Posted by: lrrp | July 31, 2013

සබරගමුවට මැණික්‌ සොයා පැමිණි මුක්‌කරුන්

මුක්‌කර හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ද? ඔවුන් කුමන ප්‍රදේශයකින් මෙරටට පැමිණි පිරිසක්‌ ද යන්න පිළිsබඳ තවමත් විවිධ මතිමතාන්තර පවතී. මුක්‌කර යනුවෙන් දැනට හඳුනාගෙන ඇති පරිදි රත්නපුර ප්‍රදේශයට මැණික්‌ ගැරීම සඳහා පැමිණ ඇති පිරිසක්‌ බව පැහැදිලිවේ. එහෙත් මේ පිළිබඳ ඓතිහාසික කරුණ ලැබෙනුයේ ඉතා අල්පවය.

මුක්‌කරුන් පිළිබඳ කරුණු දක්‌නට ලැබෙන එකම ලිත සාක්‍ෂිය වන්නේ “මුක්‌කරහට” නම් පුස්‌කොල පොතය. මෙය සිංහල භාෂාවෙන් ලියා ඇති අතර දැනට බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ හියුනෙවිල් එකතුවට අයත්වේ. මෙම මුක්‌කර හටන නම් පුස්‌කොල පොතට අනුව මුක්‌කරුන් පැමිණ ඇත්තේ පුන්නල නම් වූ දේශයේ සිටය.

“කෝට්‌ටේ නුවර වැඩ සිටි ශ්‍රි පරක්‍රමබාහුදේව ස්‌වාමිදුරුවානන්වහන්සේ සිංහාසන මස්‌තකය වැඩ වදාරමින් කේසර සිංහරවිලසින් යෙහින් රාජජ

ශ්‍රි සම්පත් විඳ වදාරමින් වැඩසිටින ප්‍රස්‌තාවට ත්‍රී සිංහලද්විපය අලල මැයි සිතා…. සිතමින් පුත්තලමට, නාගපට්‌ටලමට පුනනල දේශයේ සිට

ත්‍රී සිංහලාධිපති වූ අපගේ දේවස්‌වාමිදුරුවානන් වහන්සේට මුක්‌කරුන්සේවා කමටසැදි…….”

* ලංකාවට ගොඩබට මුක්‌කරුන් පලවාහැරීමට දේශීය හමුදාවන්ට තනිව කළ නොහැකිවූ නිසා 6 වන පරක්‍රමබාහු රජු විසින් කාංචිපුර, කාවේරිපට්‌ටන මහා කිලෙක්‌කරේ යන ප්‍රදේශවලින් හමුදාවක්‌ ගෙන්වාගෙන මුක්‌කරුන් පරාජය කළ බව මුක්‌කර හටනේ සඳහන් වේ.

මෙහිදී මෙම මුක්‌කරුන් පලවාහැරීම සඳහා මෙරටට පැමිණි සේනාපතිවරුන් කිහිපදෙනෙකු පිළිබඳව කරුණු සඳහන් වේ. මොවුන් අතර,

* මැණික්‌කා තලවන්

* වම්මුනාට්‌ටු දේවර්

* කුරකුල නාට්‌ටු දෙවර්

* අදිරාසඅඩප්පන්

* වර්ණසූරිය තෝමරාන්නාතන්අඩප්පන්

* කුරුකුලසූරිය මුදියන්සේ.

* පරදාකුල සූරියමුදියන්සේ

* අර්සකුල සූරියමුදියන්සේ

මෙම සේනාපතිවරුන් සමඟ තවත් 1,500 ක සෙබළ පිරිසක්‌ මුක්‌කරුන් පලවා හැරීම සඳහා පැමිණ ඇති බව සදහන් වේ.

කිරිඇල්ලේ ඥානවිමල හිමියන් විසින් රචිත “සපරගමුවේ පැරණි ලියවිලි” නම් ග්‍රන්ථයේ රත්නපුර මහසමන් දේවාලය පිළිබඳ විස්‌තරයෙහි 6වන පරාක්‍රමබාහු රජු කල ආර්ය කාමදේව නම් ඇමැතිවරයා විසින් සපරගමුවේ මැණික්‌ හැරීම ආරම්භ කළ බව සඳහන් වේ. මෙම ආර්ය කාමදේව මුක්‌කර පෙලපතේ අයෙකු විය හැකිය.

“ලංකාවේ ඉතා උසස්‌ දේවාලය අතුරෙන් දෙවිනුවර දේවාලයට පමණක්‌ දෙවෙනිවූ මේ පැරණි දේවාලය ජම්බුද්‍රෝණිපුර වරාදීශ්වර කලිකාල සාහිත්‍යය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ ආර්ය කාමදේව නම් ඇමැතියා විසින් රජතුමා වෙනුවෙන් වූ භාරයක්‌ ඉටුකිරීම පිනිස කරවන ලද්දකි. සපරගමුවේ මැණික්‌ හෑරීම ආරම්භ කොට ඉන් සැලකිය යුතු ධනයක්‌ ලැබුනොත්…………”

එසේම මේ කාලවකවානුව තුළ ලංකාවේ මැණික්‌ ගැරීම සඳහා අරාබිවරුන් පැමිණ ඇති බව “ක්‍රි.ව. 900 – ක්‍රි.ව 1500 කාල පරිච්රේදය තුළ සෙරන්ඩිබ් දිවයිනට ආ ගිය මුස්‌ලිම් වෙළෙන්දන් හා වන්දනාකරුවන්” යන මැයෙන් ලිපියක්‌ රචනා කරන ආචාර්ය ලෝනා දේවරාජයන් පවසයි. එම ලිපියෙහි අල්ඉද්‍රිසි (1155) නම් ලේඛකයා සඳහන් කර ඇති පාඨයක මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී පාද කන්ද අවට පිහිටි කඳු වැටිවලින් ඔවුන් සෑම වර්ගයකට ම අයත් මැණික්‌ ගල් එක්‌ රැස්‌ කරගන්නා අතර මුදුවලට මැණික්‌ ගල් ඇල්ලීම සඳහා අවශ්‍යය කැටයම් කැපීමට උපයෝගී කර ගන්නා දියමන්ති ඔව්හු අවට ගංඟා නිම්නවලින්

සොයා ගනිති.” ශ්‍රී පාදය පිහිටා ඇති කඳු පන්තිය ද සබරගමු පලාතට අයත්වීම නිසා රත්නපුර මැණික්‌ ගැරීමට පැමිණි මුක්‌ක රු ජනයා හා යම් සබඳතාවක්‌ මෙම කරුණ හා තිබිය හැකිය.

ලෝනා දේව රාජයන් තව දුරටත් සඳහන් කරන පරිදි ශ්‍රීපාදය ආදම්ගේ පාදය පිහිටි කන්ද ලෙස මුස්‌ලිම්වරුන් සැලකූ බැවින් එය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් මෙන් මැණික්‌ සොයා එන්නාවු මුස්‌ලිම්වරු පෙනී සිට ඇත.

මුස්‌ලිම්වරුන් මේ ප්‍රදේශයට පැමිණ ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මගින්ද ඔප්පුවන අතර ඊට කදිම සාධකයක්‌ වන්නේ ශ්‍රී පාදස්‌ථානයට අඩි 100 ක්‌ පමණ පහළින් පිහිටි ගල් ලෙනක්‌වන භගවාලෙනෙහි තිබී සොයා ගනු ලැබූ 13 වැනි සියවසට අයත් යෑයි සැලකෙන අරාබි ශිලා ලිපියයි.

ඊ. ඒ. සෙනරත් වික්‍රමසිංහයන් විසින් රචිත “මුක්‌කරුන් පිළිබඳ මානව වංශ විද්‍යත්මක අධ්‍යයනයක්‌” යන ලිපියෙහි මුක්‌කරුන් පිළිබඳ ජනප්‍රවාදයක්‌ සඳහන් කර ඇත. එම ජනප්‍රවාදයට අනුව රත්නපුරයට මැණික්‌ ගැරීමට පැමිණි මුක්‌කරුන් 700 ක පිරිසක්‌ තමන්ට මැණික්‌ නැව් 7 ක්‌ හමුවුවහොත් ඉන් එක්‌ නැවක්‌ සමන් දෙවියන් උදෙසා පූජා කරන බවට බාරයක්‌ වී තිබේ. මොවුන් සිතූ ලෙසම මොවුන්ට නැව් 7 කට සරිලන මැණික්‌ ලැබී ඇති නමුත් මොවුන් බාරය නිසි ලෙස ඔප්පුකර නැත. බාරයට අනුව මැණික්‌ නැවක්‌ පූජා කරනු වෙනුවට නොවටිනා පාෂාණ වර්ගයක්‌ පූජාකර ඉන්දියාවට යාත්‍රා කරන අතර තුර නැව් 7 ම මුහුදේ ගිලී ගිය බව එම ජනප්‍රවාදයෙA සඳහන් වේ.

මෙම මුක්‌කර ජනයාගෙන්ම පැවත එන තවත් ජනකොටසක්‌ ලෙස මුක්‌කුවාර්වරුන් හැඳින්වේ. මෙම මුක්‌කුවාර්වරුන් ශ්‍රීලංකාවේ වෙරළ බඩ ප්‍රදේශවල පදිංචිව සිට ඇති අතර වර්තමානය දක්‌වාම මොවුන් මෙම ප්‍රදේශවල වාසය කරයි. මෙම ජනයා මුතු කිමිදී මහා ධීවර කටයුතුවල නිරතවු පිරිසකි. ඓතිහාසිකව බලන විට මොවුන් තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට කේරලයට, ශ්‍රි ලංකාවට හා ලක්‍ෂද්වීපයට පැමිණ ඇත.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ හමුදාමය ආක්‍රමණිකයන් ලෙසය. නැගෙනහිර ප්‍රදේශයේ සිට මුක්‌කුවාර්වරුන් පදිංචි කරවන ලද්දේ දෙමළ රජෙකු වූ පන්ඩියා විසින් බව මෙම ජනයා විශ්වාස කරයි. නැගෙනහිර දෙමළ ජනයාගෙන් විශාල ප්‍රජාවක්‌ නියෝජනය කරන්නේ ද මෙම ජනයා බව විශ්වාස කෙරේ. මොවුන් විසින් මුක්‌කුවාර් නීති අනුගමනය කරන බවත. මෙම නීති දපන්ඩියා රජු විසින් නිකුත් කර ඇති බව ද සඳහන් වේ.

එසේම වන්නි උපත නම් ග්‍රන්ථයෙහි භාතිය නම් රජු කල කාකමුක්‌කරා නම් දමිල පුද්ගලයෙකු ගොඩබැස ඇති බව සදහන් වේ.

“…….තවද භාතිය නම් සිංහල මහරජහු කාලයෙහි මේ ශ්‍රීලංකා ද්වීපය කාකමුක්‌කර නම් දෙමළෙක්‌ මේ ලංකාවම ගොඩබැස ඔවුන්ගෙන් නල මුදලියා කියන රජා ගල්ගමුවට පැමිණ…….”

මේ ආකාරයෙන් මෙම ජනකොටස පිළිබද විවිධ මතිමතාන්තර පැවතිය ද ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් හෙලිදරව් වී නොමැත.

උත්පලා කුමාරි මනතුංග
කොළඹ විශ්වවිද්‍යාලය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: