Posted by: lrrp | June 19, 2013

දේශයේ ඉතිහාසය හා ජාතියේ වංශ කථාව නිවැරදි කරන්න

මාඝ චෝල එළාර ආක්‍රමණයන් ගෙන් ව්‍යාප්ත වූ ද්‍රවිඩ සංස්‌කෘතිය නිසාද නැවත වන්නියාර්වරුන්ගේ පාලනය හරහාද එසේම විදේශීය පාලනයේදී ද්‍රවිඩ මානක වරුන් විසින් කරන ලද විකෘති කිරීම් නිසාද සිංහලයාගේම උරුමයක්‌වූ උතුරුමැද වැවට “කුලම්” යයි ද්‍රවිඩ වචනයක්‌ එකතුවී තිබේ. රජරට පුරාවට පවත්නා වැව් 3472 න් වැඩි කොටසකට පුලියංකුලම, නෙළුම් කුලම, පෙරියකුලම, මාන්කුලම, කුංචිකුලම ආදී වශයෙන් “වැව” යන වචනයට “කුලම” යන වචනය එකතු කර තිබේ. ලෝකයේ ප්‍රථම වරට අභය රජු විසින් අනුරාධපුරයේ ඉදිකළ අභය වැවට පවා බසවක්‌කුලම යයි නම විකෘතිකර ඇත.

වැව සිංහලයාගේම උරුමයකි. සියලු රජරට වැව් ඉදිකර ඇත්තේ වැව් ගම්මාන ජනතාව හවුල් කරගෙන සිංහල රජදරුවන් විසිනි. සිංහල රජවරුන් හැදූ මෙම වැව්වලට ද්‍රවිඩ නමක්‌ ඈඳීම වැව් හැදූ සිංහල රජදරුවන්ට කෙරෙන අවමානයකි. මේ නිසා සියලු වැව් වල “කුලම” කෑල්ල ඉවත් කොට ඒ සඳහා “වැව” යන වචනය නීතිගත කරන ලෙස උතුරු මැද පළාත් සභාවෙන් විවිධ සංවිධාන ඉල්ලීම්කර ඇත.

එසේම සමහර සිංහල පවුල්වල පෙළපත් නාමයද ද්‍රවිඩ ඌරුවට හරවමින් පියාගේ නමින් පුතා හෝ දුව හැඳින්වීමේ ක්‍රමයත් රජරට සමහර පවුල්වල තවමත් පවතී. පියාගේ නමින් පුතා හැඳින්වීමේ ක්‍රමය පවතින්නේ ද්‍රවිඩ ඌරුව තුළය. සිංහල පෙළපත් නාමය දිසානායක මුදියන්සේලාගේ… සමරකෝන් මුදියන්සේලාගේ ආදී වශයෙන් පවතී. වන්නියාර්වරුන්ගේ පාලන සමයේදී මෙම පෙළපත් නාමය මැකී ගොස්‌ ද්‍රවිඩ උරුවට පියාගෙන් පුතා හැඳින්වීමේ ක්‍රමය රජරට බොහෝ පවුල්වල එකතුවී තිබේ. මේ ක්‍රමයද වෙනස්‌වී සිංහල පෙළපත්නාමය යළි ඇති කළ යුතු යෑයි මෙම සංවිධාන මගින් උතුරු මැද පළාත් සභාවට යෝජනා කර ඇත.

Advertisements

Responses

  1. කුලම යනු දෙමළ වචයක් නොවේ. අරිසෙන් අහුබුදු මයාගේ සිංහල ගම්නම් වහර විමසනු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: