Posted by: lrrp | April 25, 2014

අයියනායක දෙයියනේ…

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ පෞරාණික දේවාල අතර දැදුරුඔය අසබඩ පිහිටි අයියනායක දෙවොලට විශේෂ තැනක් හිමිවේ. වන්නියට අධිපති දෙවියන් ලෙස සැලකෙන අයියනායක දෙවියන්ට මෙයින් දිගු කාල පරාසයකට පෙර ගැමි ජනතාව අතරේ මහත් ගෞරවයක් තිබුණි. ඒ වන්නිය වනගතව තිබිදීය.

අදත් එම ගෞරවය පවතින අයුරු දක්නට ලැබෙන්නේ දැදුරුඔය තරණය කරන අය දෙවියන් උදෙසා කරනු ලබන පුද පූජා හේතුවෙනි. ආරක්ෂාව පතා කොළ අතු එල්ලීම, පොල් ගැසීම, පුද පූජා පැවැත්වීම, පඬුරු දැමීම වන්නියේ ඇත්තෝ පමණක් නොව ඒ ප්‍රදේශය සැරිසරන්මෝ ද සිදු කරති.

ගමනක් යාමට පිටත්වන දරුවාට අයියනායක දෙවියන්ගේ පිහිටෙන් ගෙදර එන්න යැයි මවුපියෝ පවසති. විපතක් වූ කළ අයියනායක දෙවියන්ටවත් මේ දුක පේන්නේ නැද්දැයි වන්නියේ් වැසියෝ පවසති. සමහරු අයියනායක දෙවියන් ගම්භාර දෙවියන් ලෙසද හඳුන්වති.

මෙම බලවත් තෙදවත් අයියනායක දෙවියන්ගේ උපත පිළිබඳව රසවත් ජනප්‍රවාදයක් වන්නියේ ජනතාව අතර පවතී.

ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වූ උමයංගනා විෂ්ණු දෙවියන්ගේ නැගණිය වග දෙවි දේවතා කතාවන්හි සඳහන් වේ. විෂ්ණු දෙවියන් විහිළු කවටකම් කිරීමෙහි ගජ හපනෙකු ලෙස දැක්වේ. තම මස්සිනාට සහ නැගණියට විහිළුවක් කිරීමට සිතූ විෂ්ණු දෙවියන් රූමත් කාන්තා රුවක් මවා ගෙන හිමාල වනයේ රුක් සෙවනක් යට වාඩි ගත්තේය.

තම තියුණු නෙතින් ඈත මෑත වට පිට විමසූ ඊශ්වර හිමාල වනයේ රුක් සෙවනෙහි ගිමන් හරින අතිශය රූබර ලලනාවක දුටුවේය. ඊශ්වරට ඒ ලලනාව ගැන සිතක් පහළ විය. කෙසේ හෝ මේ ලලනාව තම වසඟයට ගත යුතු යැයි අදිටන් කර ගත්තේය.

එහෙත් මෙම රූබර ලලනාව තම වාසභවනයට කැඳවාගෙන ඒමෙන් උමා දේවිය කෝපවන බවත් මස්සිනා වන විෂ්ණු දෙවියන්ගෙන් ව්‍යසනයක් වෙන්නට පුළුවනැයි ඊශ්වර දෙවි දෙගිඩියාවකට පත් විය. ඊශ්වර බොහෝම අපහසුවෙන් උමා දේවිය කැමති කර ගත්තේය.

ඉමහත් සතුටට පත් ඊශ්වර සැනෙකින් රූබර ලලනාව වෙත සමීප වූයේය. එහෙත් ඒ සුළු මොහොතට ඈ සුරතල් සිඟිත්තෙකු ප්‍රසූත කර තිබුණාය. දැන් දරුවා සමග ඒ රූබර කාන්තාව කැඳවා ගෙන ඒම ප්‍රශ්නයකි. ඊශ්වර යළිත් සිය වාසභවනයට ගියේය. උමයංගනාව වෙතට ගොස් බොහෝ ලෙන්ගතුව කරුණු කියා ඇය කැමති කරවා ගත්තේය. යළිත් ඊශ්වර හිමාලය පා මුල රුක්සෙවන වෙත සමීප වූයේය. පුදුමයෙනුත් පුදුමයකි, එතැන දරුවන් දෙදෙනෙකි. ඔහුට ඔහුගේ හදවත වාවා ගැනීමට නොහැකිය. යළිත් උමයංගනාව වෙත ගියේය. ඉතා අපහසුවෙන් කැමතිකරවා ගත්තේය. යළිත් නිවේෂයකින් රුක් සෙවණ සමිපයේය. රූබර ලලනාවට තුන්වන දරුවකු ද ලැබී ඇත. මේ ආකාරයට ඊශ්වර සිය වාසභවනයට ගියේය. යළිත් හිමාලය වෙත පැමිණියේ ය. මේ ආකාරයෙන් ඔහුට දසවතාවක්ම යාමට ඒමට සිදු වූයේ සුළු කාලයක් තුළ රූබර ලලනාවට දරුවන් දහ දෙනෙකු ලැබී තිබීමය.

මෙය තම සොහොයුරාගේ මහා විහිළුවක් බව උමයංගනා දේවිය අවබෝධ කර ගත්තාය. විෂ්ණු දෙවියන්ට දශ අවතාරයක් මවන්නට හැකියාවක් තිබිණි. ඊශ්වර ගෙන් දැන් උමයංගනාවියට බේරුමක් ද නැත. ඊශ්වර ගැන අනුකම්පා කළ ඇය ඊශ්වර සමඟම හිමාලයේ රුක් සෙවණ වෙතට ගියාය. උමයංගනාවට සියල්ල පසක් වූවාය. ඇයට මුවගින් සිනා පහළ විය.

‘මගෙ අයියට දරුවන් ගොඩායි’ කියමින් ම උමයංගනාව දරු දහ දෙනාවම එරටම බදාගත්තාය. නිමේෂයකින් දරු දහ දෙනාම එක් අයෙක් විය. සුරූපි ලලනාව අන්තරස්දාන වූවාය. ඒ අයියනායකයි. අයියනායක දෙවියන්ට මුහුණු දහයක් ඇතැයි පැවසෙන්නේ මේ නිසා යැයි ජනවහරේ පවතී.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: