Posted by: lrrp | February 1, 2013

රඡ්ජුරු බණ්‌ඩාර දෙයියන්ගේ අඩවියට ගියෙමි

වර්ෂ 1921 දී ලිවයිස්‌ නමැති පුරාවිද්‍යාඥයා ඌරුමුත්ත ගල්ලෙන ආශ්‍රිතව කැණීමක්‌ කළේය. එම කැණීමේදී හසු වූ මානව අවශේෂවලින් හෙළි වී ඇත්තේ ඌරුමුත්ත ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වන බවයි.

මෙම ලෙන ආශ්‍රිත හමුවූ මූල බ්‍රාහ්මීය සෙල්ලිපිය ක්‍රිස්‌තු පූර්ව 1 වැනි සියවසට අයත් බව තහවුරු කරගෙන ඇත. මෙම ලෙන පිළිබඳව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන්ද තොරතුරු අනාවරණය කර ඇත. එහි ඇති සමහර ලිපි සම්පූර්ණයෙන්ම කියවීමට නොහැකි වුවද එහි ඇති ඇතැම් අක්‍ෂර කියෑවීමට පුරාවිද්‍යාඥයෝ සමත්ව සිටිති. එම සමහර ලිපි ද තහවුරු කරනුයේ ඌරුමුත්තේ ඓතිහාසික බව ප්‍රාග් මානව යුගය දක්‌වා දිවෙන බවයි.

මහලු විජයබාහු රඡ්ජුරුවන්ට රයිගම් බණ්‌ඩාර, මායාදුන්නේ, හත්වැනි බුවනෙකබාහු යන පුතුන් තිදෙනා සිටි බවට ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වී තිබේ. එම පුතුන් අතර සිටි මායාදුන්නේට පුතුන් කීපදෙනකු සිටි බවට සඳහන් වන අතර ඉන් එක්‌ පුතකු වන රඡ්ජුරු බණ්‌ඩාර ඌරුමුත්ත ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයකු ලෙස රජකම් කළ බව වාර්තා වෙයි. ඉතා දැහැමින් ප්‍රදේශයේ පාලනය ගෙන ගිය මායාදුන්නගේ පුතා ජනතාවගේ ආදරයට පාත්‍ර වූ නායකයකු ලෙස ප්‍රකටව සිටි බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වී ඇත. ඔහු මියගිය පසු රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් ලෙස දේවත්වයෙන් පිදීමට ඌරුමුත්තේ ජනතාව පෙළැඹී ඇත්තේ ඒ නිසාවෙනි. වලවේ ගඟට උඩින් පිහිටි ගිරිවාපත්තුව ප්‍රදේශය සහ නිල්වලා ගඟේ දකුණු ප්‍රදේශය වන කන්දබඩපත්තුව යන ප්‍රදේශ මුල්කරගෙන මායාදුන්නේ පුත් රජකම් කළ බවටයි විශ්වාස කෙරේ.

එළමල්දෙණිය, ගැටඹරුව, සිත්තම්ගල්ලෙන, තුම්බවුල සහ ඌරුමුත්ත ප්‍රදේශයේ ජනතාව මෙම රඡ්ජුරුබණ්‌ඩාර දෙවියන්ට මහත් භක්‌තියක්‌ දක්‌වති. වැඳුම් පිදුම් කරති. මෙහිදී ඌරුමුත්ත ප්‍රදේශය වඩා වැදගත් වන්නේ මෙම රඡ්ජුරුවන්ගේ උපන් භූමිය ලෙස එය සැලකෙන නිසාවෙනි.

රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් පුදන ක්‍රම දෙකක්‌ ඇති බව පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතා පෙන්වා දෙයි. ඔහු පවසන අයුරින් පුර පක්‍ෂයට සහ අවපක්‍ෂයට අනුව මෙම වැඳීම් පිදීම් සිදු කෙරේ. පුර පක්‍ෂය යනු හඳ වැඩෙන කාලයයි. එම කාලය තුළදී යහපත් දේ ප්‍රාර්ථනා කරමින් ජනතාව රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ට වැඳුම් පිදුම් කරති. අව පක්‍ෂය යනු හඳ ගෙවෙන කාලයයි. එම කාලය තුළදී රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් හමුවේ තමන්ට වූ අසාධාරණය හා අයුක්‌තිය වෙනුවෙන් සාධාරණය ඉල්ලා අවලාද නැඟීම සිදු කෙරේ.

ඌරුමුත්තේ ජනතාව ර-ජුරු බණ්‌aඩාර දෙවියන් කෙරේ දක්‌වන අසීමිත භක්‌තිය නිසාම තමන්ගේ භව භෝග සම්පත් වැඩි දියුණු කර, ලෙඩ රෝග දුරු කර ප්‍රදේශයේ සශ්‍රීකත්වය ළඟාකර දෙනුයේ රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් බවට ඔවුහු විශ්වාස කරති.

රඡ්ජුරු බණ්‌ඩාර රජකම් කළ කාලයේදී ඔහුගේ ගබඩාගම පිහිටා තිබුණේ ඌරුමුත්තේ බව ජනප්‍රවාදයේ පවතී.

කන්දබඩපත්තුව, ගඟබඩපත්තුව, ඉරුවාපත්තුව, මොරවක්‌ කෝaරළය, වැලිගම්පත්තුව ඇතුළු ප්‍රදේශ 16 කින් සමන්විත ඌරුමුත්ත ප්‍රදේශයේ ජනතාව වර්ෂ දෙකකට වරක්‌ ර-ජුරු බණ්‌ඩාර දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන දෙවොල් මඩුව නැතහොත් ගම්මඩුව ඔවුන් එම දෙවියන් කෙරේ පවතින භක්‌තියට හොඳම නිදසුනකි.

දින ගණනාවක්‌ තිස්‌සේ පේවී මස්‌ මාංශ අනුභවයෙන් තොර සිදු කරන මෙම ගම්මඩු උළෙලේ මුල් අවස්‌ථාව වනුයේ පිරිස උඩුපිල සහ යටිපිල යනුවෙන් දෙපිලකට බෙදී පොල්ගැසීමයි. මෙම දෙපිලේ ප්‍රධානීන් වට්‌ටාඩීන් ලෙස නම් කෙරෙන අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් මෙම පොල් ගැසීම සිදු කෙරේ. දෙවොල්මඩුවට සතියකට පෙර දිනපතා සිදු කෙරෙන මෙම පොල් ගැසීමෙන් කොයි පිල දිනුවත් ඔවුන් අතර කිසිදු හිත් අමනාපකමක්‌ ඇති නොවේ. මේ සියල්ල සිදු කෙරනුයේ ර-ජුරු බණ්‌ඩාර දෙවියන් කෙරේ පවතින භක්‌තිය නිසාවෙනි. පොල් ගැසීමේ ක්‍රීඩාවෙන් ඉතිරිවන බිඳුණු පොල් කොප්පරා ගෙන වේලා තෙල් සිඳ රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම සිදු කෙරේ.

ගම්මඩු උළෙල සඳහා සහභාගි වන ගම්වාසීහු දේවාලයට හාල්, පොල්, පලතුරු සහ මුදල් පරිත්‍යාග කරති. මේ ලැබෙන සියලු දේ පෙරළා ගම්මඩු උළෙලට සහභාගි වන ජනතාවගේ අවශ්‍යතා සඳහා යොදා ගැනේ. ඇඹුල් කෙසෙල් ගෙඩි මැල්ලුම, පුහුල් හොද්ද සහ පිරිසිදුව සාදා ගත් බතින් සමන්විත දේව දානය සියලු දෙනාටම අනුභව කිරීමට දෙති. ගම්මඩු උළෙලට සහභාගි වන අයට තේ පැන් සංග්‍රහ ද ලබාදීමට සංවිධායකයෝ අමතක නොකරති.

මෙම ගම්මඩු උළෙලේ භාරකාර මණ්‌ඩලයේ සභාපති අනුර වික්‍රමසිංහ මහතා මෙම දේවකාර්යය පිළිබඳව දැක්‌වූයේ මෙවන් අදහසක්‌.

“අපි මේ ගම්මඩු උළෙල පවත්වන්නේ ඉතාමත් භක්‌තියෙන්. රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් වෙනුවෙන් කෙරෙන මුළු ගමේම අය ඉතාමත් භක්‌තියෙන් සහභාගි වෙනවා. හත්මුතු පරම්පරාවෙන් පැමිණි මෙම ගම්මඩු ශාන්තිකර්මය නිසා ඇත්තට ම අපට සෙතක්‌ ශාන්තියක්‌ වෙලා තියෙනවා. අපගේ භව බෝග සම්පත් වැඩිදියුණු වී ජනතාව නිරෝගිමත් වෙලා අපට හොඳ කාලයක්‌ උදාවීමට මෙම ගම්මඩු උළෙල හොඳ පිටිවහලක්‌ වෙනවා. මෙම ගම්මඩුවට සහභාගි වන සියලුදෙනාම ඒ සඳහා සහභාගි වන්නේ විශාල භක්‌තියකිනි.

ඌරුමුත්තේ ගම්මඩු උළෙල සඳහා මෙවර සහභාගි වූයේ හේනේගම රත්න විටියල පරම්පරාවේ පාරම්පරික නැටුම් ශිල්පීන් පිරිසකි. එහි ප්‍රධානී කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්යය අංශයේ නර්තන උපදේශක සුසන්ත විදාන ගමගේ මහතා ශාන්තිකර්මයේ ස්‌වභාවය අපව මේ අයුරින් දැනුවත් කරනු ලැබුවා.

“කෝaල්මුර යාගය ලෙස හඳුන්වනු ලබන මෙම ශාන්තිකර්¨මය ගම්මඩුව, දෙවොල්මඩුව ලෙසද හඳුන්වනු ලබනවා. ගමට සෙත් පැතීම, භව බෝග සම්පත් වැඩි දියුණුවීම සහ මදුරු වසංගත රෝග දුරු කිරීම සඳහා දෙවියන්ගේ ආශිර්වාද ගැනීම මෙම ශාන්තිකර්මයෙන් බලාපොරොත්තු වෙනවා. දෙවොල්මඩුවට පෙර සිදු කරන පොල්ගැසීමෙන් නිරූපණය වන්නේ පත්තිනි දෙවියන් සමග පාලග කුමාරයා යන දෙපිලයි. පොල් ගැසීම් සඳහා බෙදෙන දෙපිලේ ප්‍රධානීන් වට්‌වාසීන් ලෙස නම් කරනු ලබනවා.

මෙම දෙවොල්මඩු ශාන්තිකර්මයට කහදියර කන්නලව්ව, දේවාරධනාව, කප කපාගෙන ඒම, කප් සිටුවීම, හලඹ නානු මුරය, මාත්‍රා පහ නර්තනය, උඩැක්‌කි වාදන, දේව පූජාව, පේ බත් දානය, හළඹ තොරණට වැඩමවීම, මඟුල් බෙර වාදනය, තෙල්මේ නර්තනය, පත්තිනි නැටුම, පෙළපාලි කිරීම, වට්‌ටාඩි නානුමුරය, දොළහපෙළපාලිය, හතා පබුරා නැටුම, ගිනි යෑකුම, ගිනි පෑගීම්, දොළහ විලක්‌කුවෙන් තැවීම, සළු සැල්ම, මාරා ගැසීම. (ස්‌ථානයේ වැඩ සිටින දෙවියන්ට යහන් ගතවීම සඳහා යහන් තනා දොaෂ හැරීම) අලුත් දෙවියන් නැටීම්, ගරා නැටීම් සහ දේව දානය යන ශාන්තිකර්ම අන්තර්ගතයි.

මෙම සටහන් නිමා කිරීමට පෙර මෙය ද ලියා තැබිය යුතුමයි.

මම ඌරුමුත්තට ගියේ පිටකොටුවේ වීදි වෙළෙන්දකු ලෙස සේවය කරන ජිනේ අයියාගේ ආරාධනාවෙනි. “මහත්මයා අපේ ගමේ වැඩක්‌ තියෙනවා. ගමත් ලස්‌සනයි. දිවයින පත්තරයෙන් ආවානම් මරේ මරු. ඌරුමුත්තේ බලන්නත් ගොඩක්‌ දේවල් තියෙනවා” ඒ ඔහුගේ භාෂාවයි.

ජිනේ අයියා යනු සම්ප්‍රදායික වීදි වෙළෙන්දකු නොවේ. ඔහු බ්‍රිතාන්‍යයේ රජ පවුලට පවා ලියුම් ලියන අපූරු අයෙක්‌. ඒ වගේම වීදියේ දුක්‌විඳින මිනිසුන් වෙනුවෙන් හඬක්‌ නඟන අයෙක්‌. ඒ නිසාම ඔහුගේ ආරාධනය අහක දමන්න මට කොහෙත්ම පුළුවන් කමක්‌ වුණේ නැහැ.

ඇත්තටම ඔහු කියූ කතාවේ සත්‍යක්‌ ඇති බව එහි ගිය මට වැටහුණා. ගමක සිරියාව විඳ ගැනීමේ හැකියාව තවමත් ඌරුමුත්තේදී දැකබලා ගැනීමට පුළුවන.

භවභෝග සම්පත්වලින්ද ඌරුමුත්තට අඩුවක්‌ නොමැත. ධාර්මිකව ජීවත් වන ඌරුමුත්තේ ජනතාව හරිම මිත්‍රශීලී පිරිසක්‌ බව මෙහි සටහන් කරනුයේ ඔවුන්ට කරන ගෞරවයක්‌ වශයෙනි. විශේෂයෙන් රටටම විපත් වූ සෑම මොහොතකම නෑ බැහැ නොකියා ආධාර කරන මිනිස්‌සු ඌරුමුත්තේ සිටිති. සුනාමි ෙ€දවාචකයේදී මෙන්ම මහා ගංවතුර ඇතිවූ අවස්‌ථාවලදී ඔවුන්ගේ පරිත්‍යාගශීලී දෑත් විපතට පත් වූවන්ට දිගු විණි. ඌරුමුත්තේ ගමනේදී අපට හමුවූ ප්‍රැන්සිස්‌ලා, මුහන්දිරම්ලා, සෝමපාලලා, පියසේනලා, ආරියදාසලා, සෝමදාසලා යන වැසියන්ගේ කාරුණික බව සැබැවින්ම ළෙන්ගතුය.

ඌරුමුත්තේ ඓතිහාසික තෙරතුරු පිළිබඳව අපව දැනුවත් කළ පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතාට බෙහෙවින් ස්‌තුතියි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: