන් පොතුවිල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 05 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

නොකඩවා මේ අයුරින් නැගෙනහිර ප්‍රඪ හා පෞරාණික උරුමය දිනෙන් දින විනාශ වෙද්දී සැමදා පෙරට එන උතුරු නැගෙනහිර පිරිවෙන් අධ්‍යක්‍ෂ අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්‍ෂ ශාස්‌ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමි, ගල්මඩුව පුරාණ රජමහ විහාරස්‌ථානයේ විහාරාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය හෑගොඩ විමලඥන හිමි ඇතුළු පිරිස ඊට පසු දිනට එම ස්‌ථානයට ගොස්‌ සිදුකර ඇති විනාශය දැක දැඩි කම්පනයට පත්වුණ අතර යළිත් මෙවන් විනාශයක්‌ සිදු නොවේවායි පතමින් අධිෂ්ඨාන පූජාවක්‌ද සිදු කරන්නට වූහ.

නැවතත් පසු දිනට හිරු උදාවී හෝරා දෙක තුනක්‌ ගත වෙද්දී දිගාමඬුළු සංඝසභාව හා බොදුබල සේනා සංවිධානයේ එකතුවෙන් ඩෝසර් කරන ලද මෙම දාගැබ අසල සිට නැවතත් විරෝධතාවක්‌ පවත්වන ලදී. ඒ සඳහා බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥනසාර හිමි, ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමි, පූජ්‍ය හෑගොඩ විමලඥන හිමි ඇතුළු මහා සඟරුවන පෙරටු කොටගත් බෞද්ධ ජනතාව සහ අම්පාර නගර සභාවේ නගරාධිපති ඉන්දික නලින් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම අම්පාර වෙළඳ සංගමයේ සභාපති චමින්ද සුගත් මහතා ඇතුළු ව්‍යාපාරිකයන් විශාල පිරිසක්‌ ද සහභාගි වූහ.

මෙලෙස මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රචාරය වන විට පුරාවිද්‍යා නිලධාරින් මේ පිළිබඳව අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. මෙය දැනගත් අය බැලීමට යැමට උත්සාහ කරන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් තවම පොලිසියෙන් දැනුම් දුන්නේ නැහැ. දැනුම් දුන්නම යනවා” යනුවෙන් මෙම මහා විනාශය පිළිබඳ සොයාබලන්නට යැම පමා කිරීම ඉතාම කනගාටුදායකය. මීට මාසයකට පමණ පෙර අම්පාර පුරාවිද්‍යා පොලිස්‌ ආරක්‍ෂණ ඒකකය මගින් මෙම විනාශ වූ දාගැබ පිළිබඳ අම්පාරේ තිබෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලයට ලිතව දැනුම් දී තිබුණද එවැනි දාගැබක්‌ පිළිබඳ කිසිදු තොරතුරක්‌ සොයා බලන්නට ඔවුන් කිසිදු පියවරක්‌ නොගෙන දැඩි නිහඬතාවයකින් සිටියහ.

“නැගෙනහිර පළාතේ පුදුමාකාර විදිහට පුරාවස්‌තු විනාශ වෙනවා. ඒවා රකින්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසිම වැඩපිළිවෙළක්‌ නැහැ. අපේ පන්සලක හාමුදුරු නමක්‌ පුරාවිද්‍යා වටිනාකමක්‌ තිබෙන තැනක මොකක්‌හරි කරන්න හැදුවොත් දුවගෙන ඇවිල්ලා ඒවා නතර කරන පුරාවිද්‍යා නිළධාරින් ඩෝසර්වලින් දාගැබ් පිටින් බිමට සමතලා කරද්දී නිහඬව බලාගෙන සිටිනවා. මේ විනාශ කරන්නේ අපේ මුතුන් මිත්තෝ අවුරුදු සිය දහස්‌ ගණනක්‌ දහඩිය මහන්සියෙන් ගොඩනැඟූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයයි. ඒවා විනාශ කරද්දී බලධාරින්ද නිහඬයි. මෙහෙම ගියොත් අනාගත පරම්පරාවට නැගෙනහිර කිසිදු පුරාවස්‌තුවක්‌ දකින්නට ලැබෙන්නේ නැහැ” යනුවෙන් අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ කිරිඳිවැල සෝමරතන හිමියන් “දිවයින”ට අදහස්‌ දක්‌වමින් පැවසුවහ.

මේ අයුරින් පුරාවිද්‍යා නිලධාරීහු නිහඬව සිටිද්දී තිරුක්‌කෝවිල් පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. උදය තෙන්නකෝන් මහතා සිය නිලධාරින් යොදවා දිගින් දිගටම ක්‍රියාත්මක විය. නිධන් හොරු මෙම දාගැබ හාරා ගර්භයේ තිබූ බඳුන්වල තිබී රැගෙනගොස්‌ ඇති පුරාවස්‌තු සොයන්නට වූහ. ඒ අනුව 27 වැනිදා දහවල් වන විට නිධන් හැරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ පුත්‍රයෙකු වන අයෙකු සහ ඔහු සන්තකයේ තිබුණු පුරාවස්‌තුන් රැසක්‌ අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබිණි. රන් කරඬුවක්‌, පළිඟු කරඬුවක්‌, ලෝකඩ බෝධිසත්ව රූපයක්‌, පැරණි මුද්‍රdවක්‌, කුඩා ප්‍රමාණයේ රන් ගුලි රැසක්‌, මුදු 04 ක්‌ මුදුවල කැබලි රැසක්‌, රන් පත්ඉරු රැසක්‌ සහ පබළු රැසක්‌ද පොලිස්‌ නිලධාරින් හට සොයා ගැනීමට හැකිවුණි.

මෙලෙස පොලිසියට ලැබුණු පුරාවස්‌තුන්වලට අමතරව තවත් පුරාවස්‌තු රැසක්‌ සඟවාගෙන ඇතැයි අනුමාන කරමින් මේ වනවිටත් දිගින් දිගටම පොලිස්‌ නිලධාරීහු විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යති. බොහෝ අවස්‌ථාවල කරඬු තුළ රන්පත් තීරුවලින් ඔතා ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබෙන නිසා මෙම පුරාවස්‌තුන් සමඟ හමු වූ රන්පත් ඉරු වල ධාතුන් වහන්සේලා තිබෙන්නට ඇතැයි සිතිය හැක. මේ අයුරින් නිධන් හාරද්දී නිධන් හොරු සමඟ අදාළ යන්ත්‍ර මෙන්ම සඟවා ගෙන තිබුණු පුරාවස්‌තුද පැය 48 ක්‌ යන්නට මත්තෙන් සොයා ගැනීමට හැකි වීමද පොලිස්‌ දෙපාර්තමේන්තුව ලද ජයග්‍රහණයකි. ඒ සඳහා තොරතුරු ලබාගත් අම්පාර පොලිස්‌ විශේෂ කාර්යාංශය වෙත මෙම තොරතුරු නොලැබෙන්නට මෙම මහා විනාශය නැගෙනහිර විනාශ වූ අනෙක්‌ දාගැබ් මෙන්ම විනාශ වී කිසිවෙකුගේ අවධානයට හසුනොවී යන්නට තිබිණි.

“මීට මාස 02 කට කලින් මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ පාමුල පිහිටි “ගාමිණි තිස්‌ස විහාරය” නම් දාගැබ මුළුමනින්ම ඩෝසර් කර විනාශ කර වී වගාවට ලියදි කිහිපයක්‌ හදලා තිබ්බා. ක්‍රි.පූ. 2 වැනි සියවසේ සිට දසභතික රජවරුන් පිළිබඳ තොරතුරු ඇතුළත් කටාරම් ලෙන්, පියගැට පෙළවල්, පොකුණු සංකීර්ණ ඇතුළු පුරාවිද්‍යා උරුමයන් විශාල ප්‍රමාණයක්‌ එම පුදබිමේ තිබෙනවා. නමුත් තවමත් ඉහතදී විනාශ කළ දාගැබ සංරක්‍ෂණය කරන්නට පුරා විද්‍යා නිලධාරින් කිසිම පියවරක්‌ අරන් නැහැ” යනුවෙන් ගල්මඩුව විහාරාධිපති පූජ්‍ය හෑගොඩ විමලඥන හිමියන් ද “දිවයින”ට අදහස්‌ දක්‌වමින් පවසා සිටියහ.

මොට්‌ටයාගල දාගැබ විනාශ කරපු දෙදෙනා අත්අඩංගුවට ගන්න අක්‌කරපත්තුව පොලිසියට සති දෙක තුනක්‌ ගියා. ඒ ගත්තෙත් බොහොම අමාරුවෙන්. නමුත් පසුව දෙන්නා උසාවි දැම්ම. එක්‌ අයෙකුට රු. 25,000/- බැගින් දෙදෙනාටම රු. 50,000/- දඩයක්‌ ගැහුව. අපි අහන්නේ ඉතිහාසයක්‌ වටිනා දාගැබක වටිනාකම රු. 50,000/- කියලා” යනුවෙන් දිගාමඬුල්ලේ උරුමය රකින්නට මහන්සිවෙන බෞද්ධයන් අදාළ බලධාරීන්ගෙන් විමසා සිටිති.

“මොට්‌ටයාගල දාගැබ විනාශ කළා. ඌරක්‌කායි දාගැබ විනාශ කළා. මෙම ඌරක්‌කායි දාගැබ ආසන්නයේ මීට වසරකට පමණ ඉහතදී තිබුණු තවත් කුඩා දාගැබක්‌ ඩෝසර් කරලා තියෙනවා. මේ අයුරින් බලද්දි නැගෙනහිර කොච්චර නම් දාගැබ් විනාශ කරලා තියෙනවාද? මොට්‌ටයාගල පුදබිමට මම ගිහිල්ලා දවසක්‌ ගාමිනී තිස නම් විහාරයේ ඡායාරූප රැගෙන ආවා. ඊට පස්‌සේ දින 03 කින් බලද්දී එම දාගැබ බිමට සමතලා වෙන්නට ඩෝසර් කරලා. මම ඡායාරූපයක්‌ රැගෙන තිබ්බ නිසා එම විනාශය ලෝකයට එළි කරන්න හැකි වුණා. එහෙම නැත්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එතන දාගැබක්‌ තිබුණා කියලා පිළිගන්නේ නැතිවෙයි. එම නිසා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් නැගෙනහිර උරුමය රකින්න නිසි වැඩ පිළිවෙළක්‌ හදන ලෙසටයි” යනුවෙන් අක්‌කරපත්තුවේ සිංහල සංවිධානයේ ලේකම් ඒ. සමන් මහතා පැවැසීය.

බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් මෙම දාගැබ පිළිබඳ සොයා බැලීමක්‌ සිදුකර පැමිණි අතර “දිවයින”ට අදහස්‌ දක්‌වමින් මෙසේ පැවැසූහ.

ලංකාවේ ජාතික උරුමයන් ආරක්‍ෂා කරන්න කටයුතු කරන නිල නොවන පොලිසිය අපියි. මේ දාගැබට කරලා තියෙන විනාශය දැක්‌කහම දැඩි වේදනාවක්‌ ඇතිවෙනවා. දවසින් දවස ඩෝසර් කරන්නේ මේ රටේ ප්‍රෙෘඪත්වය, අපේ රටේ ඉතිහාසය. මේ රටේ ඉතිහාසය ලියවෙන්නේ මේ රටේ පුරාවස්‌තු මත. නැගෙනහිර පළාතේ මුස්‌ලිම් අන්තවාදීන් ක්‍රියාත්මක වෙනවා. බෙදුම්වාදයත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මේ රටේ අපි මේ පිළිබඳව වගකිව යුත්තන්ගෙන් අසා සිටින්නේ මේවා කරනකම් නුඹලා නිදිද කියලයි? තවමත් සුද්දන්ගේ සපත්තුව ලෙවකන පුරාවිද්‍යාවේ ඇතැම් නිලධාරින්ට මේවා රැකගන්න කිසිම උවමනාවක්‌ නැහැ. අපි නැගෙනහිරට එනවා. පුරා විද්‍යාවට බැරිනම් මේවා රකින්න අපි ඇවිත් මේ උරුමය රකින්නට කටයුතු කරනවා” යනුවෙන් ගලගොඩ අත්තේ ඥනසාර හිමියන් ද අදහස්‌ දක්‌වමින් පැවැසූහ.

නැගෙනහිර පළාත් කාර්යාලයේ මේ වන විට සේවය කරන්නේ සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා ඇතුළු තවත් පරීක්‍ෂණ නිලධාරින් දෙදෙනෙක්‌ බව පැවසේ. ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල කාර්යාලවල නිලධාරින් 20 ක්‌ 25 ක්‌ සිටිද්දී මඩකලපුව හා අම්පාර දිස්‌ත්‍රික්‌ක 2 ම බලාගැනීමට ප්‍රමාණවත් නිලධාරින් ලබාදීමට කටයුතු නොකරන්නේ පුරාවිද්‍යා ඉහළ නිලධාරින් හට නැගෙනහිර උරුමය රකින්නට වුවමනාවක්‌ නොමැති නිසාදැයි අපට ඇසීමට සිදුව තිබේ.

එම නිසා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමනි, ඔබතුමාගේ දැඩි අවධානය නැගෙනහිර උරුමය රකින්නට දැන්වත් යොමුකරන මෙන් නැවත වතාවක්‌ දිගාමඬුල්ලේ ජනයා ඉතා දැඩිව ඉල්ලා සිටිති.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: