Posted by: lrrp | December 3, 2012

නැගෙනහිර බෞද්ධ උරුමය දෙපලු කළ හෝරාව

තවත් සිංහල බෞද්ධ උරුමයක් හිත්පිත් නැති නරුමයින් විසින් විනාශ කර ඇත. මොට්ටාගල ගමිණි තිස විහාරයේ දාගැබ විනාශ කොට යන්තමින් මාස තුනක් වත් ගත  වූයේ නැත. මුස්ලිම් වර්ග වාදය පසු පස්සේ හඹා එන දෙමළ ජාති වාදයෙන් පණ කැවුණු අධමයින් කිසිම බයක් හැකක් නොමැතිව මහ දවාලේ මොට්ටාගලට නුදුරු ඉපැරණි දාගැබක් දෙකට මැද්දෙන් දෙපලු කර පුරා වස්තු හා සර්වඥ ධාතූන් වහණ්සේලා පැහැර ගෙන ගොස් ඇත.මේ ගත වන්නේ ශ්‍රී ලංකාවේ තලේබාන් වරුන්ගේ හෝරාව දැයි සැක සිතේ.දැන් දැන් ඉස්මතු වන සිද්දීන් ගෙන් එවැනි රැල්ලක් ඇති නොවුණානම් පුදුම විය යුතුය.

ලංකාව පුරාවටම විසිර පවතින්නේ බෞද්ධ නශ්ඨාවශේෂයන්ය. කාලිංග මාඝ පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් අතින් වැනසුන පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන අද මෙසේ නටබුන් වී තිබේ. ඒවා රැක බලා ගන්නට මලක් පහණක් වත් පුදන්නට ඇතැම් විට ඉංග්‍රීසි පාලන සමයේ දී ඉඩක් නොලැබුණි. නැගෙනහිර පළාතේ මෙන්ම උතුරේ ද සිංහල ජනගහනය තුනී ව යද්දී වරින්වර දකුනු  ඉන්දියාවෙන් දෙමළ වහලුන් ගෙනවිත් පදිංචි කරවන ලදහ. දකුණු ඉන්දීය මුස්ලිම් වර්ගයන්ද  හම්බන් සමගින් පැමිණ මෙහි පැලපදියම් වූහ. ජන ශූන්‍ය වූ උතුරු දිග තැනිතලාව මෙන්ම නැගෙනහිර පෙදෙස්ද ඔවුන් ගේ ග්‍රහණයට අයත් විය. සෙනරත් රජු විසින් පදිංචි කරවන ලද  මුස්ලිම් මට්ටයින්ද මේ අයට එකතු ව බලයක් ගෙඩ නගා ගත්හ. ඉතිරිව සිටි සිංහලයින්ට හා මූදු කර වැද්දන්ට යන එන මං නැතිව දෙමල මුස්ලිම්වරුන්ගේ පාසල් වලට ගාල් කරන ලදහ. එම නිසා ඔවුන්ගේ ගෙදර බස දෙමළයම විය. වර්තමානයේ නැගෙනහිර බහුතරයක් වාසය කරන්නේ දෙමළ හා මුස්ලිම් වරුන් පමණකි. පෙර රජ දරුවන් විසින් වෙහෙර විහාරයන්ට පිදූ ඉඩකඩම් මොවුන් විසින්  අල්ලා ගෙන ඇත. ඉංග්‍රීසීන්ගේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේවායේ නෂ්ඨාවශේෂ පමණක් ආරක්ෂා කරමින් සිටියහ.නමුත් ඒ කිසි තැනක් නැවත මහා විහාරයට හෝ ආරණ්‍යයකට බාර නොදුන්හ.. දීඝවාපිය වැනි අති පූජනීය සිද්ධස්ථානයන් රැකුණේ දකුණේ සිට පැමිණි ශාසන හිතකාමී යතිවරයින් වහණ්සේලා  නිසාවෙනි. එහෙත් වැලි කැට ගාණට මෙහි පැරණි සිද්ධස්ථාන වෙයි. ඒ සියල්ලම රකින්නට ඉදිරි පත් වන්නට අවැසි බෞද්ධ භික්ෂූන් වහණ්සේලා ද අද නොමැත.

මේ හෝරාව නරුමයින්ගේ හෝ තලේ බාන් වරුන්ගේ හෝරාව බවට පරිවර්තනය වී යමින් සිටින්නේ මේ නිසාය. අශ්රොෆ් ඇමැති වරයා විසින් ඇවිලූ මුස්ලිම් වර්ගවාදය නිසා අද නැගෙනහිර කලාපයම උණුසුම් වී තිබේ. සිංහල දේශපාලනඥයින් සිංහල ජනතාවගේ චන්දයෙන් බලයට පත්ව සිංහලයින්ගේ ම උරුමය අන්සන්තක කරවීමේ තුච්ඡ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් සිටී. කූරගල දෙවන ගල කුංචි කුලම සිට මොට්ටයාගල දක්වා මේ වර්ග වාදය දලු ලමින් ඇවිදින් ඇත. පුරා වස්තු ආඥා පණතේ  15 (අ) (ආ)  සහ 31 වගන්ති අනුව හානි කරන ලද පුරා වස්තු වෙනුවෙන් සිරබත් කෑමට හෝ දඩමුඩ ගෙවිය යුතු බව මේ නරුමයින් හොඳ හැටි දනී. එහෙත් ඒ ටික කලකට පමණකි. උසාවියෙන් ඉතා ඉක්මනින් නිදහස් විය හැකිය. මේ නරුමයන්ට මග පෙන්වන්නේ සිංහල දේශපාලඥයින්ය. අනුරාධපුරයේ කලත්තෑවේ වන්නම් මඩුවේ ඉපැරණි දාගැබක් හාරමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගැනුණේ 2011 වසරේ දී ය. මේ පිරිසගෙන් එක්කෙකුට ලක්ෂ හය බැගින් දඩ මුදල් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. එක් පුද්ගලයෙක් ඇරුණු කොට අනෙක් පස් දෙනා දඩ මුදල් නොගෙවා බන්ධනාගාර ගතවූහ. මේ පිරිස අනුරාධපුර පළාතේ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට සම්බන්ධකම් පවත්වන ගෝල බාලයින්ය. බන්ධනාගාරගත වී මාස් තුනක් ඉකුත් වූයේ නැත. පෙබරවාරි හතරවන දා ඔවුන් නිදහස ලබා එළියට පැමිණියහ.

මෙට්ටාගල දාගැබ ඩෝසර් කල නරුමයින් ද අත් අඩංගුවයට ගැණුනි. යම් කිසිවෙක් පුරා වස්තු වලට හානි කර සිර භාරය ට පත් වූ   පසු පුරා විද්‍යා වර්තාව එනතෙක්ම ඇප නියම කරන්නේ නැත. නඩු පවරන්නේ ද නැත. එහෙත් මේ සිද්දියේ දී මුස්ලිම් දේශපාලනඥයින්ගේ පිහිටෙන් වාර්තාව එන තුරු නොසිට ඉතා සුලු දඩයකට යටත්ව මේ පිරිස නිදහස් කෙරුණි. පුරාවිද්‍යා අංශ වලට කල හැකි දෙයක් නැත. අම්පාරේ පුරාවිද්‍යා  කාර්යාලයේ සිටින සහකාර අධ්‍යක්ෂවරයා මේ ස්ථාන ගැන දැනුම්වත් නැත. එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුලු ස්වාධීන ගවේශකයින් කරන ලද ගවේශණ ඇරුණු කොට නැගෙනහිර පළාතේ බොහෝ පුරා වස්තු ස්මාරක වශයෙන් තවමත් ලියාපදංචි කොට ගැසට් කර නැත. හේතුව මේ කාර්යයයන් යෙදවිය හැකි වන නිළධාරීන් පිරිසක් දෙපාර්තමේන්තුව සතු නොවීමයි. අම්පාර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක වරයා ඇතුලුව සිටින්නේ දෙදෙනෙකි.   පසු ගිය කාලයේ උපාධිධාරීන් බඳවා ගැණුනද ඒ අය  ස්ථාන මාරු සකස් කර ගෙන ගොස් ඇත. සමහරක් විශ්‍රාම ගොස් ඇත. වෙනත් අය උපාධිධාරී පත්වීම් වලට ගොස් ඇත.

ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂක තනතුරු රාශියක් පුරප්පාඩු වි තිබේ. මේ පදවි උසුලන්නේ වැඩබලන සහකාර අධ්‍යක්ෂක වරුන්ය. මේ තනතුරු පුරවන්නට හා දෙපාර්තමේන්තුවේ මුල්‍යමය හිඟයන් පියවීමට රජයේ කිසිම උත්සාහයක් නැත. මේ විෂයට පත් වන ඇමති වරු බෙහෙවින් ම නිද්‍රාශිලි වෙත්. ලේකම් ලාද එසේමය. හරි හම්බ කර ගැනීමට නොහැකි අමාත්‍යංශයක් බැවින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ ද නැත. ඒ වෙනුවට දේශපාලනඥයින් ගේ හස්තයට අසුවූ දිවයිනේ සිද්ධස්ථාන ගල් බෝර වලින් දෙපලු වෙයි.  නිදන් සෙවීමේ ආශාවෙන් පිරි ඔවුහු ඇතැම් විට ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් නිදන් රැගෙන යති.. ඔයා මඩුව හොරොව්පතාන වැනි පෙදෙස් වල එසේ සිදු වූ බවට නිවරදි සාක්ෂි ඇත. මේ අපරාධයන්ට මූලිකත්වය ගන්නේ සාමාන්‍ය මිනිසුන් නොවේ. හයිරන් කාර දේශපාලඥයින්ය. නමුත් පුරා විද්‍යා දෙපාරතමේන්තුව නිදන් නොමැති බව කියමින් ජනතාව මුලා කරති. එහෙත් ඇතම් පුරා විද්‍යා නිලධාරින්ද මේ නිහීන ක්‍රියාවන්හි යෙදුණු බවට සාක්ෂි තිබේ.

මේ ආදර්ශය ලංකාවේ තලේ බාන් වරුන්ට හොඳටම ප්‍රමාණවත්ය. මොට්ටාගල මෙන්ම එයට මීටර පන්සීයක් නුදුරු ස්ථානයක තිබූ  හඳුනා නොගත් විශාල දාගැබ මහ දවාලේ දින දෙකක් පුරා ඩෝසරයක් යොදවමින් හාරන්නේ සිංහල දේශපාලකයින් විසින් සපයා දී ඇති ආදර්ශයන් ප්‍රයෝජනයට ගෙනයි.අම්පාරට දැයට කිරුළ ප්‍රදර්ශනය එන බව ඔවුහු දනිති. ඒ කළ නිදන් හාරන්නට මේ පෙදෙස් පීරන්නට දේශපාලනඥයින් එන බවද ඔවුහු දනිති. එම නිසා ඊට කලියෙන් තිබුණහොත් යමක් ලබා ගැනීම මේ නරුමයින් ගේ ආශාවයි. එමතුද නොව නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ඩෝසර් කරමින් නෂ්ඨාවශේෂ පවා අතුගා දැමීම ඔවුන්ගේ අරමුණයි. යුද්දයට කලින් අක්කර පත්තුවේ සිංහල පවුල් දෙසීයක් පමණ දිවි ගෙවූහ. කොටි ත්‍රස්තවාදය නිසා අවතැන්ව අසරණව සිටි දෙමළ මුස්ලිම් අය නම් නැවත පදිංචි කරවීමට නොයෙකුත් වැඩ සටහන් ක්‍රියාත්මක විය. එහෙත් තමන්ගේම ශක්තියෙන් අක්කර පත්තුවට පැමිණි සිංහල පවුල් අනූවක් පමණ දුකසේ එහි ලැගුම් ගෙන ඇත. අක්කර පත්තුව සිංහල පාසල තවමත් තිබීම වාසනාවකි. නගරයේ ඔරලෝ කණුවේ දාගැබ තවමත් දක්නට ලැබිම වාසනාවකි. එහෙත් අසරණව ජීවිකාවට සටන් කරන්නට වන් මේ සිංහලයින්ට මොට්ටාගල වැනි මහා සිද්ධස්ථාන රැක ගන්නට තරමේ ශක්තියක් නැත.

දෙපලු කරන ලද මොට්ටාගල අසල වෙල්යායේ ඉපැරණි දාගැබ ගර්භයේ තිබී මංජුසා කීපයක්ම නිදන් හෑරූ ද්‍රවිඩ ජාතිකයින් විසින් ගෙන ගොස් ඇත. ඒවා අත් අඩංගුවට නැවත පත් වූයේ 2012 නොවැම්බර් මස 27 වැනිදා  ය. එහි රන් පත් ඉරුවලින් සකස් කරන ලද කරඬුවක් ඉතා දුබල ගණයේ කුෂාන යුගයේ ප්‍රතිමාවක් පබලු ඇට සත්වන සියවසට අයත් යැයි කිව හැකි කිර ගරුඬ කරඬුවක්  හා රන් ගුලි කීපයක්ද විය. රන් කරඬුව දීඝවාපියෙන් හමු වූ කරඬුවට සමානය. දෙවනි සියවසට අයත් යැයි අනුමාන කළ හැකිය. තවත් පුරාවස්තු රාශියක් එහි තිබෙන්නට ඇතැයි විශ්වාශ කළ හැකිය. මෙම දාගැබ පිහිටා තිබෙන භූමිය අක්කර එකොළහක් පමණ කුඹුරු යායක පිහිටා ඇත. මෙය අයිති නැගෙනහිර පළාතේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ගණකාධිකාරී වරයෙකු ලෙසට සේවය කරන ද්‍රවිඩ ජාතිකයෙකුටයි.ඔහුගේ මෙහෙයවීමෙන් තවත් සය දෙනෙකු පමණ එක්ව මේ විනාශය කර ඇත. මීට වසරකට පමණ පෙර මේ දාගැබ ආසන්නයේම තිබූ තවත් පරිවාර චෛත්‍යයක් ඩොසර් කොට එහි කුඹුරු ලියදි කීපයක් තනා ඇති ආකාරය හොඳ හැට පෙන්නුම් කෙරේ. මේ විනාශයන් දිගින් දිගටම සිදු වී ඇති බව පැහැදිළිය.

මීට මාස තුනකට පමණ ප්‍රථම මොට්ටාගල ආසන්නයේ දාගැබ ඩොසර් කිරීමෙන් පසු ජාතික උරුමයන් පිළිබඳ ඇමති ජගත් බාලසූරිය මහතා ප්‍රකාශ කලේ මාස තුනක් ඇතුලත මෙය සංරක්ෂණය කරන බවයි. නමුත් මේ වන තුරු ආරක්ෂක අංශ නිළධාරීන් ඇරුණු කොට අදාල පුරා විද්‍යා නිළධාරීන් කිසිවෙක් එහි ගොස් නැත. ඇමති වරයා දුන් නියෝගයක් ද නැත. නොවැම්බර් විසි නව වන් දින බොදු බල සේනා සංවිධානය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටලා අදාළ ඇමති වරයාගෙන් හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක වරයාගෙන් පෙරොන්දුවක් ගත්තද මේවා පිළිබඳ විශ්වාශය තැබීම අනුවණ කමකි. ඒ වෙනුවට මේ ස්ථාන කීපයකට එකක් හෝ බැගින් තෝරා ගෙන  විහාරස්ථාන ගොඩනැගීම කළ යුතුමය.    හිරුකෝවිල් පොලීසිය විසින් මේ ද්‍රවිඩ ජාතිකයින් හත් දෙනා අත් අඩංගුවට පත් නොකරන්නට මේ අපරාධයද වැල්ලේ වසන්ව යන්නට හොඳටම ඉඩකඩ තිබුණි. අපගේ ප්‍රණාමය මේ නිළධාරීන්ට හිමි විය යුතුය. නමුත් දිගින් දිගටම මේ සිදු වන දේ සාක්ෂි ඇතිව  බලා සිටින සිංහල බෞද්ධයින් අසරණව නිද්‍රාශිලීව තුෂ්නිම්භූතව සිටිති. මේ නිද්‍රාව අවදිකරන්නට සෝම ස්වාමීන් වහණ්සේ යලිත් වඩින්නේ  කවදාදැයි අප බලා සිටිමු.

සුසන්ත අමර බන්දු – අම්පාර

Advertisements

Responses

  1. nagenahira urumaya vinasa kireeme arabuma pamanay thawath mewan siddasthana visala pramanayak me pradesaye tibenawa. dan sinhalun awadi viya uthu kalayay.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: