Posted by: lrrp | November 4, 2014

දෙවැනි ලෝක යුද්ධයේදී වැටුණු යානයක් කල්කුඩා මුහුදෙන් සොයා ගනියි

005
එකිනෙක පරයමින් නැග ඒන දැවැන්ත රළ ගෙඩි ඔවුන්ගේ යාත‍්‍රාව ඒ මේ අත පද්දන්නේ වේගයෙනි. ප‍්‍රචණ්ඩ මුහුදු රළ සමඟ පොර බදමින් මසුන් අල්ලා සිය ජීවිකාව කරගෙන යන වසන්තත් ඔහුගේ සහචරයන් කණ්ඩායමත් වඩාත් යුහුසුළුව සිටිති.

මාළු අහිනක් වට කර දැමූ දැල දැන් ඔවුහු යළි එකතු කරමින් සිටිති. පුදුමයකි. මේ දැලේ පැටලී තහඩු කැබැල්ලක් බෝට්ටුව වෙත පැමිණ ඇත. මාළු ද ගැහෙමින් පණ අදිමින් සිටියි. දැලේ සිටින මාළු එකිනෙකා වෙන්කැර පසෙක ගොඩගසන වසන්ත මේ අමුතු තහඩු කැබැල්ල අතට ගත්තේය. එය ඇළුමිනියම්වලින් සාදා ඇත. ඔහුගේ අදහස වූයේ එය ගුවන් යානයක කොටසක් විය හැකි බවයි.

ඔහුට මේ තහඩු කැබැල්ල හමුවූයේ 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ය. ඔහු මේ ගැන තවත් අපූරු මිත‍්‍රයකුට කීවේය. ඒ මිත‍්‍රයා සිටියේ කායන්කනි ප‍්‍රදේශයේය. කොළඹගේ ජගත් ලාල් නමැති ඔහු මුහුද යට ගිලී ඇති නැව් සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති තැනැත්තෙකි. ඒ ස්ථානයන්හි කිමිදී ගවේෂණය කිරීමෙන් විශාල අත්දැකීම් සම්භාරයක් සහිත ජගත් ලාල්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයන් සමඟ කිට්ටු සම්බන්ධතාවක් ද පවත්වාගෙන යන්නෙකි. පුරාවිද්‍යාඥයෝ ද මුහුදු ගවේෂණ කටයුතුවල දී ජගත් ලාල් මහතාගේ සහයෝගය නිරන්තරවම ලබා ගනිති.

වසන්තට කල්කුඩා මුහුදේ දී ඇළුමිනියම් තහඩුවක් ලැබී ඇතැයි යන පුවත ජගත් ලාල් මහතා දර්ශන ජයවර්ධන මහතාට කීවේය. දර්ශන ජයවර්ධන යනු මෙරට සමුද්‍ර ආශි‍්‍රත ගවේෂණ කටයුතුවල දීර්ඝ කාලයක සිට නියැලෙන පර්යේෂකයෙකි.

මුහුදු පත්ලේ ගිලී ඇති නෞකා හා සුන්දර ස්ථාන ගවේෂණය කරමින් තොරතුරු රැුසක් ඒකරාශී කරන ජයවර්ධන මහතාට ජගත් ලාල්ගෙන් ලැබුණු තොරතුර වැදගත් දෙයක් වූයේය.

003

කල්කුඩා මුහුදේ ඇළුමිනියම් තහඩුව හමුවූ ස්ථානය ගවේෂණය කිරීමේ කටයුතු දර්ශන ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් මස 21 වැනි දින දීය.

මුහුද යට ගවේෂණයට උපයෝගී කරගන්නා සෝනාර් යන්ත‍්‍රයක් ඔහු සතුව තිබේ. එය ද රැුගෙන කල්කුඩා ගිය ඔහු ගවේෂණ කටයුතු ආරම්භ කළේය. බෝට්ටුව ඒ මේ අත ධාවනය කරවමින් සෝනාර් යන්ත‍්‍රයෙන් සොයා බැලූව ද ඔහුට අදාළ ප‍්‍රදේශයෙන් කිසිදු ආගන්තුක වස්තුවක සලකුණක් හෝ සොයාගත නොහැකි විය.

ඔහු යළි ආපසු පැමිණීමට සූදානම් වෙද්දී වේගයෙන් ආ දිය වැලකට හසු වූ බෝට්ටුව මීටර 150ක් 200ක් පමණ ඈතට ඇදී ගියේ නිරායාසයෙනි. ඒ වන විටත් කි‍්‍රයාත්මකව තිබූ සෝනාර් යන්ත‍්‍රයේ යම් ආගන්තුක වස්තුවක සලකුණක් සටහන් විය. දර්ශන සිතුවේ එය ගල් පර්වතයක් විය හැකි බවයි.
කෙසේ වෙතත් හදිසියේම සලකුණු වූ මේ ආගන්තුක දෙය පරීක්ෂා නොකර අතහැර නොදැමිය යුතුයැයි සිතූ දර්ශන එම ස්ථානයේ බෝට්ටුව නැංගුරම් දැමුවේය. අනතුරුව තම ඔක්සිජන් ටැංකිද පැළඳ ජලයට බැස කිමිදෙද්දී මීටර 38ක් පමණ ගැඹුරට යද්දී සෝනාර් යන්ත‍්‍රයේ සලකුණු වී ඇත්තේ ගලක් නොව සෘජු රේඛාවක් වැනි සෙවනැල්ලක් සහිත දෙයක් බව ඔහු දුටුවේය.

ඒ සම්බන්ධයෙන් දර්ශන ජයවර්ධන මහතා මෙසේ කියයි.

‘‘මම ඇන්කර් එක අතඇරලා තව ටිකක් පහළට ගියා. මීටර 42ක් පමණ ගැඹුරු මුහුදේ ලොකු ගුවන් යානයක තටුවක් වැනි යමක් පෙනෙනවා. මා ඒ අසළටම ගියා. යානයේ අවර පෙත්තක් දක්නට ලැබුණා. මෙය විශාල යානයක කොටසක් බව පැහැදිලියි. තටුවට මැදින් කැඞී බි`දී ගිය කොටස් රැුසක් දක්නට ලැබෙනවා. ඒ වටේ බලන විට රෝදයක් පෙනෙන්නට තිබුණා. එන්ජිමේ කොටසක් දක්නට ලැබුණා.’’

දර්ශනට වැඩි වේලාවක් මුහුදු පත්ලේ ගවේෂණ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඔහු සතුව තිබූ ඔක්සිජන් ටැංකි තුනම අවසන් වෙමින් තිබීම හේතුවෙන් මුහුදු ජලය මතට පැමිණීමට අවශ්‍යව තිබිණි. යළි එතැන ගවේෂණය කිරීමේ අපේක්ෂාවෙන් දර්ශන සිය බෝට්ටුවට පැමිණියේය.

ඔහු පවසන්නේ එතැන ඇත්තේ මුහුදට කඩා වැටුණු ගුවන් යානයක කොටස් බවයි. ඒ යානය එක් එන්ජිමක්  සහිත යානයක් විය හැකියැයි අනුමාන කළ දර්ශන ජයවර්ධන මහතා ඒ ගැන ගවේෂණය කරන්නට වූවේය.

බැලූ බැල්මට මේ යානය දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කරන ලද්දක් යැයි අනුමාන කළ දර්ශන ඒ කාලයේ දී නැගෙනහිර වෙරළ තීරයට කඩා වැටුණු යානා සම්බන්ධයෙන් සොයා බැලූහ. කල්කුඩා ආසන්න මුහුදේ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට අයත් බි‍්‍රටිෂ් සාජන් නමැති තෙල් නැවකට ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළ ජපන් හමුදා එය මුහුදු බත් කළේය. මේ නැවේ පිටුපස කොටසේ සිටි කාල තුවක්කුකරු ප‍්‍රහාරයට ආ ජපන් යානා හයෙන් තුනක් විනාශ කළේය. තමන්ට හමුවූ යානය එලෙස විනාශ වූ යානයක් විය හැකියැයි දර්ශන විශ්වාස කළේය.

දිය යට ඇති යානයේ ඡුායාරූප කිහිපයක් ඔහු තම හිතවතකු වූ ජපන් ජාතික ජෝර්ජ් එලිපතෝරු මහතාට යැවුවේය. එලිපතෝරු මහතා කියා සිටියේ මේ යානය ජපන් හමුදාවට අයත් මාදිලියක් විය නොහැකි බවයි.

002

ඒ අනුව මේ යානය බි‍්‍රටිෂ් සාජන් නැවට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි යානයක් නොවන බව ඔහු තහවුරු කර ගත්තේය.

දර්ශන ඉන්පසු කළේ තමන් මුහුද යටදී දුටු යානයේ ඡුායාරූප කිහිපයක් තම ෆේස්බුක් වෙබ් අඩවියේ පල කිරීමයි. එය දුටු ඇන්ඞ් ජර්බෙට් නමැති දකුණු අපි‍්‍රකානු ජාතිකයකු කියා සිටියේ මෙය කැටලිනා වර්ගයේ ගුවන් යානයක් බවයි. කැටලිනා යානා යනු දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ යානා අතර තරමක් විශාල ගුවන් යානා විශේෂයකි. ඒවා යුද සමයේ ඔත්තු බැලීම ස`දහා භාවිත කැර ඇත.

ඒ යානාවලට එන්ජින් දෙකක් තිබෙන බවත් පිස්ටන් 14ක් සහිත රේඩියල් එන්ජින් තිබූ බවත් ජර්බෙට්ගෙන් ලැබුණු තොරතුරට අනුව දර්ශන යළි මුහුදේ ගවේෂණ කළේය. ඔහුට අවශ්‍ය සාධක ලැබිණි. දෙවැනි එන්ජිම හමුවිය. ඒ එන්ජිමේ රේඩියල් 14ක් උඩින් හා යටින් පිහිටා තිබේ. ඔහුට ලැබී තිබූ තොරතුරු නිවැරදිය. ඒ අනුව මේ යානය කැටලිනා වර්ගයේ යානයක් බවත් ඔහුට තහවුරු විය.

වඩාත් ඉහළ අහසට නැගී පැය 18ක් පමණ පියාසර කිරීමේ හැකියාවෙන් යුතු මේ යානා ලංකාව අවට මුහුදේ දී අනතුරට පත්ව ඇද්ද යන්න දර්ශන සොයා බැලූවේය.

එහිදී ඉතා වැදගත් තොරතුරක් ඔහුට හමුවී තිබිණි. ඒ ගාල්ල වරායට කිලෝ මීටර 300ක් නැගෙනිර දෙසින් පියාසර කරමින් සිටි කැටලිනා යානාවක් විසින් ජපන් ගුවන් යානා ලංකාව දෙසට පැමිණෙමින් තිබෙන බවට ගුවන්විදුලි සංඥාවක් කොළඹට ලබා දී ඇති බවයි. මේ යානය මොහොතකින් ජපන් ගුවන් යානා ප‍්‍රහාරයෙන් විනාශ වී ගොස් ඇත.

ඒ යානය පිහිටි ස්ථානයත් විනාශ වී ගිය බව පැවසෙන ස්ථානයත් සැලකූ විට කල්කුඩා මුහුදෙන් හමුවූ යානය එම යානය යැයි විශ්වාස කිරීමට හැකියාවක් ලැබී නැත. එම යානයේ සිටි ගුවන් නියමුවා අනතුරට පත්ව දිවි ගලවාගෙන ඇතත් ඔහු ජපන් හමුදා අත්අඩංගුවේ පසවූ බව ද වාර්තා වී තිබිණි.
මේ යානා දෙකෙහි තවත් වෙනසක් තිබිණි. ගාල්ලට නුදුරේ දී අනතුරට පත්ව ඇති යානය ගොඩබෑමට හැකියාව තිබී ඇත්තේ මුහුදු ජලය මත පමණි. එහි රෝද තිබී නැත. දර්ශනට හමුවූ යානයේ රෝද තිබෙන බව පැහැදිලිය.

මේ අතර දර්ශනගේ ඡුායාරූප දුටු බි‍්‍රතාන්‍ය ගුවන් සමාජයේ රොබ්ස් නමැති මහත්මයකු පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ තවත් කැටලිනා කණ්ඩායමක් තිබූ බවයි. ඉන්දුනීසියාවේ ආරක්ෂක කටයුතුවල යොදවා තිබිණි. ජපානය විසින් ඉන්දුනීසියාව ආක‍්‍රමණය කිරීමෙන් පසු මේ කැටලිනා යානා සමූහය ලංකාවට ගෙනවිත් ඇත.

ශ‍්‍රී ලංකාවේ තිබූ බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ 321 ඒකකය ලෙස නම් කරන ලද එම යානා සමූහය ති‍්‍රකුණාමලය වරායේ සිට දුරදිග මෙහෙයුම් ගණනාවක යෙදී තිබිණි. ඔවුන්ගේ ප‍්‍රධාන අපේක්ෂාව වී ඇත්තේ ලංකාව අවට මුහුදේ සැරිසරන සතුරු සබ්මැරීන පිළිබ`ද සොයා බැලීමයි.

මේ ඒකකය පිළිබ`ද දැනගත් දර්ශන ජයවර්ධන මහතා ඒ යානා අතර අනතුරට ලක්වූ යානා තිබේදැයි පැරණි වාර්තා අධ්‍යයනය කළේය.

004මින්නේරිය ගුවන් හමුදා ක`දවුරෙන් වයි-x78 නමැති කැටලිනා යානය 1943 දෙසැම්බර් මස 09 වැනිදා ගුවන්ගත වී ඇත්තේ  පැය 18 ක ඔත්තු බැලීමේ ගමනක් වෙනුවෙනි. ගුවන්ගත වී පැය එකහමාරක කාලයක් ගතවෙද්දී එම යානය ගුවන්තොටුපොළට දුන් පණිවිඩයකින් පවසා ඇත්තේ යානයේ එක් එන්ජිමක් අකි‍්‍රය වී ඇති බවයි. මේ අනුව යානය ආපසු හරවාගෙන පැමිණෙන බව ද එහි නියමුවා ක`දවුරට දන්වා ඇත.

‘‘මේ යානය ගැන සොයා බලද්දී අපි දැන ගත්තා එය ති‍්‍රකුණාමලයට කිලෝ මීටර 80ක් තිබිය දී යානය තවදුරටත් පියාසර කිරීමට නොහැකි වීම නිසා හදිසියේම මුහුදට ගොඩබැස්සූ බව. මේ ස්ථානය ඉතා කරදරකාරී තැනක් බවත් හදිසි ගොඩබෑමක දී ප‍්‍රයෝජනයට ගැනීමට යානයේ තිබූ ඩිංගි බෝට්ටු දෙකෙන් එකක් ගැනීමට නොහැකි වූ බවත් ඒ වාර්තාවක දැක්වුණා. කෙසේ වෙතත් මේ යානයේ සිටි නියමුවා ඇතුළු 11 දෙනාම තනි ඩිංගි බෝට්ටුවේ නැගී අපහසුවෙන් ගොඩබිම දක්වා පැමිණ තිබෙනවා. යානය මුහුදේ ගිලී ගිය බව වාර්තා කර තිබුණා.’’

දර්ශන පවසන්නේ ගුවන් හමුදා වාර්තාවල දැක්වෙන්නේ යානය ති‍්‍රකුණාමලයට කිලෝ මීටර 80ක් පමණ දුරින් මුහුදට වැටී ඇති බවයි. දර්ශනට යානය හමුවී ඇත්තේ ති‍්‍රකුණාමලයට දකුණින් කිලෝ මීටර 85ක් ඈතිනි. එය කල්කුඩා වෙරළට කිලෝ මීටර 10ක් ඈතින් මුහුදුබත් වී ඇත.

යානයේ අනන්‍යතාව දැන් හෙළි වී තිබේ. දෙවැනි ලෝක යුද්ධයේ දී කඩා වැටුණු යානය නිවැරදිව හ`දුනාගෙන ඇත.

දර්ශන පවසන්නේ මෙය සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් ස්ථානයක් බවයි. වෙරළට නුදුරු මුහුදේ ඉතා පහසුවෙන් දැකගත හැකි ස්ථානයක එය පිහිටා තිබේ. මුහුදේ ගිලීයන නැව් කාලයාගේ ඇවෑමෙන් මසුන් අභිජනන ස්ථාන බවට පත්වන ආකාරයෙන් ම මේ යානය ද මසුන් අභිජනන ස්ථානයක් බවට පත්ව ඇත.

දහස් සංඛ්‍යාත මුහුදු ජීවීන්ට අපූරු තෝතැන්නක් වෙමින් ගිලී ගිය යානය අනාගතය උදෙසා සුරක්ෂිත කිරීමේ කාර්යයට අත ගැසීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීහු ද කටයුතු කරමින් සිටිති.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: