Posted by: lrrp | July 12, 2014

මේ ඉතිහාස පොතේ පමණක් තිබූ චන්දන ගාමයද?

කල්තොට නිම්නයේ පුරාවිද්‍යා ගවේශන කටයුතු පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ මානව පරිණාමය පිළිබඳ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය අඛණ්ඩව සිදු කරනු ලබන ගවේෂණයේ එක් අදියරක් ලෙස කල්තොට නිමනයේ ගවේෂණයේ එක් අදියරක් ලෙස කල්තොට නිම්නයේ ගවේෂණ කටයුතු සිදු විය. ඒ පිළිබඳව මහාචාර්ය රාජ් සෝම දේව මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳ ලිඛිත ඉතිහාසයක් අප සතු ය. එහෙත් ඒ ඉතිහාස කතාවේ සැඟවී ගිය තැන් සොයා දිගින් දිගටම පුරාවිද්‍යාඥයෝ ගවේෂණ පර්යේෂණ හා කැණීම් සිදු කළහ. මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් අනුරාධපුර ගෙඩිගේ කැණීමෙන් ලත් තොරතුරු මත ලාංකේය මානවයා ක්‍රිස්තු පූර්ව 900 දී කෘෂි කර්මාන්තයෙහි යෙදුණු බව අනාවරණය කළේ ය. ලංකාවේ ස්වදේශීය ජනයා යකඩ භාවිතය වළං සැදීම වැනි ශිෂ්ටාචාරය සංස්කෘතික කටයුතු ක්‍රිස්තු පූර්වයෙන් 2400 දී පවා සිදුකළ බවට කාල නිර්ණය දත්ත මඟින් සනාථ කළ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ලංකා ඉතිහාසයේ කෘෂිකාර්මික යුගය අදින් වසර 2400 ඈතට තල්ලුකර දැමුවේ ය.

මහාචාර්ය රාජ් සෝමදේව විසින් පසුගිය වසර හයක් පුරා කරන ලද කැණීම් හා ගවේෂණවලදී වසර ලක්ෂයකට පෙර මෙරට ජීවත්වූ ප්‍රාග් ඓතිහාසික මිනිසා තමන්ගේ තාක්ෂණික සංස්කෘතිය වෙනස් කරගන්නට උත්සාහ ගත් අයුරු පැහැදිලි කරගනිමින් සිටී.

සංචාරක දඩයක්කරුවා ශාක ආහාර මත යැපීමේ ලක්ෂණ මධ්‍ය කඳුකරයේ දකුණු බෑවුමේදී හඳුනාගත හැකි‍ විය‍. ඒ සමඟම සකපෝරුව භාවිතය, මැටි වළං භාවිතය යකඩ උණුකිරීම පිළිබඳ සාක්ෂි මෙන් ම මානව සංස්කෘතියක විශේෂ අංගයක් වූ භෂ්මාවශේෂ තැන්පත් කිරීම ද ලංකාවේ ස්වදේශීය ජනයා විසින් ක්‍රි.පූ. දෙවැනි (2) සහශ්‍රක වර්ෂයේදී ද සිදුකර තිබේ.

හුනුගලා ගල කැණීම ආශ්‍රයෙන් අතීත මානවයාගේ යාතුකර්ම ස්ථානයක් (දේවාලයක්) ලෙස භාවිත කළ ස්ථානයක් කැණීමට ලක්කිරීමෙන් ස්ත්‍රි පුරුෂ ලිංග සංකේත වෙස් මුහුණු (ගලින් කළ) හඳුනාගෙන තිබේ. එතැනින් හමුවූ පුරාවස්තු අතර අතින් සාදා අව්වේ වේලා භාවිතයට ගත් වළං විශේෂ වේ. එම වළං පුලුස්සා නැත. අතින් සැකැසූ නොපිලිස්සූ වළං හමුවූ පළමු අවස්ථාව මෙය වේ. එහි කාල නිර්ණ වාර්තාව ලැබීමෙන් පසු ලංකාවේ ස්වදේශීය මානවයා ගේ කුඹල් කර්මාන්තයේ ඉතිහාසය හඳුනාගත හැකිවනු ඇත.

කල්තොට ලෙන් විහාර සංකීර්ණයෙන් හමු වූ සෙල් ලිපි සහ ගල් ලෙනක්…

ස්වදේශීය ජනයා කෘෂි සංස්කෘතියට පරිවර්තනය වූ කාලයේ භාවිත කළ ධාන්‍ය හා අනෙකුත් ආහාර, ආහාරයට ගත් සතුන් පිළිබඳ විමර්ශනය කිරීම කල්තොට සිට ඇරඹි ගවේෂණයේ අරමුණු වී තිබිණි. ශ්‍රී ලංකාව‍ට ‘වී වගාව’ ලැබුණේ ඉන්දියාවෙන්’ ය යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වුව ද, දිගුකලක් තිස්සේ පරිවර්තනයට ලක්වෙමින් ආ ස්වදේශීය දඩයක්කාරයා වී වගාව ගෘහාශ්‍රිතව සිදුකළ බව විශ්වාසයක් ගොඩනැඟී ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

ගල් යුගයෙන් කෘෂි යුගයට ක්‍රමයෙන් පරිවර්තනය වූ ස්වදේශීය ජනයා ඉතිහාසය හා වංශ කතා මඟින් හඳුන්වනු ලබන්නේ යක්ෂ දේව නාග යන ගෝත්‍ර නාමවලිනි. වංශ කතාවට අනුව ස්වදේශීය ජනයා විජයාගමනයෙන් පසු සමූල ඝාතනය කරන ලදී. එය කිසිසේත් විශ්වාස කළ නොහැකි ප්‍රබන්ධයකි. එලෙස රටක ජනයා සමූල ඝාතනය කිරීමේ හැකියාවක් නැත. එම ව්‍යාකූල වකවානුව පිළිබඳ විමර්ශනය කරමින් එම ජනයා රටේ ශිෂ්ටාචාරය සමඟ සම්බන්ධ වූයේ කෙසේද යන්න පිළිබඳ විමසීම වටී‍.

ඉන්දියාවෙන් ලංකාවට ආ නාවුක හා වෙළෙඳ කණ්ඩායමක් රැගෙන ආ පාලි සංස්කෘත භාෂා ස්වදේශීය ජනයා ඉතා ඕනෑකමින් වැලඳ ගත්හ. එහෙත් ස්වදේශීය කඳුකර ජනයා ගංමෝය ආශ්‍රිතව විසූ ජනයා සමඟ සම්මිශ්‍රණය වූයේ ද සමාන්තරව සිටියේ ද එසේත් නොමැති නම් ඔවුන්ගෙන් වෙන්ව සිටියේ ද යන්න තවදුරටත් විමසිය යුතුව ඇති බව මහාචාර්යවරයා පවසයි.

වර්තමානයේ දකින්න නැති ඓතිහාසික නිර්මාණවල හා වංශකතාවන්හි පමණක් වෙසෙන කඳුවලින් පහළට බැස ආ ස්වදේශීය ජනතාවට සිදුවූයේ කුමක්ද?

හල්දුම්මුල්ල වැල්මීතලාව කුරුගල වෑඑළිය තැනිතලාව හා බැ‍ඳෙන කල්තොට ෙමාහොර ප්‍රදේශයේ කිලෝ මීටර් 12 ක පමණ ප්‍රදේශයක පිහිටා ඇති ගුහා විහාර සංකීර්ණය විමසීමෙන් ස්වදේශීය මානවයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

ප්‍රදේශයේ කඳු බෑවුමේ ව‍ූ ගුහා විහාර සංකීර්ණයේ ගුහා 200 – 250 පමණ ඇති බව පවසන මහාචාර්යවරයා එම විහාර සංකීර්ණය නඩත්තු කිරීමට නම් ඒ ආසන්නයේ විශාල ජනාවාසයක් තිබිය යුතු වූ බව පවසයි. එම මතය තහවුරු කරමින් විශාල ජනාවාස දෙකක් කල්තොට හඳගිරියාය ප්‍රදේශයෙන් හමුවී ඇත. එසේ හමුවූ එක් ජනාවාසයක වළං කටු නියැදිය අක්කර 12 ක් පමණ විශාල බව හඳුනා ගෙන තිබේ.

රුහුණේ පැවැති විශාල ජනාවාස අතරින් එකක් කල්තොට තිබෙන්නට ඇති බව මහාචාර්යවරයා සඳහන් කරයි. ශ්‍රී මහ බෝධි ෙරා්පණයට ආරාධනා ලැබූ කුඹුක්කන් ඔය ආශ්‍රිතව විසූ කතරගම ක්ෂත්‍රියයන් හා චන්දන ගාම ක්ෂත්‍රියයන් ගැන ඉතිහාසයේ කියැවේ. බොහෝ විට මේ හමුවූ වළං කටු නියැදිය ඉතිහාස පොත්වල පමණක් සඳහන් චන්දන ගාම ක්ෂත්‍රියයන් ගේ ජනාවාසය වන්නට ඇත, යන්න මහාචාර්යවරයා ගේ මතයයි. එම මතය තහවුරු කිරීමට විමර්ශන, කැණීම් ද්‍රව්‍යමය සංස්කෘතික අධ්‍යයන හා කාල නිර්ණය වාර්තා සපයාගත යුතුව ඇත‍.

මෙම වැළලී ගිය ජනාවාසයේ විසූ ජනයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඇති එක් සාක්ෂියක් ලෙස කල්තොට සිට වැලිගල් පොළ දක්වා විහිදී ඇති ගුහා විහාර සංකීර්ණ හඳුනාගෙන ඇත. එම ගල් ගුහාවන්හි අවකාශය, ව්‍යුහය හා සැකැස්ම නිරීක්ෂණය කරද්දී ඉතා පැරණි මෙන් ම මෑත කාලීනව සැකසූ ගුහා දක්නට ඇති බව පෙනී යයි. මෙම ලෙන් අතරින් ඇතැමක කටාරම් කොටා ඇත. තව සමහරක කටාරම් ‍බිඳ වැටී තිබේ. ඇතැම් ලෙන්හි කටාරම් කොටා නැත. ඒ අනුව මෙම ගුහා විහාර සමූහයේ ලෙන් අතර කාල පරතරයක් ඇති බව හඳුනාගෙන ඇත. මෙම ලෙන් විහාර සංකීර්ණයේ භාවිත තාක්ෂණය අනුව මෙම ලෙන් සමාජ සැකැස්ම ස්ථරිකරණ වීමට පෙර සකසන ලද ඒවා සහ සමාජය ස්තරිකරණය වූ පසු දියුණු තාක්ෂණය භාවිතයෙන් සැකැසූ ලෙන් ලෙස වෙන් කොට හඳුනාගත හැකිය යැයි මහාචාර්යවරයා පවසයි.

පැරණි ලෙන් විහාරයන්හි සෙල් ලිපි දැක ගත නොහැක. එහෙත් සෙල්ලිපි සහිත ලෙන් හි සඳහන් කරුණු විමසීමේදී පෙනීයන්නේ එකල විසූ ස්වදේශීය ජනයා බුදු දහම දැනගෙන ව්‍යවහාර සම්ප්‍රදායේ භාවිතයේ යෙදූ බවයි. බුදු දහමේ ප්‍රතිපත්ති පිළිබඳ එකල ජනයා අවධානය යොමු කළ බව ඇතැම් ලෙන් නම් කර ඇති අයුරු විමසීමෙන් පෙනේ. උදාහරණ ලෙස ‘පටිභාන කුටිය’ මෙහි විශේෂ ධර්ම කරුණු සැඟව ඇත. ප්‍රතිපත්තිය, ගැඹුරු බව, විදර්ශනාවක පිරිසිදු බව යන තේරුම් මෙමගින් ලබා දෙන බව මහාචාර්යවරයා පවසයි. ධර්මයේ ගැඹුරු කොටස් ජීවිතයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ජන කොටස් මෙහි විසූ බව ඉන් ප්‍රකට වේ. එක් සෙල් ලිපියක ‘අපරිමිත ලෝක ධාතුවේ මහා සංඝයා’ යන්න සටහන් වන බව ද, ඉන් මේ විශ්වය ඉක්මවූ වෙනත් විශ්වයක් පිළිබඳ විශ්වාසයක් එකල ජනයාට තිබූ බව ද සනාථ වේ.

‍එම සෙල් ලිපි හා බැඳී ඇති ‘නාග’ ‘දේව’ යන වදන් ද එම සෙල් ලිපිවල සඳහන් අශ්ව දේව, ශිව දෙව්, කෙර ආදී නාමයන් ද අතීත ලංකාවේ විසූ ස්වදේශීය මානවයා යක්ෂ නාග දේව යන ගෝත්‍රයන්ට අයත් බුදු දහම බුද්ධ කාලයේ සිට හඳුනාගත් ජන කොට්ඨාසයක් බව තහවුරු කරයි.‍

බුදුන්ගේ ලංකාගමනය හා බැඳී ඇති සිද්ධීන් විමසීමෙන් ද පරිපාලන ව්‍යුහයක් හා දියුණු සංස්කෘතික ලක්ෂණ සහිත සමාජයක් ලංකාවේ පැවැති බව සනාථ වෙයි. එයට අවශ්‍ය උදාහරණ වංශ කතාව (මහාවංශය) සපයා ඇත.‍

එහෙත් වංශ කතාකරුවා විසින් සඟවා ලූ ස්වදේශීය මානවයා සොයා යාමේ කටයුත්ත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් අරඹා ඇත. ඒ ගමනේ දී සෙල්ලිපි අතර තිබූ අක්ෂර රූපයන්ගේ වෙනස්කම් කෙරෙහි ද අවධානය යොමු කිරීමට අධ්‍යයන කණ්ඩායම උත්සාහ දරයි.

සමන්ත කූට වර්ණනාවට අනුව මහියංගණයට වැඩි බුදුන් දකින්නට ගිරි ශිඛරවල සිට පැමිණි යක්ෂයෝ මෙහි ස්වදේශීය ජනතාව බවත් මනා පරිපාලන ව්‍යුහයක් සහිත කැලණියට පැමිණ චූලෝදර මහෝදර නාග ගෝත්‍රික නායකයන්ට බුදුන් ධර්මය දේශනා කළ බවත් සමන් දිව්‍ය පුත්‍රයා (දේව) ගේ ආරාධනා වෙන් බුදුන් සමස්ත කූටයට වැඩම කළ බවත් කියැවෙන ඉතිහාසය ලියැවෙද්දී කාලීන සමාජ, සංස්කෘතික, දේශපාලන හේතූන් මත එදා යථාර්ථයක් වූ ස්වදේශීය ජනයා යටපත් කොට තබා ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරයි. ලංකාවේ ස්වදේශීය ජනයා බුදු දහම වන් ගැඹුරු දහමක් අවබෝධ කොට ප්‍රතිපත්තියෙහි නියැළුණු පිරිසකි යන්න යටපත් කිරීමට වංශ කතා කරුවා ගත් උත්සාහයක් මිස මෙය බුදු දහම පිළිබඳ ගැටලුවක් නොවේ ය යන්න මහාචාර්යවරයාගේ අදහසයි.

මහින්දාගමනය කල්පිතයක් නොවන බව රජගල මිහිඳු හිමියන් ගේ භෂ්මාවශේෂ සහිත ‍ෛචත්‍යය අසල ඇති සෙල් ලිපිය සනාථ කරයි.

මහින්දාගමනය සමඟ ලංකාෙව් දේශපාලනය, නීතිය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය යන සියලු අංශයන් මතට බුදු දහමේ ප්‍රතිබිම්බය වැටිණි.

මහින්දාගමනයට පෙර ලංකාවේ ස්වදේශීය ජනයා කෙසේ කොයි යම් ප්‍රමාණයකින් බුදු දහම භාවිත කළා ද වැලඳ ගෙන සිටියා ද යන්න විමසීම කල්තොට ලෙන් විහාර සංකීර්ණයේ ඉදිරි ගවේෂණ හා කැණීම් කටයුතු මගින් අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.

කල්තොට විහාර සංකීර්ණය නඩත්තු කළ එහි භික්ෂුන් හට සිව් පසයෙන් සංග්‍රහ කළ චන්දන ගාමයේ ජනයා පිළිබඳව තොරතුරු ද ඒ සමඟම අනාවරණය කරගත හැකි වනු ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: