Posted by: lrrp | July 21, 2013

සංසාරේ පිනට පිළිම නෙළන ස්‌වර්ණා

මිනිසාට සුදුසු යහපත් කර්මාන්ත ගැන බුදුන් වහන්සේ දේශනා කර තිබේ. බුද්ධ දෙAශනාවේ නොදැක්‌ වුවද බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමත් යහපත් කර්මාන්තයකි. උක්‌වත්ත ලියනගේ විමල් ප්‍රේමචන්ද්‍ර සහ ස්‌වර්ණා නීලවල යන යුවළද බුදු පිළිම නිර්මාණය කිරීමේ කර්මාන්තයේ යෙදෙති.

රත්මලාන පරමධම්මෙච්තිය මහා විහාරාධිපති මාපලගම විපුලසාර හිමියන්ගෙන් පිළිම නෙළීම සඳහා වසර 15 ක්‌ තිස්‌සේ ඉගෙනුම ලබා ඉන්පසු මාපලගම ගංගාතිලක මහවිහාරාධිපති රූකඩහේනේ කුසලධම්ම හිමියන්ගෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා විමල් පිළිම නෙළීම සඳහා යොමුවී ඇත.

කලා පවුලකින් පැවත එන ස්‌වර්ණාද විමල්ට සහාය වන්නේ 1994 දී ඔහු හා විවාහවීමෙන් පසුය. එතැන් පටන් දෙදෙනාගේ හැකියාවෙන් බුදුපිළිම ඇතුළුව සියලුම වර්ගයේ පිළිම නිර්මාණය කරමින් ඔවුන් දෙදෙනා දෙහිවල බෙල්ලන්තර පාරේ පිහිටි විමල්ගේ නිවසේ සිට පිළිම නෙළීමේ සහ අලෙවි කිරීමේ කටයුතුවල නිරතවීම ආරම්භ කර ඇත.

2010 දෙසැම්බර් 13 වැනිදා විමල් හෘදයාබාධයකින් මිය ගිය පසු මෙම වගකීම ස්‌වර්ණා මත පැටවී ඇත.

”ඇත්තටම අපි මෙය කර්මාන්තයක්‌ ලෙස නොව ශාසනික සේවයක්‌ ලෙසයි පවත්වාගෙන යන්නේ. අපගේ නිර්මාණවලට මිලක්‌ නියම කරන්නේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ශ්‍රමය සඳහා පමණයි. ස්‌වර්ණා සිය කර්මාන්තය ගැන අප සමග පවසන්නට එක්‌වූවාය.

මේ වගේ කර්මාන්තයක නිරතවීමට ලැබීම ඉතා දුර්ලභ අවස්‌ථාවක්‌ සහ මහා පුණ්‍යකර්මයක්‌ ලෙසයි මම සිතන්නේ. අපේ නිවසේ සෑම දිනකම බුද්ධ පූජාව තියනවා. දවසේ කටයුතු ආරම්භ කරන්නේ බුද්ධ පූජාව තබා පිරිත් සඡ්Cධායනා කිරීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් මාසයකට භික්‍ෂූන් වහන්සේට දාන 30 ත් 40 ත් ප්‍රමාණයක්‌ පූජා කරන්න ලැබෙනවාමයි.

බුදු පිළිම ගන්න එන භික්‌ෂූන් වහන්සේගෙන් මුලින්ම අහන්නේ දානය ගත්තද කියලා. යම් භික්‍ෂුවක්‌ හීල් දානය, දවල් දානය හෝ ගිලන්පස වළඳන වෙලාවට අප ස්‌ථානයට වැඩම කළොත් අනිවාර්යයෙන්ම එම දානමාන පිළිගැන්වීම සඳහා අප සූදානමින් සිටිනවා. ඒකයි මම මෙය කර්මාන්තයකට වඩා ශාසනික සේවයක්‌ ලෙස පවසන්නේ. මෙහෙම වාසනාවක්‌ ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා සංසාරයේ පිං කරලා තිබිය යුතු යෑයි කියා මා සිතනවා.” ස්‌වර්ණා මහත්මිය සිය කර්මාන්තය ගැන පැවසුවාය.

බුදුපිළිම දේවරූප, සඳකඩපහණ, බෝධිසත්ව රූප, ගණ දෙවි රූප, පත්තිනිමෑණි රූප ඇතුළු සියලුම වර්ගයේ පිළිම නිර්මාණය කිරීමට ස්‌වර්ණාට හැකියාවක්‌ ඇත.

තවම පාසල් යන ඇයගේ දියණිය වන තරුණි තිසාරාද පිළිම නෙළීමේ දස්‌කම් පාන බව ස්‌වර්ණා මහත්මිය කීවාය.

“මං හිතන්නේ මේක අපේ සංසාර පුරද්දක්‌. මගේ මහත්තයා පිළිම නෙළීම කළේ ඊට අදාළ බෙදුම්ක්‍රම හිතේ ඇඳගෙනයි. යම් පිළියමක උසට අදාළව හිස, කඳ , අත් ආදී කොටස්‌වලට නියමිත මිනුම් තිබෙනවා. නමුත් මගේ මහත්තයා ඒවා මැන මැන නෙමෙයි පිළිම නිර්මාණය කළේ. හැබැයි පිළිමය නිර්මාණය කළ පසු අදාළ මිනුම් නිවැරදිව තිබෙනවා. මටත් එම හැකියාව යම් ප්‍රමාණයකට තිබෙනවා. යම් පිළිමයක්‌ නිර්මාණය කළ යුතුවූ විට එය සිතින් මවාගෙන ඊට අවශ්‍ය සැකසුම සාදා ගන්න මට පුළුවන්.” ස්‌වර්ණා මහත්මිය පැවසුවාය.

ඔබ මෙය කර්මාන්තයක්‌ හෝ ව්‍යාපාරයක්‌ ලෙස පවසන්න අකමැතිවුවත් පිළිමවලට මිලක්‌ නියම කරනවා නේද?

මේ නිර්මාණ නොමිලේ දෙන්න තරම් වාසනාවක්‌ තවම මට නැහැ. හැබැයි කවදාවත් අප ළඟට එන අයගේ බලාපොරොත්තු කඩකර හිස්‌ අතින් යවන්නේ නැහැ. පිළිම ගන්න එන අය සමග කතා බහ කරන විට ඔවුන් කුමන ආකාරයේ පුද්ගලයන් දැයි කියා මට තේරෙනවා. සමහර අවස්‌ථාවලදී මම පිළිමයේ අවශ්‍යතාව අනුව නොමිලයේම ලබාදී එය ප්‍රවාහනයත් කර දෙනවා පමණක්‌ නොවෙයි, අපගේ බුදුගෙට රැගෙන ගොස්‌ පිරිත් ආශීර්වාදය ලබාදී පිරිත් නූලක්‌ අතේ ගැට ගසා තමයි යවන්නේ.

මම සෑම පෝයකටම බුදුපිළිම කිහිපයක්‌ පූජා කරනවා. ඒ සඳහා මට ස්‌වාධීන රූපවාහිනී සේවයේ සවනක්‌ රැස්‌ වැඩසටහින් බුදු පිළිම අවශ්‍ය පන්සල් සහ භික්‍ෂූන් වහන්සේලා ගැන තොරතුරු ලබා දෙනවා. ඒ වගේම සෑම දිනකම මගේ අතින් එක්‌ බුදුපිළිමයක්‌ හෝ කාටහරි පූජා කෙරෙනවා. එනිසා මේ සංසාරේ මා ලැබූ පූජනීය කර්මාන්තයක්‌ ලෙසයි මම මෙය සිතන්නේ. ස්‌වර්ණා මහත්මිය එසේ පැවසුවේ දොහොත් මුදුන් තබා නමස්‌කාර කරමිනි.

බුදුන් පුදන ආකාර දෙකක්‌ ගැන බුදු දහමේ සඳහන් කර ඇත. ප්‍රතිපත්ති පූජාව සහ ආමිස පූජාව එම ආකාර දෙකය. ස්‌වර්ණා මහත්මිය ආමිස පූජාවේ නිරතවන්නන්ට සහායක්‌ වෙමින්ද නිති ප්‍රතිපත්ති පූජාවේ යෙදෙමින්ද දිවි ගෙවන්නට වරම් ලබා ඇත. ඇත්තෙන්ම එය සංසාර පිනකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: