Posted by: lrrp | April 12, 2015

යහ පාලනයට අනුව ගැසූ කූරගල තුරුම්පුව

බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක් වන කූරගල බෞද්ධයන් අතර ජනප්‍රිය ව තිබෙන්නේ බුදුන් වහන්සේ ගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම් නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන් වහන්සේ කූරගලට වැඩම කල බවයි.කූරගල හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල් ලාංඡන කීපයක් ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර තිබෙන ප්‍රවාද මෙයට සාක්ෂි වශයෙන් දැක්විය හැකිය. එබැවින් කූරගල පුදබිම බෞදධයන්ට ඉතා වැදගත්ය. පුරා විද්‍යාවට වසර එකසිය විසිපහක ඉතිහාසයක් තිබෙන්නේ නම් කූරගල බෞද්ධ උරුමයට වසර දහස් ගණනාවක ඉතිහාසයක් හිමිය. එහෙව් කොට 1971දී මේ පුදබිම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එහි වරදක් නැත. වර්තමාන නීතියට අනුව රජයේ ඓතිහාසික දේපළ ආරක්ෂා කිරීමටත් සංරක්ෂණය කිරීමටත් තිබෙන ආයතනය වන්නේ මේ දෙපාර්තමේන්තුව බැවිනි.

tenna

එහෙත් 1930 පමණ සිට මෙම ලෙන් සංකීර්ණයට වැද එහි තිබෙන බුදු පිළිම හා සිරිපතුල් කඩා ලෙන් චිත්‍ර මත අරාබි අකුරු කුරුටු ගෑ මරක්කලයන් එයට අයිතිවාසිකම් පවසා එහි ඉඳි කිරීම් කරද්දී පුරාවිද්‍යාවේ ඇත්තෝ නිහඬවම සිටියහ. කූරගල ගල මුදුනේ පිහිටි ඓතිහාසික මාරජී සෑයේ ගඩොල් එකින් එක ගලවා කන්දෙන් පහළට හෙළීම මේ මරක්කලයන් විනෝදාංශයක් කර ගත්තේ අද ඊයේ සිට නොවේ. ඔවුන්ගේ සෑම වන්දනා වාරයකදීම එලෙස සිදුවනවිට පුරා විද්‍යා නිළධාරීන් කලේ චෛත්‍ය වටා කටුකම්බි ගැසීමය.මරක්කලයන් ගේ තාඩන පීඩන නිසා ගරා වැටුණු මාරජී සෑය යළි පිළිසකර කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීප විටක්ම උත්සාහ දරණ ලදී. එහිදී මෙහි අරක් ගෙන සිටි අබුසාලි ඇතුළු මරක්කලයන් එයට විරුද්ධ විය. මෙහි තිබෙන ලෙන් ලිපි පිටපත් කර ගැනීම සඳහා කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් ඇතුළු පිරිසක් එහි ගිය විට උන්වහන්සේලාට විරුද්ධව බළන්ගොඩ පොලීසියට පැමිණිලි කළ බව ද සඳහන්ය. නමුත් කූරගල වෙනුවෙන් කැප වුණු සිංහල බෞද්ධයන් නිසා දිනෙන් දිනම එහි අයිතිය නැවතත් හෙළි පෙහෙලි වූ බව කිව යුතුය. නමුත් හිටපු පුරා විද්‍යා කොමාසාරිස් වරයකු වූ රාජා ද සිල්වා 1972 සැප්තැම්බර් 13 දින යැවූ ලිපියක් මගින් කූරගලට අයිතිවාසිකම් කියන මරක්කලයන් එහි තව දුරටත් ස්ථාවර වූ බව පැහැදිලිය.

පසුගිය අප්‍රියෙල් 04 දින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු සිංහල රාවය කූරගල පැමිණියේ බුදු පිළිම වහන්සේ නමක්ද හිස මත තබා ගෙනය. වසර දහස් ගණනක් තිස්සේ බෞද්ධයන් ගේ සදා වන්දනයට පාත්‍ර වූ කූරගල ලෙන් කුටිය මත මහත් ගෞරවයෙන් එය තැන්පත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් බළන්ගොඩට පිවිසෙන බදුල්ල මාර්ගයේ පැල්මඩුල්ලේ සිටම මහ පොලිස් පිරිසක් යොදවා සිංහල රාවයට අවහිර ඇති කළහ. තන්ජන් තැන්න ගමට ප්‍රවිෂ්ට වීමේදී පොලිසිය විසින් එල්ල කරන ලද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් නිසා පැමිණි භික්ෂූන් වහ්නසේලාට උපාසක ඇත්තන්ටද තුවාළ සිදු විය. මෙහි පසුබිම කුමක්ද. කාලයක් තිස්සේම මෙම ස්ථානයේ අනවසර ඉඳිකිරීම් වළක්වාගන්නට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි විය. මෙහි රැඳි සිටි පිරිසට එසේ කරන්නට ඉඩදී එහි කොන්ත්‍රාත් ගත් පුරා විද්‍යා මුරකරුවෙකුද සිටි බව කවුරුත් දනිති. බෞද්ධ සංවිධාන විසින් දිගින් දිගටම මේ අවනඩුව ලිපි මගින් පුරා විද්‍යාවට මෙන්ම අදාල ඇමතිවරුන්ද දැනුවත් කළද කිසිවක් සිදු නොවුණි.

පසුව පූජ්‍ය කොළොන්නේ ශාන්ත විජය හිමියන් ගේ මැදිහත් වීමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට විරුද්ධව මානව හිමිකම් නඩුවක් පැවරීමට කටයුතු සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කූරගල ලැග සිටි මරක්කල වෙළෙන්දන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමයි. එහි තීන්දුව ප්‍රකාරව ඉවත් කළ යුතු අනවසර ඉඳි කිරීම් 19 ක් හඳුනාගන්නා ලදී.ඒවා කඩිනමින් ඉවත්කිරීම සිදු කල යුතු වුවද සෘජු තීරණ නොගැනීම හේතුවෙන් දිනෙන් දිනම කල් පසු විය. පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම නිසා එහි සිවිල් ආරක්ෂක බල ඇණියක්ද නිසිපරිදි ස්ථාපිත වූ අතර අනවසර ඉඳි කිරීම් ක්‍රමානුකූලව ඉවත් කෙරුණි. නමුත් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ගේ මනාපය පරිදි පැරණි පිළිම ගෙය පිහිටා තිබූ කොටසේ අටවා තිබූ පල්ලිය ඉවත් කිරීම සිදු නොවුණි. දිගින් දිගටම ඒ පිළිබඳව ඉල්ලීම් ලැබුණද ඒවා මගහරිමින් කටයුතු කිරීම නිසා කෝපයට පත් බෞද්ධයන් කීප වතාවක්ම කූරගලට පැමිණ බල පෑම් කළද බලධාරීන් නොඇසූ කන්ව සිටියහ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද කීප වතාවක්ම ලිපියොමු කළ නමුත් කිසිවක් සිදු නොවුණි.

මෙම ප්‍රදේශය බාර කල්තොට පොලිසිය නිරතුරුවම මෙම පල්ලිය ආරක්ෂා කිරීමට උත්සාහ කළ ආයතනයකි. බෞද්ධයන් ගේ පින්කම් සංවිධානය කර තිබූ සෑම අවස්ථාවකදීම කුළු පොළු රැගත් පොලිස් හමුදාවන් සූදානම් කොට තැබීම ඔවුන් ගේ සිරිතවිය.ගරු ගංගොඩවිල සෝම හිමියන් ගේ අනුස්මරණ පින්කම පැවති අවස්ථාවේදී පොලිස් බල ඇණියක් යොදා ගල්ලෙන් සංකීර්ණයට යෑම පවා වළක්වන ලදී. එහිදී ඔවුන් අනුගමනය කරනු ලැබූයේ උසාවි වාරණයයි. කූරගල දිවා ගුහා බෞද්ධ සිදධස්ථානාධිපති පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන් ගෙන් ප්‍රකාශයක් ලැබ ගෙන පුරා විද්‍යා නිළධාරීන් ගේද ප්‍රකාශයක් ලබා ගත් බව පෙන්වා මහේස්ත්‍රාත් අධිකරණය මගින් වාරණය ගැනීම සිදු විය. නමුත් මෙහි සිටි පුරාවිද්‍යා නිළධාරිණිය එවැනි කිසිම ප්‍රකාශයක් පොලිසියට ලබා දී නැති බව තහවුරු විය.

මෙවර පොලිසියේ තුරුම්පුව වෙනස් විය. සිංහල රාවය සංවිධානය විසින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් දිගින් දිගටම කූරගල ගමන ගැන පුවත් පළකර තිබීම හේතු කොට ගෙන පොලිසිය විසින් අප්‍රියෙල් 02 දින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ට එරෙහිව වාරණයක් ලබා ගන්නා ලදී.එයට අමතරව ගත් පියවර මෙසේය. තන්ජන්තැන්න එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාරිකයෙකු හා බළන්ගොඩ මුස්ලිම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු මගින් ඔවුහු ජනතාව සංවිධානය කොට පැමිණෙන්නන්ට ගල් ගැසීමට සලස්වා ඇත. මොලමුරේ ප්‍රදේශයේ ගෙවල්ගානේ ගොස් ජනතාව සංවිධානය කලේ පොලිසිය බව ප්‍රදේශ වාසීන් පවසයි. මේ තුරුම්පුව මගින් බලාපොරොත්තු වන්නට ඇත්තේ තන්ජන්තැන්න ගම්වාසීන් මේ පැමිණීමට විරුද්ධ බව කියා පෑමයි. එහෙත් තන්ජන්තැන්න සිංහල බෞද්ධයන් හමුවූකල්හි ඔවුහු අපට ප්‍රකාශ කර සිටියේ වෙනත් කතාවකි. පොලිසිය විසින් කරන ලද නින්දිත ක්‍රියාව ඔවුන් දැඩි ලෙස හෙළා දුටු වහ.

කූරගල වර්තමාන භාරය පුරා විද්‍යා දෙපාරත්මේන්තුව සතු වෙයි. එම භාරය අනුව එහි ආරක්ෂාවද සංරක්ෂණයද ඉටු කිරීමට ඔවුන් බැඳී සිටී. එහෙත් ඒය ඉටුවී නැත. ඒ වෙනුවට දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ වාර්ෂිකව මරක්කලයන් වෙනුවෙන් අවසර පත් නිකුත් කරලීමටයි. 1990 දී අක්කර විසිහයක භූමිභාගයක් මේ මරක්කලයන් වෙනුවෙන් ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලබා දී ඇත. එයිනුත් හිටුවන්ගල පතන නම් කොටසේ ද ඉපැරණි ගල් ආයුධ හමු වන බව මහාචාර්ය රාජ් සෝම දෙව මහතා ප්‍රකාශ කර තිබේ. මරක්කලයන් මේ විකල්ප ඉඩම්ද රැගෙන කල්මුනේ ප්‍රදේශයෙන් මරක්කලයන් ගෙනවුත් පදිංචි කොට අනවසර ඉඳිකිරීම්ද පවත්වා ගෙන යති. එහෙව් අවස්ථාවක බෞද්ධ සංවිධාන උත්සාහ කොට තිබෙන්නේ සිය නැතිවී ගය අයිතිය යළි තහවුරු කරලනු වස් පුරාවිද්‍යව විසින් නොකරන වැඩකටයුත්තකට අත ගැසීමයි. එය වැරැද්දක් වන්නේ ඇයිදැයි අප විමසමු.

DSC05846 (640x480)

නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුව සහ එහි නිළධාරීන් විසින් උත්සාහ දරන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් ඇතැයි හුවා දක්වමින් සිංහල බෞද්ධයන් දඩයම් කිරීමට උත්සාහ දැරීමයි. ඓතිහාසික මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යාව සතු අක්කර හැත්තෑ දෙකක භූමි භාගය මරක්කලයන් විසින් ආක්‍රමණය කර පන්සල අක්කර තුනකට සීමා කර ඇත. නීත්‍යානුකූලව එම ඉඩම් යළි පවරා ගැනීමට හැකියාව තිබියදී පුරා විද්‍යාව කිසිවක් නොකරයි. දෙවනගල පුරා විද්‍යා රක්ෂිතය මැන වෙන් කිරීමට මුස්ලිම් පිරිස් බාධා කරද්දී ද පුරා විද්‍යාව නිඬය. එහෙත් අනුරාධපුරයේ මෙන්ම හොරොව්පතානේ ගල්ලෙන් වලසිටි භික්ෂූන් වහන්සේලාට නඩු පැවරීමට පුරා විද්‍යාව පසුබට නොවේ.මෙයට හේතුව සිංහල බෞද්ධයන්ගේ අයිතිය පිළිබඳව ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කළ පුරා විද්‍යා නීතිය යටතේ ප්‍රතිපාදන නොමැති වීමයි. එසේ නම් එය නිවරදි කිරීම අප ඉදිරියේදී තිබෙන අභියෝගයක් නොවේද.

මතුගම සෙනෙවිරුවන්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: