Posted by: lrrp | November 17, 2014

කහවණු පිදීමක් ගැන කියැවෙන සෙල්ලිපියක් අම්පාරෙන් හමුවේ

පසුගිය දශක කිහිපය තුළ මෙරට පැවති යුධමය තත්ත්වය නිමා වීමෙන් පසුව නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කය තුළ  පිහිටා ඇති ශිලාලේඛන සොයා ඒවා පිටපත් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණකවිද්‍යා අංශය මගින් ආරම්භ කර ඇත.

ඒ අනුව අම්පාර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක ශිලාලේඛන  සහිත ස්ථාන 84ක් මේ වන විට අලූතින් හඳුනාගෙන ඇත. එසේ සොයා ගන්නා  ලද ශිලාලේඛන පිටපත්  කිරීම 2014 වර්ෂයේ අභිලේඛන හා නාණකවිද්‍යා අංශයේ ක‍්‍ර‍්‍රියාත්මක වන සුවිශේෂී  ව්‍යාපෘතියකි.

මේ ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක‍්‍රියාත්මකය. පදියතලාව, දමන,එරගම,උහන,ලාහුගල,මහඔය සහ අම්පාර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි ශිලාලේඛන 71ක් මේ වන විට පිටපත් කර ඇත.

එසේ හමුවන ඓතිහාසික, සාමාජික හෝ වෙනයම් වැදගත්කමකින් යුතු ශිලාලේඛනයන්හි ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂිත වැට, ආවරණ, පරිවර්තන නාමපුවරු යෙදීම හා ශිලාලේඛනයේ ආරක්‍ෂාව සඳහා මැදිහත් වීම මෙමගින් අපේක්‍ෂිත ප‍්‍රධාන අරමුණ වේ.

මෙහි දී සොයා ගන්නා  ලද සුවිශේෂී ශිලාලිපියක් ලෙස අඩ්ඩාලච්චේන ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පාලමුනේ ග‍්‍රාමනිලධාරි වසමේ මොල්ලිකුලම් නම් පුරාවිද්‍යා රක්‍ෂිතය  තුළ වෙල් යායක් මධ්‍යයේ හුදෙකලා ගල් පර්වතයක මේ සෙල්ලිපිය කොටා ඇත.

මෙම ශිලාලිපිය අපර බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියා ඇති අතර ක්‍රිස්තු වර්ෂ 2-3 සියවස් අතර වේ. පුරාණ  සිංහල බස් වහරින් ලියා ඇති ලිපිය පේළි 4කින් යුක්ත ය. ලිපියෙහි දිග මීටර් 3 සෙන්ටිමීටර් 15ක් හා පළල සෙන්ටිමීටර් 69 ක් වන අතර අක්‍ෂරයක ප‍්‍රමාණය සෙන්ටිමීටර් 10x 9 කි.

කාලයේ විනාශකාරි හස්තයට හසුව ඇති  බැවින් ඇතැම් තැන්වලින් කඩතොළු වී ඇති අතර අක්‍ෂර කිහිපයක් කියවා ගැනීම අසීරුය. එහෙත් ඉන් නිසි අර්ථයක් ගැනීම අසීරු  නොවේ. ඒ අනුව විහාර ප‍්‍රතිසංස්කරණය සඳහා කහවනු පිදීමක් පිළිබඳව කියවේ.  එනම්  “මකිලිය නම් අමාත්‍යයාගේ පුත් කුඩමති නැමැත්තකු විසින් මුදගිරික නම් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන් ම චෛත්‍යයෙහි පැවැත්ම හා නඩත්තුව සඳහා කහවනු සතලිසක් පූජා කළ” බව මේ ලිපියෙන් කියවේ.

මේ මුදගිරික විහාරය යන්න හඳුනා ගැනීමට මේ වන විට පර්යේෂණ කරමින් සිටී. මෙහි ඇත’   ර්‍ණ ජිනපටිසතරිය”  යන වචනයට විද්වතුන් විසින්  විවිධ අර්ථ දී ඇත.  ලංකාවේ භික්‍ෂූන් භාවනා කිරීමටත් වන්දනා කිරීමටත් අජින සම් පලස් භාවිත කළ බවත් ඒ අනුව විහාරයන්හි (අජින) මුව සම් හා පිළි ඇතිරීම ජිනපටිසතරිය යන්නෙන් අදහස් කෙරෙන බවත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.

ඉසැඩ් වික‍්‍රමසිංහ මහතාගේ මතය වන්නේ ගොඩනැඟිලිවල දිරාපත් වූ තැන් පිළිසකර කරවීම  යන්නයි.  මහාවංශයේ සඳහන් වන  “පටිසංකරණ” යන වචනයෙන් ද නටඹුන් පිළිසකර කිරීම අදහස් වන බව වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ක‍්‍රිස්තු වර්ෂ 1වන සියවසට අයත් වසභ රජුගේ පෙරුමියම්කුළම ගිරි ලිපියේ මෙන් ම වෙනත් ශිලාලේඛන කිහිපයක ම මෙම ජිනපටිසතරිය යන වචනය දක්නට ලැබේ.

ලංකාවේ හමු වන බොහෝ ශිලා ලේඛනයන්හි විහාර ආරාමවල පැවැත්ම හා ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කරනු ලබන කහවණු පිදීම් පිළිබඳ ව සඳහන් වේ. ඒ සඳහා පෞද්ගලිකව දානපතීන් විසින් ධන පරිත්‍යාග කර ඇති බවත් ඒ පිළිබඳ ව මහජනතාව දැනුවත් වන පරිදි ගල්වල කොටා ඇති බවත් මෙවැනි සෙල්ලිපි අධ්‍යයනයෙන් පැහැදිලි වේ. එබැවින් දිවයින පුරා විසිර ඇති ගල්වල කොටා ඇති  මෙවැනි ලේඛනවල පැරන්නන් විසින් ධනය හෝ නිධන් වස්තු තැන්පත් කිරීමක්  පිළිබඳ කිසිදු විටෙක සඳහන් නොවන බව ද අවධාරණයෙන්  කිව යුතු ය.

  1. index
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: