Posted by: lrrp | April 30, 2014

වැස්‌සවලාහක දෙයියොත් අහක බලද්දී දිගාමඩුල්ලේ අම්බලන්ඔය නියඟයට පිහිට වු මිනිසා

paddyගස්‌වැල් වියළී පරඬැල් බවට පත් කරමින් නියන් රකුසා දත් විලිස්‌සාගෙන සිය ඔදතෙද දිගාමුඩුල්ල මිටියාවත පුරා පතුරුවාගෙන සටියිs. වෙනදා මහා ජල කඳක්‌ පුරවා ගෙන සිටි වැව් කේඩෑරිව සි`දී ගොස්‌ය. පවතින මහා නියගයත් සමගම අම්පාරේ වී වගා බිම් අක්‌කර 83,000 ක වගා නොකිරීමට බළධාරීන් තීරණය කළේ එම වගා බිම් වලට ජලය සැපයීම සඳහා ප්‍රමාණවත් ජලයක්‌ වැව්වල නොමැති නිසාය.

60 දශකයේ මැද භාගයේ අක්‌කර අඩි 36800 ක්‌ ජලය ර`දවාගත හැකි අම්බලන්ඔය වැව ඉදි කරනු ලැබුවේ යල – මහ දෙකන්නයේ අක්‌කර 3600 ක්‌ අස්‌වද්දන්නටය. නමුත් අපේක්‌ෂීත ආකාරයෙන් එම අක්‌කර සියල්ලම අස්‌වද්දන්ට නොහැකි වූයේ එම වැව්පිටිය මු`ඵමනින්ම පුරවාගත නොහැකි වීමෙනි. එම නිසා මෙම වැව පිටාර නොගලන වැවක්‌ ලෙස හ`දුන්වනු ලැබුවේය. වැවේ වතුර නිසි පරිදි නොමැති නිසා 89 දි වගා කරනු ලැබුවේ අක්‌කර 1600 ක බිම් ප්‍රමාණයකි. මේ අනුව අපේක්‌ෂිත ඉලක්‌කගත භූමිය වගා කරගන්නට හැකිව තිබුණේ නැත.

එච්. කේ. පී. ජී. හේරත් මහතා වාරිමාර්ග ඉංජිනේරු සහකාරවරයෙකු ලෙස 1982 ගල්ඔය මිටියාවතට පා තබන්නේ මේ අතරය. සේනානායක සමුද්‍රයේ වම් ඉවුරේ ඇළ පද්ධතිය අලුත් වැඩියා කරමින් හෙතම තම රාජාකාරි දිවිය අරඹන්නේය.

අනතුරුව 1988 ජනවාරි මසදි පන්නල්ගම සහ අම්බලන්ඔය වැව් භාරව කටයුතු කිරීම පැමිණියේය. ඒ වන විට අම්බලන්ඔය වැව දිස්‌ වූවේ මහා කැලයක්‌ විලසිනි. කොළ පැහැති පාසි ඇතු`ඵ ජලජ ශාඛ මේ වැව ආක්‍රමණය කර තිබිණී. හෙතෙම පාසි ආහාරයට ගන්නා කුරුමිණි විශේෂයක්‌ වැවට ගෙනවිත් දමා වැවෙහි පාසි ඉවත් කළේය. නමුත් ගැට`ඵවකි. ඒ ජල පෝෂක ප්‍රදේශ අඩු කම නිසා මෙම වැව මු`ඵ මනින්ම පිරී ගියේ නැත. එම නිසා වගාකළයුතු අක්‌කර 3600 බිම් ප්‍රමාණය මු`ඵමනින්ම වගා කිරීමට නොහැකිවිය.

අනතුරුව ඉහළ නිළධාරීන්ගේ සහයෝගයත් මත ඔහු පන්නල්ගම වැවේ ඇළ මාර්ගය මීටර් 500 ක්‌ පමණ දිගු කළේය. මහ වැසි සමයේදී නිකරුනේ මුහුදට ගලාගෙන යන වැසි ජලය අම්බලන්ඔය වැවට ගෙන ඒම ඔහුගේ අදහස විය. එතැනින් නොනවතින ඔහු එක්‌ගල්ඔය ඇළ මාර්ගය ඔස්‌සේ වැසි සමයේ ගලා බසින මහා ජල කඳ නිකරුනේ අපතේ යන හෙයින් එවායින්ද අම්බලන්ඔය වැව පුරවන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. වැව සෑදුවාට පසුව එය පිටාර ගලා තිබුණේ එක්‌ වරක්‌ පණය. ඒ 1978 දීය. අම්බලන්ඔය වැව 1990 දී පිටාර ගැලුවේය. ගොවීන් තුළ සතුට දෝරෙ ගලා යමින් තිබිණි. එදා සිට මෙතෙක්‌ හීනයක්‌ව තිබුණු අම්බලන්ඔය වැවෙන් අක්‌කර 3600 ක්‌ වගා කීරීම යථාර්ථයක්‌ වුවේය.

ගොවීන් උදාසීන ආකාරයෙන් වගා කිරීම නිසා ජලය නිකරුනේ අපතේ යැම හේරත් වාරි ඉංජිනේරුවරයා ඉවසුවේ නැත. ගොවීන්ට නීතිරීති දමමින් කෑ ගසමින් ඇතැම් අවස්‌ථාවන්වල බැණ වදිමින් ජල කලමනාකාරණය පිළිබඳව හෙතෙම ගොවීන් දැනුවත් කළේය.

“අනේ හේරත් මහත්තයෝ අපේ කුඹුරට වතුර නැහැ. ඇලෙන් වතුරු ටිකක්‌ එවන්නකෝ.” ඇතැම් ගොවීන් දුරකතනයෙන් කථා කර මැසිවිලි නගන්නට වුහ. “වෙන්න බැහැ. හරි මම බලන්නම්” පවසන හෙතම පසුදා හිමිදිරි උදැසනම එම ගොවියාගේ වගා බිමට පා තබන්නේය. තම කුඹුර පැත්ත පළාතටවත් පා නොතබු ගොවියා නිසි වේලාවට කූඹුරට ජලය හරවන්නේ නැතිව ජලය ඉල්ලා සිටින බව සක්‌ සුදක්‌සේ දැනගත් පසු හේරත් මහතාගෙන් හොඳට ලුණු ඇඹුල් ඇතිව අහගන්නට සිදුවන්නේය. එම නිසා ගොවීන්ට කිසිදා හේරත්ව අන්දන්නට නොහැකි විය. ඔහු පණසේ මෙම නිල් ජල කඳ රැක්‌කේය.

paddy1එකල යුධ ගිණි දැල් දරුණුවට ඇවිලෙමින් තිබුණ සමයයි. 18 ඒ සහ 19 ඒ යන ජනපද දෙකටත් පුලාවලි. අලිගම්බේ වැනි දෙමළ සිංහල මුස්‌ලිම් ජනයා වෙසෙන ප්‍රදේශවලටත් ජලය සැපයිම් සිදුකළ යුතුය. කොටින්ගේ ප්‍රධාන කඳවුරක්‌ වන කංචිකුඩිආරු කොටි කඳවුරද පිහිටා තිබෙන්නේ මෙම ජල සපයන ප්‍රදේශය ආසන්නේය. එම නිසා එම ප්‍රදේශයට සිංහල අයෙකු යැම මරණ වරෙවන්තුවක්‌ රැගෙන යෑමක්‌ බඳුවිය. එකල ලද අත්දැකීම් ඔහු අපට සිහි කරන්නේය.

“මම 88 කාලයේ මාර වැඩක්‌වුනා. කංචිකුඩිආරු වලට කොටි යන මාර්ගයක්‌ මේ අසලින් පිහිටලා තිබුණා. එකල ආරක්‌ෂක කඳවුරක්‌ ඒ අවට තිබ්බේ නැහැ. ඒ කාලේ ප්‍රදේශය භාරව කාදමාදු කියලා කොටි නායකයෙක්‌ හිටියා. දවසක්‌ ත්‍රස්‌තවාදියෙක්‌ තුවක්‌කුවත් රැගෙන මා සිටින තැනට ඇවිත් සිංහල නේදැයි ඇසුවා. මම මෙහෙම කිවුවා.”

“ඔව් මම සිංහල. මම ආවේ උඹලයි පැත්තට වතුර දෙන්න. ගිහිල්ලා කියන්න කාදමාදුට මට කරදර කළොත් මේ පැත්තට වතුර දෙන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් උඹලයි මිනිසුන්ට වගා කරන්න වතුර ලැබෙන්නේ නැහැ. ආයි මගේ ඉස්‌සරහට තුවක්‌කුඅරන් එයාගේ මිනිස්‌සු එවන්න එපා කියන්න” කියලා. පස්‌සේ එතැන හිටිය අය කිවා මහත්තයෝ එයා තමයි කාදමාදු කියන කොටි නායකයා කියලා.

“තවත් දවසක්‌ මමයි ජල පාලක මහතයි දෙන්නා යතුරු පැදියෙන් යද්දි ට්‍රැක්‌ටරයක්‌ ආවා. එකේ ටේ්‍රලරය ටේන්ට්‌ රෙද්දකින් වහලා තිබ්බේ. මම හිතුවේ බඩු මොනව හරි ගෙනියනවා කියලා. එක පාරට අපේ ලගට ඇවිත් නතර කළා. පිටිපස්‌සේ බඩු නොවෙයි තිබ්බේ. එක එක වර්ගයේ ආයුද අරන් එකපාරටම කොටින් අපේ ඉස්‌සරහට ආවා. අපේ ළගටම ආපු කොටි නායකයා ඇසුවා උඹලා සිංහල නේද කියලා. මම කීවා ඔව් කියලා. මොනවාද මෙහේ කරන්නෙ. දන්නවනේ මෙහේ අපේ පැත්ත, උඹලට ඕන විදිහට මේ පැත්තට එන්න දෙන්න බැහැ. කිවුවා.”

“මම ආවේ වතුර දෙන්න කියලා මම කිව්වා. හැබැයි මට කරදර කරන්න ආවොත් උඹලාගේ කට්‌ටියට වතුර නැහැ වගා කරන්න. ඒ හින්දා මගේ ඉස්‌සරහට ආයෙත් තුවක්‌කු අරන් එන්න එපා” කිව්වා. ටික වේලාවකින් කොටි නායකයා යන්න හැරෙද්දි ඕකා අල්ලා ගමු යන්න දෙන්න එපා. අපිට සල්ලි ගන්න පු`ඵවන් කියලා අනෙක්‌ ත්‍රස්‌තවාදින් කෑගසන්නට වුණා. එය ඇසෙත්ම එකවරම බයක්‌ මගේ හිතට ආවා. ඒ එක්‌කම ෂටප් කියලා කොටි නායකයා කෑ ගහලා කොටින් ට්‍රැක්‌ටරයට නංවාගෙන යන්න ගියා.

අම්බලන්ඔය වාරි පද්ධතිය තව දිගු කලොත් තවත් කූඹුරු වැඩිපුර අස්‌වද්දන්ට හැකිවෙතැයි සිතු හෙතෙම 18 ජනපදය සහ වෙහෙරගල ඇළ මාර්ග දෙක තවත් දිගු කිරීමට කටයුතු කළේය. එතැන් සිට වැවෙන් අස්‌වද්දන බිම් ප්‍රමාණය 5250 ක්‌ දක්‌වා පුළුල් විය.

අක්‌කරයක්‌ වී වගාව සඳහා බිම් සකස්‌ කර අස්‌වනු නෙලන්නට බොහෝ විට අක්‌කර අඩි 06 පමණ ජල කඳක්‌ වැව් වලින් වැයවේ. නමුත් අම්බලන්ඔය වැවේ 1995 වසරේ සිට අක්‌කරයක්‌ වගාව සඳහා වැය වන්නේ අක්‌කර අඩි දෙකහාමාරත් අක්‌කර අඩි තුනහාමාරත් අතර ජල ප්‍රමාණයකි. ඒ මේ ජල කළමණාකරණ වැඩපිළිවෙලේ සාරථකත්වය ය.

“අපේ ගොවි මහත්වරු සති දෙකක්‌ ඇතුළත බිම් සකසා වගා කරනවා. බෝහෝ විට ගොඩට සී සෑම කරනවා. ජලය දෙන්නේ මුර ක්‍රමයට. මම හැම කුඹුරු යායකටම යනවා. ජලය කුඹුරුවලට යන ආකාරය මම දන්නවා. එම නිසා ගොවීන්ට වතුර නිකුත් කළ සැනින් තම ඉඩමට ජලය ලබා ගතයුතු වෙනවා. මම දැඩි නීති ඒ සඳහා සකස්‌ කර තිබෙනවා. මේ කාර්යයේදී ඉහළ නිළධාරීන් සහ මාගේ පහළ සේවක මණ්‌ඩලය සහ ගොවීන් ඇතුළු සියලු දෙනා එකතු කරගෙන තමයි මම මේ ආකාරයෙන් ජල කළමනාකරණය කරන්නේ. එම නිසා මීට පෙර 1989, 1998, 2009 සහ 2014 අවුරුදුවල නියං තත්වය හේතුවෙන් අම්පාරේ වී වගා බිම් වගා නොකර අත් හැරියා. අම්බලන්ඔය වැව ආශ්‍රිත ගොවිජනතාවට අපි වී වගාව ස`දහා ජලය ලබා දුන්නා. අපි ඊට අමතරව තුන්වන කන්නයත් වගා කළා. මේ වන විටත් අක්‌කර අඩි 18500 ක්‌ පමණ ජලයක්‌ වැවෙහි ඉතිරිව තිබෙනවා. මේ හපන්කම අපට කරන්න ලැබුනේ එදා පටන් මේ දක්‌වා සිටි වාරිමාරිග අධ්‍යක්‌ෂතුමන්ලා ඉංජිනේරුතුමන්ලා, නිළධාරීන්, ගොවි මහතුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි සංවිධාන දක්‌වන සහයෝගය නිසා.

රාත්‍රී නමය වන විට නින්දට යමින් තමදවසේ කටයුතු නිමා කරන හෙතම නැවතත් පිබිදෙන්නේ අ`ඵයම 3.30 ය. එතැන් සිට සිය ලිපි ලේඛණ වැඩ පාන්දර 5.00 වනතෙක්‌ කරයි. රියදුරුටද දුරකථන ඇමතුමක්‌දී ඔහුද සුදානම්කර පාන්දර 6 වන විට නිවෙසින් පිටත්ව 6.30 වනවිට අම්බලන්ඔය ආශ්‍රීත කුඹුරු යායට පැමිණෙයි. ඔහු කුඹුරට එන්නේ බෝහෝ විට ගොවීන්ටත් කලිනි.

මේ චමින්ද අලහකෝන්ගේ කෘෂි උපදේශකවරයාගේ අදහසයි.

හේරත් මත්තයා සැබැවින්ම අම්බලන්ඔය ගොවි ජනයාට ලැබුණ සම්පතක්‌. එතුමා කැකුළන්ක්‍රමයට පවා බිම් සකස්‌ කර හැම කන්නයේම වැවේ ජලය ඉතිරි කරගන්නවා. යල, මහ කන්න දෙකට අමතරව තුන්වන කන්නයෙත් මෙම ප්‍රදේශයේ අතුරු බෝග වගාව සිදු කරන්නට ජලය ලබා දෙනවා. කව්පි, මුං, ගර්කින් වැනි බෝගයන් වගා කරලා ඇතැම් ගොවීන් අක්‌කර කාලක්‌ වැනි ප්‍රමාණයකින් රුපියල් ලක්‌ෂයට ආසන්න ආදායමක්‌ ගන්නවා. පන්නල්ගම ප්‍රදේශයේ වැඩ කරන සමයේ හේන් කරන ප්‍රදේශයට ඇලක්‌ කපලා ජලය දීම නිසා හේරත් මහතාට උපහාරයක්‌ ලෙස හේරත්ගම යාය කියලා ඒ කුඹුරු යාය නම් කරලා තියෙනවා. මේ ආකාරයට අවම ජල ප්‍රමාණයක්‌ භාවිතා කරලා වී වගා කරන වැවක්‌ තවත් ලංකාවෙ තිබෙනවා කියලා අපි හිතින්නේ නැහැ. මම දන්නා පිරිදි අම්බලන්ඔය වැව තමයි අඩුවෙන්ම ජල පරිභෝජනය කරලා වගා කරන වැව.” චමින්ද කෘෂී උපදේශකවරයා අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

(අපේ හේරත් මහත්තයාට පින්සිදුවන්න අපිට නියන් කාලේත් මෙම වැවේ අක්‌කර 5000 ක්‌ ම වගා කරන්න ලැබුණා. වැලි සහ අගාවත්වල තිබෙන අක්‌කර 250 ක්‌ පමණයි වගා නොකරන්නේ. වෙනත් වැව්වල වාගේ ගොවීන්ට කියන කියන විදිහට ජල කළමනාකරණයක්‌ නොමැතිව ජලය දුන්නානම් අපිට මේ විදිහට ජලය මේ කන්නයේ වගා කරන්න බැහැ. අම්බලන්ඔය වැවේ ජල පාලක එස්‌. ඩී. ධර්මදාස මහතාත් මෙම ජල කළමණාකරන කටයුතු කැපවීමෙන් කරනවා. හේරත් මහතාගේ කටයුතු වලට හොඳ සහයක්‌ ඔහු දෙනවා. එම නිසා මේ වන විට ලංකාවේ තිබෙන හොඳම ජල පාලනය කරන වැව අම්බලන්ඔය යෑයි අපිට කියන්න පුළුවන්.” පොදු ජන ගොවි සංවිධානයේ සභාපති ඒ. එම් මද්දුමබංඩාර පවසන්නේය.

ලොවම මවිත කරවන වාරි තාක්‌ෂණයක්‌ අතීතයේ සිට අපට තිබුණි. නමුත් මේ වන විටත් ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්‌ෂමතාවය සහ ඇතැම් ගොවියන්ගේ අලසකම වැනි හේතු නිසා වැව් අමුණු විනාශ වෙමින් යයි. රාජකාරිය පොතට පමණක්‌ සීමා කරමින් ගොවීන්ගෙන් දුරස්‌ වෙමින් කුඹුරක්‌ පැත්ත පළාතකවත් නොයන වාරි නිලධාරීන්ට මෙන්ම රාජ්‍ය නිලධාරි යාන්ත්‍රනයටම හේරත් නම් චරිතය කදිම ආදර්ශයකි. වාරි පද්ධතින් භාර නිලධාරින් මෙලස කටයුතු කරන්නේ නම් දත් විලිස්‌සාගෙන පැමිණෙන මහා නියංසායට ගොවීන් අන්ත අසරණ නොවෙනු ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: