Posted by: lrrp | January 30, 2013

රයිගම් පුරවරයේ ඉතිහාසය තවමත් හෙළි වී නැහැ

නායක හාමුදුරුවනේ, මේ හොරණ රජමහා විහාරස්‌ථානය කළුතර දිස්‌ත්‍රික්‌කයේ රයිගම් කෝරළයේ ඉතාම සම්භාවනීය ඓතිහාසික විහාරස්‌ථානවලින් එකක්‌. අද මෙම විහාරස්‌ථානයටත් වඩා රටේ හා ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ මෙම රජමහා විහාරස්‌ථාන භූමියේ ආරම්භ කොට පවත්වා ගෙන යනු ලබන විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයයි. විද්‍යාරත්න පිරිවෙන හා ඒ හා සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනයි. ඒවා ගැන කථා කිරීම පසුවට තබා මේ ඓතිහාසික රජමහා විහාරස්‌ථානය ගැන කරුණු ටිකක්‌ මුලින්ම කථා කරමු.

ඔව්……… ඔව්………. ඒක හොඳයි. රජ මහා විහාරයේ කරන ලද කැණීම්වලදී ලැබී ඇති, සඳකඩ පහණ, ලෝකඩ බුදුපිළිම, කැටයම් ගල් කුලුනුq ගල් උලුවහු, විදුරසුන් ගල් ආදි ශේෂ වී පවත්නා සාධක අනුව අනුරාධපුර, දඹදෙනි, කෝට්‌ටේ රාජධානි යුගවලට අයත් යම් යම් සාධක දකින්නට තිබෙනවා.

හොරණ රජමහා විහාර ඉතිහාසය නමින් මගේ මූලිකත්වයෙන් සහ විද්‍යාරත්න පිරිවෙනේ ආචාර්ය සිරිවර්ධන කලංසූරිය මහතාගේ සහායෙන් පිටු 41 ක්‌ පමණ වූ කුඩා ග්‍රන්ථයක්‌ මීට අවුරුදු 40 පමණ පෙර ලියන ලදුව විද්‍යාරත්න ගොඩනැඟිලි කාරක සභාව විසින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. මෙම කුඩා ග්‍රන්ථයෙන් හොරණ රජමහා විහාරස්‌ථානයේ ඉතිහාසයත්, වර්තමාන තත්ත්වයත්a විස්‌තර කොට තිබෙනවා.

හොරණ රජමහා විහාරයේ දියුණුව නියම වශයෙන්ම උදා වූයේ 13 වන ශතවර්ෂයෙන් පසුව බව කියන්න පුළුවන්. දිවංගත මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් “සිදත් සඟරා කතෘ” යන මාතෘකාවෙන්, ලංකා සාහිත්‍යය මණ්‌ඩලයේ ආරාධනාවෙන් කොළඹ රාජකීය විද්‍යාල ශාලාවේදී පැවැත්වු දේශනයකින් පැහැදිලි කළ ආකාරයට 13, 14, 15 යන සියවස්‌ වලදී තමයි රජමහා විහාරයේ දියුණුව ඇති වී තියෙන්නේ. කිත්සිරිමෙවන් කැළණි විහාරයේ විල්ගම්මුල මාහිමියන් ව්‍යවහාර වර්ෂ 1333 කෙටු සෙල් ලිපියක්‌ දක්‌නට තියෙනවා. එම ලිපිය කොටා ඇති ගලේම එකි අකුරු පේළි අතර ඊට පසු කාලයක කෙටු තවත් ලිපියක්‌ තියෙනවා. රයිගම විසූ අලගක්‌කෝනාරවරුන්ගේ පරම්පරාව ගැන එම ලිපියෙන් කියවෙනවා. එම ලිපිය අලගක්‌කෝනාර පරම්පරා පුස්‌තකය වශයෙනුත් සලකනවා. එම ලිපිය රචනා කොට ඇත්තේ සංස්‌කෘත භාෂාවෙන්. ඉතාම කුඩා අකුරු වලින් ලියා ඇති මෙම ලිපිය මහත් පරිශ්‍රමයකින් කියවා ගැනීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සමත් වුණා. එහි සඳහන් කරුණු රාශියක්‌ එම දේශනයේදී එතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළා. ඒ අනුව 13, 14, යන සියවස්‌වල මේ ස්‌ථානය හදුන්වා ඇත්තේ, පතිරාජ පිරිවෙන නාමයෙන්. මෙම යුගයේ රචනා කරන ලද ග්‍රන්ථ කිsහිපයකම පතිරාජ පිරුවන, පතිරාජ අරම යන නම් හමුවෙනවා. පොළොන්නරු පරිහාණියෙන් පසුව රජ රට දේශපාලන හා ආර්ථික තත්ත්වයත්, සමාජ තත්ත්වයත් හොඳින් පැහැදිලි වෙනවා. දැදිගම්පුර පාලන මධ්‍යස්‌ථානය කොට විසූ පස්‌වන පරාක්‍රමබාහු රජුගේ සියලු පාලන කටයුතුවල භාරකාරත්වය දැරූ පතිරාජ මන්ත්‍රීශ්වරයාණන් ස්‌වකීය නාමයෙන්ම ආරාමයක්‌ කරවූ බව පූජාවලිsයෙහි සඳහන්a වී තිබෙනවා. එහෙම නම් මේ කතාවෙහි හා හොරණ රාජමහා විහාරය අතර සම්බන්ධය කුමක්‌ දැයි අපට සිතන්නට සිදුවෙනවා. පැරණි පොත පතෙහි සඳහන් වන පතිරාජ පිරිවෙන පිහිටි ස්‌ථානය පිළිබඳව නොයෙකුත් මත භේද දක්‌නට ලැබෙනවා.

සිදත් සඟරාව නම් වූ ප්‍රසිද්ධ ව්‍යාකරණ ග්‍රන්ථයේ සඳහන් වන්නේ පතිරාජ පිරිවන් හිමියන් විසින් දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාවෙන් සිදත් සඟරාව ලියූ බවයි. ඒ අනුව ප්‍රතිරාජ පිරිවෙන, දේවපතිරාජ අමාත්‍යයා විසින් කරවන ලද්දක්‌ බවත් සමකාලීන පොදු පිළිගැනීම අනුව ස්‌වකීය නාමය ඒa සඳහා සම්මත වූ බවත් පිළිගත හැකිය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි පතිරාජ යන්න සංඥා නාමයක්‌ නොව පදවි නාමයක්‌. දේවප්‍රතිරාජ අමාත්‍යවරයා පිළිබඳ පැරණිම සඳහන් හමුවන්නේ දඹදෙණි යුගයේදියි. මේ නිසා සිදත් සඟරාවේ කතු හිමියන් දඹදෙණි සමයෙහි විසූ වේදේහ හිමියන් යයි සාමාන්‍යයෙන් පිළිගන්නවා. එමෙන්ම රසවාහිණිය, සමන්තකූඨ වර්ණනාව යන ග්‍රන්ථයන්හිද අග ගාථාවල සඳහන් අනුව ඒවා ද මෙම හිමියන්ගේම කෘතීන් යෑයි පොදු පිළිගැනීමක්‌ තිබෙනවා. මෙකී කෘති දෙකෙහිදීම වේදේහ හිමියන්a, සිහළ සද්ද ලක්‌ඛණ නමින් ග්‍රන්ථයක්‌ කළ බව දැක්‌වෙනවා. මේ සඳහන් සද්ද ලක්‌ඛනය සිදත් සඟරාව නොවන බව පරණවිතාන මහතාගේ නව පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.

වේදේහ හිමියන් විසින් සිදත් සඟරාව ලියන ලද්දේ නම් සිදත් සඟරාව සම්පාදනය විය යුත්තේ දඹදෙණි යුගයෙහිදීයි. දැනට ඓතිහාසික මූලාශ්‍රයන්හි හමුවන පතිරාජ දේවයන් දෙවන පරාක්‍රමබාහු රජුගේ අගමැතිවරයායි. ඔහුගේ ආරාධනාවෙන් සිදත ලියන ලද්දේ නම් උන්වහන්සේ දඹදෙණි යුගයේ විසිය යුතුයි. එහෙත් උන්වහන්සේa විසූ වකවානුව පිළිබඳව දැනට මතභේද හටගෙන තියෙනවා. මෙහි සඳහන් වන වේදේහ හිමියන් සහ බුද්ධප්පිය නම් තවත් හිමි නමක්‌ අරඤ්ඤායතන ආනන්ද හිමියන්ගේ ගෝලයන් ලෙස සඳහන් වෙනවා. මෙම බුද්ධප්පිය ස්‌ථවිරයන් ගැන විමති විනෝදනියෙහි සඳහන් වෙනවා. විමති විනෝදනිය විනය අටුවාවක්‌. එහි සඳහන් වන සුරාපානය කිරීමේ ආදීනව පිළිබඳව අදහසකට පිළිතුරු අදහසක්‌ සාරාදාථදීපනී නම් විනය අටුවාවෙහි දැක්‌වෙනවා. සාරාදාථදීපනිය ලියවුණේ පළමුවන පරාක්‍රම රජතුමාගේ සමයෙහි විසූ සාරිපුත්ත හිමියන් විසින්. එසේ නම් බුද්ධප්පිය හිමියන් සහ වේදේහ හිමියන්ගේ යුගය ඊටත් වඩා පැරණි විය යුතුය.

මේ මා ඉදිරිපත් කරන ඓතිහාසික තොරතුරු මෙසේ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යම කරුණක්‌ සේ මා සළකනවා. හේතුව හොරණ රජමහා විහාරස්‌ථානය ගැනත් විශේෂයෙන් රයිගම් පුරවරයේ ඓතිහාසික තොරතුරු ගැනත් තවමත් විධිමත් පර්යේෂණයකට ලක්‌ වී නැති නිසයි.

ඉහත සඳහන් කාරණා පිළිබඳ තවත් සාධකයක්‌ ඉදිරිපත් කිරීමට පුළුවන්. රූප සිද්ධි නම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථය ලියන ලද්දේ බුද්ධප්පිය හිමියන් විසින් . පියදස්‌සි නම් හිමි නමක්‌ විසින් ලියූ පදසාධනියෙහි රූප සිද්ධියේ මත නොපිළිගත යුතු යයි සඳහන් වෙනවා. පියදස්‌සී හිමියන් පළමුවැනි පැරකුම්බා රාජ සමයෙහි විසූ මොග්ගල්ලාන හිමියන්ගේ ශිෂ්‍යයකු බව පේනවා. එසේ නම් බුද්ධප්පිය හිමියන් පළවෙනි පරාක්‍රමබාහු රජුගේ කාලයට අයත් විය යුතුයි. ඒ අනුව වේදේහ හිමියන් දඹදෙණි යුගයට අයත් කර ගැනීම යුක්‌ති නොවෙයි. එමෙන්ම සිදත් සඟරාවෙහි සඳහන් වන පතිරජ දෙව් සහ පූජාවලිsයෙහි සඳහන් වන දේව පතිරාජ එක්‌ අයකුම ද යන්න සැක සහිතයි.

පූජාවලියෙහි සඳහන් වන දේව පතිරාජ දුනුකේ වංශයට අයත් බවත් සඳහන් වෙනවා. එමෙන්ම පූජාවලිය අනුව ඔහු මහජන විශ්වාසය දිනා ජනාදරයට පාත්‍ර වී සිටියේ තමන් තුළ වු අධික ශ්‍රද්ධා භක්‌තිය නිසයි. කොතෙක්‌ ශ්‍රද්ධාවන්ත වීද යත් අඹු දරුවන් පවා දන්දුන් බවත්, බුදුබව පතා පොල් ගෙඩියක්‌ සිටුවා පැළ තුනක්‌ ලබා ගත් බවත් සඳහන් වී තියෙනවා.

එහෙත් සිදත් සඟරාවේ සඳහන් වන්නේ “දකන ලක සියල් බුජ මහවුරෙහි රක්‌නා “යනුවෙනුයි. ඔහු යුද්ධ දක්‌ෂයෙක්‌. මහවැලි ගඟ රත් පැහැවන තුරු ලේ වැගුරුවෙක්‌. මේ වාර්තා දෙක එකිනෙකට ගැලපෙන්නෙ නෑ. පරණවිතාන මහතා අදහස්‌ කරන්නේ සිදත් සඟරාවේ එන පතිරාජ දේව අමාත්‍යයාත්, පූජාවලියෙහි එන දේව පතිරාජත් දෙදෙනකු බවයි. දැනට ප්‍රකටව ඇති ලේඛනයන්හි එන පතිරාජ දේව දඹදෙණියෙහි විසූ පුද්ගලයායි. එහෙත් පතිරාජ යන්න උපාධි නාමයක්‌. මේ නමින් පුද්ගලයකු පළමු වරට හමුවන්නේ දඹදෙණි යුගයෙහි බව සත්‍යයක්‌. එහෙත් ඊට පසු වකවානුවල සිටි බොහෝ දෙනකුත් මේ නම භාවිතා කළ බව පෙනෙනවා. දැනට මෙම නම භාවිතා වන්නේ ප්‍රතිරාජ යනුවෙන්. ප්‍රතිරාජ යන්නට දියහැකි සංස්‌කෘත තේරුම විරුද්ධ රජු යන්නයි. මධ්‍යතන යුගයෙහි ලංකාවේ සිටි ප්‍රාදේශීය රජුන් ( මාණ්‌ඩලික පාලකයන් ) මේ නමින් හැඳින් වූයේ යෑයි සිතා ගත හැකියි.

මේ මතයට උදාහරණ වශයෙන් පරණවිතාන මහතා සමග ශිලා ලේඛනයෙහි එන කරුණු දක්‌වනවා. මෙම සෙල් ලිපියෙහි අලකේශ්වර, දේවමන්ත්‍රීශ්aවර යන දෙදෙනා නොයෙක්‌ උපද්‍රව වලින් රට බේරා එක්‌සත් කළ බව කියවෙනවා. මයුර සංදේශයෙහි දේව මන්ත්‍රීශ්වරයකු ගැන සඳහන් වී තියෙනවා. දේව යන්න සංඥා නාමය ලෙස ගතහොත් ඔහු රාජ්‍යයෙහි වැදගත් තැනක්‌ දැරූ මන්ත්‍රීවරයෙක්‌. මෙම දේව මන්ත්‍රීශ්වරයා පතිරාජ පිරිවෙන කරවු දේව පතිරාජ වියහැකි යයි සිතිය හැක්‌කේ ඒ නිසයි. පතිරාජ පිරිවෙන පිළිබඳව ඇති මත අරගලයට නව එළියක්‌ සපයන තවත් මූලාශ්‍රයක්‌ මෑතකදී කලඑළි බැස තියෙනවා. ඒ තමයි කිත්සිරි මෙවන් කැළණි ශිලා ලේඛනය.

මෙම සෙල් ලිsපියෙහි අකුරු පේළි අතර තවත් ලිපියක්‌ කොටා ඇති බව පරණවිතාන මහතා ඉහත කී දේශනයෙහිදීම ප්‍රකාශ කළා. මෙහි මුල්ම ලිපිය විල්ගම්මුල හිමියන් විසින් කොටවන ලද්දක්‌. එහි අලගක්‌කෝනාරගේ සහය ඇතිව විල්ගම්මුල හිමියන් මේ විහාරස්‌ථානය ප්‍රතිසංස්‌කරණය කළ බව කියවෙනවා. එහෙත් මේ ලිපියෙහි පේළි අතර පසු කාලයේ තවත් ලිපි කිහිපයක්‌ කොටන ලද බවත් පේනවා. මෙතන සෙල්ලිපි ගණනාවක්‌ මෙසේ කොටවන ලද නිසා බොහෝ අකුරු කියවීමට පවා අපහසු තාවයක පවතිනවා.

මේ අතර කොටවන ලද ලිපි කිහිපයෙන් එකක්‌ අලකේශ්වර මන්ත්‍රීන්ගේ පුස්‌තකයයි. මෙය කොටා ඇත්තේ සංස්‌කෘත භාෂාවෙන්. ඒ අතර තවත් ලිපියක්‌ තියෙනවා. එය ජයවර්ධනපුර රාජසභාවෙහි ඇති වු සංවාද කිහිපයක්‌. මෙය කොටවන ලද්aදේ වීරපරාක්‍රමබාහු කාලයේ යයි තීරණය කොට තියෙනවා. කෝට්‌ටේ රාජ සභාවේ ඇතිවු සංවාදයට ස්‌වර්ණපුරයෙන් ආ ආනන්ද නම් හිමිනමකුත්, අනෙක්‌ පක්‌ෂය වෙනුවෙන් බුද්ධරක්‌ත නම් හිමිනමකුත් සහභාගී වූ බව මෙහි දැක්‌වෙනවා. ඒ ලිපිය කොටා ඇත්තේ අලකේශ්වර පරම්පරා පුස්‌තකය මතයි. මෙසේ කොටවන ලද්දේ මන්ද යන්න ඊළඟට මතුවන ප්‍රශ්නයයි. අලකේශ්වර පවුල ගැන පරාක්‍රමබාහු රජතුමා එතරම් පැහැදීමකින් සිටි බව පෙනෙන්න නැහැ. ඒ නිසා ඒ පවුල පිළිබඳ වු ලේඛනය ද නොතකා හැරිමක්‌ මෙයින් පැහැදිලිs වෙනවා. මෙම පරම්පරා ලේඛනය අලකේශ්වරගේ ආඥාවෙන් ලියවන ලද්දක්‌ බව ද එයින් කියවෙනවා.

කිත්සිරි මෙවන් කැලණි ලිපියෙහි මෙම පතිරාජ පිරුවන පිහිටි තැන පිළිබඳව නිසැක තොරතුරක්‌ හමුවෙනවා. “රාජග්‍රාම සමීපෙ හොරණ නාමස්‌ථානෙ ප්‍රතිස්‌ඨාපිතෙ පතිරාජ පරිවෙණෙ සුමංගල ස්‌ථවිරෙන සිද්ධාන්ත සංග්‍රහං නාම ව්‍යාකරණ ශාස්‌ත්‍රංච, මයුර සංදේශං නාම කාව්‍යංච විරචයත් ඉති පරම්පරානුයාත වෘත්තාන්තම් ” යනුවෙන් දැක්‌වෙනවා. “රයිගම් සමීපයෙහි හොරණ නම් ස්‌ථානයේ පිහිටි පතිරාජ පිරුවනෙහි සුමංගල නම් ස්‌ථවිරයන් විසින් සිද්ධාන්ත සංග්‍රහය නම් ව්‍යාකරණ ග්‍රන්ථයත්, මයුර සංදේශ නම් කාව්‍යත් කළ බව මෙහි අරුතයි. සිදත් සඟරා යන්න සිද්ධාන්ත සංග්‍රහ යන්නෙහි සිංහල අර්ථයයි. එසේ නම් අලකේශ්වර පරම්පරා පුස්‌තක ලිපිය අනුව සිදත් සඟරා නම් ව්‍යාකරණ ශාස්‌ත්‍රයත්, මයුර සංදේශයත් සුමංගල හිමියන් කළා විය යුතුයි. සිදත සීහල ශබ්ද ලක්‌ෂණයෙහි සාරාංශයක්‌ නම් එහි සඳහන් උදාහරණ මෙම ග්‍රන්ථයෙහිද තිබිය හැකියි.

මෙම පතිරජ පිරුවන්හි භික්‌ෂු පරම්පරාව මෙසේ සකස්‌ කොට ගත හැකියි. විල්ගම්මුල, සුමංගල, සුමංගලරි සාරිපුත්ත. පතිරාජ පිරුවන්පති පරපුර පොළොන්නරු යුගයේ අවසාන භාගය දක්‌වා දිවෙන බව මින් පැහැදිලියි. මෙම පතිරජ පිරිවෙන් හිමියන් ශාස්‌ත්‍ර හැදෑරුවේ ස්‌වරණ පුරයෙහියි. එනම් ශ්‍රී විජය රාජධානියේ සරස්‌වති මංඩපයයි (නූතන සුමත්‍රා). එහිදි සංස්‌කෘත ව්‍යාකරණාදිය ඉගෙන වුත් හොරණ පිsහිටි පතිරාජ පිරිවෙනේ ධර්මශාස්‌ත්‍ර උගන්වමින් සිටි බවද මෙහි කියවෙනවා.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: