Posted by: lrrp | January 30, 2013

මඩකලපුවේ සිංහල ජනතාව අනාථයි

කෝ අපේ උරුමය සිහල වීමද කරුමය

එදා පුරපසළොස්‌වක පෝය දිනයකි. එනිසා අවට පරිසරය සඳ එළියෙන් නැහැවී තිබිණි. ත්‍රස්‌තවාදී කලබල අවට තැනින් තැන තිබුණද ජනතාව සුපුරුදු වූ තම තමන්ගේ වැඩකටයුතුවල නිරතවී සිටින්නට වූහ. රාත්‍රි අඳුරු වැටෙත්ම නගරය දෙසින් දිගින් දිගටම රතිඤ්Æ එකපිට එක පත්තු වෙන්නට වුවද එය ඇසූ ජනයා ඒ ගැන වැඩි තැකීමක්‌ද නොකළහ.

ඒ වෙනකොටද කන් බිහිරි කරනා රතිඤ්Æ හඬ මැද සිත් පිත් නැති කොටි රකුසන්ගේ දරුණු ගිනි අවියෙන් නිකුත් වූ වෙඩි උණ්‌ඩකට මිනිස්‌ ජීවිත රැසක්‌ම ඉලක්‌ක වී තිබිණි. මඩකලපුව නගරයේ සිටි ස්‌වර්ණාභරණ ව්‍යාපාරිකයකු වූ සිරිපාල මහතා ඇතුළු පිරිසගේ සිරුරු කි¹ බසිමින් ඇදීගිය මූනිස්‌සම් අනෙක්‌ පසින් මතු වූයේ දසතම රතුවන් ලේ ගංගා ඇති කරලමිනි. ගතවූයේ මොහොතකි. මඩකලපුව නගරයේ හුන් සිංහල ජනයා වෙඩි උණ්‌ඩවලට ගොදුරු වන්නට වූහ. ඇතැමුන්ගේ සිරුරු මුවහත් නැති මන්නා පහරින් පෙත්තෙන් පෙත්ත කැපී, වියළි මඩකලපුව වැලි පොළොව රුහිරු දහරාවෙන් නැහැවෙන්නට විය.

තවත් මොහොතක්‌ ගතවිණි. මඩකලපුව නගරයට මඳක්‌ ඈතින් වූ ජයන්තිපුර සහ විජයපුර ගම්මානවල සිංහල ජනයා වෙනදා මෙන් කල්ගෙවුමට සිතාගෙන සිටියද එක්‌වරම එම ගම්මානවලට පැමිණි තිරිසන් කොටි රකුසන් නිවාස පීරමින් සිංහල ජනයා සොයන්නට වූහ. ඉහළට එසවෙන කැති පිහි පහරින් අත දරුවෝ පෙත්තෙන් පෙත්ත කැපී දෙපළු වන්නට විය. අහිංසක මුව පොව්වන් සේ අසරණ දරු පවුල් ත්‍රස්‌තයන්ගෙන් ජීවිතය යදින්නට වූහ. ලේ පිපාසයෙන් සිටි ත්‍රස්‌තවාදීන්ගේ සිත් එයින් මොළොක්‌ නොවිණි. තප්පර කිහිපයකින් ඔවුන්ගේ හිස දෙපළු වී වේදනාත්මක කෙඳිරි හඬවල් නංවමින් අඳුරේම අවසන් හුස්‌ම වා තලයට එකතුවන්නට විණි. වියරුවෙන් මත්ව සිටි මිනීමරුවෝ ඇතැම් තරුණියන් දූෂණය කොට මරා දමන්නට වූහ.

ජයන්තිපුර දෙමළ ගෙවල් රැසකට මැදිව සිටි සන්ධ්‍යා රංජනීලාගේ නිවසට අසල්වාසී ද්‍රවිඩ හිතවතුන් කිහිපදෙනකු දිවවිත් තතු පවසන්නට විය. ඉක්‌මණට හැංගෙන්න. අපේ ගෙවල්වල හරි හැංගිලා පණ බේරාගන්න. කොටි මුළු ගමම කපනවා. මොහොතක්‌ ගතවිණි. සන්ධ්‍යාලාගේ වත්තට ද කැති පොරෝ අමෝරාගත් මිනිමරුවෝ යක්‍ෂාවේශයෙන් පැමිණෙන්නට වූහ. ගේ ඇතුළට හිස ඔබා කවුරුත් නැහැ වගේ. කෝ… මේ ගෙදරවුන්. අවට දෙමළ ජනයාගෙන් විමසන්නට වූහ. එයාල ගෙදර නැහැ. සන්ධ්‍යාගේ අසල්වාසීන් බියෙන් වෙව්ලමින් පැවසුවේ නිවස ඇතුලේ සිටි ඔවුන්ද මරා දමාවි යෑයි බියෙනි. සන්ධ්‍යා සැමියා හා දරු තිදෙනා බියෙන් වෙව්ලමින් ඒ වන විටත් නිවස පිටුපස වතුර ටැංකියේ දියෙන් ගොඩගත් මාළුන්සේ බයෙන් ගැහෙමින් සිටින්නට වූහ.

දැන් දැන් ඇසෙන්නේ ජයන්තිපුර සහ විජයබාපුර දෙසින් විලාප හඬ හා වෙඩි හඬකි. අඳුරට තිත තබමින් අරුණාලෝකය උදාවුවද දුටු දසුනින් මුළු මඩකලපුවම කම්පාවට පත්විණි. තැන් තැන්හි මංමාවත් මිදුල් නිවෙස්‌ තුළ මැරී වැටී සිටි හිතවතුන්ය. රතු ලේ දහරාව ඝන වී කළුවී වැලි පසේ කැටි ගැසී ගොස්‌ය. මොළකැටි සිනහ පෑ සිඟිත්තෝ හිස දෙපළු වී මරු තුරුලේ සැතපෙන්නට වූහ. ක්‍රිස්‌තියානි පියතුමකු පැමිණ බේරිලා ඉන්න ජනතාවට පැමිණෙන්නැයි පවසන්නට වූවේය.

මේ අයුරින් 1987 වසරේදී මඩකලපුව නගරයේ සිටි ව්‍යාපාරිකයන් ඇතුළු විජයපුර සහ ජයන්තිපුර යන ගම්මාන වල අහිංසක නිරායුධ සිංහල ජනයා 105 දෙනකු ඒ වන විටත් ඉතා ෙ€දනීය ආකාරයෙන් කොටි ත්‍රස්‌තවාදීන් ඝාතනය කර තිබිණි.

 

මඩකලපුව නගරයේ, ජයන්තිපුර, විජයපුර, කල්කුඩා, වාලච්ෙච්න, එරාවුර්, පුන්නකුඩා, කෝපවේලි, පෙරියපුල්ලුමලේ, කොස්‌ගොල්ල, ටැම්පිටිය, මංගලගම, සිප්පිමඩුව, කෙවිලියාමඩුව, සින්නවත්ත ඇතුළු මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ රැසක සිංහල ජනයා 22,000 ක්‌ පමණ ත්‍රස්‌තවාදීන් සමගම පෙර ජීවත්ව සිට ඇත. එවකට 1976 වසරේදී මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල සිසුන් 2600 කට අධික ප්‍රමාණයක්‌ සහ සිංහල ගුරුවරුන් 77 ක්‌ පමණ සේවය කර තිබුණු අතර ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ද 30% ක්‌ පමණ සිංහල ජාතික ව්‍යාපාරිකයන් සතුව තිබී ඇතැයි පැවැසේ.

ත්‍රස්‌තවාදී කලබල සමය ඇරඹෙත්ම සිංහල ජනතාවට ටිකෙන් ටික නරක කල දසාවක්‌ උදාවුණි. විටෙක තැන් තැන්හි සිංහල ජනයා මරා දමන්නට ගත් අතර ඇතැමුන් බස්‌රථ වලින් බස්‌සවා පැහරගෙන යන ලදී. මේ අයුරින් කරදර ඇතිවීම නිසා පණ බේරා ගැනීම සඳහා සිංහල ජනයා පිටගම් කරා ඇදෙන්නට වූහ. 87 වසරේදී මුළුමනින්ම වාගේ මඩකලපුවේ සිදුවූ සිංහල ජනසංහාරය නිසා ඇතැමුන් ඉඩකඩම් අතහැර තම නෑදැ ජනයාගේ නිවෙස්‌වලට පලා යන ලදී. ඇතැමුන් තුට්‌ටුවට දෙකට නීත්‍යනුකූල නොවන අයුරින් එම ඉඩකඩම්ද විකුණා දමා මඩකලපුව හැර දමා යන්නට වූහ. මෙලෙස ටිකෙන් ටික මඩකලපුව සියලු ගම්බිම් පාලුවෙද්දී තවත් ඇතැමෙක්‌ එම ගම්මානවලම ජීවත් වන්නට වූයේ කොටි තර්ජන මැදය.

හමුදාවයි පොලිසියයි අපිව ආරක්‍ෂා කරන සමයේ මේ ආකාරයට ගම්බිම් කපලා දැම්මේ නැහැ. නමුත් ඉන්දියන් හමුදාව ආවට පස්‌සේ අපේ හමුදාව සහ පොලිසිය කඳවුරු ඇතුළට පමණක්‌ සීමා කළා. එම නිසා කොටි ත්‍රස්‌තවාදීන් 105 ක්‌ පමණ මරා මිනිකඳු ගොඩ ගැසුවා. පස්‌සේ එන්න එන්නම කලබල වැඩිවීම නිසා මඩකලපුව පොලිසියේ අනාථ කඳවුරක්‌ සකසා ඉතිරිව සිටි අයට රැකවරණය දුන්නා. ඊට පස්‌සේ මඩකලපුව විහාරස්‌ථානයේ දවල් කාලයේ සිට රාත්‍රියට නැවතත් මඩකලපුව පොලිසියට ඇවිල්ලා නිදාගත්තා. 90 වසරේදී නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථාන යටත් කරලා පොලිසියේ 600 ක්‌ මරපු කාලේ මඩකලපුව පොලිසියත් යටත් වුණා. පොලිසියයි හමුදාවයි අපියි ඔක්‌කොම ත්‍රස්‌තවාදීන්ට කොටු වුණා. ගොඩබිමෙන් එන්න බැරි වුණා. ගුවන් යානා බස්‌සන්න බැරි වුණා. එම නිසා උඩින් ගෙනත් කෑම දැම්මා. ඒවත් දාන තැන්වලට නෙවෙයි වැටෙන්නේ. එහෙම තියෙද්දි පියතුමෙක්‌ මැදිහත්වෙලා ත්‍රස්‌තවාදීන්ට දැනුම් දීලා විශේෂ ගුවන් යානයක්‌ ගෙන්වා මඩකලපුවෙන් යැමට අපට අවස්‌ථාව ලබා දුන්නා. එහෙමයි මඩකලපුවෙ සිටි අපට ජීවිත බේරාගන්නට හැකි වුණේ. පස්‌සේ ජනාධිපති ප්‍රේමදාස මහතා අපව මාදිවෙල කෝට්‌ටේ පාසලකට රැගෙන ගිහින් සහන සැලසුවා. මම ඉපදුණේ මඩකලපුවේ. පාසල් ගියේ මඩකලපුවේ. ඒක නිසා නැවතත් අපි අපේ උපන් ගම්බිම්වලට ආවා. අපි විතරයි ජයන්තිපුර දැනට ඉන්න එකම සිංහල පවුල. අපිටත් නොසෑහෙන්න බාධක ආවා. වැසිකිළියක්‌වත් හදාගන්න ඉඩ දුන්නේ නැහැ. සිංහල ජනයා ඉඩම් කොල්ල කන්න එනවා කීවා. දෙමළ සාමාන්‍ය ජනතාව අපි නැවත උපන් ගම්වලට එනවට කැමතියි. නමුත් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් සහ සමහර ජන කොටස්‌ සියලු ජනයා නැවත ගම්බිම්වලට එනවාට අකමැතියි. නැවතත් සිංහල ජනතාව විශාල පිරිසක්‌ මඩකලපුවට පැමිණ පදිංචි වීමට කැමැත්තෙන් සිටිනවා යෑයි ද මඩකලපුව ජයන්තිපුර පදිංචි වී සිටින සන්ධ්‍යා රංජනි මහත්මිය “දිවයින”ට අදහස්‌ දක්‌වමින් පැවසුවාය.

මඩකලපුව නගරයේ පිහිටා තිබුණු මංගලාරාමය ද කොටි ත්‍රස්‌තයෝ වෙඩිතබා බෝම්බ ගසා මුළුමනින්ම විනාශ කර තිබිණි. එම නිසා එම විහාරස්‌ථානයද පාළුවට ගිය අතර එරාවුර් පුලිමතලා විහාරස්‌ථානයේ වැඩවාසය කළ හිමිනමද කොටින් විසින් සිත්පිත් නැති අයුරින් ඝාතනය කර තිබිණි. වාලච්ෙච්න හා පෙරියපිල්ලුමලේ ආදී විහාරස්‌ථාන රැසක වැඩවාසය කරමින් මඩකලපුවෙහි බෞද්ධ උරුමයට නායකත්වය දුන් භික්‌ෂූන් වහන්සේලා පන්නා දමමින් එම විහාරස්‌ථාන ද විනාශ කර දමන්නට වූහ.

මේ අයුරින් මඩකලපුව සිංහල ජනයාගෙන් තොරවෙද්දී 98 වසරේදී අම්පිටියේ සුමනරතන හිමි මඩකලපුව මංගලාරාමයට වැඩම කරද්දී එම විහාරස්‌ථානය එකම සුන්බුන් ගොඩක්‌ම විය. පන්සල ආසන්නයේ කාමරයක නැවතී සැප වෙනුවට දුකම වළඳමින් දානය වෙනුවට කුසගින්දර කුසෙහි පුරෝගෙන සෙමින් සෙමින් විහාරස්‌ථානය ගොඩනගන්නට වූහ.

මම මංගලාරාම විහාරස්‌ථානයට ආවයින් පසුව කොටි ත්‍රස්‌තයන් දිගින් දිගටම කරදර කළා. මට විහාරස්‌ථානය අත්හැරලා යන්න කීවා. වෙඩි උණ්‌ඩ හිසට උඩින් යද්දි මම යාන්තම් දිවි බේරාගත්තා. මාව වාකරේ එල්. ටී. ටී. ඊ. කාර්යාලයට රැගෙන ගිහින් රඳවාගෙන දස වධ දුන්නා. මට පන්සල අත්හැරලා යන්න කියා දිගින් දිගටම තර්ජනය කළා. තුනුරුවන්ගේ බලෙන් මට බේරෙන්න හැකි වුණා. කොටින්ගේ වෙඩි උණ්‌ඩයට බිලිවූ රණවිරුවෝ මගේ අත් දෙකේ අවසන් හුස්‌ම හෙළුEහ. වෙඩි වැදිලා ලේ පෙරි පෙරී හිටිය අපේ රණවිරු දරුවෝ මම දැතින් ඔසවගෙන ඉස්‌පිරිතාලෙට අරගෙන ගොස්‌ ඇතැම් අවස්‌ථාවල බේරාගත්තා. ඒකේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඒ ජීවිතවලට වන්දි ගෙවන්න විවිධ දුක්‌ගැහැට හා තර්ජන බාධක මැද මම තවමත් මඩකලපුව මංගලාරාමයේ වැඩවසනවා. මම කිසිම රාජ්‍ය නොවන ආයතනයක ඉත්තෙක්‌ නොවෙයි. දේශපාලනය බලය ගන්න අදහසක්‌ නැහැ. නමුත් අපිට අවශ්‍ය මඩකලපුවේ සිටින සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමගියෙන් සහයෝගයෙන් ජීවත් වීමටයි. අපට ඕනවෙලා

තියෙන්නේ ගම්බිම් අත්හැරලා ගිය මඩකලපුව සියලු ජනතාව නැවත මඩකලපුවට ගෙන්වා ඔවුන්ගේ ඉඩකඩම් යළි ඔවුන්ටම ලබා දෙන්න. අද නැවතත් තමන්ගේ පැරණි ගම්බිම් සොයා එන සිංහල ජනතාව දැඩි කරදරවලට මුහුණ පානවා. රාජ්‍ය ආයතනකට ගියාට කිසිම නිලධාරියෙක්‌ ඔවුන්ව ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ කාර්ය කරලා දෙන්නේ නැහැ. දේශපාලන අධිකාරිය මඩකලපුවේ සිංහල ජනතාව ගැන කිසිම තැකීමක්‌ කරන්නේ නැහැ. අද ඔවුන් උපන් බිමේම පිට දේසක්‌කාරයෝ වෙලයි තියෙන්නේ. ප්‍රශ්න ගොඩකට මැදි වෙලයි අද මඩකලපුව සිංහල ජනතාව ජීවත් වෙන්නේ. කෙවිලියගමුවේ ජනතාවට අද උපන් බිම්වල පදිංචි වෙන්න දෙන්නේ නැහැ. සින්නවත්ත ජනතාවටත් ගැටලු. සිප්පිමඩුව ජනතාවටත් ගැටලු තියෙනවා. කෙවිලියාමඩුව අයත් පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට, නමුත් අනවසරව පදිංචි උනා කියලා පවුල් 19 කට වව්නතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නඩු දැම්මා. මංගලගම අයිති චෙංකලඩිවයේ, තමුන් නඩු දැම්මේ වව්නතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. අපි අහන්නේ මඩකලපුව සිංහල ජනතාවට විතරක්‌ තියෙන මේ නීතිය මොකක්‌ද කියලා. අපි මේ ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිතුමාගෙන් අවස්‌ථාවක්‌ ඉල්ලුවා. නමුත් එයට අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. යනුවෙන් මඩකලපුව සිංහල උරුමය රකින්නට තනිව සටනක්‌ කරමින් මඩකලපුව සිංහල ජනතාවගේ එකම ගැලවුම්කරුවා වූ මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය අංපිටියේ සුමනරතන හිමි පැවැසීය.

සුමනරතන හිමියන්ගේ එම ප්‍රකාශයත් සමගින් අපි මඩකලපුවේ වත්මන් සිංහල ජනතාව පිළිබඳ තොරතුරු සොයන්නට වෙහෙසුණි. මේ වනවිටත් වසර ගණනක්‌ ත්‍රස්‌තවාදීන්ගෙන් බැටකෑ මඩකලපුව සිංහල ජනතාව නැවතත් තමන් උපන් ගම්බිම් කරා සෙමින් ඇදෙමින් සිටිති. නමුත් අද ඔවුනට සටන් කරන්නට වී තිබෙන්නේ “රාජ්‍ය ත්‍රස්‌තවාදය”Êසමගය. මේ වනවිටත් අතීතයේ සිංහල පවුල් 22000 ක්‌ සිටි මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ මේ වන විට මංගලගම පවුල් 375, කෙවිලියාමඩුව පවුල් 65, කොස්‌ගොල්ල පවුල් 15, සින්නවත්තේ පවුල් 45 සහ සිප්පිමඩුවේ පවුල් 35 ක්‌ පමණි. ඊට අමතර ගෝනගල ඇතුළු ප්‍රදේශවලින්ද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට තවත් පවුල් රැසක්‌ අයත් වේ. ඒ අනුව මේ වනවිට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 750 කට ආසන්න ප්‍රමාණයක්‌ උපන් බිමේ අසරණ වී සිටිති.

කෙවිලියාමඩුව ගම්මානයේ හිටි අය 91 අවුරුද්දේ ගම අත්හැරලා කොටින්ට බයේ යන්නට ගියා. නෑදැ ගෙවල්වලට ගොස්‌ ඔවුන්ගේ ඉඩම්වල තාවකාලිකව නිවාස හදාගෙන පදිංචි වී සිටියා. යුද්ධය ඉවර උනායින් පසුව අපිට නැවතත් හිටපු තැන්වලටම යන්න කියලා ඒ අය කීවා. ඒක නිසා අපි නැවතත් පුංචි ගෙවල් හදාගෙන පවුල් 35 ක්‌ කෙවිලියාමඩුවට 2009 වසරේ ආවා. නමුත් එදා පටන් අපි අන්ත අසරණ වෙලා. ඉස්‌සර අපි වගා කරලා තිබ්බ ගස්‌ කොළන් මොනවත් නැහැ. ඔක්‌කොම ඩෝසර් කරලා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට නඩු දැම්මා කලවංචිකුඩි උසාවිය අනවසරයෙන් පදිංචිව ඉන්නවා කියලා. අපිව හාමුදුරුවෝ කලවංචිකුඩි උසාවියට එක්‌කරන් ගිහින් අපිට උදව් කළා. උසාවි යන්න සල්ලි නැහැ. නීතිඥ මහත්තුරුන්ට දෙන්නත් සල්ලි නැහැ. එදාවේල කුලියක්‌ කරලා අමාරුවෙන් ජීවත් වන අපි කොහොමද උසාවි යන්නේ. රජයේ නිලධාරීන් කියනවා ඔයාලා අනවසරයෙන් ඉන්නේ. ඒක නිසා මොනවත්ම දෙන්නේ නැහැ කියලා. අපිට මොනවත් රජයෙන් ලැබෙන්නේ නැහැ. යනුවෙන් කෙවිලියාමඩුවේ පදිංචි එච්. පී. ධම්මිකා කුමාරි මහත්මිය පැවසුවාය.

කෙවිලියාමඩුව පදිංචි ජී. ටී. සිරිල් (68) මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

1978 මම කෙවිලියාමඩුවේ පදිංචිවෙලා හිටියේ. ඒ කාලේ තණබිමක පදිංචි වෙලා ඉන්නවා කියලා මාව උසාවි අරන් ගිහින් මාස 05 දවස්‌ 10 ක්‌ රිමාන්ඩ් කළා. පස්‌සේ උසාවියට අදාළ සිතියම ගේන්න කියලා බලද්දි තණබිමකට වෙන් කරලා නැහැ. ඊට පස්‌සෙ මාව නිදහස්‌ කරලා මට අක්‌කර 02 කට බලපත්‍රයක්‌ ලබා දුන්නා. අපි ගියේ පණ බේරගන්න. අලින්ගෙන් කරදර මැද වතුර ටිකක්‌ විදුලිය ටිකක්‌ නැතිව අපි මෙතෙන්ට දුක්‌ විඳගෙන හරි ජීවත් වෙන්න එන්නේ අපිට ඉන්න වෙන තැනක්‌ නැති නිසා. අපිට ජීවත් වෙන්න තැනක්‌ තියෙනවා නම් අපි මෙතෙන්ට ඇවිල්ලා නිලධාරීන්ගෙන් දොස්‌ අහන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපේ අයිතිය. යනුවෙන් ජී. ටී. සිරිල් මහතා අදහස්‌ දක්‌වමින් පැවැසීය.

අපි ඇවිල්ලා මඩකලපුව ටවුමේ උපවාසයක්‌ කළා. එතකොට කරුණා අම්මාන් හෙවත් විනායාගමූර්ති මුරලිදරන් ඇමැතිතුමා ඇවිත් කීවා ඉක්‌මනින් පදිංචිය දෙන්නම් ඉන්න තැනින් පදිංචිය අත්හැරලා එන්න කීවා. අපි හිටපු තැනින් ග්‍රාමසේවා මහත්තයට කියලා පදිංචිය අත්හැරලා ආවා. අපි ග්‍රාමසේවක මහත්තයත්, ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මඩකලපුව දිසාපතිතුමත් මුණගැසුණා. නමුත් තවම අපිව ලියාපදිංචි කළේ නැහැ. අපි අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ කියලා අපිව ලියාපදිංචි කරන්න බැහැ කීවා. අපිට දැන් මෙතනට ආවට පස්‌සේ ඡන්දය දාන්න බැරි උනා. සමෘද්ධි දීමනාව තබා භූමිතෙල් කාඩ් එකක්‌වත් නැහැ. රජයේ රැකියාවක්‌ කරන කව්රුත්ම නැහැ. ගෙවල් හදාගන්න රජයෙන් ආධාර නැහැ. ළමයෙක්‌ පිට පාසලකට දාගන්න

සුසන්ත අමරබන්දු

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: