Posted by: lrrp | October 14, 2013

පුරා විද්‍යාවේ සෙළුව පෙන්වන ‘සුගලා පුවතේ’ නිමක්‌ නැති අවසානය

දෙගොඩ තලායන මාෆියාවක ගිලී යන ජාතික උරුමය

රටක කුපාඩිකම් සිදුවිය හැකිය. බොහෝ නින්දිත වැරදි පිළිගත හැකි තරම් උපේක්‌ෂාවක්‌ මිනිසුන් තුළ තිබේ. නමුත් මේ ආකාරයේ කුපාඩිකමක්‌ කවදාවත් මේ රට ප්‍රාර්ථනා කළේ නැත. මේ මොහොතේ අපගේ දෑස්‌ ඉදිරියේ නිරුවත් වන යථාර්ථය අපව යළි යළිත් කම්පනයට පත් කරන්නේය. පිළිකුලෙන් හිරිවට්‌ටවන්නේය. තවත් අපට සුගලා දේවිය ගැන කියන විචිත්‍ර ප්‍රවාද ඇසෙන්නේ නැත. ජයසිංහගේ ගල්කොරියෙන් සිරිපුර පලුදෙනියේදී හමුවූ බව කියනා සුගලාදේවියගේ මමිය ගැන වන කතා ඇසෙන්නේත් නැත.

අපට අවැසෙන්නේ සහගහන අපරාධයක්‌ පිළිබ`ද තහවුරු වූ කතාවකි. හත්මුතු පරම්පරාවටම හෙණ ඉල්ලිය යුතු දහදුරා අපරාධයක්‌ ගැන යළි යළිත් තහවුරු වූ කතාවකි. ලිත සාධක සහිතව හෙළිදරව් වන නින්දිත අපරාධයක්‌ ගැන කතාවකි.

අනුරාධපුර මුල් යුගයේ නටබුන් සහිතව, සිංහලයේ මහා සංස්‌කෘතිය ජීවමාන කරමින් චිරාත් කාලයක්‌ වැඩ සිටි, සුගලා දේවියගේ මමිය හමුවූවා යෑයි ඇති වූ ආන්දෝලනයත් සමග රට දැනගත් සිරිපුර පලුදෙනියේ රූස්‌සමලේ ක`දුයායේ ඓතිහාසික මහා ගල්පව්ව ගල්කොරියක්‌ වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත්ව බව අප රටට හෙළිදරව් කරන්නේ වේදනාවෙනි.

අක්‌කර පනහක්‌ පුරා පැතිරි ගිය මේ ඓතිහාසික ගල් පව්වේ විසිරුණ අනුරාධපුර යුගයට අයත් පෞරාණික නටබුන් විනාශකර දැමෙන්නේත්, අනතුරුව මේ පුරාවිද්‍යා භූමිය ගල්කොරියක්‌ වන්නේත්, එම ගල්කොරිය නීත්‍යානුකූල වන්නේත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත බලපත්‍රය පදනම් කරගනිමින් බව ලියා තබන්නේ ජාතියක උරුමයේ මළගම ගැන රටට දැනුම්දෙන විට උපදිනා වේදනාවෙනි.

ගල්කොරිකාර සංහාරකයන් එම බලපත්‍ර ලබාගෙන ස්‌වකීය ව්‍යාපාර කර ඇත්තේත්, මේ මොහොත වනවිට කරගෙන යන්නේත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශයේ හ`දුනාගත් අපරාධකාර චෞරයින් සමගිනි. වාර්තා වන ආකාරයට සමහර පුරාවස්‌තු විනාශ කෙරෙන්නේ මේ චෞරයින්ගේ උපදෙස්‌ ලෙසිනි. දැන් අපට වැටහෙන පරිදි මේ ගල්කොරියේ ගල් අතරේ තිබී ගම්මුන් කියන පරිදි සුගලා දේවියගේ හෝ සුගන්ධිකාගේ හෝ වෙන ඕනෑම ඓතිහාසික පුද්ගලයෙකුගේ මමියක්‌ හමුවුණා නම් එය ටයර් දමා පුළුස්‌සනු දැකීම මේ රටේ දැන් ප්‍රායෝගික වන ක්‌ෂේත්‍ර පුරාවිද්‍යාවේ යථාර්ථයට එක`ගය. සුගලා දේවියගේ මමිය හමුවී විනාශ කළ බව සැලකෙන පලුදෙනියේ ගල්කොරිය පසුබිම් කරගෙන අප මෙතැන් සිට කතා කරන්නේ මේ රටේ යථාර්ථයට එක`ග ඒ බිහිසුණු පුරාවිද්‍යාව ගැනය.

පලුදෙනියේ ගල්කොරිය ගැන කළ මුල් ගවේෂණ

මේ වනවිට තැන තැන විසිරුණු පුරාණ ගඩොල් කැබලිත් වළංකටු කැබලිත් මිස කිසිම පුරාවිද්‍යා සාධකයක්‌ ශේෂ වී නැති, අක්‌කර ගණනක පුරා පැතිරුණ දැවැන්ත ආවාටයක්‌ මිස ගල් පව්වක්‌ වූ බවටත් සලකුණු නැති මේ පුරාවිද්‍යා භූමිය තුළ සිදුවූ නින්දිත විනාශය ආරම්භ වී තිබුණේ මීට වසර දොළහකට පමණ ඉහතදීය. ඒ වනවිට පලුදෙනියේ මේ පුරාවිද්‍යා භූමිය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලපත්‍ර සහිතව දෙහිඅත්තකණ්‌ඩියේ ව්‍යාපාරිකයෙක්‌ විසින් ගල්කොරිය පවත්වාගෙන ගියේය. ඉන් සිදුවන හානිය දුටු සාගරිකා පුෂ්පකුමාරි නමැති ගමේ සිවිල් ආරක්‌ෂක නිලධාරිනියක්‌ යළි යළිත් මේ අපරාධය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ජාතික උරුමයන් පිළිබ`ද අමාත්‍යවරයාටත් දන්වා තිබිණි. එවකට ජාතික උරුමයන් පිළිබ`ද අමාත්‍ය ධුරය දැරුවේ විජිත හේරත් විසිනි.

මේ පසුබිමේදී පලුදෙනිය ගමේ සිදුවන පුරාවස්‌තු හානිය පිළිබ`ද විමර්ශනය කිරිමට වර්ෂ 2004.06.24 දාතමින් යුතු අංක එම්/ඕ/සීඑච්/03 දරන අමාත්‍ය වරයාගේ ලියුම ප්‍රකාරව, එවකට නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්ව සිටි වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ගේ දැනුම් දීමට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලික ගවේෂණයක්‌ කරනු ලැබුවේය. එවකට අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලියු. විඡේපාල හා නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ගේ අධීක්‌ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශයේ නිලධාරීහු සිව් දෙනෙක්‌ මේ ගවේෂණය කළහ. වාර්ෂිකව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරණු ලබන සිය ගණන් පුරාවිද්‍යා ගවේෂණ අතරේ මෙම ගවේෂණය මතක හිටින වැදගත් කමක්‌ සහිත එකක්‌ වූයේ බලපත්‍ර සහිතව ගල් කැඩෙමින් ඇත්තේ ඓතිහාසික පුරාවිද්‍යා සාධක සහිත භූමියක වීම නිසාත් ඊට ගැමියන්ගේ විරෝධය පැමිණ තිබූ නිසාත්ය.

ගවේෂණයේදී වාර්තා වුණ අතීත පුරාවස්‌තු

මෙම ගල්පව්ව පිළිබ`ද 2004 වසරේදී මුලික ගවේෂණයක්‌ කළ පුරාවිද්‍යා නිලධාරීන් දුටුවේ පුරාවස්‌තු පැතිරීගිය ඓතිහාසික භූමියකි. මීට අවුරුද් දෙදහස්‌ දෙසීයකින් එපිට අතීතයෙන් පටන්ගෙන මීට අවුරුදු අටසියයට පෙර අවසන් වන සිංහලයේ මහා සංස්‌කෘතිය එකෙළි කළ අනුරාධපුර හා පොළාන්නරු යුග දෙක ප්‍රභාමත් කළ පුරාවස්‌තු සහිත ඓතිහාසික භූමියකි. එදා මේ ගල් පව්වේ ගල් කැඩීම සාරසුබාවට සිදුවි තිබුණේ එහි පුරාවස්‌තු බහුලවම දක්‌නට ලැබෙන උතුරු බටහිර හා දකුණු දිශාවෙහිය. එවන් ස්‌ථාන තුනක්‌ එදා ඔවුහු නිරීක්‌ෂණය කළහ.

අක්‌කර පනහකට වැඩි වපසරියක විහිදුන ගල්තලාවේ උසම ස්‌ථානය පිහිටා තිබුණේ එහි උතුරු අන්තයේය. එහි ඇති ස්‌ථුපයක නටබුන් ගවේෂණ නිලධාරීහු වාර්තා කළහ. එම ස්‌ථානයේ ගල් කැඩිම කරගෙන ගිය දෙහිඅත්තකණ්‌ඩිය නිව් රත්න මෝටර්ස්‌ ලිපිනයේ පදිංචි ආනන්ද සෙනවිරත්න නම් පුද්ගලයෙකි. ඔහු මෙම දාගැබ් ගොඩැල්ල හ`දුනාගත නොහැකි සේ විනාශ කර දමා ඇති ආකාරය ගවේෂණ නිලධාරීන් විසින් නිරික්‌ෂණය කර තිබුණේය.

එම ස්‌ථුපයට මීටර පහක්‌ පමණ නුදුරින්, ස්‌ථුප මලුවේ එක්‌ පසෙක අතීත පීඨ§කාවක ශිලාමය අවශේෂ තිබිණි. ඒ නුදුරෙහි පුරාණ ගොඩනැගිල්ලක ගල්කණු පාදම් තුනක්‌ විය. මෙම ශිලා පාදම්ගල් සහිත ස්‌ථානයට බටහිරට වන්නට ගල් කණුවල කැඩි ගිය පාදම් කොටස්‌ ද ඒ ආසන්නයේ පෙරළී ගිය කලුගල් බැම්මක කොටසක්‌ද පැවතිනි. මේ සියල්ල ඡායා රූප සහිතව වාර්තා කෙරිණි.

ඒ වනවිට ගල් කඩමින් පැවති දාගැබට මීටර 10 ක්‌ පමණ දුරින් තවත් අතීත ගොඩනැගිල්ලක පාදම් පිහිටවූ කණු වළවල් වල සලකුණු පැවත තිබිණි. ඊට මීටර 10ක්‌ ගිනිකොණ දෙසින් වූයේ පොකුණු පරිශ්‍රයකි. පුරාණ පොකුණු ආශ්‍රයේ නිරන්තරව හමුවන කේතුකාර ආවාටයකුත් ඊට නුදුරෙහි ස්‌වභාවික පොකුණකුත් ඊට බද්ධව දකුණු දිශාවට ඇති ඕවලාකාර හැඩැති තවත් පොකුණකුත් ඔවුහු නිරීක්‌ෂණය කළහ. පොකුණ මීටර තුන හමාරක්‌ පමණ ගැඹුරු වූයේය. අප පලුදෙනියට ගියවිට ගම්මු අපට තමුන් දිය නෑ මේ පොකුණ ගැන කීවෝය.

තවත් තැනෙක ගල් පඩියක්‌ දක්‌නට ලැබ තිබිණි. මීට අමතරව විවිධ යුග නියෝජනය කරන පබලු වර්ග රාශියක්‌ ඔවුන්ට ගවේෂණයෙදී සොයාගත හැකි විය. වෘත්තාකාර, ඕවලාකාර, සිලින්ඩාකාර, පැතලි හැඩයෙන් යුතු මෙම පබලු අතර දුඹුරු කොළ හා නිල් පැහැයෙන් යුතු පබලු විය. විවිධ හැඩයෙන් හා තාක්‌ෂණයෙන් සැකසුන මැටි මෙවලම් වල අවශේෂ මෙම ගවේෂකයෝ නිරීක්‌ෂණය කළහ. මැටි පහන් ආධාරක ගඩොල් හා උළු කැබලි සහිත මැටි බ`දුන් අවශේෂ වලිනුත් මේ පබලු වලිනුත් ප්‍රකාශිතව තිබුණේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය වනතෙක්‌ වූ අඛණ්‌ඩ අතීත සංස්‌කෘතියක විචිත්‍රත්වයය.

ගවේෂණයේ නිර්දේශ

මෙම මුලික ගවේෂණය කළ නිලධාරීහු ඡායාරූප සහිත වාර්තාවක්‌ සකස්‌ කරමින් මේ භූමියේ ඇති ඓතිහාසික සංස්‌කෘතික වැදගත් කමත්, පුරාවස්‌තු සංහාරකයන් නීතියේ රැහැනට හසුනොවි පුරාවස්‌තු විනාශ කරන ආකාරයත්, මේ ජාතික ව්‍යසනය නවත්වා මේ සංහාරයට සම්බන්ධ සියලු දෙනාට ද`ඩුවම් පැමිණ විය යුතු ආකාරයත් ලිතව වාර්තා කළහ. මෙම භූමිය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ කිරීමටත්a, මෙම ස්‌ථානය මුල්කරගෙන අවට විධිමත් ගවේෂණයක්‌ කිරීමටත්, පුද්ගලිකව ගම්වැසියන් සතුව තිබෙනා පුරාවස්‌තු පිළිබ`දව උචිත වැඩපිළිවෙලක්‌ සකස්‌ කිරීමටත් ඔවුහු නිර්දේශ කළහ. එහෙත් මේ ගවේෂණයෙන් හෙළි වූ පුරාවස්‌තු විනාශය පිළිබ`ද ප්‍රදේශයේ ගවේෂණ නිලධාරියා පොලිස්‌ පැමිණිල්ලක්‌වත් කර තිබුණේ නැති බව වාර්තා විය.

පලුදෙනිය පුරාවිද්‍යා භූමිය ගල්කොරියක්‌ වූ හැටි

වර්ෂ 2004 වනවිට මේ පුරාවිද්‍යා භූමියේ දෙහිඅත්තකණ්‌ඩියේ නිව් රත්න මෝටර්ස්‌හි ආනන්ද සෙනවිරත්න, යක්‌කුරේ පිහිටිවැව ගුරුසිංහ, පිහිටිවැව ටී.බී ජයසිංහ, නුවරගල දයා තෙන්නකෝන් යන ව්‍යාපාරිකයන් මෙම ස්‌ථානයේ ගල් කඩමින් සිටින ආකාරය ගවේෂණ නිලධාරින් වාර්තා කළේය. එම වාර්තාව මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වේ. ඒ අනුව මේ ගල්කොරි 2004 වසරේදී තහනමට ලක්‌වුණේය.

එහෙත් 2005 වසර වනවිට පුරාවස්‌තු බහුලවම පැවති ගල් පව්වේ උතුරු කොටසේ ගල් කැඩීමෙහි නිරතවුණ දෙහිඅත්තකණ්‌ඩියේ නිව් රත්න මෝටර්ස්‌හි ආනන්ද සෙනවිරත්නගේ ගල් කොරිය ඇතුළු යන්ත්‍ර සූත්‍ර රුපියල් ලක්‌ෂ අනුවක මුදලකට ටී.බී ජයසිංහ විසින් මිලදී ගත්තේය. අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරීන් විසින්ම ගවේෂණය කර නිශ්චිත වාර්තා සපයන ලද මේ ඓතිහාසික භූමියේ ගල්කැඩීමේ තහනම ඉවත් කරගැනීමට ජයසිංහ සමත් වූයේය. ඔහු මේ ඓතිහාසික භූමියේ ගල් කඩන්නට අවසර ලබා ගන්නේ කොටස්‌ වශයෙනි. මුල් වරට වර්ෂ 2005 දී ඔහු තහනම් ගලට බලපත්‍රයක්‌ ලබා ගන්නේය. එම බලපත්‍රය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයාගේ නිර්දේශ මත එවකට ගවේෂණ අධ්‍යක්‌ෂ රොහාන් පෙරේරා විසින් නිකුත් කරන්නේ ගල්පව්වේ නිශ්චිත කොටසක්‌ ස`දහා යෑයි කියමිනි. ඒ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම් එල්ල වන බව කියෑවෙන්නේය. ගල් කඩන්නට නැතිව පලුදෙනියේ මිනිස්‌සුන්ට ජීවත් වන්නට ක්‍රමයක්‌ නැති වී ඇති බව කියෑවෙන්නේය. අවසානයේදි ඉදිරිපත් වූ අභියාචනා සලකා බලමින් යෑයි කියමින් 2007 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේෂණ අංශයේ අධ්‍යක්‌ෂ වරයාගේ නිර්දේශ ප්‍රකාරව මේ ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ ගල් කොරියක්‌ කරන්නට අවසර ලැබෙන්නේය. දැන් පලුදෙනියේ පුරාවස්‌තු නැත. පුරාවස්‌තු තබා පුරාවස්‌තු පිහිටි ගලේ සේයාවක්‌වත් නැත. ඇත්තේ අක්‌කර ගණනක්‌ පුරා පැතිරුණ මහා ආවාටයකි.

මේ කාලකණ්‌ණි කතාව අපට හෙළිදරව් වන්නේ මේ භූමියේ තිබී හමුවූ සුගලාවන්ගේ මමිය පිළිබ`ද ගැමියන් අතරින් මතුව ආ ප්‍රවාදයත් සමගිනි. ජයසිංහ නමැති මේ ගල්කොරිකාර ව්‍යාපාරිකයාගේ අතාර්කික වත්කම් සම්බන්ධව කටකතා පැතිරීමත් සමගිනි. දැන් අප ඉදිරියේ ඇත්තේ සුගලාවගේ මමිය ටයර් දමා පුලුස්‌සා දැමුවාටත් වඩා බරපතල අපරාධයකි. ජාතියක්‌ විසින් අපේක්‌ෂා නොකරන කාලකණ්‌ණි අපරාධයකි. දෙවොල කුඩුකර පුදසුන මත පහරා ඇත්තේ දේවාලයේ කපුවන්ය. මේ රටේ සාහසික උරුම සංහාරයත් පුරාවස්‌තු කොල්ලයත් සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොටසේ ප්‍රමාණය දැන් අපි දකිමින් සිටිමු.

පුරාවිද්‍යා භූමියක්‌ යෑයි පවසමින් සූරියදේව රජමහා විහාරය හදන්නට අවසර නොදෙන පුරාවිද්‍යා ආඥා පනතින් එම ඓතිහාසික භූමියේ සෙසු සියලුම පුරාවිද්‍යා සාධක වනසා දමා ගල්කොරි පවත්වාගෙන යන්නට අවසර ලැබෙන්නේය. ඒ අපරාධයට නීතිමය ආවරණයක්‌ ලබා දෙන්නේය. අප තිගස්‌වන සැබෑව ඇත්තේ මෙතැනය. පුරාවිද්‍යා ආඥාපනත යටතේ පුරාවස්‌තුවක්‌ විනාශකිරීම ඇපත් නැති වරදකි. පුරාවස්‌තු විනාශයක්‌ සිදුවී තිබේද නැද්ද යන්න තීන්දු කිරීමේ ශාස්‌ත්‍රීය සහතිකය උසාවියට ලබා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි. විනාශ කර ඇති පුරාවස්‌තු විනාශ කර නැති බවට හෝ පුරාවස්‌තු නොමැති තැනක පුරාවස්‌තු සංහාරයක්‌ සිදුවූ බවට ලබාදෙන සහතික කරන්නේ මේ පිරිස විසිනි. ඇත්ත නම් මේ වනවිට වැඩිමනත් අවස්‌ථා වලදී මෙම වාර්තාව නිකුත් කිරීම සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාව නිකුත් කරන නිලධාරියාට කප්පම් ගෙවීමෙන් අනතුරුව වීමය. මේ පිළිබ`ද සැබෑව ගෙදරක ළි`දක්‌ හාරන විට, කුඹුරේ වැඩ කරනවිට පුරාවස්‌තු විනාශ කිරීම සම්බන්ධව යෑයි අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කරනා අහිංසකයින්ව නිදහස්‌ කිරීමට වාර්තා සැපයීම ස`දහා පගා ඉල්ලු පුරාවිද්‍යා නිලධාරීන්ට සාප කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ පස්‌ කන අහිංසකයන් අපට කියන්නේය. දිඹුලාගල කුඹුරකදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ එවන් ගොවියෙකුගේ බිරි`දක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව දිවයින කන්තෝරුවට ඇවිත් කීවේ සැමියා නිදහස්‌ කරගැනීමට ගවේෂණ වාර්තාව ලබාදීම ස`දහා නිලධාරියෙක්‌ ඉල්ලු රුපියල් හැත්තෑපන්දහස ලබා දෙන්නට තමන් තම අත්ට්‍රැක්‌ටරය විකිණු බවය. පලුදෙනියේදී මුන් රටට පෙන්වූයේ පුරාවිද්‍යා ආඥා පනත ජාතික උරුමය රක්‌ෂා කිරීම ස`දහා පුරාවිද්‍යා නිලධාරීන් විසින් යොදා ගන්නා ආකාරයය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් රට ඉදිරියේ රෙදි ගලවාගත් අවස්‌ථාවක්‌ ඉතිහාසයේ මින් පෙර වාර්තා වන්නේ නැත.

මැදිරිගිරියේ දිග්ගල මහා පුරාවස්‌තු සමුහයක්‌ පැතිරී ඇති ඓතිහාසික භූමියකි. එම ගල කැඩීමට බලපත්‍ර නිකුත් වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. මැදිරිගිරියේ අඹගස්‌ යායේ පුරාවිද්‍යා භූමියකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගල් කැඩීම ස`දහා බලපත්‍රයක්‌ ලබා දුන්නේය. එම ගල දෙකඩ වූයේ ගල මත තිබු දැවැන්ත ඓතිහාසික දාගැබ දැදුරු කරමිනි. මේ අවස්‌ථා දෙකම මේ ලියුම්කරු පුද්ගලිකවම දන්නේය. එහෙත් මෙපමණ දැනෙන සුලු ආකාරයෙන් මේ අපරාධ රටට හෙළිදරව් වූයේ නැත.

ශික්‌ෂණයක්‌ නැති, ආත්ම ගෞරවයක්‌ නැති පගා කාර අවජාතකයින්ට පුරාවිද්‍යා උපාධියක්‌ ගත් පමණින් ජාතික උරුමය පිළිබ`ද ශාස්‌ත්‍රීය පදනමකින් තීන්දු ගැනීමට ඉඩ හසර සලසා දීමේ චමත්කාරය දැන් රට ඉදිරියේ පෙනෙමින් තිබේ. අප විශ්වාස කරන පරිදි එවැනි වගකීමක්‌ දැරීම ස`දහා ශාස්‌ත්‍රීය දැනුම සහිත උපාධියකට අමතරව යහපත් ජන්මීය පුරුදු අවශ්‍යය. එය කොතැනින් නිවැරදි කරන්නදැයි අපට වැටහෙන්නේ නැත. අප එසේ කියන්නේ සහේතුකවය.

මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රස්‌සාව කරනා නිලධාරීන් කීදෙනෙකු ගල්කොරි කාරයින් හා එක්‌ව ගල්කොරි කරන්නේදැයි අපට රහසක්‌ නොවේ. කී දෙනෙකුට බොරලු ක`දු ස`දහා බලපත්‍ර තිබේදැයි යන්නත් අපට රහසක්‌ නොවේ. මේ බොරලු වළවල් හෝ ගල්කොරි වලට ගවේෂණ වාර්තා සකසන්නේත් මේ කාලකණ්‌ණින් වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රහසක්‌ වුවත් අපට රහසක්‌ නොවේ. හොරකම් කිරීම මේ රටේ ජාතික සන්දර්භයේ දියවී ඇති දෙයකි. හොරුන් සිටීම හෝ උන් සුලභ වීම අරුමයක්‌ නොවේ. නමුත් ජාතියක අනාගතය සි`ද උරුම සංහාර කරමින් උපයනා මුන්ගේ අතාර්කික වත්කම් කිසිවෙක්‌ විසින් ප්‍රශ්න කරන්නේ නැත. පගා ඉල්ලීම් සම්බන්ධ ලිත පැමිණිලි, පටිගත කරන ලද සංවාද, කොතෙක්‌ ලැබුණත් මුන් සම්බන්ධව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සූදානම් නැත. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා උරුමය ආරක්‌ෂා කිරීමට ජනතාව දැනුවත් කරමින් කොළඹ පත්‍රිකා බෙදද්දී ගල්කොරියකට බලපත්‍ර දීමට ගොස්‌ පගා ගසා අල්ලස්‌ හෝ දුෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගත් අම්පාරේ පගා මරුවා හැරෙන්නට එවන් අපරාධ කළ එකෙකුටවත් ද`ඩුවම් ලැබී නැත. මීට වඩා මොනවා කියන්නදැයි අපට වැටහෙන්නෙත්a නැත. මේ යථාර්ථයට උත්තර නොසපයා ලබන සතියේ පුවත්පත් සාකච්ඡා සංවිධානය කරන ජාතික උරුමයන් පිළිබ`ද ඇමති ආචාර්ය ජගත් බාලසූරියත්, පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකත් රටට මොනවා කියන්නට සූදානම්දැයි අපට තේරෙන්නේත් නැත.

දැනට අපට දකින්නට සිදුවී ඇත්තේ අප කල්‍යාණ මිත්‍ර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පට්‌ට හොරු රැලක්‌ සමග හෙලුවෙන් සිටින ආකාරයේ දුක්‌ත දැකුම පමණය. නීතියක්‌ නැති රටක දැනට අපට කරන්ට සිදුවී ඇත්තේ මේ අපරාධ කරන උන්ටත් උන්ගේ දරුපවුල්වලටත් හෙණ ඉල්ලීම පමණය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: