Posted by: lrrp | October 28, 2013

1381765_456759804441437_1110986161_n

දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කරන ලද බවට ශාසනික ඉතිහාසයේ සඳහන් වන හොරොව්පතාන, කපුගොල්ලෑවේ පිහිටි වලස්කුණුවැව පුරාණ ලෙන් විහාරය පිහිටි බිම අලි රැඳවුම් කලාපයකට වෙන්කර ඇතැයි පසුගිය කාලයේ වාර්තාවිය. මේ භූමිය පුරා කටාරම් කෙටූ ලෙන් ගුහා 60ක්, ලෙන් විහාරයක්, ශෛලමය බුදු පිළිම, ශ්‍රී පතුල් ලාංඡන, ගල් පොකුණු, ගල් පුවරු හා බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද සෙල් ලිපිද දක්නට ඇති බව පුරාවිද්‍යාවේ සඳහන්ය. පුරාවිද්‍යා වටිනාකමක් ඇති අක්කර 7500ක භූමිය අලි රැඳවුම් කලාපයෙන් වෙන්කර දෙන ලෙස ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වුවද, මේ වනවිට අලි රැඳවුම් කලාපය වටකොට විදුලි වැටක් හා පිවිසුම් ‍ෙදාරටුවක් ඉදිවෙමින් පවතින බවද, මේ කලාපයට නැඟෙනහිරින් අක්කර සියයක පමණ භූමි ප්‍රමාණයක අලි නැරැඹීමට ඉඩකඩ ලැබෙන ආකාරයට සංචාරක හෝටලයක් ඉදිකිරීමට දේශපාලන බලවතුන් සැරැසෙන බවද දැනගන්නට ඇත.

හොරවුපතාන, කපුගොල්ලැව ප්‍රෙද්ශයේ ඉදිකරමින් පවතින මෙම අලි රැඳවුම් කලාපයට මුවා වී එම ප්‍රෙද්ශයේ තිබෙන බොහොමයක් ඓතිහාසික පුරවස්තු හා නටබුන් වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ පිරිස් සහ ප්‍රෙද්ශයේ දේශපාලඥයන් විසින් එක්ව විනාශ කරමින් සිටින බව ප්‍රෙද්ශවාසීන් දැඩිව පවසා සිටී. මෙය සැබැවින්ම අලි රැඳවුම් කලාපයක් ඉදිකිරීම සඳහා සිදුකරන ක්‍රියාවලියක්ද, එසේත් නැත්නම් අලි රැඳවුම් කලාපය ඉදිකිරීම මුවාවෙන් සිදුකරන නිධන් හා පුරාවස්තු කොල්ලයක් දැයි එම ජනතාව තවදුරටත් ප්‍රශ්නකර සිටී. අනුරාධපුරයේ සහ අදාල ප්‍රෙද්ශයේ අදාල පුරාවිද්‍යා නිලධාරීන්ටද මේ පිළිබඳව ගම්මුන් විසින් දැනුවත් කිරීම් සිදුකළද ඒවා බීරි අලින්ට වීනා වැයීමක් වැනි යැයිද ඔවුන් චෝදනා කර සිටී. හොරොව්පතාන වූකලී පුරාවිද්‍යාත්මක හා ඓතිහාසිකත්වය අතින් ඉතාම වටිනා ඉසව්වක් වන අතර, ප්‍රෙද්ශය පුරාම ඉපැරණි නටබුන්, සෙල්ලිපි දක්නට ලැබේ. සෙනරත් පරණවිතාන මහතාගේ ගවේශණයන්ට අනුවද ලංකා ඉතිහාසයට අතිශය වැදගත් තොරතුරු සම්භාරයක් ලබාදෙන වටිනා සෙල්ලිපි රැසක්ද මෙහි වන බවට එතුමන් විසින් සනාථ කර තිබේ. මේ විනාශය නැවැත්වීමට නම් දැනුවත් කළයුත්තේ කාවදැයි ප්‍රෙද්ශවාසීහු ප්‍රශ්නකර සිටිති.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: