Posted by: lrrp | September 1, 2013

මාපානාපු ඇල්ල – මාපලාන ඇල්ල

සබරගමුවේ උසම දිය ඇල්ල

දිය ඇල්ලකට අරක්ගත් දෙවිවරු ඉන්නවාය කීවොත් ඔබ පිළිගන්නවාද? ඇත්ත නැත්ත කුමක්වුවත් මාපලාන ඇල්ල බලන්න ගියොත් එහෙම කියන එකත් සාධාරණ ඇති කියලා හිතෙනවා. මොකද හරියටම ඇල්ල දෙපස අනිමිස ලෝචනයෙන් මෙන් සිටගෙන සිටින නුග ගස් දෙක නිසා. ඒ ගස්වල බලගතු තෙල් වර්ග ද ඇති බව සමහරුන් ගේ මතයයි.රිදියෙන් කළ දිගු හවඩියක් වගේ ඈතට පෙනෙන මේ මාපලාන ඇල්ල අපේ රටේ උසම දිය ඇලිඅතර හතර වැනි ස්ථානය උසුලනවා. සබරගමු පළාතේ උසම ඇල්ලත් එයයි.

ඉතින් දෙවියොත් රකින එක අහන්නත් දෙයක්ද? අනෙක මේ ඇල්ල පටන් ගන්නේ සිරිපා කඳු මුදුනේ දකුණතමීටර් 1868ක් උසින් පිහිටි බෑන සමනල ගල හීන් ඇල්ල ඔයේ කොණ්ඩ ගල ස්ථානයේ දී.මහ ඝණ කැළෑව අස්සෙන් රිංගාවිත් ඊට පස්සේ පේරිය කන්දෙන් එන මාපලාන ඇල්ල තට්ටුතුනකට කඩා වැටිලා මස්කෙළිය ඔය ඔස්සේ සමන් වත්ත ප්‍රදේශයේදී කළු ගං කොමළියටඑකතු වෙනවා.

සමහර වෙලාවට දේවාභරණ කිල්ලට අසුනොවී තියන්නත් අතීත රජ දරුවන් යොදාගෙන තිබු‍ණේ මේ ඇල්ල අසල ගල් පර්වත බවයි ගැමියන් කීවේ. ඒ නිසා දෙවියන් නුග ගස්වලට අරක්ගත්තාද කියාත් සැකයක් මතුවෙනවා.

කොහොම වුණත් මාපලාන කියන නම මෙයට ලැබුණේ බණ්ඩාරගේවත්ත මාපා නැමැති ප්‍රාදේශීය නායකයා දිය කෙළියට යොදා ගත් ඇල්ල නිසා බවයි කියන්නේ. මාපා නාන ඇල්ල ක්‍රමයෙන් කටවහරෙන් මාපාලාන ඇල්ල බවට පත්වෙලාතිබෙනවා.රත්නපුරෙන් සිරිපා පාරේ ගිලී මලේ ට තරමක් නුදුරින් විශාල ගල්ගෙයක් පිහිටිගල්ගේ වංගුවත්, මාවවුලන් ලගින මාලෙනත් පසුකර ළිහිණි හෙළ පේන මානයේදී තමයිමාපාලාන ඇල්ල දිගු හවඩියක් වගේ දිසවෙන්නේ.

කූඩැල්ලන් දෙතුන් දෙනකුගෙන් බේරී එතරම් ඝන නොවූ වන රොද මැද්දෙන් හෝ හඬ ඔස්සේ ඇල්ලට ළං වෙද්දි විඩාව කොහෙන් අතුරුදන් වුණාද කියා දැනුණේ නැහැ. කඩා හැලෙන ඇල්ලෙන් විසිවන දිය බිඳිතිදූවිල්ලක් මෙන් විත් අපේ සිතත් ගතත් සිසිල් කළා.

තද වැසි කාලයට අප සිටි ගල්තලාව දක්වාම දිය පහර විසිරෙන බව අපට කීවේ මෙරට බිහිකළ පළමුවැනි දිය ඇලි සංවිධානයේ සභාපති අසිත ඉන්දික වීරවර්ධන මහත්මයා.මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මේ අල්ලේ උස මැන තිබෙන්නේ 1995 වර්ෂයේදී.

කොටස් තුනකට කඩා හැලෙන ඇල්ලේ මැද කොටස පමණක් අඩි 465ක් අස බව සොයා ගැනුණේ ඉන්පසුවයි. අපේ රටේ උසම දිය ඇල්ල වන බඹර කන්ද අඩි 790කුත් කුරුඳු ඔය අඩි 620කුත් දියලුම අඩි 560කුත් වෙමින් තමයි මාපාලාන ඇල්ල හතරවැනි ස්ථානයට පත් කරන්නේ.

විශාල කළු ගල් කුට්ටි මතින් පරෙස්සමින් පා තබා දිය ඇල්ල ආසන්නයටම ගිය විට තිස්දෙනකුට පමණ ඉතා පහසුවෙන් සිටීමට හැකි පැතලි ගල් තලාවක් ඇල්ල පාමුල හමුවනවා.ප්‍රාදේශීය නායකයා දිය කෙළීමට මේ ඇල්ලම තෝරා ගත්තේ ඒ නිසා ද කියාත් වරෙක සිතුණේ එහි අපූර්ව ස්වාභාවික පිහිටීම නිසයි.

ගුරුලු ආන ස්වාභාවික නාන තටාකය ද ඒ සිතිවිල්ල තවත් තිව්‍ර කළා.මේ දිය ඇල්ලේ විසිතුරු වචනයෙන් කියනවාට වඩා සිද්ධියකින් විසිතර කළොත් පැහදිලිවනවා නිසැකයි. අපේ රටේ දේවල් අගය නොකර රටරටවල ඇවිදින්න අපි හිතුවාට පිටරැටියන් අපේ රටේ ලස්සන හඳුනගෙන තිබෙනවා. එහෙම ආව සුද්දෙක් මේ ඇල්ල දිහා බලාගෙන එහිඅසිරියෙන් මත් වී නින්ද ගිහින් ගල් කුළු මත්තෙන් පහළට වැටිලා. හැබැයි රුක්දෙවියන් බලලාද මන්දා ගිලෙන්න කලින් කට්ටියක් දැකලා බේරගෙන තිබෙනවා.

ඒ නිසාමවැඩිම බිලි සංඛ්‍යාවක් ගත් බෝපත් ඇල්ලේ ගනේට වැටෙන්නේ නැතිව මේ මාපාලාන ඇල්ලතවමත් නිකැලැල් නමක් ඉතිරි කරගෙන සිටිනවා.

ගස් කොළන් ගැන විශාල දැනුමක් නැතත් වට පිට බලද්දී වෙනිවැල්ගැට, හාතාවාරිය, හොරවැනි ශාක ඉතා ‍පහසුවෙන් දකින්න පුළුවන්. ඊට අමතරව බදුල්ල, කොට සිඹුල,ලාවේනියා, කැලෑනිය, ගොණුකෑ වැල්, නෙලු, රහනෙලු, මා නුග, කලා නුග වැනි ඖෂධ වර්ග මෙන්ම මුගුණ, පෙළංග තෙලබෝ, සහ කට කෑලිය වැනි පැළැටි වර්ග ඇති නිසාහදිසියක දී ඔසු පැළ වර්ග 27ක් පමණ සොයා ගත හැකි ස්ථානයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ. සබරගමු පළාතේ පුෂ්පය වන වෙසක් මල ඇතුළු මල් කැකුළු රැසකින් නෙතපිනවන්නත් මේ වන රොද සමත්.

මේ වැනි ස්වාභාවික ස්ථානයකට ගැලපෙන අන්දමින් වැඩි සද්දක් බද්දක් නැතිවසිටියොත් මී මින්නන්, ඕළුමුවන්, ගෝනුන්, වැලි මුවන්, ඉත්තෑවන්, දඬුලේනුන්, රිලවුන් , වල් ඌරන්, හාවන් , දිය බල්ලන් වැනි සතුන් දැක ගන්න පුළුවන්.ශ්‍රී ලංකා ගිරා මලිත්තා, රන් මනන් කොට්ටෝරුවා ඇතුළු කුරුලු විශේෂ රැසක්දකින්නත් හැකි වන්නේ නිශ්ශබ්දව ඒ හඬට කන් දී සිටින්නෙකුට පමණයි. ලේ මාපිලන්,කුණකටුවා, කරවලා, හොරපොළ නයා, තෙලිස්සා, පොළඟා වැනි උරගයන් සිටින නිසා ඉතා හොඳසිහියෙන් හා විමසිල්ලෙන් කැ‍ළය ඇතුළත සිටිය යුතුයි.

ඊටත් වඩා පරිස්සම් වියයුත්තේ අධික විෂ සහිත දිවි මකුවන් මේ දිය ඇල්ල ආශ්‍රිත කැළයේ ගැවසෙන නිසයි. දලඹු විශේෂ හා ගල් ආශ්‍රිතව වෙසෙන ගල් බෙල්ලන් ඇතුළු විවධ ජීවීන් රැසකගේ තෝතැන්නක් ලෙස මේ මාපලාන ඇල්ල අවට භූමිය අදත් පවතින්නේ පරිසර හිතකාමීන් යැයිසිතාගෙන රටේ සොබා සොඳුරු බව වනසන්නන්ගෙන් සැඟවී පවතින නිසා වාය යුතුයි. කගමුඅං කටුස්සා වැනි වඳ වී යාමේ තර්ජනයට දැඩිව ලක් වුණු සතුන් ද මෙහි ඉඳ හිට හෝදකින්නට ලැබෙන්නේ ඒ නොඉඳුල් බව නිසා විය යුතුයි.

මේ දිය දහර කෙතරම් සුන්දර වුවත් වැඩිවේලා ජල ක්‍රීඩා කිරීමට නම් නුපුරුදු අයටඅපහසුයි. ඒ ඉතාම පිරිසුදු මෙන්ම බරින් ද වැඩි ජලය මේ දිය ඇල්ලේ අනන්‍යලක්ෂණයක් නිසයි. මේ හැම විස්තරයක්ම දැක සටහන් තබන මොහොතක් පාසා හිතට දැනුණේවිශාල බියක්. ඒ ඇල්ල බලන්නට විත් මිනිසුන් ඇල්ලට බිලිවේය කියා නම් නොවෙයි.

මේඇල්ලත් සිති පිත් නැති මිනිසුන්ට බිලි වේදැයි සැකයෙන්. එහෙත් අපේ යුතුකම අපදකින වටින දේ ඔබට කීමයි. ඔබේ යුතුකම ඒ වටින දේ ඔබේ දරු මුනුපුරන්ට ද මෙලෙසින්ම දකින්නට විඳින්නට හැකිසේ රැක ගැනීම නොවේද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: