Posted by: lrrp | November 17, 2014

බඳගිරියේ ඉපැරණි කාසි නිධානයක්….

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතුවලදී පසුගිය සැප්තැම්බර් මස 30වන දින  බඳගිරියෙන් ඉපැරැණි තඹ කාසි 241ක් හමුවී ඇති අතර ඉන් පසුදින එම ස්ථානය නැවත පරීක්ෂා කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ස්ථානයේම විසිරී තිබූ තවත් තඹ කාසි 40ක් හමුවී ඇත.

ඉන් අනතුරුව පසුගිය 03වනදා කාසි හමුවූ ස්ථානයට ආසන්න මුළු ප‍්‍රදේශයම තවදුරටත් පරීක්ෂා කළ කලාපභාර නිලධාරි පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න මහතා හා සංවර්ධන නිලධාරි අජිත් ඉන්දික ගමගේ මහතාට තවත් ඉපැරැණි තඹ කාසි 1500කට අධික ප‍්‍රමාණයක් හමුවී ඇත. මේ වනවිට දින කිහිපයක් තුළ බඳගිරියෙන් හමුවී ඇති සමස්ථ කාසි ප‍්‍රමාණය 2000කට ආසන්න වේ.

බඳගිරිය මාර්ග සංවර්ධන කටයුතුවල නිරිත  වී සිටින මාගා සමාගමට අයත් බැකෝ යන්ත‍්‍රයක ගැටී ඉපැරැණි කාසි සහිත මුට්ටියක් බිඳී ඇති අතර එහිදී හමුවූ තඹ කාසි 241ක් එදිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාරදී තිබුණි. ඉන් අනතුරුව ඊට පසුදිනම එම කාසි මුට්ටිය තිබුණේයැයි සැලකුණු ස්ථානය පරීක්ෂා කළ පුරාවිද්‍යා නිලධාරීන්ට  තවත් තඹ කාසි 40ක් හමුවී ඇත. ඒ අනුව පසුගිය 02වන දින බොහෝ මුද්‍රිත මාධ්‍ය මගින් මේ පිළිබඳව පුළුල් ප‍්‍රචාරයක් ද ලබාදී තිබුණි.

මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී බැකෝ යන්ත‍්‍ර මගින් ඉවත් කරන ලද පස් ඒ අසල නිවෙස් ඉදිරිපිට ගොඩගසා ඇති අතර එම පස් ගොඩවල් එකික් එක සූක්ෂමව පරීක්ෂා කිරීමේදී එක් නිවසක් ඉදිරිපිට තිබූ පස් ගොඩක තිබී තුන්වන වරටත් කාසි හමුවී ඇත. මෙදින හමුවී ඇති කාසි වලින් 503ක් වෙන වෙනම ගණනය කළ හැකි අතර ඉතිරි සියල්ල මුට්ටියේ තිබුණු ආකාරයෙන්ම පොදියක් ලෙස පවතී.

මෙසේ හමුවී ඇති තඹ කාසි අනුරාධපුර යුගයේ මෙරටට ගෙනෙන ලද රෝම කාසි හෝ වෙත් විදේශීය කාසි වර්ගයක් විය හැකි අතර පුද්ගල මුහුණු, සූර්ය සංකේත හා හඳුනාගත නොහැකි සංකේත රාශියක් මෙම කාසිවල දක්නට ලැබේ. මෙරට කාසි නිර්මාණ තාක්ෂණය පරීක්ෂා කිරීමේදී මුල් කාලීනව මානව රූප සහිත කාසි (ශ‍්‍රී ලක්ෂ්මී කාසි) භාවිතයේ පැවතියද පුද්ගල මුහුණු පමණක් යෙදූ කාසි භාවිතයේ පැවැති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී නොමැත. එම නිසා මෙම කාසි ස්ථිර වශයෙන්ම විදේශීය රටකට අයත්විය හැකි කාසි ලෙස හඳුනාගත හැකිවේ.

මෙම ස්ථානයෙන් හමුවී ඇති මැටි බඳුන්වල නිර්මාණ ලක්ෂණ අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බවට අනුමාන කළ හැකිවේ. එසේම මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත්ගල් කිහිපයක්ද මෙම ස්ථානයෙන් හමුවී තිබීම විශේෂත්වයකි. පසුගිය ජූලි මාසයේදී ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාර භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද කැණීමකදී මීට බෙහෙවින් සමාන කාසි හමුවී ඇති අතර එම ස්ථානයට පැමිණි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ ඒවා රෝම කාසි විය හැකි බවයි. ඒ අනුව මෙරට දකුණු ප‍්‍රදේශයෙන් දිගින් දිගටම රෝම කාසි හමුවීම තුළින් රෝමය හා පැරණි රෝහණය අතර පැවැති විදේශීය වෙළඳ සබඳතා පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: