Posted by: lrrp | July 4, 2014

අසිරිමත් කොසඹෑ නුවර

බුද්ධ කාලීන භාරතයේ පැවති සොළොස්මහා ජනපදයන්ගෙන් එකකි වත්ස රාජ්‍යය. අද මේ දේශයෙන් කොටසක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයටත් අනෙක් කොටස මධ්‍ය ප්‍රදේශයටත් අයත් වේ. වත්ස රටේ අගනුවර වූයේ කොසඹෑ නුවර යි. අද මේ නුවර “කෞෂම්බි” ම්ධඵඩචථඡඪ යන නමින් හැඳින්වේ. මෙය යමුනා නදී තීරයේ පිහිටියේය.

 

බුද්ධ කාලයේ වත්ස රටේ පාලකයා වූයේ පරන්තප මහ රජු ගේ පුත්‍රයා වූ උදේනි මහ රජු ය. මුලදී අබෞද්ධයකු වූ මේ රජු පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේගෙන් දහම් අසා බෞද්ධයකු බවට පත් විය. එතැන් පටන් වත්ස රාජ්‍යය තුළ බුදුදහම වේගයෙන් පැතිරෙන්නට විය. උදේනි රජු ගේ බිසොව වූයේ මහා ශ්‍රද්ධා සම්පන්න සාමාවතී රැජින යි.

බුදුරජාණන් වහන්සේ ගේ චරිතයට වත්ස රාජ්‍යය අදාළ වේ. කෝටිපති මහ සිටුවරු තිදෙනෙක් මෙහි වූහ. ඝෝෂිත, කුක්කුට, පාවාරික යනු එම සිටුවරු තිදෙනා ය. මේ සිටුවරු තිදෙනා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට වැඩ සිටීම සඳහා කොසඹෑ නුවර මහා ආරාම කරවීය. ඝෝෂිත සිටුතුමා කර වූ ආරාමය ඝෝෂිතාරාමය යි. කුක්කුට සිටුතුමා කර වූ ආරාමය කුක්කුටාරාමය යි. පාවාරික සිටුතුමා කරවූ ආරාමය පාවාරිකාරාමය යි. බදරිකාරාමය යනුවෙන් ද ආරාමයක් මෙහි විය. මේ ප්‍රකට ආරාම සතරෙන් ඝෝෂිතාරාමය හා කුක්කුටාරාමය මේ වන විට ඉන්දීය පුරාවිද්‍යාඥයින් විසින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. එයිනුත් ඝෝෂිතාරාමය විශේෂ වේ.

ඝෝෂිතාරාමය තරමක් විශාල ආරාමයකි. මෙහි විශේෂත්වය වන්නේ මේ ආරාමය ඇතුළු නුවර පිහිටා තිබීම යි. බුදුරජාණන් වහන්සේ නවවැනි වස් කාලය ගත කළේ මෙහි ය. බුදුරදුන් වැඩ සිටි ගන්ධ කුටියේ නටබුන්, දම්සභා මණ්ඩපය පිහිටි තැන, ධර්මාශෝක මහාධිරාජයට කර වූ මහා ස්තූපයේ නටබුන් හා භික්ෂු සංඝයා වැඩ සිටි කුටිවල නටබුන් රැසක් අදත් එහිදී දැක බලා ගැනීමට හැක. මේ ශුද්ධ වූ ස්ථාන සියැසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගැනීමෙන් බුද්ධාලම්බන පී‍්‍රතිය උපදී. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මෙන් ම ආනන්ද මහරහතන් වහන්සේ ද ;නායෙක් අවස්ථාවල මෙහි වැඩ සිටියහ. සර්වඥ ලලාට ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීමට පෙර තැන්පත් කර තිබුණේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ ය. මහාදේව මහ රහතන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූහ. රුවන්වැලි මහා සෑයට මුල්ගල තබන උත්සවයේ දී මහා ධම්මරක්ඛිත මහ තෙරුන් තිස්දහසක් මහ රහතුන් ද සමඟින් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ සිට ලක්දිවට වැඩම කළහ. මේ බව මහාවංශයේ දැක්වේ.

ඝෝෂිතාරාමය හැරුණු විට කොසඹෑ නුවර දී දැක බලා ගැනීමට තව බොහෝ ස්ථාන ඇත. නුවර වටා බැඳ ඇති පුරාණ ප්‍රාකාරයේ නටබුන්, නැඟෙනහිර ද්වාරය, කුක්කුටාරාමය, අශෝක ස්තම්භය, උදේනි මහ රජතුමා ගේ මැදුර, යමුනා නදිය ඒ අතර වෙයි. උදේනි රජමැදුර පිහිටා ඇත්තේ යමුනා නදී තීරයේ ය. අතීතයේ මේ රජමැදුර මහල් සහිතව තිබූ බවට අදත් එහි සාධක වෙයි. ඉහළට නැඟීමට භාවිතා කළ පියගැට පෙළේ නටබුන් එහිදී දක්නට ඇත. මුරකුටිවල නටබුන් ද වෙයි.

බක්කුල මහ රහතන් වහන්සේ උපන් ගම වන්නේ ද කොසඹෑ නුවර යි. උන්වහන්සේ කුඩා කල යමුනා නදියේ නෑවීමට ගොස් විශාල මාළුවෙකුට හසු වූ කථා පුවතක් ඇතැම් අටුවා ග්‍රන්ථවල දැක්වේ. යමුනා නදිය අතීතයේ පටන් මේ දක්වා හින්දූන්ගේ ශුද්ධ වූ නදියකි. බුදුරජාණන් වහන්සේගේ ඇතැම් දේශනාවල මේ නදිය ගැන සඳහන් වීම් දක්නට ලැබේ. පිණ්ඩෝල භාරද්වාජ හිමියන් යමුනා නදී තීරයේ පිහිටි උදකවනයේ දී උදේනි රජුට දහම් දෙසූහ. මේ උයන පිහිටි තැන නිශ්චිතව හඳුනාගෙන නැතත් රජමැදුරට නුදුරින් වූ එක් බිම් පෙදෙසක් මේ උයන පිහිටි ප්‍රදේශය වශයෙන් දැන් හඳුනාගෙන තිබේ.

කොසඹෑ නුවර ප්‍රමාණයෙන් තරමක් විශාල එක් පර්වතයක් දක්නට ලැබේ. අතීතයේ මේ පර්වතයේ වූ විවේකස්ථානයන්හි භික්ෂු සංඝයා වැඩ සිටි බවට සාධක හමු වී ඇත. විශ්වාස කරන ආකාරයට බුදුරදුන් ද කලක් මෙහි වැඩ සිටියහ. අතීතයේ මේ පර්වතය කුමන නමකින් හඳුන්වනු ලැබුවා දැ’යි නිශ්චිතව කිව නොහැක. ඒත් අද මේ පර්වතය “ප්‍රභෝසා” යන නමින් හඳුන්වනු ලැබේ. පර්වතය මුදුනේ පැතලි ගල් බහුල ය. මෙහි මුදුනට ගිය විට කොසඹෑ නුවර හා ඒ අවට ප්‍රදේශය ඉතා හොඳින් දැක බලා ගැනීමට හැක. පාරිලෙය්‍ය වනය පිහිටි ප්‍රදේශය ද දක්නට හැක.

කොසඹෑ නුවරට කි. මී. 58 තරම් දුරින් නැඟෙනහිර දෙසට වන්නට අලහබාද් නගරය පිහිටා ඇත. ගංඟා නදියත්, යමුනා නදියත් එකට එකතු වන්නේ මෙහි දී ය. ඒ ස්ථානය ප්‍රයාග නීර්ථය යි. මෙයට “සංගම්” යනුවෙන් ද කියනු ලැබේ. මෙය බුද්ධ කාලයේ දී මෙන් ම අදත් හින්දූන් ගේ පව් සෝදන ප්‍රධාන ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට ද වැඩම කරති‍බේ. බරණැස පිහිටියේ මෙහි සිට කි. මී. 125 තරම් දුරින් නැඟෙනහිර දෙසට වන්නට ය. කොසඹෑ නුවර කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණ මඟින් හමු වූ නොයෙක් පුරාවස්තු අලහබාද් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

කොසඹෑ නුවරට වන්දනාවේ යන බෞද්ධයින්ට නවාතැන් ගැනීම සඳහා සුදුසු ස්ථාන එහි ඉතා දුර්ලභය. ඇත්තේ පූජ්‍ය තාලම්මැහැර ශ්‍රී විසුද්ධි හිමියන් විසින් කරවනු ලැබූ රමණීය මහා විහාරය පමණි. කොසඹෑ නුවර බෞද්ධ සිද්ධස්ථාන රැකබලා ගනිමින් උන්වහන්සේ විසින් දඹදිව සිදුකරන ශාසනික සේවාව අප සැම දෙනා විසින් අගය කළ යුතු ම ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: