Posted by: lrrp | January 30, 2013

රටම එකෙළි කළ රයිගම පතිරාජ පිරුවෙණ ඉතිහාසයේ සැ`ගව ගියේ මෙහෙමයි!

සිදත් සඟරාවෙහි අවසන් ගීයෙහි “දකුණ ලක සියල් බුජ මහවුරෙහි රක්‌නා දෙදෙරද ගම් විමනද” යන්න දැනට ද සැලකිල්ලට භාජන වී තිබෙනවා. ඇතැම් තැනක මෙය හමුවන්නේ ” රදලගම් යනුවෙන්. රදල යනු රාජකුළ යන අරුතයි. එකල රටේ වගකිව යුතු තත්ත්වයේa නිලධාරීන් ” රාජ කුලයට අයත් වූවන් සේ සලකණු ලැබුවා. ඒ නිසා අලකේෂ්වර පවුලට ලැබුණ ප්‍රවේණිගම රාජකුල

ග්‍රාම + රදොලගම + රදලගම් වී යෑයි එක්‌ මතයක්‌. මෙයට විරුද්ධව තවත් මතයක්‌ තිබෙනවා. නිශ්ශංක අලකේෂ්වර ස්‌වාධීන පාලකයකු වශයෙන් ජීවත් වූ නිසා ඔහුද “රජ යන්න” භාවිත කරන්නට ඇති. ඔහුගේ ග්‍රාමය රාජග්‍රාම + රදගම් වී යෑයි තවත් මතයක්‌. මුඛපරම්පරාගත වෘත්තාන්තයක්‌ අනුව මේ ප්‍රදේශයේ පැවති විසල් වනයක්‌ නිසා රද්වන + රද්ගම + රදගම වී යෑයි සැලකෙනවා . කෙසේ හෝ වේවා මෙම රදගම අද “රයිගම” යයි සැලකෙන නාමය බව පැහැදිලියි.

කිත්සිරිමෙවන් කැලණි ශිලා ලිපියෙහි දැනට කියවා ඇති පාඨයක්‌ අනුව

“දේව පතිරාජෙන රාජග්‍රාම සමීපෙ හොරණ නාම ස්‌ථානෙ ප්‍රතිෂ්ඨාපිතේ, පතිරාජ පරිවෙන ස්‌ථවිර පදං ලබ්ධවා…………” යෑයි විස්‌තර වෙනවා. එසේ නම් මේ කියමනත් අද මෙතැන ඇති නටබුනුත් දෙස බලන විට හොරණ පිහිටි පතිරාජ පිරුවන අන් තැනක පැවතියේ යෑයි සිතිය නොහැකියි. එමෙන්ම පැරණි නිධන් වදුලක මෙසේ ද සඳහන් වෙනවා.

“රයිගම් නම් නුවරෙක්‌ ඇත. ඊට නැගෙනහිරින් පතිරාජ නම් අරමෙක්‌ ඇත………”

මේ කරුණු ද සලකතොත් සිදත, මයුරය වැනි ග්‍රන්ථකරණය සඳහා පසුතල වූ පතිරාජ පිරුවන හොරණ පිහිටි බව පැහැදිලියි. එසේ වෙතොත් හොරණ රජ මහා විහාර භික්‍ෂු පරපුර ඓතිහාසික වශයෙන් පොළොන්නරු යුගය දක්‌වාත් ගමන් කරනවා. මෙයින් පැහැදිලි වන්නේ කුමක්‌ද? මුල් අවස්‌ථාවෙහිදී බෝධිරාජයා පමණක්‌ පැවති මෙතන පසුකාලයේදී ප්‍රාදේශීය පාලකයන් විසින් සෙසු විහාරාංගයන් එක්‌කොට වැඩිදියුqණු කරන ලද බවයි. මේ ස්‌ථානයේ දැනට සොයාගෙන ඇති නටබුන්වලින් සමහරක්‌ දඹදෙණි, යාපහු යුගවලට අයත් වීමද මෙහි ලා සැලකිය යුතු කරුණක්‌. මෙහි ඇති ඇතැම් ශිලාස්‌ථම්භයක හෝ ගල්කැටයමක පෞරාණිකත්වය අනුව දඹදෙණියේ සහ යාපහු යුගයන්හි මෙතන විශාල ආරාමයක්‌ තිබුණේ යෑයි සැලකිSම අපහසු වන්නෙ නෑ.

පැරණි යුගයෙහි දේශපාලන තන්ත්‍රයෙහි විශේෂ ලක්‌ෂණයක්‌ දක්‌නට ලැබෙනවා. එනම් දේශපාලනය බුද්ධ ශාසනය අතර පැවති දැඩි සම්බන්ධතාවයි. රජවරුත් වෙනත් රාජකීය ප්‍රබලයෝත් තමන්ගේ නමින් ආරාම කෙරෙව්වා. ඒවාට පුදපඬුරු වශයෙන් ගම් නියම්ගම් පිදුවා. එමෙන්ම එහි වැඩ සිටි භික්‍ෂුන්ගේ නොමද ආශිර්වාදයත්, සහායත් ඔවුන්ට ලැබුණා. මෙම විහාරාරාමයන්හි දියුණුව හෝ පරිහාණිය රඳා පැවතියේ ස්‌වකීය අනුග්‍රාහකයන්ගේ ජය හෝ පරාජය මතයි. මේ අනුව ආර්යචක්‍රවර්තීන් පරදවා හතරවන පරාක්‍රමබාහු පලවා හැර අලකේaෂ්වරගේ බලය වර්ධනය වන විට ඔවුන්ගේ අනුග්‍රහය ලැබූ හොරණ පතිරජ පිරුවනේද ස්‌වර්ණමය යුගය උදාවීම ස්‌වභාවිකයි.

ක්‍රි. ව. 1344 දී ඉබන්බතුතා නම් සංචාරකයා ලංකාවට පැමිණෙන විටත් අලගක්‌කෝනාර රයිගම්පුර විසූ බව පෙනෙනවා. ඉබන්බතුතා ඔහු හඳුන්වන්නේ අල්කෝනාර් යන නමින්. ඔහු සිය පුත්‍රයා විසින් ඇස්‌ දෙක අන්ධ කරනු ලැබ විසූ බවත් කියවෙනවා. එහෙත් මේ වන විටත් අලකේශ්වර පවුලේ දේශපාලන බලය ස්‌ථාවරව තිබිණා. එය විනාශ වූයේ චීන සෙන්පතියකු විසින් වීර අලකේශ්වර පරාජයකොට සිරකරුවෙකු වශයෙන් අල්වාගෙන යැමෙන් පසුවයි. හතරවන පරාක්‍රමබාහු රජු බලයට පත්වුණේ ඉන් පසුවයි. හේ ආර්යචක්‍රවර්ත්‍රී වෙතින් පරාජය ලැබ රෝහණයට පලා ගිය පස්‌වන පරාක්‍රමබාහුගේ බෑණා කෙනෙකු බව පෙනෙනවා. එසේ නම් ස්‌වකීය මාමාගේ විරුද්ධවාදීන් වන අලකේශ්වර වරුන් කෙරෙහි විරුද්ධතාවය මොහු තුළත් පවතින්නට ඇති. හයවැනි පරක්‍රමබාහු ස්‌aවකීය අගනුවර වශයෙන් තෝරාගත්තේ කෝට්‌ටේ තිබුණු බලකොටුවයි. එහෙත් ස්‌වකීය පූර්වගාමීන් හා විරුද්ධවාදීන් වන අලකේශ්වර වරුන්ගේ රාජධානිය මොහු අමතක කර දමන ලද බව පෙනෙනවා. යටත් පිරිසෙයින් තමා බාල කල හැදුනු වැඩුණු වීදාගම විහාරස්‌ථානය පවා නොතකා හරින ලද බවක්‌ තමයි පෙනෙන්නෙ.

සීතාවක රාජසිංහයන්ගේ මරණින් පසුව රයිගම් කෝරළය හා ඒ අවට ප්‍රදේශ නිත්‍ය වශයෙන්ම පරංගීන් යටතට පත් වුණා. මුල් යුගයේ ගෙන ගිය සටන් ව්‍යාපාරයන්හි දී තමනට විපක්‍ෂව සිටි මේ ප්‍රදේශ වලින් ඔවුන් සෑහෙන පළිගැනීමකින් තෘප්තිමත් වෙන්න ඇති. දොන් ජුවන් ධර්මපාලගේ මරණින් පසුව ඔවුන් කන්ද උඩරට හැර සෙසු සියලු මුහුදු බඩ ප්‍රදේශවල නීත්‍යානුකූල උරුමක්‌කාරයන් බවට පත්වුණා. එතැන් සිට ස්‌වකීය පාලන ප්‍රතිපත්තීන් මෙන්ම ආගමික ප්‍රතිපත්තීන් ද සිත්සේ ක්‍රියාත්මක කිරීමේ වරය ඔවුනට ලැබුණා.

පරංගි ආගමික ප්‍රතිපත්තිය වූයේ ක්‍රිස්‌තු ලබ්ධිකයන් හැර සෙසු සියලුම ආගමිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් සේ සලකා ඔවුන් පිටු දැකීමයි. කතෝලික පල්ලි හැර සෙසු සියලුම ආගමික පූජනීය ස්‌ථාන මිථ්‍යා දෘෂ්ටික මධ්‍යස්‌ථාන සේ සලකා විනාශ කිරීමයි. ඒ තැන්වල කතෝලික පල්ලි ගොඩනැඟීමයි. පරංගීන් විසින් ලියන ලද ඇතැම් වාර්තාවන් අනුව රයිගම් කෝරළයේ විහාරයක්‌ කඩා වටිනා වස්‌තු පැහැර ගත් බවත්, චෛත්‍ය කඩා බිඳ දමන ලද බවත් සඳහන් වෙනවා. මේ විනාශයට ලක්‌ වූ ආරාමය හොරණ රජමහා විහාරය යෑයි සාධාරණව තර්ක කළ හැකියි. ඔවුන් විනාශ කළ සෑම විහාරයක්‌ පැවති ස්‌ථානයකම පල්ලිsයක්‌ ගොඩනගනු ලැබුවා. එසේ හොරණ ඓතිහාසික රජමහා විහාර භූමියේ ද පරංගීන් විසින් පල්ලියක්‌ ගොඩ නොනගන ලද්දේ යෑයි සිතිය හැකිද?

පරංගීන් මුහුදුබඩ පාලනය භාරගත් අවස්‌ථාවේ පටන්ම කිහිප අංශයකින්ම නැගුණු බාධකයනට මුහුණ දීමට ඔවුනට සිදුවුණා. එක්‌ පසෙකින් තමනට විරුද්ධව කඩුව අමෝරාගෙන සිටි කන්ද උඩරට විමලධර්මසූරියයි. අනෙක්‌ පැත්තෙන් නිරන්තරයෙන්ම පහත රටින් පැන නැගුණු කැරලි පිළිබඳ තර්ජනයයි. මෙම බාධකයනට මුහුණ දී රටේ සාමය පවත්වා ගැනීමට ගමන් මාර්ග පහසුකම අවශ්‍ය වුණා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ගමන් මාර්ග දෙකක්‌ සකස්‌ වී තිබුණා.

1. කොළඹ සිට කඩුවෙල, හංවැල්ල, අවිස්‌සාවේල්ල හරහා මහනුවරට

2. මල්වානේ සිට හංවැල්ල හරහා හොරණට , හොරණින් පානදුරයට, රත්නපුරයට හා අඟුරුවාතොටට……….

මේ නිසා හොඳම ගමන් සංධිස්‌ථානයක පිහිsටි හොරණ රජමහා විහාරයට ඔවුන්ගේ පළමු පහර එල්ල වීම ස්‌වාභාවිකයි. මෙම යුගයෙහි පරංගීන්ට විරුද්ධව වැඩියෙන්ම කැරලිs පැන නැගුනේ කලින් සීතාවක රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශ වලයි. විශේෂයෙන්ම දොන් ජෙරනිමෝද අසවේදෝ පරංගි කපිතාන් ජෙනරාල් වරයා වශයෙන් සිටියදී මෙම කැරලි ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. වරක්‌ රයිගම් කෝරළ ප්‍රදේශයෙහි පැන නැගුණු කැරැල්ලක්‌ මැඬලීමට සමරකෝන් මුදලි යටතේ හාරසීයක ලස්‌කිරිඤ්ඤ බට හමුදාවක්‌ යවන ලද බව පෙනෙනවා. තවත් වරක පැන නැගුණු අරගල මැඬ පවත්වා, රයිගම් කෝරළය සෙමෙහි තැබීම සඳහා පර්නැන්ඩු මුදලි රයිගම් කෝරළයෙහි බලකොටුවක වාඩිලා සිටි බවත් සඳහන් වෙනවා. තවත් අවස්‌ථාවකදී ව්‍යාප්තව ගිය කැරැල්ලක්‌ මැඬලීමට ගිය අසවේදෝ කපිතාන් ජනරාල් හොරණ හරහා ආපසු ගිය බවද සඳහන් . ඒ අවස්‌ථාවේදී හොරණදී අසවේදෝ කැරලිකරුවන් සමඟ සටන් කළ බවත් කියවෙනවා.

මෙබඳු සටන් ව්‍යාපාරයන් පවතිද්දී ඒ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පෘතුගීසි ප්‍රතිපත්තිය වුණා. එබඳු තත්ත්වයක්‌ යටතේ හොරණ රජමහා විහාරය ඔවුන්ගේ ප්‍රහාරයට ලක්‌ වීම පුදුමයක්‌ නොවේ. මේ වන විට රයිගම් කෝරළයේ පූජනීය ස්‌ථාන අතරින් පෙරමුණෙහි වූවේ වීදාගම විහාරය සහ හොරණ රජමහා විහාරයයි. පරංගි සිංහල සටන්වලදී සිංහල රණකාමින්ගේ රක්‍ෂාස්‌ථානයන් වශයෙන් ද මේ ස්‌ථාන වැදගත් තැනක්‌ ගත් බවට සැකයක්‌ නැහැ. පරංගි ආධිපත්‍යයෙන් රට නිදහස්‌ කරගැනීම සඳහා සිංහල හදවත් මුවහත් කිරීමෙහිලා මේ ස්‌ථානයේ දුකසේ වැඩ විසූ භික්‍ෂුන් වහන්සේ සෑහෙන ප්‍රමාණයක්‌ උත්සාහයක්‌ දරන්නට ඇති. මෙසේ ඇති වූ කැරලි මැඬලීමේදී මූලික වශයෙන් පරංගි ප්‍රහාර මෙම ආගමික මධ්‍යස්‌ථානයන්ට එල්ල වීම ස්‌වාභාවිකයි. මෙබඳු ප්‍රහාරයකදී කෝපයට පත් වූ පරංගි හොරණ රජමහා විහාරයේ පැවති ඓතිහාසික බෝධි වෘක්‍ෂයද කපා දැම්මා. බෝධි රාජයා කපා දැමීමෙන් පසු සත් දිනක්‌ වනතුරු එතනින් ලේ වැගුරුණු බව අදත් මුඛ පරම්පරාගත වෘත්තාන්තයන්හි සඳහන් වෙනවා.

හොරණ රජමහා විහාරයේ පරිහානිsයට ඊළඟ හේතුව වුණේ පරංගීන් තුළ පැවති ආගම් පිස්‌සුවයි. තමන් විසින් විනාශ කරන ලද අන්‍යාගමික පූජනීය ස්‌ථාන පිහිටි ස්‌ථානයෙහි ඒ මත කතෝලික පල්ලි ගොඩනැඟිම ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්තියෙහි විශේෂාංගයක්‌ බව අප මුලින්ද පෙන්වා දුන්නා. පෘතුග්‍රීසි මූලාශ්‍රයනට අනුව වීදාගම විහාරය බිඳ හෙළා ඒ මත පල්ලියක්‌ ගොඩනැගූ බව පෙනෙනවා. එසේ නම් වීදාගම විහාරය සමඟ දීර්ඝකාලීන සම්බන්ධකම් පැවැත්වූ සම ආයතනයක්‌ වශයෙන් ඓතිහාසික යුගයන්හි නැගී සිටි හොරණ රජමහා විහාරයට ද එම ඉරණම ම අත් වීම අප අපේක්‌ෂා කළ යුතුයි.

ක්‍රිස්‌තුලබ්ධිය ප්‍රචාරය කිරීමෙහිලා එක්‌ පරංගි උපක්‍රමයක්‌ වූයේ පල්ලි ආශ්‍රිතව ගෙනගිය අධ්‍යාපනික හා සමාජ සේවා ව්‍යාපාරයයි. හොරණ ග්‍රාමයෙන් හා ඒ අවට ගම් කිහිපයකින් ලැබුණු ආදායම ක්‍රිස්‌තියානි අනාථ දරුවන්ගේ මඩමක වියදම සඳහා යොදවන ලද බව එක්‌තරා පෘතුගී්‍රසි මූලාශ්‍රයක දැක්‌වෙනවා.

පෘතුග්‍රීසින්ගෙන් පසුව ලක්‌දිව මුහුදුබඩ ප්‍රදේශ පත් වූයේ ලන්දේසි ආදිපත්‍යයටයි. මුහුදුබඩ ප්‍රදේශ වල ආදිපත්‍ය සඳහා පරංගීන් හා ඕලන්දයන් අතර ඇති වූ ගැටුම් රයිගම් හා පස්‌දුන් කෝරළ වලද බෙහෙවින් දක්‌නට ලැබුණා. පෘතුගීසින් හා ලන්දේසින් අතර ප්‍රදේශ බෙදා ගැනීමේදි ඔවුන්ගේ පාලන සීමාව වැටී තිබුණේ රයිගම් කෝරළයෙන්. මේ නිසා දෙපක්‍ෂය අතර ඇති වූ සටන් රාශියක්‌ම රයිගම් කෝරළය තුළදී ඇතිවීම ස්‌වභාවිකයි. මෙම සටන් වලදී මෙම ප්‍රදේශයේ තිබුණු පූජනීය ස්‌ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා.

ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ලන්දේසිs අතට පත් වූ පසු ඔවුන් රෙපරමාදු ධර්මය මෙහි ප්‍රචලිත කිරීමට උනන්දු වුණා. ආගම ප්‍රචාරණය කිරීමෙහිලා ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්‌ වූයේ පෘතුග්‍රීසින් පිහිටුවන ලද කතෝලික පල්ලි රෙපරමාදු පල්ලි බවට පත් කිරීමයි. අනතුරුව ඒවා අධ්‍යාපන මධ්‍යස්‌ථාන බවට පත් කිරීමයි. දැනට රාජ්‍ය ලේඛනාගාරයේ ඇති ලියකියවිලි හා තෝම්බු වලින් හොරණ රජමහා විහාර භූමියේ ලන්දෙසි පාසලක්‌ පැවති බව පෙනී යනවා. මිල්ලෑව, මීවන පලාන, වැලිකල, මීමන වැනි ගම් දහයක පවුල්වල ළමුන් මේ ස්‌ථානයට පැමිණි බව එම තෝම්බු වල සඳහන් වෙනවා. එපමණක්‌ නොව මෙම පාසල රෙපරමාදු පූජකවරයකුගේ පාලනය යටතෙහි පැවති බවත්, ළමයින් සෑහෙන සංඛ්‍යාවක්‌ මෙහි ඉගෙනීම ලැබූ බවත් පැහැදිලි වෙනවා.

පරංගි, ලන්දේසි පාලන සමයන්හි හොරණ රජමහා වෙහෙරට අත් වූ තත්ත්වය මින් පැහැදිලියි. කෝට්‌ටේ අර්බුදකාරිත්වය නිසා කෙමෙන් පිරිහෙමින් පැවති මෙම ස්‌ථානයට මාරක පහර වැදුණේ මෙම විදේශීන් අතිsන්. නිරන්තරව පැවති අවුල් වියවුල් නිසා මේ ප්‍රදේශයෙහි වැසියෝ බොහෝ විට කන්ද උඩරටට පලාගියා. විශේෂයෙන්ම සීSතාවක රාජසිංහගේ අවසාන සමයේදි මෙය බහුල වශයෙන් දක්‌නට ලැබුණා. ජන ශූන්‍ය ප්‍රදේශයක්‌ බවට මෙය පත්වන විට එම වැසියන්ගේ පුදප`ඩුරින් ඔදවත් වුණු වෙහෙර ද අඩපණ වී යැම නොවැළැක්‌විය හැකි කරුණක්‌. පරංගීන්ගේ, “ආගම් පිස්‌සුව” නිසා මෙම ස්‌ථානය පමණක්‌ නොව මෙහි තිබුණු අගනා පූජනීය වස්‌තූන් aද විනාශ වී ගියා. සිල්වත්, නැණවත් මහතෙරවරුන් විසින් සෙව්නා ලද මේ බිම ක්‍රමයෙන් භික්‍ෂුන් වහන්සේගෙන් හිස්‌ව ගියා. පිළිම ගෙවල්, දාගැබ්, වෙහෙර විහාර, ලැගුම් ගෙවල් විනාශ වී ගියා. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ යෞවන සමයෙහි නැගුණු බීජයකින් පැන නැගී, අත්‍යන්ත ශ්‍රද්ධා භක්‌තියකින් පිරී ඉතිරී ගිය බෞද්ධයන්ගේ සාදු නාදයෙන් නව ජීවයක්‌ ලබමින් වැඩුණු බෝධීන් වහන්සේ, සැතපුම් දහස්‌ ගණනක්‌ එපිට යුරෝපීය දේශයක ජනිතව සුරතින් කඩුවත් වමතින් කුරුසයත් රැගෙන මෝසම් සුළ`ගින් පාවුණු නැවකින් ලක්‌දිවට පා තැබූ මිසදිටු අතකින් කැපි මේ පොළවට පස්‌ වුණා. තත් බෝධිරාජයාණන්ගේ සුරක්‌ෂිත භාවය සඳහා සැදැහැත් රජදරුවන් විසින් සද්ධා භක්‌තියට අබමල් පියල්ලකිනුදු දැඩි බවින් අඩු නැති සෛලමය බලකොටුවක්‌ සේ කරවන ලද බෝ කොටුව කාලයාගේ ඇවෑමෙන් විනාශ වුණා.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: